![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgcOYxj94uMhvPl9cD46QY7tCueC39EPtcPWr7K_aKFL4Wl6_Joa9PkZ1_giiLOOuBbm_TrP_nTQguXMW5Vc7QcZjhGjlsGt1FGN9XhHQsKTN00oTFnxxIFRxPvg7Opb7s0GAZMDLj8W6zN/s320/nirmal.jpg)
ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් නිර්මාල් වර්මා මහතා අද දිවයිනට පැමිණීමට නියමිතය. ඔහු ජූලි 2 වන දින දක්වා මෙරට රැඳී සිටීමට නියමිත බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අතුල සෙනරත් මහතා සඳහන් කළේය. නිර්මාල් වර්මා මහතා මෙරටට පැමිණෙන්නේ නාවික හමුදාපති වයිස් අද්මිරාල් තිසර සමරසිංහ මහතාගේ ආරාධනයකට අනුවය.
මෙම සංචාරය තුළ දී ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය දී. මූ ජයරත්න මහතා ඇතුළු රජයේ ප්‍රධානීන් රැසක් සමඟ සාකච්ඡා කිරීමට නියමිතය. ඉන්දීය නාවික හමුදා ප්‍රධානී නිර්මාල් වර්මා මහතා මෙම සංචාරයේ දී උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක සංචාරය කරනු ඇත. adaderana
0 comments:
Post a Comment