Wednesday, June 16, 2010

බැසිල් ගම්පහ පොල්අතු බත් කඩයටත් කඩා පනී


දුරගමන් බස් රථ, ලොරි රථ සහ විනෝද චාරිකාවල නියැලෙන්නන් අතර අතිශය ජනප්‍රියව තිබූ කොළඹ - නුවර මහා මාර්ගයේ නිට්ටඹුවේ රතු කැකුළු පොල් අතු බත් කඩය වසා දැමීමට එහි හිමිකරුවන් තීරණය කර ඇත. වාර්තාවන අන්දමට මේ සදහා බලපා ඇත්තේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා කළ බලපෑමකි.

පසුගිය මහ මැතිවරණයේදී බැසිල් රාජපක්ෂ මහතා එම ව්‍යාපාරිකයාගෙන් විශාල මුදලක් ඉල්ලා ඇති අතර ඔහු එය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇතැයි අපට විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබිණි. පසුව පොල් අතු බත් කඩය ඉදිරිපිට මාර්ගය අයිනේ වාහන නැවැත්වීම තහනම් කිරීමට පොලීසිය ක්‍රියාකළේය. පොල් අතු බත් කඩයට පැමිණෙන පාරිභෝගිකයන් එම වෙළදසැල ඉදිරිපිට වාහන නැවැත්වූ විට ඔවුන්ට දඩ ගැසීමට නිතරම ඒ අවට පොලිස් නිලධාරීන් යොදවන ලදි. මෙම බලපැම් හමුවේ ව්‍යාපාරික ස්ථානය වසා දැමීමට අදාල හිමිකරුවන් තීරණය කර ඇත. පොලීසියේ මෙම මැදිහත්වීමට බලපා ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතා විසින් කරන ලද බලපෑමක් යැයි ගම්පහ ප්‍රදේශවාසීහු පවසති.

ජාතික මට්ටමෙන් පමණක් නොව ප්‍රාදේශීය මට්ටමින්ද ආණ්ඩුවේ ප්‍රබලයන් සිදුකරන දේශපාලන පලිගැනීම් සහ ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියා පිළිබද නිට්ටඹුව පොල් අතු බත් කඩය සංකේතයක් වී ඇත. lankatruth

0 comments:

Post a Comment