
පුනරුත්ථාපනය කරන ලද එල්.ටී.ටී.ඊ. සමාජිකාවන් 400 දෙනෙකුට ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියා ලබාදීමට පියවර ගෙන තිබේ. කුරුණෑගල අලව්ව ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක් මගින් මෙම පිරිසට රැකියා ලබාදීමට නියමිතව ඇත.
පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් බ්‍රිගේඩියර් සුදන්ත රණසිංහ මහතා පවසන පරිදි මෙම එල්.ටී.ටී.ඊ සමාජිකාවන් 400 දෙනා හෙට සිට අදාළ සමාගමේ රැකියා සඳහා අනුයුක්ත කෙරේ. පුහුණු කාලයකින් අනතුරුව ඔවුන් අදාළ රැකියාවන්හි සේවය සඳහා යොමු කරන බව හෙතෙම කියා සිටි අතර පුහුණුවීමේ කාලය අතරතුර ඔවුන් ට රු.12,000 ක මාසික දීමනාවක් ද ලබාදීමට අදාළ සමාගම එකඟත්වය පළ කර ඇති බව සඳහන් වේ.
adaderana
0 comments:
Post a Comment