![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg0zNR8sSfooydFN576iwfmTrf7StT22WDcDKW4WaybHULhQBdL7zRx0QDGzd6jkg2O5GOm8ZDuxfpWLesr8zzRfS7BLJNuGF7AQ7AZ4nrEqOQYkcWiCoKKrWf0fxRJV717BT1gvkbPaESy/s320/dm.jpg)
මහ මැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ දිස්ත්‍රික්ක 9 ක් වෙනුවෙන් තම පක්ෂය තරග වදින බව මහජන එක්සත් පෙරමුණ පවසයි.
එහි ප්‍රධාන ලේකම් කරුණාතිලක දිසානායක මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ කොළඹ , ගම්පහ , කුරුණෑගල , හම්බන්තොට , අනුරාධපුර , මහනුවර , බදුල්ල , නුවරඑළිය හා දිගාමඩුල්ල යන දිස්ත්‍රික්ක සඳහා තම පක්ෂය ඉදිරිපත් වන බවයි.
මීට අමතරව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ද අපේක්ෂා කරන බව ඔහු සඳහන් කරයි.
මහජන එක්සත් පෙරමුණේ නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට නියමිතව තිබේ.
0 comments:
Post a Comment