Tuesday, March 2, 2010

මැතිවරණයේදී නොබියව කටයුතු කළ යුතුයි


මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් මැතිවරණ කටයුතු වලදී නිර්භයව ක්‍රියා කළයුතු බව ආගමික සමුළුව පවසයි.
අද කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින් එම සමුළුවේ සාමාජිකත්වය දැනුම් දුන්නේ සාධාරණ සහ සාමකාමී මැතිවරණයක් වෙනුවෙන් මැතිවරණ නිලධාරීන් කටයුතු නොකළහොත් ජනතාව කළකිරීමට පත්වනු ඇති බවය. නියෝජිතයින් තෝරා පත් කර ගැනීම සඳහා ජනතාව සතු පරම අයිතිය වගකීමකින් යුතුව භාවිත කිරීමේ අවශ්‍යතාවද ආගමික සමුළුව අවධාරණය කරයි. එම සමුළුව වැඩිදුරටත් පෙන්වාදෙන්නේ ධන බලය, මැර බලය ප්‍රතික්ෂේප කරන‍ දේශපාලනඥයින් පිරිසක් රටට අවශ්‍ය බවය. ada

0 comments:

Post a Comment