
හලාවත මහ රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගත් දරුවෙකු රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් කොළඹ ළමා රෝහලට අතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ හලාවත මුන්නේශ්වරම්හි පදිංචි රාම පුල්ලේ කිශෝර් නැමැති 11 හැවිදිරි පාසල් ශිෂ්‍යයෙකි. දරුවාගේ උදරයේ ඇති වු ආබාධයක් හේතුවෙන් හලාවත මහ රෝහලේ බාහිර රෝගි අංශයෙන් ඊයේ ප්‍රතිකාර ලබාගෙන ඇත.
වෛද්‍යවරයා නියම කළ ඖෂධ භාවිතයෙන් පසු දරුවාගේ රෝගී තත්ත්වය උත්සන්න වු බව වාර්තා වේ. දරුවා ලබාගත් ඖෂධ අසාත්මික වීම හේතුවෙන් මෙම මරණය සිදුවන්නට ඇති බව අද දෙරණ කළ විමසීමකදී වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ආර්.එම්.එස්.රත්නායක මහතා සඳහන් කළේය. ada
0 comments:
Post a Comment