Wednesday, March 3, 2010

හයිකෝප් අධ්‍යක්ෂකට ඇප නැතිවෙයි


හයිකෝප් ලිමිටඩ් හි අධ්‍යක්ෂවරයෙකු වන වෙලින්ටන් ඩිහොඩ් මහතාට ඇප ලබා දීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
අත්අඩංගුවේ පසුවන වෙලින්ටන් ඩිහොඩ් මහතාට ඇප ලබා දෙන අද ඔහුගේ නීතිඥයින් විසින් අධිකරණයෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී මේ අයුරින් ඇප ලබා දීම ප්‍රතික්ෂේප කෙරුණි..
හයිකෝප් ලිමිටඩ් හි අධ්‍යක්ෂවරයෙකු වන වෙලින්ටන් ඩිහොඩ් මහතා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය ජනවාරි මස 17 වන දාය. .
ඉක්බිතිව ජනවාරි මස 13 වන දිනද ඔහුට ඇප ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබුණද එහිදීද ඔහුට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කරන ලදී. මෙම නඩුව අද සලකා බැලු අවස්ථාවේදී සැකකරුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් ශ්‍රීලංකාව තුළ මෙන්ම ඇමරිකාවේද හයිකෝප් ලිමිටඩ් වලට අදාලව පරීක්ෂණ කටයුතු සිදුකෙරෙන බැවින් මොහුට ඇප ලබාදීමෙන් පරීක්ෂණ කටයුතු වලට බාධාවක් විය හැකි බැවින් ඇප ලබාදිය නොහැකි බව අවධාරණය කර ඇත..
හයිකෝප් ලිමිටඩ් හි හිමිකරු ලෙස සැලකෙන්නේ දැනට අත්අඩංගුවේ පසු වන ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බෑණනුවන් වන ධනුන තිලකරත්න මහතාය. ada

ගැබිනි මව්වරුන් උද්ඝෝෂණයේ


ගැබිනි මව්වරුන් පිරිසක් උද්ඝෝෂණයක නිරත තිබේ. හොරණ නාතුපාන ප්‍රදේශයේ ගරා වැටීමට ලක්ව ඇති මාතෘ සායන ගොඩනැඟිල්ල නවීකරණය කරන ලෙස ඉල්ලා මෙම උද්ඝෝෂණයේ නිරතව ඇති බව සඳහන් වේ.
උද්ඝෝෂණයට සහභාගි වී සිටි ගැබිනි මව්වරුන් ප්‍රකාශ කරනු ලැබුවේ බස්නාහිර පළාත් සෞඛ්‍ය බලධාරීන්ට මේ පිළිබඳව දැනුම් දුන්නද මෙතෙක් කිසිදු ප්‍රතිඵළයක් අත්වී නොමැති බවයි.
ගරා වැටීමට ලක්ව ඇති මෙම ‍ගොඩනැඟිල්ල තුළ සායන කටයුතු වල නිරත වීම අනතුරුදායක වී ඇති බව ද ගැබිනි මව්වරුන් පෙන්වා‍ දී ඇත. ada

Tuesday, March 2, 2010

නිල් බලකාය පෙරට: නාමල්ට ඔටුනු පැළඳ වීම ජනපති බාරගනී


මෙවර මහා මැතිවරණ ප්‍රතිඵලයත් සමග එජනිස තුළ නිල් බලකායේ ප්‍රධානී නාමල් රාජපක‍ෂ මහතාගේ නායකත්වයෙන් යුත් බලවත් තරුණ මන්ත්‍රී කණ්ඩායමක් මධ්‍යගත කිරීමේ අනාගත දේශපාලන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන බවට තොරතුරු අනාවරණය වෙයි.
මේ ව්‍යාපෘතියට ජනාධිපති මහින්ද රාජපක‍ෂ මහතා ඍජුවම අතගසා තිඛෙන බව ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ගවලින් වාර්තා වේ. සන්ධානයෙන් නාමයෝජනා ලැබුණ සුසන්තිකා ජයසිංහ, සනත් ජයසූරිය, ගීතා කුමාරසිංහ වැනි දේශපාලනයට නවකයින් වන සන්ධානයේ අපේක‍ෂක පිරිසක් අරලියගහ මන්දිරයට කැඳවා ඇති ජනාධිපතිවරයා මඩ දේශපාලනයේ නොයෙදෙන ලෙස අවවාද කරමින් ඔවුනට මේ දේශපාලන ගමන යන්නට වන්නේ නාමල් රාජපක‍ෂ මහතා සමඟ බව ප්‍රකාශ කොට ඇත. මේ පිරිස් තමන් බලා ගන්නා බවට ජනාධිපතිවරයා මේ හමුවේදී සහතිකයක් දුන් බවද වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක‍ෂය ආරම්භයේ සිටම පවුල් වාදයට මුල් තැන ලැබුණු අතර බණ්ඩාරනායක මහතාගේ ඝාතනයෙන් පසුව ශ්‍රීලනිපයට නායකත්වය දුන්නේත්, ශ්‍රීලනිප ආණ්ඩුවල නායකත්වය දැරුවේත් බණ්ඩාරනායකවරුය.
ශ්‍රීලනිපය තුළ අනුර බණ්ඩාරනායක මහතා ඔටුන්න හිමි කුමරු ලෙස අභිෂේක කරවීමට සිරිමා බණ්ඩාරනායක මැතිණිය විශාල උත්සාහයක් ගත්තත් එය සාර්ථක වූයේ නැත.
දැන් දෙවන පවුල් වාදයකට රටේ පාලන බලය නතුවී තිඛෙන අතර ශ්‍රීලනිපය තුළද දැන් බණ්ඩාරනායක චින්තනය කුණු කූඩයට විසිවී මහින්ද චින්තනය කරලියට පැමිණ තිබේ. එA චින්තනය තුළින් ජනාධිපති පුත් නාමල් රාජපක‍ෂ තරුණ මහතා දේශපාලන සිහසුනට ගෙන එAමේ පරිසරය සැකැසීම මේ මහා මැතිවරණයත් සමඟ කරලියට පැමිණෙනු ඇත.
ලංකාව පුරා බොහෝ ආසනවලට නිල් බලකායේ සහාය ලබමින් තරඟ කරන පිරිසක් මෙවර මැතිවරණයකට සන්ධානයේ අපේක‍ෂකයින් ලෙස ඉදිරිපත් කොට ඇති අතර එම බලකාය ඔවුන් තම බලකායේ නියමුවන් ලෙස නමින් දැක්වෙන පෝස්ටර්ද බොහෝ ආසනවල මේවන විට ප්‍රදර්ශනය කර තිඛෙනු දක්නට ලැබේ.
ජනාධිපතිවරයා සුසන්තිකා, ජයසූරිය, ගීතා වැන්නවුන් සහභාගි වූ රැස්වීමේදී මඩ ගැසීම් හා ගැටුම් ඇතිකර නොගන්නා ලෙසට කළ ප්‍රකාශයට අකුරටම පිළිපදිමින් නාමල් රාජපක‍ෂ මහතා සිය දේශපාලන ප්‍රචාරක කටයුතු ආරම්භ කළේය.
නාමල් රාජපක‍ෂගේ දේශපාලන ආගමනයත් සමඟ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් පිරිසක් දේශපාලන කලබලයකට පත්ව සිටින අතර එවැනි ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් 28 දෙනකු කොළඹට ආසන්න ප්‍රදේශයක නිවසකට රැස්වී ඔවුන්ගේ දේශපාලන අනාගතය ගැන දිගු සාකච්ඡාවක යෙදුණු බවක්ද වාර්තා වේ. මේ ඇමැතිවරුන් 28 දෙනාගේ එකම අරමුණ වී ඇත්තේ මහා මැතිවරණයෙන් වැඩි මනාප ලබාගෙන මන්ත්‍රීවරුන් ලෙස යළි පත්වීමය. එසේ වුවහොත් සන්ධානයට ආණ්ඩුවක් පිහිටුවා ගත හැකි බලයක් ලැබුණහොත් තමන්ට දැඩි මතයක සිටීමට අවස්ථාව සැලැසෙන බවද ඔවුන් ප්‍රකාශ කොට තිබේ.
තමාගේ ඊළඟ ආණ්ඩුවේ තනතුරු ලැඛෙන්නේ පක‍ෂය ආරක‍ෂා කරමින් කැපකිරීමෙන් දේශපාලනය කරන දක‍ෂයින් හට බවත් පක‍ෂයේ ජ්‍යෙෂ්ඨයන්, ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් වීම එයට සුදුසුකමක් නොවන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබිණි. lankae

මොණරාගල නාමයෝජනා ලැයිස්තුවට තිස්සගේ නම ඇතුලත් කරන්න -එජාප මහලේකම් මැ. කොමසාරිස්ගෙන් ඉල්ලයි

මොණරාගල දිස්ත්‍රික්කය එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරිපත් කළ නාම යෝජනා ලැයිස්තුව වෙනස් කොට තමාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ඇතැයි මැතිවරණ කොමසාරිස්වරයාට ලිපියකින් අද (2) දැනුම්දීමක් කර ඇති එක්සත් ජාතික පක‍ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා එම ලැයිස්තුවට තිස්ස කුට්ටිආරච්චි මහතාගේ නම ඇතුලත් කරන්නට පියවර ගන්නැයි ඉල්ලීමක් කොට තිබේ.
මේ අතර, එජාප මහලේකම්වරයාගේ ලිපියට කි්‍රයාමාර්ගයක් නොගන්නේ නම්, තමා අධිකරණ කි්‍රයාමාර්ගයකට යන බව තිස්ස කුට්ටිආරච්චි මහතා සිය නීතිඥයා මගින් මැතිවරණ කොමසාරිස්වරයාට ලිඛිත දැනුම් දීමක් කර තිබේ.lankae

විසිරවූ පාර්ලිමේන්තුව 9 වනදා හදිසියේ රැස්වේ

හදිසි නීතිය තවත් මසෙකින් දීර්ඝ කිරීම අනුමත කරවා ගැනීම සඳහා විසුරුවා හැරි පාර්ලිමේන්තුව ලබන 9 වනදා නැවත රැස් කිරීමට යයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවේ 7 වන අනුව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුව නැවත කැඳවීමේ බලය ජනාධිපතිවරයාට පැවැරී ඇති අතර, ඒ අනුව පාර්ලිමේන්තුව ලබන 0 වනදා රැස්කරන බව ලබන 5 වනදා අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කෙරෙන බව පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයයේ ප්‍රකාශකයෙක් පැවැසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවේ 7 වන අනුව්‍යවස්ථාවෙන් කියැවෙන්නේ zපාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව කවර අවස්ථාවක වුවද, පාර්ලිමේන්තුව නියමිත දිනයට කලින් රැස්වීම අවශ්‍ය වන ස්වභාවයක හදිසි තත්ත්වයක් උද්ගත වී ඇති බවට ජනාධිපතිවරයා සෑහීමකට පත්වුවහොත් විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව ප්‍රකාශනයක් මගින්, ඒ ප්‍රකාශනයේ දින සිට තුන් දවසකට කලින් දිනයක් නොවිය යුතු දිනයකදී රැස්වන ලෙස කැඳවීමට ජනාධිපතිවරයාට බලය ඇත්තේයZ යනුවෙනි.
එසේ කැඳවනු ලැබූ පාර්ලිමේන්තුව හදිසි අවස්ථාව අවසන් වීම හෝ මහා මැතිවරණය අවසන් වීම යන මෙයින් කලින් එළැඹෙන අවස්ථාවේදී විසිරෙන්නේය.
පාර්ලිමේන්තුව මෙසේ නැවත කැඳවීමෙන් පසු, හිටපු පාර්ලිමේන්තුවට හිමිව තිබූ ඇතැම් වරප්‍රසාද ලැඛෙනු ඇති බවත්, ඒ අනුව විපක‍ෂ මන්ත්‍රීවරුනට දැනට අහිමිව තිඛෙන පොලිස් ආරක‍ෂාව යළි ලැබීමට ඉඩකඩ ඇති බවත් පැවැසේ.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු මන්ත්‍රී නිල නිවෙස් ආපසු බාර දෙන ලෙසට පාර්ලිමේන්තු මහලේකම්වරයාගෙන් දැනුම් දීමක් කළත් බොහෝ හිටපු මන්ත්‍රීවරුන් එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වා නැත්තේ මෙවැනි තත්ත්වයක් මතුවිය හැකි බවට දැන සිටි නිසා බවද කියැවේ.
මහා මැතිවරණයෙන් පසු නව පාර්ලිමේන්තුව අප්‍රේල් 22 වනදා රැස්වීමට නියමිතය. lankae

ලංකාවේ වැඩියෙන්ම වධහිංසා පොලිසියෙන් හා පාසල්වලින්

ලංකාවේ වැඩියෙන්ම වධහිංසා පමුණුවන ආයතන දෙක ලෙස චෝදනා එල්ල වී ඇත්තේ පොලිසියට සහ පාසල් වලට බව ජන සංසදයේ ප්‍රධාන ලේකම් චිත්‍රාල් පෙරේරා මහතා අනාවරණය කළේය.
පාසල් අද වධකාගාර බවට පත්ව ඇතැයි කී පෙරේරා මහතා එසේ කීමට තරම් ළමුන් වධහිංසනයට භාජනය වන බවත් පැවසීය.
පෙරේරා මහතා එසේ පැවසුවේ නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම් මධ්‍යස්ථාන වල රඳවා සිටින රැඳවියන් හට වධ හිංසන පැමිණවීම අවමන් සහගත ලෙස සැළකීම සහ තුරන් කිරීම යන මැයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මධ්‍යස්ථානයේ අද (02) පෙරවරුවේ පැවති වැඩමුළුවේදීය.
පාසල් ශිෂ්‍යයෙකුට ශාරීරික ද~ුවම් පැමිණවීමට, නින්දා අපහාස කිරීමට පාසලෙන් අස්කිරීමට හෝ අස්කර ගන්නා ලෙසට දෙමව්පියන්ට බලපෑම් කිරීමට විදුහල්පතිට හෝ වෙනත් අධ්‍යාපන බලධරයන්ට අයිතියක් නැතැයි පෙරේරා මහතා පෙන්වා දුන්නේය.
නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගෙන රඳවා සිටින වින්දිතයන් ගැන පොලිස් කොමිෂමට දන්වා යැවූ විට එA සම්බන්ධයෙන් ක්‍රියා මාර්ගයක් ගැනීමට බලයක් නැහැයි පිළිතුරු ලිපියක් පොලිස් කොමිෂමෙන් තමා වෙත එවන බව කී පෙරේරා මහතා 17 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක නොවීම නිසා පොලිස් කොමිෂම මෙන්ම මානව හිමිකම් කොමිෂමත් අක්‍රිය වී ඇති බවත් පෙන්වා දුන්නේය.
ලංකාවේ මානව හිමිකම් තත්ත‍වය ඉතාම ශෝචනීය අඩියකට වැටී ඇති බවත් මානව හිමිකම් කොමිෂමට පැමිණිලි කිරීමෙන් පසු ගන්නා නිර්දේශ ක්‍රියාත්මක කිරීමට එම ආයතනය උත්සාහ නොගන්නා බවත් පෙරේරා මහතා පැවසීය.
තම සංවිධානය පෙනී සිටින්නේ වින්දිතයන් වෙනුවෙන් බව කී පෙරේරා මහතා බටහිරින් ආවේ යැයි මානව හිමිකම්වලට එරෙහිව ලොකු විරෝධයක් නිර්මාණය කරන්නේ මානව හිමිකම් උල්ලංඝනය කරන අයම බවත් කීවේය.
මානව හිමිකම් වලට බටහිර හෝ පෙරදිග යැයි කියා භේදයක් නැති බවත් අපේ රටේ ක්‍රියාත්මක වන නීති සියල්ල බටහිරින් ආ එAවා බවත් කී පෙරේරා මහතා අපේ රටේ ක්‍රියාත්මක කරන සමහර නීති බි්‍රතාන්‍යයේ මානව හිමිකම් උල්ලංඝනය වන නිසා ඉවත් කර ඇති බවත් පෙන්වා දුන්නේය.
මානව හිමිකම් රැකීමට ලංකාවේ නීති ප්‍රමාණවත් දැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයට පෙරේරා මහතා පිළිතුරු වශයෙන් පැවසුවේ මානව හිමිකම් රැකීමට ලංකාවේ ප්‍රමාණවත් තරම් නීති තිබුණත් ප්‍රශ්නය ඇත්තේ ඒවා භාවිතයට නොගැනීමයි කීවේය.lankae

ගුවන් හමුදාව 59 වන සංවත්සරය සමරයි


ශ්‍රි ලංකා ගුවන් හමුදාව සිය 59 වන සංවත්සරය අද අභිමානවත් අයුරින් සැමරීය.
ඒ වෙනුවෙන් සංවිධාන කෙරුණු ප්‍රධාන උත්සවය ගුවන් හමුදා මූලස්ථානයේදී අද පැවැත්වුණේ ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රෝෂාන් ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙනි. 59 වැනි සංවත්සරය නිමිත්තෙන් දිවයින පුරා සියලු ගුවන් හමුදා කඳවුරු වලදී සැමරුම් උත්සව පැවැත්වුණු බව ගුවන් හමුදාව පවසයි.
සිය සංවත්සරයට සමගාමීව ලේ දන්දීමේ කඳවුරු, ප්‍රජා සත්කාරක සේවා සහ වෛද්‍ය කඳවුරු පැවැත්වීමට ද ගුවන් හමුදාව පියවර‍ ගෙන තිබුණි. ada

ජනරාල්ගේ අන්තර්ජාල පෙත්සමට රජයෙන් අවහිරතා


යුද හමුදා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන කිසිදු චෝදනාවක් නොමැතිව රදවා තබාගෙන සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වහා නිදහස් කරන ලෙස ශ්‍රී ලංකා රජයට බල කරමින් ප්‍රජාතන්තවාදී ජාතික සන්ධානය www.freesarathfonseka.com වෙබ් අඩවිය හරහා විවෘත කළ අන්තර්ජාල පෙත්සමට රජ‍ය විසින් විවිධ බාධා එල්ල කෙරෙමින් පවතින බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී මෙම වෙබ් අඩවි සංස්කාරකවරුන් පැවසුවේ සිය වෙබ් අඩවියට කිසියම් පිරිසක් සංවිධානාත්මකව අවහිරතා ඇති කරමින් පවතින බවයි. ඒ හේතුවෙන් එකවර වෙබ් අඩවියට පිවිසෙන ප්‍රමාණය සීමා කිරීමට සිදුව ඇති බවද ඔවුන් පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ එම සංස්කාරකවරුන් පැවසුවේ මෙවැනි කඩාකප්පල්කාරී ක්‍රියාමාර්ගවලින් නොසැලි තමන් ඉදිරියටත් කටයුතු කරන අතර, මෙම වෙබ් අඩවිය හැකි ඉක්මනින් පාඨකයන්ට කිසිදු අවහිරතාවයක් නොමැතිව නැරඹිය හැකි ආකාරයෙන් සකස් කරන බවයි. truth

ජනරාල්ගේ අත් පත්‍රිකා විනාශ කිරීමේ තැතක්


ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපෘතියක් වන අත් පත්‍රිකා බෙදා හැරීමේ ක්‍රියාවලිය කඩාකප්පල් කිරීමේ රජයේ තැතක් ක්‍රියාත්මක වෙමින් පවතින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි. මේ වෙනුවෙන් පොලිසියේ හා හමුදාවේ නිලධාරීන් සම්බන්ධ කර ගෙන ඇති අතර, අදාල දැනුවත් කිරීම් මේ වන විටත් සියලුම පොලිස් ස්ථානවල රජයට හිතවත් පොලිස් නිලධාරීන් වෙත දන්වා ඇත.
මෙහිදී ප්‍රධාන වශයෙන්ම මෙම අත් පත්‍රිකා ප්‍රවාහනයේදී විමසිලිමත්ව සිට, ප්‍රවාහනය කරමින් සිටින ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ අත් පත්‍රිකා නීති විරෝධී බව පවසමින් අත්අඩංගුවට ගැනීමත්, මෙළෙස ප්‍රවාහනය කරන පුද්ගලයින් පොලිස් භාරයට ගැනීමටත් පොලිසියට නියෝග කර ඇත. එමෙන්ම අත්අඩංගුවට ගනු ලබන අත් පත්‍රිකා නැවත වරත් අදාල පුද්ගලයින්ට ගෙන යාමට නොහැකි වන ආකාරයෙන් විනාශ කළ යුතු බවත්, කිසිදු හේතුවක් මත මේවා නැවත භාර දීමට කටයුතු නොකරන ලෙසත් නියෝග කර ඇත.
මීට අමතරව ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ අත් පත්‍රිකා බෙදා හැරීමේ නියැලී සිටින ජනරාල්ගේ ආධාරකරුවන්ට පහර දීමට නිල් බලකායේ සාමාජිකයින් ඇතුළු මැර කණ්ඩායම් මේ වන විට සූදානම් කර අවසන් බවත්, මෙම පහරදීම්‍ වෙනුවෙන් කිසිදු පැමිණිල්ලක් පොලිසියට භාර නොගන්නා ලෙසත් අදාල අංශ විසින් දැනුවත් කර ඇත.
මේ වෙනුවෙන් රාජපක්ෂ පවුලේ ප්‍රබල සහෝදරයෙකු මුල්වී කටයුතු කරන අතර, මෙයට අමතරව මෑතකදී ආණ්ඩුවට එක්ව මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟවදින රතු කමිසකාරයෙකුද මුල් වී ක්‍රියා කරන බව වැඩිදුරටත් වාර්තා වේ. truth

නීති විරෝධී නැත්නම් වත්කම් පෙන්වීමට බියවිය යුතු නෑ


නීති විරෝධී ලෙස මුදල් උපයා නොමැති නම් මහ මැතිවරණ අපේක්ෂකයින්ට සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ හැකියාවක් පවතින බව පැෆ්රල් සංවිධානය පවසයි.
අපේක්ෂකයින් සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ කළ යුතු බව මැතිවරණ කොමසාරිස්වරයා විසින්ද දැනුම් දී ඇති බව එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේය. එහෙත් ඇතැම් අපේක්ෂකයින් සිය වත්කම් හා බැ‍රකම් ප්‍රකාශ ලබාදීමට මැලිකමක් දක්වන බව හෙට්ටිආරච්චි මහතා පෙන්වා දෙයි. එම ප්‍රකාශය ලබාදීම තුළින් අපේක්ෂකයින්ට තම සද්භාවය ජනතාවට පෙන්වා දිය හැකි බව හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළේය. ada

ඖෂධ විස වී දරුවකු මියයයි


හලාවත මහ‍ රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගත් දරුවෙකු රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් කොළඹ ළමා රෝහලට අතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ හලාවත මුන්නේශ්වරම්හි පදිංචි රාම පුල්ලේ කිශෝර් නැමැති 11 හැවිදිරි පාසල් ශිෂ්‍යයෙකි. ‍දරු‍වාගේ උද‍රයේ ඇති වු ආබාධයක් හේතුවෙන් හලාවත මහ රෝහලේ බාහිර ‍රෝගි අංශයෙන් ඊයේ ප්‍රතිකාර ලබාගෙන ඇත.
වෛද්‍යවරයා නියම කළ ‍ඖෂධ භාවිතයෙන් පසු දරුවාගේ රෝගී තත්ත්වය උත්සන්න වු බව වාර්තා වේ. දරුවා ලබාගත් ඖෂධ අසාත්මික වීම හේතුවෙන් මෙම මරණය සිදුවන්නට ඇති බව අද දෙරණ කළ විමසීමකදී වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ‍වෛද්‍ය ආර්.එම්.එස්.රත්නායක මහතා සඳහන් කළේය. ada

ස්ථාන මාරු ලැබූ ගුරුවරුන්ගෙන් පැමිණිල්ලක්


මහ මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු ස්ථාන මාරු ලැබු උතුරු මැද පළාතේ ගුරුවරුන් පිරිසක් මානව හිමිකම් කොමිසම හමුවේ පැමිණිලි කර තිබේ.
අදාළ පැමිණිල්ල විමර්ශනය කිරිම සඳහා උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු අධ්‍යාපන බලධාරීන් අද දිනයේ කැඳවා තිබුණද ඔවුන් ඒ සඳහා නොපැමිණි බව වාර්තා වේ. ඒ අනුව අදාළ විමර්ශන කටයුතු සඳහා සතියක් ඇතුළත සහභාගි නොවුනහොත් ඒකපාර්ශවීය තීන්දුවකට එළඹීමට සිදුවන බව මානව හිමිකම් කොමිසම විසින් අදාළ බලධාරීන්ට දැනුම් දී ඇති බව සඳහන්ය.
පෙරදාතමින් ස්ථාන මාරු ලබාදීම සම්බන්ධයෙන් වන මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබු‍ණේ ලංකා ගුරු සේවා සංගමයේ සහ ලංකා ගුරු සංගමයේ සාමාජිකත්වය උසුලන ගුරු මහත්ම මහත්මීන් පිරිසක් විසිනි. ada

මැතිවරණයේදී නොබියව කටයුතු කළ යුතුයි


මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් මැතිවරණ කටයුතු වලදී නිර්භයව ක්‍රියා කළයුතු බව ආගමික සමුළුව පවසයි.
අද කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින් එම සමුළුවේ සාමාජිකත්වය දැනුම් දුන්නේ සාධාරණ සහ සාමකාමී මැතිවරණයක් වෙනුවෙන් මැතිවරණ නිලධාරීන් කටයුතු නොකළහොත් ජනතාව කළකිරීමට පත්වනු ඇති බවය. නියෝජිතයින් තෝරා පත් කර ගැනීම සඳහා ජනතාව සතු පරම අයිතිය වගකීමකින් යුතුව භාවිත කිරීමේ අවශ්‍යතාවද ආගමික සමුළුව අවධාරණය කරයි. එම සමුළුව වැඩිදුරටත් පෙන්වාදෙන්නේ ධන බලය, මැර බලය ප්‍රතික්ෂේප කරන‍ දේශපාලනඥයින් පිරිසක් රටට අවශ්‍ය බවය. ada

ලෝක වාර්තාවේ තොරතුරු ජාත්‍යන්තර ගිනස් කමිටුවට


දශක ගණනක් පුරා මෙරට රසික සිත් පුබුදුවාලූ අසහාය ගායක එච්.ආර්.ජෝතිපාලයන්ගේ ගීත පමණක් පැය 24 ක් පුරා විකාශය කිරීම තුළින්"එෆ්.එම්.දෙරණ"පිහිටුවීමට නියමිත ලෝක වාර්තාව පිළිබඳ තොරතුරු ජාත්‍යන්තර ගිනස් කමිටුව වෙත යොමු කරන බව මෙරට ගිනස් කමිටු සාමාජිකයින් පවසයි.
"එෆ්.එම්.දෙරණ"ඊයේ පෙරවරු 7 ට ආරම්භ කළ ජෝතිපාලයන්ගේ ගී ප්‍රචාරය අවසන් කෙරුණේ අද පෙරවරු 7 ටය.ada

රාවුෆ් හකීම් ගේ ආරක්ෂාව ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි


ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවූෆ් හකීම් මහතාට ආරක්ෂාව ලබාදීමට පියවර ගන්නා බව පොලිස්පතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
රජයේ නීතීඥවරිය මාර්ගයෙන් පොලිස්පතිවරයා මෙම දැනුම් දීම සිදුකළේ තම ආරක්ෂාව ඉවත් කළ බවට චෝදනා කරමින් රවුෆ් හකීම් මහතා ගොනු කර තිබු මුලික අයිතිවාසිකම් පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගත් අවස්‍ථාවේදීය.
මෙහිදි රජයේ නීතිඥවරිය කියා සිටියේ ඉකුත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ දේශපාලන පක්ෂ නායකයින්ට සහ මහ ලේකම්වරුන්ට ආරක්ෂාව සැපයීමට පොලිස්පතිවරයා තීරණය කර ඇති බවයි.
මෙම තීරණය යටතේ රවුෆ් හකීම් මහතාටද ආරක්ෂාව ලබාදීමට පියවර ගන්නා බව නීතීඥවරිය අධිකරණයට දැනුම් දී ඇත. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතාගේ අ‍ාරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයා‍ට නියෝග කර තිබුණේ ඉකුත් 25දාය.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු පොලිස්පතිවරයා තමන්ගේ ආරක්ෂාව ඉවත් කළ අතර එමගින් තම ජීවිතය අවදානම් තත්ත්වයකට පත්වූ බව රවුෆ් හකීම් මහතා සිය පෙත්සමෙන් දක්වා තිබුණි.
අදාළ ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා‍ගෙන් කරුණු විමසා ලබන මාර්තු 02වැනිදා අධිකරණයට දන්වන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට ඒදින නිකුත් කළ නියෝගයේ සදහන්විය.ada

විදුලි සැර වැදී චීන ජාතිකයෙකු මියයයි


මාරවිල, නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ සේවය කළ චීන ජාතිකයෙකු විදුලි සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත් වී තිබේ.
තාප විදුලි බලාගාරයේ විදුලි රැහැන් ඇදීමේ නිරතව සිටිය දී මෙම චීන ජාතිකයාට විදුලි සැර වැදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය. විදුලි සැර වැදුණු මෙම චීන ජාතිකයාව හලාවත රෝහලට ඇතුළත් කර ඇති අතර එහි දී ඔහු ජීවිතක්ෂයට පත් වී ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ අවුරුදු 36 ක් වයසැති චීන ජාතිකයෙකු බව වාර්තා වේ. මාරවිල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පවත්වයි. ada

වෛරී දේශපාලනය පිටු දැකීමට නව දේශපාලනයක්


රජය ගෙන යන වෛරී දේශපාලනය පිටු දැකීම සඳහා රට තුළ නව දේශපාලන තත්ත්වයක් බිහි වෙමින් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.
වචනයට සීමා වී තිබූ රජයේ වෛරී දේශපාලනය ජනාධිපතිවරණයෙන් පසුව ක්‍රියාවෙන්ම ඔප්පු කර ඇති බව ඔහු සඳහන් කරයි. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් විජිත හේරත් මහතා මෙම අදහස් පළ කළේය.
එහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ යහ පාලනය ඇති කිරීම සඳහා කැප වී ක්‍රියා කිරීම නව සන්ධානයේ අරමුණ වී ඇති බවය. ada

ගමන් බලපත්‍ර පරිලෝකනය කෙරේ


ආගමන විගමන දෙපාර්තමේන්තු සතු ගමන් බලපත්‍ර ලේඛන, පරිලෝකනය හෙවත් ස්කෑන් කිරීමට පියවර ‍ගෙන තිබේ.
මේ යටතේ දළ වශයෙන් මිලියන 8 ක පමණ ලේඛන පරිලෝකනය කිරීමට අපේක්ෂිතය. රාජ්‍ය සේවයට අයත් දෙපාර්තමේන්තුවක් මඟින් මෙවැනි පියවරක් අනුගමනය කරන ප්‍රථම අවස්ථාව මෙය ලෙස සැල‍කේ. මෙහි පළමු අදියර ඊයේ දිනයේ ආරම්භ වූ අතර ඒ යටතේ ලේඛන එක් කෝටි පන් ලක්ෂයක් පරිලෝකනය කිරීමට නියමිතව ඇත.
අභ්‍යන්තර පරිපාලන අමාත්‍යාංශයේ විෂය භාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මකය. මේ සඳහා රුපියල් මිලියන 25 ක මුදලක් ඇස්තමේන්තු ගත කර තිබේ. ada

Monday, March 1, 2010

පොලිස් නිලධාරියාගේ පෙත්සමට අවසර


පසුගිය ජනාධිපතිවරණ සමයේ අපහාසාත්මක පත්‍රිකා ප්‍රවාහනය කළ නාවික හමුදා රථයක් අත්අඩංගුවට ගැනීමෙන් පසු තමන්ව ස්ථාන මාරු කළ බවට චෝදනා කරමින් කුරුණෑගල පොලිසියේ හිටපු ස්ථානාධිපති එම්.එච්.‍කේ. වික්‍රමරත්න මහතා ගොනු කළ පෙත්සමක් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දී තිබේ.
එම ස්ථානමාරුව තුළින් මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවී තිබේ දැයි විභාග කිරීමට තීන්දු කළ ශිරාණි තිලකවර්ධන මහත්මිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසට නොතීසි නිකුත් කළාය.
පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරයා කියා සිටියේ මැතිවරණ සමයේ අදාළ පත්‍රිකා තොගය අත්අඩංගුවට ගැනීමත් සමග කිසිදු පදනමක් නොමැතිව පෙත්සම්කරු මන්නාරමටත් එයින් පසු පොලිස් අධ්‍යාපන විද්‍යාලයටත් මාරු කර යැවීමත් තුළින් මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවී ඇති බවයි.
මෙහිදී පෙත්සම්කරුට එරෙහිව මූලික විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව රජයේ නීතීඥවරිය කියා සිටියාය.
කෙසේ වෙතත් අදාළ ස්ථාන මාරුව තුළින් බැලූ බැල්මට ගැටලු සහගත තත්ත්වයක් පෙනී යන බැවින් ඒ පිළිබඳ විභාගයක් පැවැත්වීමට තීරණය කළ අධිකරණය අදාළ නඩු විභාගය මැයි මස 26 වැනිදා පැවැත්වීමට තීන්දු කළාය.ada

යූ.ඇන්.පියේ ප්‍රතිපත්ති ප්‍රකාශනය දින 10 ක් තුළ ගේනවා


එක්සත් ජාතික පක්ෂය සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරි දින 10 ඇතුළත ඉදිරිපත් කරන බව එම පක්ෂයේ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම, ආර්ථිකය වර්ධනය කිරීම සහ ජීවන බර අඩුකිරීම ඇතුළු වැදගත් කරුණු රැසක් ඊට ඇතුළත් කර ඇති බව තිස්ස අත්තනායක මහතා සඳහන් කරයි.
ඉදිරි මැතිවරණයෙන් බලය ලබා ගත් පසු අමාත්‍ය මණ්ඩලය 35 දක්වා අඩුකරන බව රජය විසින් පුන පුනා ප්‍රකාශ කරනු ලැබූවද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුවද පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සිටි ඇමතිවරුන් 112 දෙනාගේ සියලු වරප්‍රසාද ඒ අයුරින්ම ලබා දීමට රජය කටයුතු කර ඇති වගද කියා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තිස්ස අත්තනායක මහතා කියා සිටියේ පසුගිය ජනාධිපතිවරණ කාලය තුළ රාජ්‍ය සේවකයින් සඳහා වැඩිකළ වැටුප ජනවාරි මාස‍යට එකතු කර නොමැති බවයි. ada

ලොව පුරා මිනිසුන් අද සිට ජෙනරාල් නිදහස් කරන ලෙස පෙත්සම අත්සන් කරයි.


චෝදනා රහිතව හමුදා අත්අඩංගුවට ගෙන තිබෙන ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වහා නිදහස් කරන ලෙස ලංකා ආණ්ඩුවට බලකරමින් ලොවපුරා ජනතාව අන්තර්ජාලය ඔස්සේ අද සිට පෙත්සමක් අත්සන් කිරීමට පියවර ගෙන ඇති බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය පවසා සිටී. එහි ප‍්‍රධාන ලේකම් විජිත හේරත් මහතා පවසා සිටියේ මෙම පෙත්සමට අත්සන් තබන්නන්ට www.freesarathfonseka.com ඔස්සේ අත්සන් තැබිය හැකි බවයි. මේ වන විටත් අන්තර්ජාලය විවෘත කිරීමේ උත්සවය පැවැත්වෙමින් පවතින අතර ලොව පුරා ජනතාව පෙත්සම අත්සන් තැබීමට යුහුසුළු වී ඇති බව හේරත් මහතා වැඩිදුරටත් පැවසීය. truth

ගෑස් මිලෙහි වෙනසක් නෑ


මාස දෙකක් යන තුරු ගෑස් මිල සංශෝධනයකට ලක් නොවන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ගෑස් සඳහා පනවා ඇති ආනයනික බදු ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව ද මීට සුළු මොහොතකට පෙර පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කළේය. කෙසේ වෙතත් ගෘහස්ථ ෂෙල් ගෑස් සිලින්ඩරයක් ‍රුපියල් 240 කින්ද, ලාෆ් ගෑස් සිලින්ඩරයක් රුපියල් 100 කට වැඩි ප්‍රමාණයකින් ද ඉහළ දැමිය යුතු බව අදාළ ගෑස් සමාගම් වෙළඳ හා පාරිභෝගික අමාත්‍යාංශයෙන් පසුගිය දා ඉල්ලීමක් කර තිබුණි.
සෑම මාසයකම අවසන් දිනයේ දී ගෑස් මිල සංශෝධනයක් කිරීම සඳහා ඉල්ලීම් කිරීමට ගෑස් සමාගම්වලට නීතිමය වශ‍යෙන් ලැබී ඇති ඉඩකඩ මත ඔවුන් මෙවර ගෑස් මිල වැඩිකළ යුතු බව යෝජනා කළේය. ada

ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම ව්‍යවස්ථාවට පටහැනියි


හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සරත් ෆොන්සේකා මහතා දේශපාලන සිරකරුවකු බව හිටපු අග විනිසුරු සරත් එන්. සිල්වා මහතා අද ප්‍රකාශ කළේය. එමෙන්ම සරත් ෆොන්සේකා විසින් අප වෙත දිනාදුන් නිදහස ඔහුට අහිමි කර ඇති බව ද ඔහු සඳහන් කළේය.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම අ‍ාණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සරත් ෆොන්සේකා මහතාගේ අත්අඩංගුවට ගැනීම පිළිබඳව අදහස් දක්වමින් හිටපු අගවිනිසුරුවරයා කියාසිටියේය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 15 වන වගන්තියට අනුව හමුදා සාමාජිකයෙකු අත්අඩංගුවට ගත හැක්කේ විනය ආරක්ෂා කරගැනීම සහ යථා පරිදි රාජකාරී කටයුතු ඉටුකරගැනීම යන කරුණු මත පමණක් බව ඒ මහතා පෙන්වාදෙයි. හමුදා නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත් වන බව හිටපු අගවිනිසුරුවරයා සඳහන් කළේය. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා විශ්‍රාමික නිලධාරියෙකු බැවින් ඔහුට මෙම නීතිය බලාත්මක නොවන බව ද හෙතෙම ප්‍රකාශ කළේය.
කෙ‍සේවෙතත් හිටපු අගවිනිසුරුවරයා ඉදිරිපත් කරන මෙම නීති තර්ක සම්බන්ධයෙන් අධි නීතීඥ ගෝමින් දයාසිරි මහතා සඳහන් කළේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ද හමුදාමය තනතුරක් වන බවය. එය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනතෙන් පිළිගෙන ඇති බව ඒ මහතා පැවසු‍වේය. ඒ අනුව හමුදා සාමාජිකයෙකු විශ්‍රාම ගොස් මාස 6ක් යනතුරු හමුදා නීතියට යටත් වන බැවින් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම ව්‍යවස්ථානුකූලව සිදුවූ බව ගෝමින් දයාසිරි මහතා සඳහන් කළේය.ada

ආරක්ෂාව සොයා බලන්නැයි නීතිපතිට නියෝගයක්


විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබාදීමට ඇති හැකියාව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නීතිපතිවරයාට දැනුම් දී තිබේ.
විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන්ට ලබා දී තිබූ ආරක්ෂාව ඉවත් කිරීමට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් 17 දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම අද සලකා බැලූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී ඇත.
විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන්ට ආරක්ෂාවක් ලබා දීමට කටයුතු කර තිබුණේ ඔවුන්ට තර්ජනයක් තිබුණු හෙයින් බවත්,පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කළ පමණින් එකී තර්ජනය පහව ගොස් නැති බවත් පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අද අධිකරණයේදී පෙන්වා දෙන ලදී.
එහෙත් රජයේ නීතිඥයින් කියා සිටියේ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබා දීම නීත්‍යනුකූල දෙයක් නොව එය වරප්‍රසාදයක් පමණක් බවයි. එසේ වුවද පක්ෂ මහ ලේකම්වරුන්ට හා පක්ෂ නායකයන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දීමට පියවර ගෙන ඇති බවද නීතිපතිවරයා මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණයට සඳහන් කරන ලදී.
මෙම කරුණු සලකා බැලීමෙන් අනතුරුව පක්ෂ ලේකම්වරුන්ට සහ නායකයින්ට ලබා දී ඇති තරමින් හෝ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබා දීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් ගාමිණී අමරතුංග මහතා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කරන ලදී.

එෆ්.එම්.දෙරණින් ලෝක වාර්තාවක්


ලෝක ඉතිහාසයේ ගුවන් විදුලි මාධ්‍ය තුළ මෙතෙක් සිදු නොවු ලෝක වාර්තාගත ගීතමය වැඩසටහනක් එෆ්.එම්.දෙරණ නාලිකාවෙන් අද ආරම්භ කරන ලදී..
දශක ගණනක් තිස්සේ යළි යළිත් උපදිමින් මෙරට රසික සිත් සතන් පුබුදු වු අසහාය ගායක එච්.ආර්.ජෝතිපාලයන් ගායනා කළ ගීත පමණක් විසි හතර පැය පුරා විකාශය කිරීම මෙම වාර්තාවයි.. අද පෙරවරු 7ට ඇරඹි මෙම වැ‍ඩසටහන හෙට උදෑසන 7 දක්වා ක්‍රියාත්මක වේ. ගිනස් ලෝක වාර්තාවක් බවට පත්වන මෙම වැඩසටහන අධීක්ෂණය සඳහා ගිනස් කමිටුවේ නීරීක්ෂකයන් ද එෆ්.එම්.දෙරණ මැදිරියට පැමිණීමට නියමිතය. ශ්‍රි ලාංකේය ශ්‍රාවකයන්ට නවමු අත්දැකීමක් වු මෙම ලෝක වාර්තා ගත වැඩසටහන සමග එක්වන ලෙස එෆ්.එම්.දෙරණ ශ්‍රාවක ඔබට ඇරයුම් කර සිටියි. ada

ගෑස් මිලෙහි සංශෝධනයක්


මෙරට ගෑස් මිල අද සිට සංශෝධනය කරන බව වෙළඳ හා පාරිභෝගික කටයුතු පිළිබඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ගෑස් සමාගම් සමග කළ සාකච්ඡා වලදී ගෘහස්ථ ෂෙල් ගෑස් සිලින්ඩරයක් ‍රුපියල් 240 කින්ද, ලාෆ් ගෑස් සිලින්ඩරයක් රුපියල් 100 කට වැඩි ප්‍රමාණයකින් ද ඉහළ දැමිය යුතු බව ඉල්ලා ඇති බව ඔහු සදහන්‍ කළේය. පාරිභෝගික සේවා අධිකාරිය සහ මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කිරිමෙන් පසු ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් අද තීරණයක් ගන්නා බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
පසුගිය දෙසැම්බර් මාසයේදී අවසන් වරට ගෑස් මිල සංශෝධනය වු අතර එහිදි ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 60 කින් පහළ ගියේය. එම අවස්ථාවේදී ෂෙල් ගෑස් සිලින්ඩරයක මිලෙහි වෙනසක් සිදු‍වුයේ නැත.ada

එල්.ටි.ටි.ඊ. සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරිමට අවසර


වව්නියාවේ සහන ගම්මාන වල සැඟවී සිටියදි අත්අඩංගුවට ගත් ප්‍රබල එල්.ටි.ටි.ඊ. සැකකරුවන් 14 දෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කිරිමට රහස් පොලිසියට අවසර හිමිව තිබේ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පා ජානකී රාජරත්න මහත්මිය හමුවට මෙම සැකකරුවන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් දින 90 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මහේස්‍ත්‍රාත්වරිය අවසර ලබාදුන්නේය. වන්නි යුද මෙහෙයුමෙන් පසුව මැණික් ෆාම් සහන ගම්මානයේ සැඟවි සිටියදී ත්‍රස්ත මර්දන ඒකකය විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබුණි.
එම සැකකරුවන් පසුගිය කාලය තුළ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ත්‍රස්ත ක්‍රියා වලට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇතැයි ‍රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. adade

Sunday, February 28, 2010

ජෙනරාල් නිදහස් කරන්නැයි බලකරමින් අන්තර්ජාල පෙත්සමක්


කිසිදු චෝදනාවක් එල්ල නොකර යුද හමුදා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රදවා තබා ගෙන සිටින හිටපු යුද හමුදාපති, ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වහා නිදහස් කරන ලෙස ආණ්ඩුවට බල කරමින් අන්තර්ජාල පෙත්සමක් අත්සන් තැබීමට ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය තීරණය කර තිබේ.
ඒ අනුව එම පෙත්සම විවෘත කිරීම හෙට පෙරවරු 10.00 අනෝමා ෆොන්සේකා මහත්මියගේ ප්‍රධානත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පක්ෂ කාර්යාලය තුළදී සිදුකරන බව එම පක්ෂයේ මාධ්‍ය ඒකකය පැවසීය. මෙම අවස්ථාව සදහා හිටපු අග්‍රවිනිශ්‍යකාර සරත් එන් සිල්වා මහතා ප්‍රමුඛ විද්වතුන්, කළාකරුවන් ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගීවීමට නියමිතය.truth

තේ අපනයනයෙන් ශ්‍රී ලංකාව හිමිකර ගෙන තිබූ ලෝක කුසලානය කෙන්යාවට

ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අකර්්‍යක‍ෂමතාවය නිසා මෙතෙක් ලොව විශාලම තේ අපනයනකරුවා ලෙස ශ්‍රී ලංකාව හිමි කරගෙන තිබු කීර්ති නාමය කෙන්යාව විසින් හිමි කර ගෙන ඇතැයි දේශීය තේ අපනයන කරුවන් චෝදනා කර සිටියි.
පසුගිය වසරේ කෙන්යාව විසින් තේ කිලෝ ග්‍රෑම් මිලියන 342 ක් ලෝක වෙළඳ පොල වෙත යොමු කර ඇති අතර එය ලෝක තේ අපනයනයෙන් 22% ක අගයක් බව පැවසේ.එම කාලය තුළ ශ්‍රී ලංකාව ලෝක වෙළෙඳ පොලට යොමු කර ඇති තේ ප්‍රමාණය වන්නේ කිලෝ ග්‍රෑම් මිලියන 280 කි.මෙසේ ශ්‍රී ලංකාවේ තේ අපනයනය වසර කීපයක් තිස්සේ පහත වැටීමට හේතු වී ඇත්තේ තේ වගාවට සුදුසු බිම් නිසි ලෙස වගා නොකිරීම, නුසුදුසු පොහොර වර්ග භාවිතය හා තේ සම්බන්ධ අපනයනයන්හි ඇති දූෂණ ක්‍රියා බව ප්‍රධාන පෙළේ තේ අපනයන කරුවන් ප්‍රකාශ කරයි. මීට අමතරව ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදන වියදම සෙසු රටවලට වඩා ඉහළ මට්ටමේ ඇති බවද පවසන දේශීය තේ අපනයනකරුවන් ශ්‍රී ලංකාවට ලෝක තේ වෙළෙඳ පොලේ දැන් හිමිව ඇත්තේ සිව්වන ස්ථානය බවත් ඉන්දියාව හා චීනය පවා මෙරටට ඉදිරියෙන් සිටින බවත් පවසයි.lankae

අපේක‍ෂකයින් 660 යි: ඉතිහාසයේ දිගම ඡන්ද පත්‍රිකාව මුද්‍රණයත් ගැටළුවක්

ඉතිහාසයේ වැඩිම අපේක‍ෂක සංඛ්‍යාවක් තරඟ කිරීම නිසා මෙවර අම්පාර දිස්ත්‍රික්කයේ ඡන්ද පත්‍රිකාව අඩි 4 කටත් වඩා දිගු වන බැවින් මුද්‍රණය කිරීම පවා ගැටළු සහගත තත්ත්වයකට පත්ව ඇතැයි මැතිවරණ කොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග පවසයි.
අම්පාර දිස්ත්‍රික්කයට කණ්ඩායම් 66 ක් තරඟ කරති. එක් අපේක‍ෂක ලැයිස්තුවක අපේක‍ෂකයින් 10 දෙනෙකු සිටින අතර මුළු අපේක‍ෂක සංඛ්‍යාව 660 ක් වේ. මේ සියළු දෙනාගේම නම් ඡන්ද පත්‍රිකාවේ සඳහන් කළ යුතු බැවින් එය සාමාන්‍ය ඡන්ද පත්‍රිකාව මුද්‍රණය කරන අයුරින් මුද්‍රණය කළහොත් අඩි 4 කට වඩා දිගු වේ. මේ නිසා නව ආකාරයක ඡන්ද පත්‍රිකාවක් කෙරෙහි කොමාසාරිස් කාර්යාලයේ අවධානය යොමුවී තිබේ.
මෙලෙසම මඩකලපුව දිස්ත්‍රික්කයේ ද කණ්ඩායම් 44 ක් තරග කරන බැවින් එහි ඡන්ද පත්‍රිකාවත් ඉතා දිගු එකක් වී ඇත.
අම්පාර සහ මඩකලපුවේ අසාමාන්‍ය ලෙස ස්වාධීන කණ්ඩායම් තරඟ කිරීමට හේතුව වී ඇත්තේ පසුගිය මැතිවරණ වලදී මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියාවන්ට මුහුණ දුන් අපේක‍ෂකයන්ට ආපදා කළමණාකරන අමාත්‍යාංශය මගින් අවමය රුපියල් ලක‍ෂ 5 ක් ගෙවා ඇති බැවින් කුමන හෝ ක්‍රියාවක් සිදුකරගෙන මුදල් ලබා ගැනීමේ කූඨ අපේක‍ෂාවක් නිසා බව තතු දත් ආරංචි මාර්ග පවසයි. lankae