
අද උදෑසන විශ්වවිද්‍යාල ප්‍රදිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක නියැලුණු පේරාදෙණිය සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ සිසුන් 400ක් පමණ පොලීසිය පැමිණ බස් රථවල නංවා රැගෙන ගිය බව වාර්තාවේ. සිය පාඨමාලා කාලය වසර 4 සිට වසර තුන දක්වා කප්පාදු කිරීමට එරෙහිව සිසුන් මෙම උද්ඝෝෂණයේ නියැලී ඇත. මීට පෙර අවස්ථා කිහිපයකදීම පාඨමාලා කාලය කප්පාදුවට එරෙහිව සම සෞඛ්‍ය විද්‍යාපීඨ සිසුන් උද්ඝෝෂණවල නිරත වුණි.
අද උදෑසන අත්අඩංගුවට ගත් සිසුන් මේවන විට කඩවත ප්‍රදේශයේ අතුරු මාර්ගයක රැගෙන යමින් සිටින බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ප්‍රකාශකයකු පැවසීය.
මේ සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු උදුල් ප්‍රේමරත්න මහතා ප්‍රකාශ කළේ වත්මන් ආණ්ඩුව සිය අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කිරීමට සිසුන්ට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතියද අහුරා ඇති බවයි. එබැවින් ආණ්ඩුවේ මෙම ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියාකලාපය පරාජය කිරීම සදහා හෙට දිනයේදී, කම්කරු, ගොවි, සිසු සියලු බලවේග අත්වැල් බැදගෙන පෙරට ආ යුතු බවද ඒ මහතා අවධාරණය කලේය.lankatruth
0 comments:
Post a Comment