Sunday, February 14, 2010

එජාපය නැතිව හෝ පුළුල් පෙරමුණකට යනවා- ටිල්වින්


ජනාධිපතිවරණයේදී කටයුතු කලාක් මෙන් මහ මැතිවරණයේදීත් හංසයා ලකුණින් පුළුල් පෙරමුණක් හරහා ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කිරිමට කැමැති බව එහි මහලේකම් ටිල්වින් සිල්වා මහතා අද (14) ප්‍රකාශ කළේය.
ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී මහලේකම්වරයා පැවසුවේ, එක්සත් ජාතික පක්ෂය තනිව තරග කළ යුතු යැයි එහි කෘත්‍යාධිකාරී මණ්ඩලය ගෙන ඇති තීරණයෙන් මෙම පුළුල් පෙරමුණ ගොඩ නැගීමට කිසියම් බාධාවක් ඇති වී ඇති නමුත් සරත් ෆොන්සේකා මහතා ප්‍රමුඛ සෙසු පක‍ෂ නායකයන් හා සාකච්ඡා කර මෙම පුළුල් පෙරමුණ ගොඩ නැගීමට තමන් කටයුතු කරන බවයි.
කිසිදු අයුරකින් ජනරාල් ෆොන්සේකා මහතා අතහැර තනිව දේශපාලන ගමනක් යන්නට තමන් නොසිතන බවත්, ඒය මහා ගුණමකු කමක් බව වැඩිදුරටත් පැවසූ ටිල්වින් සිල්වා මහතා මනෝ ගනේෂන් රවුෆ් හකීම්, වැනි සෙසු නායකයන් ද මෙම මතයේ සිටින බවත් පැවසීය.
ජනාධිපතිවරණයේදී ජනරාල් ෆොන්සේකා මහතා වටා එක්වූ ජනතා බලවේගය ඉදිරියට ගෙනයාමට නම් මෙම පුළුල් පෙරමුණ ගොඩනැගීම අත්‍යාවශ්‍ය බවත්, එම බලවේගය හරහා ආණ්ඩුව ගෙන යන ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනට ප්‍රජාතන්ත්‍රවාදීව විරෝධය පළ කිරීම සිදුකළ හැකි බවත් පවසන ජවිපෙ ලේකම්වරයා ආණ්ඩුව සිදුකරන මර්ධනය ඉදිරියේ ජවිපෙ කිසිදා යටත් නොවන බවද පැවසුවේය.
ටිල්වින් සිල්වා මහතා මාධ්‍ය හමුවේදී මෙසේද පැවසීය.
මේ රටට සුවිශේෂී මෙහෙවරක් කළ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා දේශපාලනයට පිවිසීම හේතුවෙන් මෙවන් බොරු චෝදනාවක් කර ඛෙල්ලෙන් අල්ලා ගෙන ගිහින් හිර කළා නම් සාමාන්‍ය කෙනෙකු ගැන අහන්න දෙයක් නැහැ.
මේ මැතිවරණය යුධ පිටියක ඉදලා යුද්ධ කරනව වගේ කරන්න වෙන මැතිවරණයක් බව දැන්ම පෙන්නුම් කරනවා. බස්නාහිර පලාතේ සමහර අපේක්ෂකයන් දැන්ම මැතිවරණ නීති උල්ලංඝනය කරන්න පටන් අරන්. ජවිපෙ කාර්යාලවලට පහරදීම අරඹලා.
පසුගිය ජනාධිපතිවරණයේදී ගොඩනැඟ= ජනතා බලාපොරොත්තුව ජෙනරාල්වරයා ප්‍රමුඛ ජනතා බලවේගයක්. එවැනි පුළුල් පෙරමුණකට එජාපයත් එක් වේ යැයි අප බලාපොරොත්තු වෙනවා. එජාපය එන්නේ නැත්නම් සෙසු අය හා පුළුල් පෙරමුණකට යාම හැර වෙන විකල්පයක් නැහැ.enews

0 comments:

Post a Comment