![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgDw8Ti21Uz4RgqGVjaFteb22DgW8CGBhAh0hyQuXYeyGjfr-vFVwlcOH_ZjrDUpcZBdd5XL7eOL5CTfcoNGG4LmqIqVketQrqjzSIdOJEclM0U3NK0UbiHfWej-rtxsRdLi8wslQb6PvPH/s320/amii.jpg)
බොලිවුඩයේ සුපිරි නළු අමිතාබ් බච්චන් අද ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ඔහු අද සවස කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මාධ්‍ය හමුවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. එමෙන්ම අද ඔහු ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට ද නියමිතය.
IIFA 2010 ජාත්‍යන්තර ඉන්දීය සිනමා සම්මාන උළෙල පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩ සටහන සඳහා අමිතාබ් බච්චන් මෙසේ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. මෙම සම්මාන උළෙල ජූනි 03, 04 සහ 05 යන දින වලදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය. මෙම සම්මාන උළෙල සඳහා ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය අනුග්‍රහය දක්වයි. සම්මාන උළෙල පැවැත්වෙන්නේ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදීය. අමිතාබ් බච්චන් අද රාත්‍රියේ නැවත ඉන්දියාව බලා පිටත්වේ. adaderana
0 comments:
Post a Comment