පසුගිය ජනාධිපතිවරණය වෙනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් මාධ්‍ය ආයතන වෙත පනවන ලද නිර්දේශ මෙවර මහා මැතිවරණයේදී පිළිනොපදින සියලූම මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආයතනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මැතිවරණ කොමසාරිස්වරයා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.
එම නිවේදනයෙන් කොමසාරිස්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගය පිළිනොපදින සියලූම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන වෙතොත් ඔවුන්ට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නඩු පවරන බවයි.
නිම වූ ජනාධිපතිවරණයේදී විශේෂයෙන් රාජ්‍ය මාධ්‍යයන්හි හැසිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 3 ක් ඉදිරිපත් වූ අතර, එහිදී පෙත්සම්කරුවන් කියා සිටියේ රාජ්‍ය මාධ්‍යයෙන් විපක්ෂයට කිසිදු ඉඩකඩක් නොදී ඒක පාර්ශවීයව කටයුතු කරන බවයි.lankae
Sunday, February 28, 2010
ජනතා අවශ්‍යතාවයන්ගෙන් 1/3 ක් ඉටු නොකළ ආණ්ඩුව 2/3 ක බලයක් ඉල්ලා සිටීම පැරදවිය යුතුයි – විජිත හෙරත්

මේ මොහොතේදී රටේ දේශපාලනයේ අලූත් තත්වයක් නිර්මාණය කර තිබෙනවා. පසුගිය මැතිවරණයේදී මෙන්ම මෙම මැතිවරණයේදීත් ඉඞී මහින්දගේ මැරකම් ක‍්‍රියාත්මක කර තිබෙනවා. නමුත් අප මෙම මර්ධනකාරී තත්වයන් පරාජය කරමින් අලූත් බලාපොරොත්තු තබා ගෙන නව ගමනක් යමින් තිබෙනවා. මේ සන්ධානය යුක්තියේ හා සාධාරණත්වය රජ කරන තැනක් බවට මේ වන විට ජනතාවගේත් විශ්වාසය වි තිබෙන බව අද (28* පෙරවරුවේ කොළඹ, රාකීය මාවතේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වූ එම පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් විජිත හේරත් මහතා ප‍්‍රකාශ කර සිටියේය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
මෙවර මහ මැතිවරණය සදහා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය කුසලානය යටතේ දිස්ත‍්‍රික්ක 22කටම නාම යෝජනා භාරදී තිබෙනවා එසේම කිසිදු ප‍්‍රතික්‍ෂ්ප වීමකින් තොරව එවා පිළිගෙන තිබෙනවා. දෙමළ අපේක්‍ෂකයින් 22 මුස්ලිම් අපේක්‍ෂකයින් 21 කාන්තාවන් 11 දෙනෙක් අපි මෙවර මැතිවරණයට ඉදිරිපත් කර තිබෙනවා. මඩකලපුවෙන් කාන්තාවක්ද ඉදිරිපත් කර තිබෙනවා අප පක්‍ෂයේ ජාතික ලැයිස්තුවට විද්වතුන් රැසක් ඉන්නවා ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙක්, මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් එවගේම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මැතිතුමා රුහුණ සරසවියේ කථිකාචාර්ය ජිනසේන හේවගේ මහතා ,මානව හිමිකම් හ යහ පාලනය පිලිබඳ ආචාර්ය නීතිඥ කරුණාරත්න හේරත් මහතා හා ප‍්‍රවීන රංගන ශිල්පිනී සුවිනීතා වීරරත්න මහත්මිය ඇතුළු විශාල විද්වත් පිරිසක් අප සමග එකතු වි සිටිනවා.
අපි ජනතාවට කියනවා. මේ රටේ සෞඛ්‍ය ක්‍ෂෙත‍්‍රය පිරිහී තිබෙනවා, අධ්‍යාපන ක්‍ෂෙත‍්‍රය දැයේ දරුවන් මංමුලාකරන්නක් බවට පත්කර තිබෙනවා. රටේ ජනතාවගේ මූලික අවශ්‍යතාවන්ගෙන් තුනෙන් එකක්වත් ඉටුකිරීමට ආණ්ඩුව සමත්ව නැහැ. බඩු මිළ අහස උස ගිහින්, ගෑස් මිල හෙට සිට වැඩිකරනවා.ජී.එස්.පී. ප්ලාස් සහනය යුද්දයක් නොමැති තත්වයක් ඇතුලේ දීත් අහිමිකරගෙන තිබෙනවා. මෙයට බලපෑවේ රටේ ජනමාධ්‍යවේදීන් අතුරුදන් කිරීම, ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ගමනයි. ජනතා අවශ්‍යතාවයන්ගෙන් තුනෙන් එකක්වත් මේ ආණ්ඩුව ඉටුකර නැහැ. ඒ වෙනුවට තුනෙන් දෙකක
බලයක් ඉල්ලා සිටිනවා. දැන් මේ යන්නේ ජේ.ආර්. ගිය ගමනයි. එමගින් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී වැඩ පිළිවෙල මීට වඩා හොදින් ක‍්‍රියාත්මක කළ හැකියි.
මෙම ගමන නවතා දැමීමටයි අපි මේ සන්ධානය ආරම්භ කළේ, නමුත් මෙහි නායක සරත් ෆොන්සේකා මහතා සිරකර තිබෙනවා. අපි මේ මැතිවරණය ජනතා අධිකරණයක් විදියට පාවිච්චි කරනවා. එමගින් ඔහුට මේ රටේ මහජනතාව යුක්තිය ඉටු කළාවි යැයි අපි විශ්වාස කරනවා. ජාතිය නිදහස් කරගත් අභීත සෙන්තියාට කළගුණ සැලකීමේ අවස්ථාව දැන් උදා වී තිබෙනවා. මෙවර මැතිවරණයේදී ඔබේ පළමු කැමැත්ත යුක්තියට ලබාදෙන්න. සරත් ෆොන්සේකා මහතාට ලබා දෙමින් ඔහුට යුක්තියට ඉටු කරන්න. අපි සියලූ පක්‍ෂවල සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ වන අසාධාරණයට එරෙහිව යුක්තිය වෙනුවෙන් සිරගතව සිටින ඔහුට මනාපය ලබා දී කොළඹ දිස්ත‍්‍රිකයෙන් සරත් ෆොන්සේකා මහතා පළමු තැනට පත්කරන්න කියා.
මේ ප‍්‍රවෘත්ති සකච්ඡුාව සදහා සරත් ෆොන්සේකා මහතාගේ බිරිද වන අනෝමා ෆොන්සේකා මහත්මිය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයෙන් කළුතරට තරඟ වදින අර්ජුන රණතුංග මහතා ඇතුළු මෙම සන්ධානයට සහයෝගය දක්වන නායකයින් සහභාගී වි සිටියහ.
රනිල් ‘ම’ පාර්ශවයේ නාමයෝජනා වැරැද්ද යටගැසීමේ තැතක්

මොණරාගල දිස්ත‍්‍රික්කය සදහා ‘මා’ පාර්ශවයේ තිස්ස කුට්ටිආරච්චි මහතාගේ නම මකා දැමීම සම්බන්ධයෙන් එජාප නායක රනිල් වික්රමසිංහ මහතා අනුගමනය කළ ක‍්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් ඒ මහතා රනිල් වික්රමසිංහ මහතා හා එ.ජා.පය වෙත තම විරෝධය පළකර ඇත. ඒ අනුව තම නම ඉවත් කිරීම සම්බන්ධයෙන් සෘජුව වගකිව යුතු වන්නේ එ.ජ.පයේ නායකයා බව පවසන ඒ මහතා තමා ඌව පළාත් සභාවට තරඟ කොට වැඩිම ඡන්ද ප‍්‍රතිශතයක් ලබාගත් අතර මොණරාගල දිස්ත‍්‍රික්කයෙන් දෙවන ඡන්ද ප‍්‍රතිශතයද හිමිකරගත් බව පවසා සිටියේය.
මෙම වැරැද්ද සම්බන්ධයෙන් රනිල් වික්රමසිංහ මහතා මද්දුම බණ්ඩාර මහතා වෙත චෝදනා එල්ල කරන මුත් නාමයෝජනා යැවීම හා එම ක‍්‍රියාදාමය සම්බන්ධයෙන් අදාළ මැදිහත්වීම සිදුකර නොමැති බවට ඔහු චෝදනා කරයි. ’ම‘ පාර්ශවය මෙම මැතිවරණයේදී මොණරාගලින් සැලකිය යුතු ඡුන්ද ප‍්‍රතිශතයක් ලබා ගන්නා බැවින් එය වැලැක්වීමේ අරමුණින් මෙවැනි ක‍්‍රියාදාමයක් සැලසුම් සහගතව සිදුකරන්නට ඇති බවට සැක පහල වන බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටී. truth
සන්ධානය එකට ගැටෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා තරග වදින සිසිර ජයකොඩි මහතාගේ කාර්යාලයට මැර ප්‍රහාරයක් එල්ල වී තිබේ.
ඊයේ රාත්‍රීයේ මෙම මැර ප්‍රහාරය එල්ල වූ බව සිසිර ජයකොඩි මහතා සඳහන් කරයි. නාමයෝජනා බාර දීමෙන් අනතුරුව තමන් ජනහමු පැවැත්වූ ස්ථාන කිහිපයක නිවෙස් වලට ඊයේ මෙම මැර පිරිස පහර දී ඇති බව ජයකොඩි මහතා කියා සිටියි.
හිටපු අමාත්‍ය වරයෙකුගේ ආධාකරුවන් පිරිසක් විසින් මෙම ප්‍රහාරය එල්ල කළ බවට සිසිර ජයකොඩි මහතා පෑලියගොඩ පොලීසියට සිදු කළ පැමිණිල්ලේ සඳහන් වේ.
මේ අතර මනාප පොරයෙන් වැළකී සදාචාර දේශපාලනයක නිරත වන බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලු අපේක්ෂකයෝ ඊයේ අනුරාධපුර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ ප්‍රතිඥා දුන්හ. ada
මහ මැතිවරණයට නයි කැඳවයි

මෙවර මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් ගණනාවක් තරඟවදින නිසාවෙන් ඒ ඒ කණ්ඩායම් වලට ලබාදිය යුතු මැතිවරණ ලාංඡන සම්බන්ධයෙන් බලවත් ගැටලුවක් පැන නැඟීම හේතුවෙන් අලුත් මැතිවරණ ලකුණු කිහිපයක් හඳුන්වා දී තිබේ.
විශේෂයෙන්ම අම්පාර දිස්ත‍්‍රික්කයට ස්වාධීන කණ්ඩායම් 44 ක් තරග කිරීම නිසා නව ඡන්ද ලකුණු 20 ක් හඳුන්වා දීමට මැතිවරණ කොමසාරිස්වරයාට සිදුවී ඇත.
ඒ අනුව කඟවේනා,ගිරවා,නයා,බල්ලා, වැනි සතුන් ද ළිඳ, ඇඳ, ජලකරාමය, මිටිය, කඩුව, පරිගණකය, මේසන් හැන්ද, විදුලි පන්දම වැනි උපකරණද අඹ, ජම්බු වැනි පළතුරු ද හඳුන්වා දී තිබෙනු දක්නට ලැබේ.
මේ වන විට මෙම නව ඡන්ද සලකුණු ඇතුළත් විශේෂ ගැසට් පත‍්‍රයක් ඉදිරිපත් කිරීමට ද මැතිවරණ කොමසාරිස්වරයා කටයුතු කර ඇත. ada
අතපෙවීම් එපා-උද්ඝෝෂණය හෙට

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නවලට අතපෙවීමට බ්‍රිතාන්‍යයන් දරන උත්සාහයට එරෙහිව මෙරට බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට ජාතික නිදහස් පෙරමුණ තීරණය කර තිබේ. එම පක්ෂයේ මහජන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් මෙම උද්ඝෝෂණය හෙට දිනයේ දී පැවැත්වීමට නියමිතව ඇත.
එල්.ටී.ටී.ඊ හිතවාදී දෙමළ ඩයස්පෝරාව ලන්ඩන් නුවර දී පැවැත්වූ ජාත්‍යන්තර දෙමළ සමුළුවට බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් සහභාගී වීම මෙම විරෝධතාවයට ප්‍රධානතම හේතුව බව ජාතික නිදහස් පෙරමුණ සඳහන් කරයි.
ද්‍රවිඩ සමුළුවට පැමිණ සිටි පිරිස් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ගෝඩ්න් බ්‍රවුන් සමග විශේෂ සාකච්ඡාවක ද නිරත වු බව වාර්තා විය. මෙම සමුළුව ඇමතූ විදේශ ලේකම්වරයා සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකාවේ යුද්ධය පැවති කාලසීමාව තුළ සිදුවූ යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විය යුතු බවයි.
එසේම බලය බෙදාහැරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථා සංශෝධනයකට ශ්‍රී ලංකාව යොමු විය යුතු බව ද මිලිබෑන්ඩ් මහතා සඳහන් කර තිබේ.
මිලිබෑන්ඩ් මහතා මෙම දේශනයට සහභාගී වීම පරාජයට පත්වූ ත්‍රස්තවාදයට නැවත පණදීමක් බවයි මෙරට විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා පවසා තිබිණි. ada
බහින් බස් දුර යයි- අයෙක් කම්බස් වෙයි

පාදුක්ක, බෝපේ ප්‍රදේශයේ දී පිහියකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. මුදල් ආරවුලක් සම්බන්ධයෙන් වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කරයි.
ඝාතනයට ලක්ව ඇත්තේ බෝපේ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි පුද්ගලයෙකි.. ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පිළිබඳ තොරතුරු අනාවරණය කර ගෙන ඇති අතර ඔවුන් මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පොලිසිය පවසයි.
පාදුක්ක පොලිසිය මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වයි.ada
පුද්ගලික බස් රථ 2000 ක් සූදානම්

පාර්ලිමේන්තු මැතිවරණ කටයුතු සඳහා බස් රථ දෙදහසකට වැඩි ප්‍රමාණයක් යෙදවීමට කටයුතු යොදා ඇති බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරන පරිදි යාපනය සහ වන්නි මැතිවරණ දිස්ත්‍රික්ක සඳහා ප්‍රමාණවත් පරිදි බස් රථ ලබා දීමට නියමිතය. මැතිවරණ මහ ලේකම් කාර්යාලය තමන්ගෙන් කළ ලිඛිත ඉල්ලීමකට අනුව මෙම තීරණය ගත් බව ගැමුණු විජේරත්න මහතා සඳහන් කරයි. පසුගිය ජනාධිපතිවරණයේ දී යාපනය සහ වන්නි දිස්ත්‍රික්ක වල ප්‍රවාහන කටයුතු වල ගැටලුවක් ඇති වුවද මෙවර එය ඇති නොවන ආකාරයට ප්‍රවාහන සේවය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව හෙතෙම කියා සිටියි.
බස් රථ යොදා ගැනීමෙන් ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක ඡන්ද පෙටිට් එකවර ප්‍රවාහනය කළ හැකි බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පෙන්වාදෙයි. ඡන්ද පෙට්ටි ප්‍රවාහනය සහ අනෙකුත් රාජකාරි කටයුතු සඳහාත් මෙම බස් රථ යොදා ගැනීමට නියමිතව ඇත. ada
කෝටි ගණන් කොල්ල කෑ කොල්ලකරුවන් කොටු

කෝටි ගණනක රත්‍රං සහ මුදල් මංකොල්ල කෑ ප්‍රධාන පෙළේ කල්ලියක් කොටු කර ගැනීමට රාගම පොලීසිය සමත්ව තිබේ.. රාගම පොලිසියේ ස්ථානාධිපතිවරයා සඳහන් කරන පරිදි මෙම කොල්ල කල්ලිය ලක්ෂ 70 කට අධික රත්‍තරං කොල්ල කා ඇති බවට තහවුරු කර ගෙන ඇත. විවිධ ක්‍රම වලින් කොල්ල කෑ මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 02 කට වැඩි බව පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියි. කොල්ල කල්ලියට සම්බන්ධ පුද්ගලයින් 6 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ළඟ තිබී ගිනි අවි 02 ක් ද සොයා ගෙන ඇති බව පොලිසීය පවසයි. ada
කච්චතිව් දූපතේ දේව මෙහෙය අදයි

කච්චතිව් දූපතේ පැවැත්වෙන දේව මෙහෙය ශ්‍රී ලාංකීය සහ ඉන්දීය ජාතිකයින්ගේ සහභාගීත්වයෙන් වසර ගණනාවකට පසුව අද පැවැත්වේ. යුද්ධය ආරම්භ වීමෙන් පසු මෙම දූපතේ මෙවැනි දේව මෙහෙයවල් පැවැත්වීම නවතා දමනු ලැබිණි. කච්චතිව් දූපතේ පැවැත්වෙන දේව මෙහෙයට ඉන්දීය ජාතිකයින් විශාල පිරිසක් අද දිනයේ සහභාගි වන බව විදෙස් මාධ්‍ය පවසයි.
පුද්ගලයින් පන්දහසකට අධික පිරිසක් මෙම දේව මෙහෙයට සහභාගි වන බව වාර්තා වන අතර ශ්‍රී ලාංකිකයන් දෙසීයයකට අධික පිරිසක් සහභාභි වීමට නියමිත බව ද සඳහන් වේ.
මෙම දේව මෙහෙය පැවැත්වෙන්නේ ශාන්ත මරියා දේවස්ථානය තුළය. පසුගිය දා දකුණු ඉන්දීය ප්‍රධාන අමාත්‍ය ජය ලලිතා ජය රාම් මහත්මිය සඳහන් කළේ මෙම දූපත ඉන්දියාව සතු වන බවයි.
එහෙත් ජාත්‍යන්තර නීතියට අනුව කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට අයිති බව ඉන්දියාව පිළිගෙන ඇතැයි ශ්‍රී ලංකා රජය පවසයි. ada
97,000 ක් තාමත් අවතැන්වෙලා

අවතැන් වූ කඳවුරු වල සිටින පුද්ගලයින්ගේ සංඛ්‍යාව අනූහත් දහස දක්වා අඩු වී ඇති බව ආපදා සහන සේවා සහ නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය පෙන්වා දෙන පරිදි මුලතිවු නගරය හැරුනු විට වන්නි පළාතේ ප්‍රධාන නගර කිහිපයකම පුද්ගලයින් නැවත පදිංචි කරවා තිබේ.
තුනුක්කායි සහ ඔඩ්ඩුසුඩාන් නගර වල පසුගිය දින දෙක තුළ පුද්ගලයින් දහසකට වැඩි පිරිසක් පදිංචි කළ බව එම අමාත්‍යාංශය සඳහන් කරයි
. මුලතිව් නගරය සහ ඒ අවට ප්‍රදේශ වල බෝම්බ ඉවත් කිරීමේ කාර්යය ඉතා වේගයෙන් සිදු වන අතර එය අවසන් වීමෙන් අනතුරුව එම ප්‍රදේශය තුළ ජනතාව පදිංචි කිරීමට බලාපොරොත්තු වන බව ආපදා සහන සේවා සහ නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයේ ලේකම් යූ.එල්.එම් හල්දීන් මහතා කියා සිටියේය.ada
Saturday, February 27, 2010
කිරි අප්පොච්චිගේ අවවාද
දිවයින කතුවැකිය ඇසුරින්
අපගේ මී මුත්තාගේ කිරි අප්පොච්චි වන ඇමරිකාව නීතිය ක්‍රියාත්මක කරන හැටි අපට කියා දෙන අයුරු අද "දිවයිනේ" සඳහන් ය. මේ කිරි අප්පොච්චි වූ කලී ශ්‍රී ලංකාවේ හිටපු ඇමරිකානු තානාපති රොබට් බ්ලේක් ය. අප බ්ලේක්‌ට මී මුත්තාගේත් කිරි අප්පොච්චි කියන්නේ ඇයි? ඔහු ඒ තරමටම තමන් වැඩිහිටි බව සිතා සිටින නිසා ය. ඔහු අපට දෙන උපදෙස් මෙසේ ය
* ජෙනරාල් අත්අඩංගුවට ගත් ආකාරය ගැන ඇමරිකාව තුළ ප්‍රසාදයක් නැත.
* ජෙනරාල්ට විරුද්ධව ඇති චෝදනා ලක් රජය විසින් වහා ප්‍රකාශයට පත් කළ යුතු ය.
* ජෙනරාල් සම්බන්ධයෙන් ක්‍රියා කළ යුත්තේ යුද නීතියට අනුව නොව සිවිල් නීතියට අනුව ය.
* ඉතිරිව සිටින ලක්‍ෂයක් වූ යුද අනාථයන් වහා ඔවුන්ගේ ගම් බිම් බලා යෑවිය යුතු ය.
* ජාතික සමගිය ඇති කිරීම සඳහාත්, බලය බෙදාහැරීම සඳහාත් රජය කටයුතු කළ යුතු ය.
* යුද්ධයේදී මිනිස් අයිතීන් උල්ලංඝනය වූයේ ද යන්නත්, යුද අපරාධ සිදුවේද යන්නත් සොයා බැලිය යුතු ය.
ඉහත සඳහන් කරුණු කියවන අපට නැගෙන මතකයක් තිබේ. ඒ වූ කලී ජෙනරාල්ගේ බෑණාගේ මව වන අශෝකා තිලකරත්න මහත්මිය භාරයේ තිබූ සල්ලි සේප්පුව තුළ වූ ඇමරිකන් ඩොලර් පන්ලක්‍ෂ හැත්තෑපන්දාහයි. ඒවා අලුත් ම අලුත් ඇමරිකන් ඩොලර් ය. ඒ සිද්ධිය අමතක කිරීමට අප නිරන්තරයෙන් උත්සාහ කරන නමුදු ඇමරිකාව සම්බන්ධයෙන් ප්‍රවෘත්තියක් දකින හැම විටකම අපට සිහි වන්නේ එම පුවත ය. එය බ්ලේක්‌ට හෝ මේ කතාවට සම්බන්ධ නැත.
ශ්‍රී ලංකාවේ ගත කළ කාලය තුළ මේ රටේ අභ්‍යන්තර ප්‍රශ්නවලට බ්ලේක් තරම් අත පෙවූ වෙනත් ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයකු නැති තරම් ය. ඔහු තානාපති කම හැරුනු විට අනෙක් හැම දෙයක් ම කළේ ය. මේ රටේ ජනමාධ්‍ය සම්බන්ධයෙන් මැදිහත්කරුවකු වීමට උත්සාහ කළේ ය. ආසියානු මහාද්වීපයේ පිහිටි මර්මස්‌ථානයක් වූ ශ්‍රී ලංකාව පාලනය කිරීමට ඔහු දැරූ උත්සාහයට ගරු කිරීමක් වශයෙන් දෝ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව දකුණු සහ මධ්‍යම ආසියාව භාර රාජ්‍ය ලේකම් ලෙස ඔහුට උසස්‌වීමක් දුන්නේය. එම තනතුරේ හිඳිමින් ඔහු බී.බී. සී. ගුවන් විදුලියට දුන් පෙර කී උපදෙස් ඉන්දියාවේ හින්දු පත්‍රයේ වෙබ් අඩවියේ පළවී තිබේ.
බ්‍රිතාන්‍යය විසින් ලංකාව හා ඉන්දියාව පාලනය කළ කාලයේදී මහ රැජනගේ නියෝජිතයා හෙවත් යුව රජ වූයේ ලුවී මවුන්ට් බැටන් ය. අධිරාජ්‍යවාදයේ පාරම්පරික හවුල්කරුවකු වූ මවුන්ට් බැටන් පවා රොබට් බ්ලේක් ආකාරයෙන් ලංකාව සම්බන්ධයෙන් හැසිරී නැත. ජෙනරාල් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඇමරිකාව මොනවා සිතුවත් අපට මොකද? රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක සැකකරු වූ ඔහු, ඔහුට හිමි විය යුතු සැලකිලිවලටත් වඩා බොහෝ ඉහළින් සළකා අත්අඩංගුවට ගන්නා ලදී. රොබට් බ්ලේක් බලාපොරොත්තු වන්නේ ජෙනරාල් සුවඳ පැනින් නහවා, දෝලාවක තබාගෙන යැමද? අනෙක ජෙනරාල්ට විරුද්ධව කටයුතු කරන්නේ යුද නීතිය යටතේ ද, නැතහොත් සිවිල් නීතිය යටතේ ද යන්න තීරණය කරන්නේ බ්ලේක් නොව මේ රටේ ජනයා ඡන්දයෙන් පත් කළ ආණ්‌ඩුව ය. ඇමරිකාව බෝම්බ දමා ඇෆ්ගනිස්‌ථානය විනාශ කළේ ය. ඉරාකය කුඩුපට්‌ටම් කළේය. ඉරාකයට සහ උතුරු කොරියාවට චෞර රාජ්‍ය යන හංවඩුව ගැසුවේ ය. සදාම් හුසේන් එල්ලා මැරීම සඳහා තොන්ඩුව සාදන ලද්දේ ඇමරිකාව ය. එල්ලුම් ගසේ ලීවරය ක්‍රියාත්මක කළේ ඉරාක ජාතිකයකු වුව ද එම අළුගෝසුවාගේ අත ඇමරිකන් රූකඩ අතකි. යම් හෙයකින් ඇමරිකාව ඔසාමා බින් ලාදින් අල්ලා ගතහොත් ඔහු සුවඳ පැනින් නහවා දෝලාවක තබාගෙන ධවල මන්දිරයට ගෙන ගොස් සිවිල් නීතියට අනුව නඩු අසා නිදහස් කරන ලෙස අපි ඇමරිකාවෙන් ඉල්ලමු.
ජාතික සමගිය ඇති කිරීම බලය බෙදා හැරීම යන කාරණා අපට අදාළ අභ්‍යන්තර ප්‍රශ්න ය. යුද අපරාධ සිදුවීද යන්න ගැන ඇමරිකාව උනන්දු වන්නේ ගෝඨාභය රාජපක්‍ෂගේ දේශානුරාගයටත් මහින්ද රාජපක්‍ෂගේ ජාති මාමකත්වයටත් පහර ගැසීම සඳහා ය. රාජපක්‍ෂවරුන් යුද අපරාධ පිළිබඳ විත්ති කූඩුවට ගෙන යන්නේ නම් ඊට කලින් එහි යෑවිය යුතු මහතෙකු ඇත. ඒ ඇමරිකාවේ හිටපු ජනපති ජෝර්ඡ් බුෂ් ය.weblk

මං දන්නෙ නෑ, මං බාරදුන්නේ පකෂයෙන් මට දීපු නාමයෝජනා පත්‍රයයි -රංජිත් මද්දුම බණ්ඩාර
මම බාරදුන්නේ පකෂයෙන් මට දුන් නාම යෝජනා පත්‍රය බව මොණරාගල දිස්ත්‍රික් එජාප නායක රංජිත් මද්දුම බණ්ඩාර මහතා zලංකා ඊ නිව්ස්Z වෙත පැවැසීය.ඔහු එසේ පැවැසුවේ මොණරාගල දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පෙරමුණෙන් බාරදුන් නාම යෝජනා ලැයිස්තුවේ තිස්ස කුට්ටිආරච්චි මහතාගේ නම zටිපෙක්ස්Z වලින් මකා වෙනත් නමක් ඇතුලත් කර තිබීම ගැන zලංකා ඊ නිව්ස්Z කළ විමසුමකට පිළිතුරු දෙමිනි.මොණරාගල දිස්ත්‍රික් ලැයිස්තුවේ අපේකෂකයකු ලෙස තිස්ස කුට්ටිආරච්චි මහතා නාම යෝජනා පත්‍රයට පකෂයේ මහලේකම්වරයා ඉදිරිපිට අත්සන් කළ බව ඔහු ප්‍රකාශ කරන අතර, එසේ නම් ඔහුගේ නම zටිපෙක්ස්Z වලින් මකා වෙනත් නමක් ඇතුල් කොට දිස්ත්‍රික් එජාප නායකයා ලෙස ඔබ විසින් නාමයෝජනා පත්‍රය බාර දීම ගැන කියන්නේ කුමක්දැයි විමසූ විට කීවේ ලියුම්කවරයක දමා තමාට දුන් නාමයෝජනා පත්‍රය බාරදුන් බවත්, තමා ඇතුළු පිරිස නාම යෝජනා පත්‍රයට අත්සන් කළේ සිරිකොතදී ලිපිකාර මහත්මියක් ඉදිරිපිට බවත්ය.මේ පිළිබඳව zලංකා ඊ නිව්ස්Z ඇසූ ප්‍රශ්න හා ඒවාට මද්දුම බණ්ඩාර මහතා දුන් පිළිතුරු මෙසේයි.
ප්‍රශ්නය: පකෂයේ මහලේකම්ට තිස්ස කුට්ටිආරච්චි මහතාගේ නම ඉවත් කිරීම ගැන ඔහු වාචිකව පැමිණිලි කර තිඛෙනවා. එසේ කළ බව එජාප මහ ලේකම්වරයා zලංකා ඊ නිව්ස්Z වෙත පැවැසුවා. එසේ නම්, නම ඉවත් නොකළ බව ඔබ කියන්නේ කොහොමද?පිළිතුර: මා ඒක දන්නේ නෑ. මම බාරදුන්නේ මට පකෂයෙන් බාරදුන් නාම යෝජනා ලැයිස්තුවයි. කවුරු හරි මා එසේ කළා යැයි කියනවා නම් ඒ අයට විරුද්ධව මා අධිකරණයට යනවා.
ප්‍රශ්නය: තිස්ස කුට්ටිආරච්චි මහතා අධිකරණයට යන්න සූදානම් බව කියනවා.
පිළිතුර: ඒක හොඳයි. අධිකරණය තීරණයක් දේවි.
ප්‍රශ්නය: කණ්ඩායම් නායකයා ලෙස තිස්ස කුට්ටිආරච්චි මහතාගේ නම ඉවත් කිරීම ගැන ඔබ කියන්නේ කුමක්ද?
පිළිතුර: කාගේවත් නමක් කපා දමන්න මට අවශ්‍යතාවක් නෑ. එසේම ඔය කියන පුද්ගලයා නාම යෝජනා පත්‍රයට අත්සන් කිරීම අපි දැක්කෙත් නෑ.
ප්‍රශ්නය: එහෙනම්, මේ නම නාම යෝජනා ලැයිස්තුවෙන් ඉවත් වුණේ කොහොමද?
පිළිතුර: 1994 මහා මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයේ එජාප ලැයිස්තුවට අපේකෂකයකු ලෙස හේමා ප්‍රේමදාස මහත්මියගේ නම ඇතුලත් කර, ඇය අත්සන් ද කර තිබුණා. නමුත් නාම යෝජනා පත්‍රයට බාර දෙන කොට ඇගේ නම කැපිලා රත්නසිරි රාජපකෂ මහතාගේ නම ඇතුල් වී තිබුණා. කොළඹ මහ නගර සභාවට එජාපය දුන් නාමයෝජනා පත්‍රයේ ටී.එම්. සංඝදාස මහතාගේ නම ඇතුලත්ව, ඔහුද නාම යෝජනා පත්‍රය අත්සන් කර තිබුණා. නමුත් නාම යෝජනා පත්‍රය බාරදෙන විට ඔහුගේ නම zටිපෙක්ස්Z වලින් මකා වෙනත් නමක් දා තිබුණා.
ප්‍රශ්නය: නාම යෝජනා පත්‍රය වෙනස් කිරීම බරපතල වරදක් බව පවසා ඇති එජාප නායක රනිල් වික්රමසිංහ මහතා, එජාප මොණරාගල දිස්ත්‍රික් නායකත්වයෙන් ඔබ වහා ඉවත් කරන ලෙසත්, ඔබට විරුද්ධව මේ කාරණය සම්බන්ධව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරන ලෙසත් පකෂ මහලේකම්වරයාට දැනුම් දුන් බවක් වාර්තා වෙනවා. ඒ ගැන මොකද කියන්නේ?
පිළිතුර: නාම යෝජනා දෙන්න කලින් දිස්ත්‍රික්කයේ එජාප නායකයාගෙනුත් විමසන්න එපායැ. එවැන්නක් සිදුවූයේ නෑ. මාව එජාප දිස්ත්‍රික් නායකත්වයෙන් ඉවත් කළොත් මම ඊට විරුද්ධව අධිකරණයට යනවා. එපමණක් නොවෙයි. මාව ඉවත් කළත් දිස්ත්‍රික් එජාප කමිටු හා ශාඛා රැස්වී මාව දිස්ත්‍රික් නායකයා ලෙස පත්කර ගනීවි.lankae

ලංකාවේ ජනගහනයෙන් 15.2%කට කන්නවත් නැහැ.

ශ‍්‍රි ලංකාවේ එක් පුද්ගයෙකු සදහා මූලික ආහාර ලබා ගැනිම සදහා වන මසකට වියදම ජනවාරි මාසයේදි රුපියල් 3079ක් වන බව ජන හා සංඛ්‍ය ලේඛන දෙපාර්තුමේන්තුව සදහන් කරයි. මේ තත්ත්වය සලකා බැලීමේදී ජනගහනයෙන් 15.2%ක ප‍්‍රමාණයක් දරිද්‍රතා රේඛාවේ පහලම මට්ටමෙහි සිටී. කොළඹ දී මෙම තත්වය ඉකුත් ජනවාරි මාසයේදි රුපියල් 3430ක් වූ අතර ගම්පහදී රු.3262ක්ද, ගාල්ලේදී 3155ක්ද, හම්බන්තොටදී 2968ක්ද වන බව අදාළ තොරතුරු වැඩිදුරටත් අනාවරණය කරයි.truth
ශී‍්‍ර ලංකන් එයාර්ලයින් සේවකයින්ට ගූගල් හා ජීමේල් තහනමක්

ශී‍්‍ර ලංකන් එයාර්ලයින් ගුවන් සේවයේ සේවකයින් සඳහා කාර්යාලයීය පරිගනකවලින් තමන්ගේ පෞද්ගලික ජී මේල් විද්‍යුත් ලිපින සඳහා පිවිසීම හා ගූගල් එන්ජිම වෙත පිවිසීම සම්පූර්ණයෙන් තහනම්කර ඇතැයි ලංකා නිව්ස් වෙබ් අඩවිය වාර්තා කරයි.
එම වෙබ් අඩවිය වාර්තාකරන ආකාරයට ශී‍්‍ර ලංකන් ගුවන් සේවයේ කටුනායක කාර්යාලයේ සියලූම පිවිසුම් දොරටු හා පිවිසුම් මන්තීරු සඳහා ආරක්‍ෂිත කැමරා පද්ධතියක් සවිකර තිබේ. ශ්‍රී ලංකන් එයාර්ලයින් බලධාරීන් විසින් මෙම පියවරයන් ගෙන ඇත්තේ එහි සේවකයන් අතුරින් 50% ක පමණ ප‍්‍රතිශතයක් ආණ්ඩුවේ දේශපාලන මතයට විරුද්ධව කටයුතු කරන බවට ලැබුණු තොරතුරක් මත බව එම වෙබ් අඩවිය සදහන් කරයි.truth
පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙක් මියයයි

ලිස් අණ නොතකා ධාවනය වූ මෝටර් රථයකට එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ.
මාතලේ නගරයේ දී පොලිසිය මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව මාතලේ දිස්ත්‍රික්ක භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිලක් අබේසිරිවර්ධන මහතා සඳහන් කළේය. වෙඩි ප්‍රහාරයෙන් මරණයට පත් වී ඇත්තේ මෝටර් රථයේ ගමන් ගත් 36 හැවිරිදි පුද්ගලයෙකි. මොටර් රථයේ රෝද වලට තැබූ වෙඩි ප්‍රහාරයක් වැදීමෙන් මෙම මරණය සිදු ව ඇති බව පොලිසිය සඳහන් කළේය. මෝටර් රථයේ ගමන් ගත් අය අධික ලෙස මත්පැන් පානය කර සිටි බව මාතලේ දිස්ත්‍රික්කය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ප්‍රකාශ කරයි. මරණයට පත් වූ පුද්ගලයා රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්ය. ada
බිම් බෝම්බ ඉවත් කිරීම අරඹයි

ඒ 9 මාර්ගයේ පරන්තන් සිට අලිමංකඩ හා මුහමාලේ දක්වා ප්‍රදේශ වල බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයි යුද හමුදාව පවසයි. ඒ සඳහා හමුදාවේ දහසක පමණ පිරිසක් යොදවා ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා සඳහන් කළේය. බෝම්බ ඉවත් කිරීමේ යන්‍ත්‍ර 29 ක් ද ඔවුන්ට ලබා දී ඇති බව ඒ මහතා පැවසීය. තුනුක්කායි, මාන්තිව්, ඔඩ්ඩුසුඩාන් සහ කොකාවිල් යන ප්‍රදේශ වලද බිම් බෝම්බ මේ යටතේ ඉවත් කෙරෙනු ඇත.ada
මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ඇරඹේ

මධ්‍යම පළාත් සභාවේ කෘෂිකර්ම ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය නිමල් පියතිස්ස මහතාගේ කාර්යාලයට මැර ප්‍රහාරයක් එල්ල වී තිබේ.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ තිදෙනෙකු වලපනේ රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය. මෙසේ ප්‍රහාර එල්ල වී ඇත්තේ නිමල් පියතිස්ස මහතාගේ වලපනේ පිහිටි කාර්යාලයටය. ප්‍රහාරයෙන් කාර්යාලයේ දේපල රැසකට හානී සිදු ව ඇත.
අමාත්‍ය නිමල් පියතිස්ස මහතා වලපනේ පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ අමාත්‍ය සී.බී රත්නායක මහතාගේ සහෝදරයෙකු ඇතුළු පිරිසක් මෙම මැර ප්‍රහාරය එල්ල කර ඇති බවය. ඊයේ රාත්‍රී සිදු වූ මෙම මැර ප්‍රහාරය සම්බන්ධයෙන් වලපනේ පොලීසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි. අමාත්‍ය නිමල් පියතිස්ස මහතා මෙන්ම අමාත්‍ය සී.බී රත්නායක මහතා ද මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වදින අපේක්ෂකයින්ය. ada
ප්‍රතිඵල වෙනස්කළ හැකි නම් මැතිවරණයට එන්නෙ නෑ

පරිගණක තාක්ෂණයෙන් මැතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීමේ හැකියාවක් ඇත්නම් තමන් මහ මැතිවරණ වලට ඉදිරිපත් නොවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි. පසුගිය ජනාධිපතිවරණයේ පරාජය පිළිගත නොහැකි පිරිස් ඡන්ද ප්‍රතිඵලය පරිගණක තාක්ෂණයෙන් විකෘති කළ බවට ව්‍යාජ ප්‍රකාශ නිකුත් කළ බව ඔහු පෙන්වාදෙයි. එම පිරිස් පක්ෂ කිහිපයකට කැඩී පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරමින් සිටින බව වීරවංශ මහතා සඳහන් කරයි. රට සෞභාග්‍යය කරා ගෙන යන ගමන සාර්ථක කර ගැනීම සඳහා තුනෙන් දෙකක ජනවරමක් අත්‍යාවශ්‍ය බව විමල් වීරවංශ මහතා කොළඹ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමින් ප්‍රකාශ කළේය.ada
හයිකෝප් දත්ත රහස් පොලීසිය භාරයට

ශ්‍රී ලංකා යුද හමුදාවට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර මුදල් වංචා කළ බව කියන හයිකෝප් සමාගමේ පරිඝනක පද්ධතියේ දත්ත රහස් පොලීසිය භාරයට ගෙන තිබේ. මෙම දත්ත ලබා ගැනීම සිදුව ඇත්තේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් නියෝගයක් මතය. දැනට රිමාන්ඩ් භාරයේ පසුවන හයිකෝප් සමාගමේ අධ්‍යක්ෂවරයෙකුට අයත් නුගේගොඩ නිවසක තිබි මෙම දත්ත පරිඝනක දත්ත සොයා ගත් බව සඳහන්ය. එසේ ලබා ගත් දත්ත සම්බන්ධයෙන් දැඩි පරීක්ෂාවක් සිදු කිරීමට ද රහස් පොලීසිය තීරණය කර ඇත. මේ පිළිබඳව රිමාන්ඩ් භාරයේ පසුවන අදාළ සමාගමේ අධ්‍යක්ෂවරයාගෙන් ප්‍රශ්න කිරීම සඳහා ද අධිකරණය අවසර ලබා දුන් බව සඳහන් වේ. මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටින ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බෑණා වන ධනුන තිලකරත්න අත්අඩංගුවට ගැනීමට අධිකරණය මඟින් වරෙන්තු නිකුත් කර තිබේ.ada
ජනපති බෙලිඅත්ත හා මුල්කිරිගල සංචාරයක

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බෙලිඅත්ත හා මුල්කිරිගල ඡන්ද කොට්ඨාස වල සංචාරයක නිරත වී තිබේ. එහි දී ලේ දන් දීමේ කඳවුරකට ද ජනාධිපතිවරයා සහභාගි විය. සීනීමෝදර, මල්ගම සුනාමි ගම්මානයට ගිය ජනාධිපතිවරයා එහි ජනතාව මුහුණ පා සිටින ජල ප්‍රශ්නයට වහාම විසඳුම් ලබා දීමට පියවර ගත් බව සඳහන්ය. ඉන් අනතුරුව තංගල්ල, නිහිලුව මහා විද්‍යාලයේ පරිඝනක විද්‍යාගාරයද ජනාධිපතිවරයාගේ නීරීක්ෂණයට ලක්විය. නාම යෝජනා භාර දීමෙන් අනතුරුව පැවැත්වෙන සාම්ප්‍රදායික රථ පෙළපාලි වෙනුවට සංවිධානය කර තිබූ කිරිබත් දන්සලට ද ජනාධිපතිවරයා සහභාගි විය. ada
සාමකාමී මැතිවරණයකට ප්‍රතිඥා

සාමකාමී මැතිවරණයක් පවත්වන බවට එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයින් ජනාධිපතිවරයා ඉදිරියේ ප්‍රතිඥා දී තිබේ.
අද අනුරාධපුර ජනාධිපති මන්දිරයේ ෙමම ප්‍රතිඥා ලබා දුන් බව රජයේ නිල පුවත් වෙබ් අඩිවිය සඳහන් කළේය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස මෙම ප්‍රතිඥාව ලබා දීමට පෙර අනුරාධපුර දී බෞද්ධ, කතෝලික, හින්දු සහ ඉස්ලාමීය ආගමික වතාවත් වල නිරත විය.අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය අසළ දී බෞද්ධ ආගමික වතාවත් සිදු කෙරුණු බව ද සඳහන්ය. ශාන්ත ජෝන් ආසන දෙව් මැඳුරේ දී කතෝලික ආගමික වතාවත් සිදු වුණු අතර කදිරේශ්වරම් කෝවිලේ දී හින්දු ආගමික වතාවත් සිදුවිය. අනුරාධපුර මොහිදීන් ජුම්මා පල්ලියේ දී ඉස්ලාමීය ආගමික වතාවත් සිදු වුණු බවද වාර්තා වේ.ada
එජාපෙ රත්නපුර දිස්ත්‍රික් සමුළුව අද

එක්සත් ජාතික පෙරමුණේ දිස්ත්‍රික් සමුළුව අද රත්නපුරයේ දී පැවැත්වේ. ඒ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. රටේ පවතින තත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් මෙම දිස්ත්‍රික් සමුළුව කැඳවන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා කියා සිටියේය. අද සිට මාර්තු මස 15 වන දින දක්වා දිස්‍ත්‍රික් ගණනාවක මෙවැනි සමුළු සංවිධානය කර ඇති බව ඔහු පැවසුවේය. ada
රජය දිනවීමේ වගකීම ජනතාව සතුයි

එළඹෙන මහ මැතිවරණයෙන් ආණ්ඩුව ජයග්‍රහණය නොකළහොත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලැබූ ජයග්‍රහණයේ ප්‍රතිඵල සාර්ථකව භුක්ති විඳිය නොහැකි වන බව මහින්ද යාපා අබේවර්ධන අමාත්‍යවරයා පවසයි. එහෙයින් මහ මැතිවරණයේ දී ආණ්ඩුව ජයග්‍රහණය කර රටට ස්ථිරසාර සංවර්ධනයක් ඇතිකරදීමේ වගකීම ජනතාව සතුවන බව හෙතෙම සඳහන් කරයි. දැනටමත් යෝධ සංවර්ධන ව්‍යාපෘති බොහොමයක් ආරම්භ කර ඇති බව මහින්ද යාපා අබේවර්ධන මහතා පෙන්වාදෙයි. මහ මැතිවරණයෙන් කැපී පෙනෙන බලයක් ආණ්ඩුවට නොලැබුණහොත් එම සංවර්ධන ව්‍යාපෘති ඇණ හිටින බව අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. ada
මූල්‍ය වංචා කළ ශ්‍රී ලාංකිකයෙකුට සිරදඬුවම්

ශ්‍රී ලාංකිකයෙකුට බ්‍රිතාන්‍ය අධිකරණයක් මගින් වසර 5 ක සිරදඬුවමක් නියම කර තිබේ. මෙම පුද්ගලයා අන්තර්ජාලය හරහා මූල්‍ය වංචා සිදුකිරීමේ චෝදනාවට වරදකරු වීමෙන් මෙම දඩුවම නියම කර ඇති බව සඳහන්ය. ව්‍යාජ මූල්‍ය වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් මොහු විසින් මෙම මුල්‍ය වංචාව සිදුකර ඇති බව ද වාර්තා වේ. රේණුකාන්ත් සුබ්‍රමනියම් නැමැති 33 හැවිරිදි මෙම පුද්ගලයා 2002 වසරේ දී බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබාගෙන ඇත. ada
ගංජා සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

කහටගස්දිගිලිය ප්‍රදේශයේ දී ගංජා කිලෝග්‍රෑම් 12ක් සහ ග්‍රෑම් 665 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ පස්වරුවේ කහටගස්දිගිලිය පොලිසිය විසින් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය. අත්අඩංගුවට ගෙන ඇත්තේ කහටගස්දිගිලිය, අක්කරවත්ත ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ada
මන්නාරමේ තෙල් ගවේෂණ ලබන මස සිට

මන්නාරම් මුහුදු තීරයේ ඛනිජ තෙල් ගවේෂණ කටයුතු ලබන මාසයේ සිට ආරම්භ කිරීමට තීරණය කර තිබේ. ඉන්දීය සමාගමක් මගින් මෙම ගවේෂණ කටයුතු සිදුකිරීමට නියමිතය. එහි මූලික අදියර යටතේ භූමි ලක්ෂණ හා මුහුදු රළ පිළිබඳ අධ්‍යයනයකද යෙදෙනු ඇත.
ලබන වසරේ ඔක්තෝබර් මාසයට පෙර පර්යේෂණාත්මක ළිං 3 ක් හෑරීමට අදාළ සමාගම බලාපොරොත්තු වෙයි. වර්ග කිලෝමීටර් 3000 ක මුහුදු වපසරියක අදාළ ඛනිජ තෙල් ගවේෂණයේ මූලික පර්යේෂණ කටයුතු සිදුකිරීමට නියමිතව ඇත. ada
ලාංකික ධීවරයින් 22ක් නිදහස්

ඉන්දීය අත්අඩංගුවේ පසුවූ ශ්‍රී ලාංකික ධීවරයින් 22 දෙනෙකු නිදහස් කර තිබේ.
මෙම පිරිස ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට භාර දී ඇති බව සඳහන්ය. මෙම ධීවරයින් පිරිස ඉන්දු ශ්‍රී ලංකා මුහුදු සීමාවේ දී නාවික හමුදා"වික්‍රම 2"නෞකාවට නංවා ගත් බව නාවික හමුදාව පවසයි. ධීවරයින් පිරිස වරායට රැගෙන විත් ඇති අතර ඔවුන් මේ වන විට නාවික හමුදා භාරයේ පසුවෙයි. මොවුන් කඩුවෙල, මොරටුව, කෝට්ටේගොඩ සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය. ධීවරයින් සමග ඉන්දීය ආරක්ෂක අංශ භාරෙය් තිබූ ධීවරය යාත්‍රා 4 ක් ද මුදා හැර ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.
වේදිකාවල කෑ ගහල වැඩක් නෑ

රටේ දුෂණ පවතින බවට දේශපාලන වේදිකාවල ප්‍රකාශ කිරීමෙන් ප්‍රතිඵලයක් අත් නොවන බව අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා පවසයි. රටේ දුෂණ වංචා නැති කිරීමට විනිවිද භාවයකින් යුත් වැඩපිළිවෙළක් අවශ්‍ය බව ඔහු සඳහන් කරයි. කිරුළපණ ප්‍රදේශයේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන නියෝජිත පිරිසක් අමතමින් මිලින්ද මොරගොඩ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. ජනතාවට රජයේ තොරතුරු දැන ගැනීමට අයිතියක් ඇති අතර එය නීතියෙන් තහවුරු විය යුතු බව එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු හෙතෙම කියා සිටියේය. සිවිල් සමාජය හා ජනතාව රජය කටයුතු කරන ආකාරය පිළිබඳ අවධානයෙන් සිටියහොත් දුෂණ වංචා අවම කර ගත හැකි බව මිලින්ද මොරගොඩ අමාත්‍යවරයා පවසයි. ada