Wednesday, June 16, 2010

ජංගම දුරකථනයේ එල්.ටී.ටී.ඊ දර්ශන නිසා අත්අඩංගුවට


වව්නතිව්-කුරුඤඤාමුනය පුදේශයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ඡයාරූප හා වීඩියෝ දර්ශන ඇතුළත් ජංගම දුරකථනයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පුද්ගලයා 19 හැවිරිදි කන්නන්කුඩා ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඔහු වව්නතිව් පොලිසියට භාරදී තිබේ. සැකකරු ළඟ තිබී සොයාගත් ජංගම දුරකථනය තුළ එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන් ඇතුළු සමාජිකයින්ගේ ඡයාරූපද , රාජ්‍ය විරෝධී වීරත්වය පිළිඹිබු වන අකාරයේ විඩියෝ දර්ශන සහ ගීත ද ඇතුළත්ව තිබු බවට අනාවරණය වී ඇති බව සඳහන් වේ. adaderana

0 comments:

Post a Comment