![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgypLBwgfMdiYHFCbnoFXRK83iDxuPOv2tBnh7K5gEG6f6grGhVlnrET186TMl-mH2S_pvqDKM7QIl1OOpbXeJs1JH24d7UiJbpgoa9ysPZuWCi4asxudPgDvJWlYzfkAdKjx7Apu0Qoscz/s320/britis.jpg)
උතුරේ නැවත පදිංචි කිරීමේ කටයුතු සහ අවතැන් වූවන්ගේ සුභසාධන කටයුතු සඳහා බ්‍රිතාන්‍ය රජය විසින් රුපියල් කෝටි 2 ක ආධාර මුදලක් පිරිනමා තිබේ..
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ආචාර්ය පීටර් හෙන්ස් මහතා පවසන පරිදි මීට පෙර අවස්ථා කිහිපයකදී ද රුපියල් කෝටි 25 කට ආසන්න ආධාර මුදල් ශ්‍රී ලංකා රජයට ලබා දී ඇත.
මුදල් ආධාරවලට අමතරව අවතැන්වූවන්ගේ ජීවිත යළි නගා සිටුවීම සඳහා අවශ්‍ය කරන තාක්ෂණික සේවාවන් ද බ්‍රිතාන්‍ය රජය විසින් ලබාගෙන තිබේ.
එම සහයෝගය ඉදිරියටත් ලබාදෙන බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් පීටර් හෙන්ස් මහතා පවසයි.adaderana
0 comments:
Post a Comment