
කිසිදු චෝදනාවක් එල්ල නොකර යුද හමුදා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රදවා තබා ගෙන සිටින හිටපු යුද හමුදාපති, ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වහා නිදහස් කරන ලෙස ආණ්ඩුවට බල කරමින් අන්තර්ජාල පෙත්සමක් අත්සන් තැබීමට ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය තීරණය කර තිබේ.
ඒ අනුව එම පෙත්සම විවෘත කිරීම හෙට පෙරවරු 10.00 අනෝමා ෆොන්සේකා මහත්මියගේ ප්‍රධානත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පක්ෂ කාර්යාලය තුළදී සිදුකරන බව එම පක්ෂයේ මාධ්‍ය ඒකකය පැවසීය. මෙම අවස්ථාව සදහා හිටපු අග්‍රවිනිශ්‍යකාර සරත් එන් සිල්වා මහතා ප්‍රමුඛ විද්වතුන්, කළාකරුවන් ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගීවීමට නියමිතය.truth
0 comments:
Post a Comment