![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiUDdxd9t7NgKMUT0o_0z3Rs7oqz09t6Zz6f1p1QSX8j4X85rGlxWSNdk6F8XHQfaZRUkCi0BeIAn0HvU2c1Lagtxji0KqfBMwYK-dOBYCXb7D_1PP2IxflOKWT_DaZKvppyUJhaGOVFrwL/s320/palath.jpg)
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා සිය පක්ෂය තනිවම ඉදිරිපත් වීමේ පොදු එකඟතාවයකට පැමිණ ඇතැයි ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණ පවසයි. ඒ අනුව ඉදිරි පළාත් පාලන මැතිවරණ සඳහා"ඉනිමග"සලකුණ යටතේ ඉදිරිපත් වීමට කටයුතු කරන බව එම පක්ෂයේ නායක මනෝ ගනේෂන් මහතා සඳහන් කළේය.
ඒ සම්බන්ධයෙන් තව දුරටත් පක්ෂය තුළ සාකච්ඡා සිදු වන බව ද ඔහු ප්රකාශ කළේය. එක්සත් ජාතික පක්ෂය යටතේ තව දුරටත් මැතිවරණ සඳහා ඉදිරිපත් වීම නිෂ්ඵල ක්රියාවක් බව මනෝගනේෂන් මහතා අවධාරණය කළේය. ඒ හේතුවෙන් මෙවැනි පොදු එකඟතාවයකට පැමිණීමට කටයුතු කළ බව ඔහු වැඩිදුරටත් කියාසිටියේය. adaderana
0 comments:
Post a Comment