![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEipXH3noDsEEuqf1nRVxgwkzs0LDLmXl5wKdTPFzL2ZS7AwOlM-5ddzYckNBFL4xGXwf1NvIPlcn7mW3be0fJW-C4GUXlAXg1_kNo5BFpUsLqpmM7EfP2hJKlf61lqJ389-LhI_MtYbKyOs/s320/jawa.jpg)
මහා පරිමාණයෙන් යතුරුපැදි හා ත්‍රීරෝද රථ මංකොල්ලකෑමේ නිරත වූ ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට කුලියාපිටිය අපරාධ විමර්ශන අංශය සමත් වී තිබේ.
මිලිමීටර් 9 වර්ගයේ ස්වයංක්‍රීය පිස්තෝලයක් සමග උණ්ඩ කිහිපයක් ද ඔවුන් සතුව තිබී සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී සොරාගන්නා ලද යතුරු පැදි 12 ක්, ත්‍රීරෝද රථයක් සහ යතුරු පැදි එන්ජින් 88 ක් ද සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය..
අත්අඩංගුවට සැකකරුවන් කුලියාපිටිය, පහළ ගොඩිගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරයි. adaderana
0 comments:
Post a Comment