Tuesday, March 2, 2010

මොණරාගල නාමයෝජනා ලැයිස්තුවට තිස්සගේ නම ඇතුලත් කරන්න -එජාප මහලේකම් මැ. කොමසාරිස්ගෙන් ඉල්ලයි

මොණරාගල දිස්ත්‍රික්කය එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරිපත් කළ නාම යෝජනා ලැයිස්තුව වෙනස් කොට තමාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ඇතැයි මැතිවරණ කොමසාරිස්වරයාට ලිපියකින් අද (2) දැනුම්දීමක් කර ඇති එක්සත් ජාතික පක‍ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා එම ලැයිස්තුවට තිස්ස කුට්ටිආරච්චි මහතාගේ නම ඇතුලත් කරන්නට පියවර ගන්නැයි ඉල්ලීමක් කොට තිබේ.
මේ අතර, එජාප මහලේකම්වරයාගේ ලිපියට කි්‍රයාමාර්ගයක් නොගන්නේ නම්, තමා අධිකරණ කි්‍රයාමාර්ගයකට යන බව තිස්ස කුට්ටිආරච්චි මහතා සිය නීතිඥයා මගින් මැතිවරණ කොමසාරිස්වරයාට ලිඛිත දැනුම් දීමක් කර තිබේ.lankae

0 comments:

Post a Comment