
පසුගිය 08වනදා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට නිදහස පතා පැවැති අධිෂ්ඨාන පූජාව වෙනුවෙන් ශ‍්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු පාරේ පිහිටි රණවිරු ස්මාරකයට ගෞරව දැක්වීම සඳහා ගිය අනෝමා ෆොන්සේකා මහත්මියට හමුදා අචාර දැක්වූ යුද සෙබලා ආරක්‍ෂක අමාත්‍යංශයේ නියෝගයකින් වහාම ක‍්‍රියාත්මක වන පරිදි වෙනත් ස්ථානයකට මාරු කොට යවා ඇති බව වාර්තාවේ.
එම සෙබලා තමා හමුවට පෞද්ගලිකව කැඳවා එසේ ආචාර කිරීම ගැන ඔහුට තදින් දොස් පවරා ඇති ආරක්ෂක ලේකම්වරයා අනතුරුව ඔහු මෙලෙස මාරුකර යවා තිබේ.
ඡායාරූපයෙන් දැක්වෙන්නේ එම සෙබල ෆොන්සේකා මහත්මියට ආචාර දැක්වූ අයුරුයි.lankatruth
0 comments:
Post a Comment