![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhj8AVv6rxoVcniK1prjnF5YNsprD7fNL_UFd5CW_AEhTEiR9PVuWC45_06sjAWzWHkhQneTmrKEV45v3rIxYERQFNJ1SIQwmohKpu1SqWrjtNme3uPXLbMXiffePJGgWdHqnOOsWMcHqcX/s320/aha.jpg)
ආහාර විෂ වීමක් හේතුවෙන් රෝගී වූ මාතලේ පළාපත්වල බුද්ධඝෝෂ විද්‍යාලයේ පාසැල් ශිෂ්‍යාවක මිය ගොස් තිබේ.
මාතලේ මහ රෝහලේ වෛද්‍ය අධිකාරී ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස් කුමාරවංශ මහතා සඳහන් කරන පරිදි ඊයේ රාත්‍රී රෝහලට රැගෙන එමින් සිටිය දී එම ශිෂ්‍යාව මිය ගොස් ඇත.
පළාපත්වල බුද්ධඝෝෂ විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සිසුන් පිරිසක් පසුගිය බදාදා ආහාර විෂ වීමක් හේතුවෙන් මාතලේ මහ රෝහලට ඇතුළත් කර තිබුණි.
සිසුන් දහසය දෙනෙකු මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබන බව රෝහල් වෛද්‍ය අධිකාරිවරයා සඳහන් කරයි..
මීට අමතරව තවත් සිසුන් විසි දෙනෙකු පමණ ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබේ.
මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ අනුර දිසානයක මහතාගේ උපදෙස් මත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මඟින් මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බව සඳහන් වේ..
0 comments:
Post a Comment