
පාර්ලිමේන්තුවට තේරී පත්වු මන්ත්‍රීවරුන්ගේ මීළඟ ඉලක්කය විය යුත්තේ රටේ සංවර්ධන ක්‍රියාවලිය බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
පාර්ලිමේන්තුවට තේරී පත්වු එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් සඳහා අද පෙරවරුවේ පැවති වැඩමුළුවක් අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.
රටේ ජනතාවගේ හදවත් තුළ ඇති සංවර්ධන අපේක්ෂා මල්ඵල ගැන්වීමට තේරී පත්වු සියලු මන්ත්‍රීවරුන් කැපවිය යුතු බව ද ඔහු කියා සිටියේය..
නවක මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සම්ප්‍රදාය , ස්ථාවර නියෝග සහ අනෙකුත් කාර්යයන් පිළිබඳ දැනුවත් කිරීම සඳහා මෙම වැඩමුළුව ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. adaderana
0 comments:
Post a Comment