![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh-e12lcPZvGOauLPR3icAVDyyCMuPzysjx9IxIlMXrGTazpyoEO1_6yp8F48WXbfjMHrKhb77q2UqPpJKQzJPF3wnEi5inqK16LwiAP53nz3Kf8ORbjZJUKmGccT8_57OMNR29s6JJ_ZZC/s320/male.jpg)
විදේශ රැකියාවලට ගොස් මලයාසියාවේ අතරමංව සිටින මෙරට ශ්රමිකයින් 17 දෙනෙකු යළි ගෙන්වා ගැනීමට කටයුතු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. මෙම පිරිස මේ වන විට මලයාසියාවේ ශ්රී ලංකා තානාපති කාර්යාල භාරයේ සිටින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. මොවුන්ගෙන් 11 දෙනෙකුම සංචාරක වීසා ලබාගනිමින් මලයාසියාව බලා පිටත්ව ගොස් තිබේ.
පසුගිය කාලයේ මේ ආකාරයට සංචාරක වීසා ලබාගනිමින් විදේශ රැකියා සඳහා පිටත්ව ගිය බොහෝ පිරිසක් අතරමංව සිටින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළේය. ඇතැම් විදේශ රැකියා නියෝජිත ආයතන සංචාරක වීසා ලබාදෙමින් පුද්ගලයින් විදේශ රැකියා සඳහා යොමුකිරීමේ ජාවාරමක් සිදුවන බව සභාපතිවරයා පවසයි. එම නිසා එවැනි ජාවාරම්කරුවන්ගෙන් ප්රවේශම් වන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලීමක් කර සිටියි. adaderana
0 comments:
Post a Comment