Sunday, February 28, 2010

අතපෙවීම් එපා-උද්ඝෝෂණය හෙට


ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නවලට අතපෙවීමට බ්‍රිතාන්‍යයන් දරන උත්සාහයට එරෙහිව මෙරට බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට ජාතික නිදහස් පෙරමුණ තීරණය කර තිබේ. එම පක්ෂයේ මහජන නියෝජිතයින්ගේ ‍සහභාගීත්වයෙන් මෙම උද්ඝෝෂණය හෙට දිනයේ දී පැවැත්වීමට නියමිතව ඇත.
එල්.ටී.ටී.ඊ හිතවාදී දෙමළ ඩයස්පෝරාව ලන්ඩන් නුවර දී පැවැත්වූ ජාත්‍යන්තර දෙමළ සමුළුවට බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් සහභාගී වීම මෙම විරෝධතාවයට ප්‍රධානතම හේතුව බව ජාතික නිදහස් පෙරමුණ සඳහන් ‍කරයි.
ද්‍රවිඩ සමුළුවට පැමිණ සිටි පිරිස් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ගෝඩ්න් බ්‍රවුන් සමග වි‍ශේෂ සාකච්ඡාවක ද නිරත වු බව වාර්තා විය. මෙම සමුළුව ඇමතූ විදේශ ලේකම්වරයා සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකාවේ යුද්ධය පැවති කාලසීමාව තුළ සිදුවූ යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විය යුතු බවයි.
එසේම බලය බෙදාහැරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථා සංශෝධනයකට ශ්‍රී ලංකාව යොමු විය යුතු බව ද මිලිබෑන්ඩ් මහතා සඳහන් කර තිබේ.
මිලිබෑන්ඩ් මහතා මෙම දේශනයට සහභාගී වීම පරාජයට පත්වූ ත්‍රස්තවාදයට නැවත පණදීමක් බවයි මෙරට විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා පවසා තිබිණි. ada

0 comments:

Post a Comment