![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiLqywo6dko2ddMjfhhOKhCYse86VgurX1gb2CAn7AIMfHTilzOyZKLj3NUHIf0v-IcMZW8Ri84Ce5B3YI-1agPNLF4Pjxv7mbVKXiYLRFb3NdxfLhQ_dcJsRaXc2PykTg0H5BQ0vMl-OMm/s320/chd.jpg)
ළමා භාරකාරත්වය සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පවසයි.
පසුගිය දින කිහිපය තුළ එවැනි පැමිණිලි විශාල වශයෙන් තම කාර්යාංශයට ලැබුණු බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරියෙකු සඳහන් කළේය. ඊට අමතරව ළමයින්ට සිදුවන විවිධ අපයෝජන සම්බන්ධයෙන් ද පැමිණිලි වාර්තා වන බව ඔහු පෙන්වා දුන්නේය.
දෙමව්පියන් අතර ඇතිවන ආරවුල්, ළමා භාරකාරත්වය සම්බන්ධ පැමිණිලි වැඩිවීමට හේතුවී ඇති බව සඳහන්ය. එම පැමිණිලි පිළිබදව සලකා බලා අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කටයුතු කරමින් සිටින බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි. adaderana
0 comments:
Post a Comment