Monday, January 3, 2011

ශ්‍රී ලංකාවේ අලුත්ම ලෝක වාර්තාව පොල් පිටරටින් ගෙන්වීමයි


ශ්‍රී ලංකාව පිහිටුවා ඇති නවතම ලෝක වාර්තාව පොල් පිටරටින් ගෙන්වීම බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මෙරට දෙවන පරාක්‍රමබාහු රජ සමයේ දී පොල් වගා කර පිටරටට යැවූ බවට වාර්තා තිබෙන බව ඔහු පෙන්වාදෙයි.

විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ අද(03) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

වීරයා ද්‍රෝහියා කර ද්‍රෝහියා වීරයා බවට පත් කිරීමෙන් ද ශ්‍රී ලංකාව ලෝක වාර්තාවක් තබා ඇති බව එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

සරත් ෆොන්සේකා මහතා සිර ගත කොට කේ පී නිදහස් කිරීම මෙම ලෝක වාර්තාව බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මෙරට සෞඛ්‍යය ආසියාවේ හොඳම සෞඛ්‍යය කිරීමට වැඩ කළ යුතුයි


මෙරට සෞඛ්‍යය සේවාව ආසියාවේ හොඳම සෞඛ්‍යය සේවාව බවට පත් කිරීම සඳහා සියලු සෞඛ්‍ය කාර්යය මණ්ඩල කැපවීමෙන් ක්‍රියා කළ යුතු යැයි සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අග්නිදිග ආසියාවේ හොඳම සෞඛ්‍ය සේවාව පවත්නා රට ලෙස ශ්‍රී ලංකාව මේ වන විටත් නම් දරා ඇති බව ඔහු පෙන්වාදෙයි.

නව වසර සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ‍යේ රාජකාරී කටයුතු අරඹමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේය.

සෞඛ්‍යය සේවාව ‍රාජකාරියට පමණක් සීමා නොකර උතුම් සේවාවක් ලෙස පවත්වාගෙන යාම සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ යුතුකම බව ඔහු එහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

සංවර්ධනයත් අපේ අතේ-විනාශයත් අපේ අතේ


රටක් සංවර්ධනය කරා යන්නේත්, විනාශය කරා යන්නේත්, ඒ රටේ දේශපාලනඥයන් විසින් ගන්නා තීන්දු තීරණ නිසා බවත්, ඒවා මොන පාටින් සිදුවෙනවාද? යන්න වැදගත් නොවන බවත්, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය, ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අද (03) පෙරවරුවේ නව වසරේ රාජකාරී ආරම්භ කිරීමට ප‍්‍රථම අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය අමතා හෙතෙම මේ බව ප‍්‍රකාශ කළේය.

යෞවන කටයුතු අමාත්‍යාංශය විසින් ක්‍රියා කළ යුත්තේ ප‍්‍රශ්න හා ගැටලු වෙනුවෙන් නොව විසදුම් වෙනුවෙන් බවත්, ජනාධිපතිතුමා විසින් පවරන ලද වගකීම ඉටු කිරීම සඳහා වේගවත් ගමනක් යා යුතු බවත් අලහප්පෙරුම මහතා පෙන්වාදුන්නේය.

එකී වේගවත් ගමන යාමේදී යන වාහනයේ මලකඩ කාපු, කැරකෙන්නේ නැති ඇණ මුරිච්චි කිසිවක් පෙනෙන්නට නොමැති බවත්, එසේ පෙනෙන්නට ඇත්නම් පෙනෙන පළමු පැයේදීම ඒවා ඉවත් කරන බවත්, අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.

යෞවන කටයුතු අමත්‍යාංශය පිහිටුවා වසර 32 ක් හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය පිහිටුවා වසර 16 ක් ගතවී තිබෙන බව පැවසූ අලහප්පෙරුම මහතා, එදා මෙදාතුර අමාත්‍යාංශය ආමන්ත‍්‍රණය කර ඇත්තේ සමස්ථ යෞවනයන්ගෙන් 3% ට පමණ සුළු ප්‍රතිශතයකට පමණක් බවද ප‍්‍රකාශ කළේය.

සෑම වසරකම ජනවාරි මාසයේ පළමු ශ්‍රේණිය සඳහා 3,30,000 ක් බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමාට බාර දෙන බවත්, එයින් 21,000 ක් සෑම වසරකම දෙසැම්බර් මාසයේ එස්.බී. දිසානායක අමාත්‍යතුමා බාරගන්නා බවත්, ඉතිරි 3,09,000 වගකීම තමා මත පැවරෙන බවත් අලහප්පෙරුම අමාත්‍යවරයා සඳහන් කළේය.

එයින් පසුගිය වසරේ සිය වගකීම ඉටුකිරීමට අමාත්‍යාංශයට හැකි වී තිබෙන්නේ 68,000 ක් පමණක් වෙනුවෙන් බව සිහිපත් කළ අමාත්‍යවරයා 2011 වසරේ සිය වගකීම ලක්ෂයක් දක්වා ඉටු කිරීමට කැපවී ක‍්‍රියා කළ යුතු බවද, ප‍්‍රකාශ කළේය.

ගිය වසරේ අමාත්‍යාංශය විසින් එක් ළමයෙකු වෙනුවෙන් රු. 1,21,421/= වැය කර තිබූ අතර, මේ වසරේ ලක්ෂයක් පුහුණු කළහොත් එම මුදල රු. 85,000/= දක්වා අඩු කර ගත හැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය. adaderana.lk

පිටිදූවේ සිරිධම්ම හිමියන් රට හැර යයි


ජනප‍්‍රිය ධර්ම දේශක හිමි නමක් වන පිටිදූවේ සිරිධම්ම හිමියන් තමන්ට තවදුරටත් ලංකාවේ වාසය කරන්නට කැමැත්තක් නැති බව හිතවතුන්ට දන්වා මින් දින 10 කට පමණ පෙර ලංකාව අතහැර ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරට වැඩම කොට ඇතැයි වාර්තා වේ.
මේ වනවිට සිරිධම්ම හිමියන් වැඩවාසය කළ දෙහිවල, බෙල්ලන්තර සිරි සදහම් ආශ‍්‍රමය වෙනත් හිමිනමක් යටතේ පාලනය වන අතර පිටිදූවේ හිමියන් අතින් කෙරුණු ශාසනික හා සමාජ කටයුතු රැසක්ම අවුල් සහගතව අතරමග නතර වී ඇත.

කොළඹ පෞද්. බැංකුවක මිලියන 10ක් ඉතාලියේ ඒ.ටී.එම්. යන්ත්‍රයකින් සොරකම් කළ දෙදෙනෙකු අත්අඩංගුවට


ජන.03- කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවකින් රුපියල් මිලියන 10ක පමණ මුදලක් වංචාකිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පොලිසිය පැවසුවේ වැල්ලවත්ත ප්‍රදේශයේ බැංකු ශාඛාවක ගිණුම් කිහිපයකට අදාළ මුදල් එලෙස සොරාගෙන ඇති බවය.

අදාළ ශාඛාවේ ඒ.ටී.එම්. යන්ත්‍රය භාවිත කර ඉතා සුක්ෂම අයුරින් එම ගිණුම්වලට අදාළ තොරතුරු සොරාගෙන තිබේ.

එම මුදල් සොරාගෙන ඇත්තේ ඉතාලියේ පිහිටි ඒ.ටී.එම්. යන්ත්‍රයකින් බවද පොලිසිය ප්‍රකාශ කළේය.

සිද්ධියට විදේශිකයින් කිහිප දෙනෙකුද සම්බන්ධ බවට තොරතුරු හෙලි වී තිබේ.

බැංකු ශාඛාවේ පිහිටි ආරක්ෂිත කැමරාවලින් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කිහිපදෙනෙකු හදුනාගෙන තිබෙන අතර පොලිසිය ප්‍රකාශ කළේ දැනට සිදුකළ පරීක්ෂණවලදි හෙලිවු තොරතුරු මත සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවය.

ඔවුන් සතුව තිබී ව්‍යාජ ලෙස සකස් කරන ලද බැංකු කාඩ්පත් 58 ක් පිස්තෝලයක් ඇතුළු උපකරණ රැසක් සොයාගෙන තිබේ

පොලිස් අත්අඩංගුවට පත් නව සිහල උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර නිදහස් කෙරේ. 03-01-2011


අද (03) පෙරවරුවේ පොලිස් අත්අඩංගුවට පත්වූ නව සිහළ උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර මීට සුළු මොහොතකට පෙර නිදහස් කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී ප‍්‍රිශාන්ත ජයකොඩි සඳහන් කළා. දෙපාර්ශවය අතර ඇති වූ එකඟතාවයක් මත මෙසේ ගැටලූව නිරාකරණය කර ගැනීමට හැකි වූ බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේ. සිය පිස්තෝලයෙන් ත‍්‍රිරෝද රථ රියැදුරෙකුට වෙඩි තැබීමට උත්සාහ කළ බවට වූ පැමිණිල්ලක් මත නව සිහල උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර අද (03) පෙරවරුවේ වැලිකඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගත්තා.

Thursday, December 30, 2010

Sri lankan student killed in usa


Road Cam In Colombo

කඩිනමින් සංවර්ධනය විය යුතු අංශ වලට ප්‍රමුඛත්වය දිය යුතුයි


කඩිනමින් සංවර්ධනය විය යුතු අංශ හෝ ස්ථාන නිවැරදිව හඳුනාගෙන ඒ සඳහා ප්‍රමුඛත්වය දී කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අදාළ සංවර්ධන කටයුතු සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන නිසිකලට ලබාදීමට ඊට සම්බන්ධ ආයතන කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා‍ පෙන්වා දෙයි.

මාතර නව නගර සංවර්ධන සැලැස්ම පිළිබඳ අද(30) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

මාතර නව රෝහල් සංකීර්ණය ඉදිකිරීම, ප්‍රධාන මාර්ග සහ අතුරු මාර්ග පුළුල් කිරීම, නිල්වලා ගංඟා නිම්නය සංවර්ධනය කිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා වී තිබේ.adaerana.lk

ඩෙංගු රෝගයට ගොදුරු වූවන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් පහළට


2009 වසරට සාපේක්ෂව මේ වසරේදී ඩෙංගු රෝගයට ගොදුරු වූවන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් පහළ බැස ඇති බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ඩෙංගු රෝගීන් එක් දහස් අටසිය විසි හය දෙනෙකු වාර්තා වු අතර ඉන් 21 දෙනෙකු මියගොස් ඇති බව අ‍මාත්‍යවරයා පෙන්වා දෙයි.

එහෙත් මේ වසරේ නොවැම්බර් මාසයේදී වාර්තා වු ඩෙංගු රෝගීන් ගණන 645ක් වන අතර මියගොස් ඇත්තේ තිදෙනෙකු පමණක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ වසරේ දෙසැම්බර් මාසය තුළ ඩෙංගු රෝගීන් සිව් දෙනෙකු මියගොස් ඇති අතර පසුගිය වසරේ එම මාසය තුළ වාර්තා වු මරණ සංඛ්‍යාව පනහකි. adaderana.lk

මාතර නගරාධිපති ඉල්ලා අස්වෙයි


මාතර නගරාධිපති උපුල් නිශාන්ත මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

අද(30) උදෑසන තම ඉල්ලා අස්වීමේ ලිපිය අදාළ බලධාරීන්‍ වෙත ලබාදුන් බව අද දෙරණ කළ විමසීමකදී උපුල් නිශාන්ත මහතා පැවසුවේය.

මීට කළින් තමා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමට අදහස් කළ ද තමාට එරෙහිව පරීක්ෂණ කමිටුවක් ක්‍රියාත්මක වීම හේතුවෙන් එම තීරණය නොගත් බව උපුල් නිශාන්ත මහතා කියා සිටියි.

කෙසේ වෙතත් ඊයේ(29) වන විට අදාළ පරීක්ෂණ කොමිසමට තමා විසින් ලබාදීමට නියමිව තිබු ලිඛිත දේශනය ලබාදුන් බව ඔහු පවසයි.adaderana.lk

රාජ්‍ය‍ සේවක වැටුප් 5% න් ඉහළ නගියි


ලබන ජනවාරි පළමු වැනිදා සිට සෑම රාජ්‍ය‍ සේවකයෙකුගේම වැටුප 5% න් ඉහළ දැමීමට සහ රුපියල් 600ක ජීවන වියදම් දීමනාවක් ලබාදීමට රජය පියවර ගෙන තිබේ.

මීට අදාළ චක්‍රලේඛය රජයේ සෑම ආයතන ප්‍රධානියෙකු වෙතම යොමු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරනු ලැබීය.adadera.lk

විද්වත් කමිටුවට වීසා දීමට සූදානම් -නමුත් සාක්ෂි දීමට පමණයි


ශ්‍රී ලංකාවේ සිවිල් යුද ගැටුම් පැවති කාල සීමාව තුළි සිදුවූ බව කියන මානව හිමිකම් කඩවීම සම්බන්ධව උපදෙස් ලබාගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැංකි මූන් මහතා විසින් පත්කරන ලද ත්‍රිපුද්ගල විද්වත් කමිටුවට වීසා ලබා‍දීමට සූදානම් බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

නමුත් අදාළ කමිටුව ශ්‍රී ලංකාවෙහි විමර්ශන කටයුතු සිදුකිරීමට විරුද්ධ බවත්, උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ කමිටුව වෙත ඔවුන් සාක්ෂි ලබාදීමට පැමිණෙන්නේ නම් පමණක් එම කමිටුවට ශ්‍රී ලංකාවට පැමිණීමට වීසා ලබාදෙන බව ද ඔහු සඳහන් කර ඇත.

අද(30) රජයේ ප්‍රවෘත්ති ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් රඹුක්වැල්ල මහතා මෙම අදහස් පළ කළේය.adaderana.lk

ප්‍රවාහන ගැටලු වලට විසඳුම් දෙන්න ගමින් ගමට යයි


ප්‍රවාහන ක්ෂේත්‍රයේ ජනතාව මුහුණ පා ඇති ගැටලු පිළිබඳ ගමින් ගමට ගොස් ජනතාව මුණ ගැසෙමින් ඒවාට විසඳුම් ලබාදීමේ නව වැඩපිළිවෙලක් ප්‍රවාහන අමාත්‍යාංශය ආරම්භ කර තිබේ.

ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ සංකල්පයකට අනූව මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නංවා ඇති බව අමාත්‍යාංශය සඳහන් කරනු ලැබීය.

පාසල් සිසුන්, රජයේ සේවකයින් මෙන්ම එදිනෙදා මහමග ගමන් ගන්නා ජනතාව ප්‍රවාහනය සම්බන්ධව විවිධ ගැටලු වලට මුහුණපාන බවට හඳුනාගෙන ඇත.

බොහෝ බස් ඩිපෝ කළමනාකරුවන් කළමනාකරණය පිළිබඳ දක්වන අඩු සැලකිල්ල මෙවැනි ගැටලු බොහෝමයකට හේතුවී ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.adaderana.lk

කැන්සාස්හි වෙඩි තැබුමකින් මෙරට ශිෂ්‍යයෙක් මියයයි


අමෙරිකාවේ කැන්සාස් නගරයේ පිරවුම්හලක් මංකොල්ලකෑමට තැත්කළ මංකොල්ලකරුවන්ගේ වෙඩි පහරකට ලක්ව එරට අධ්‍යාපනය ලැබූ ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකු මරණයට පත්ව ඇත.

මෙසේ මරණයට පත්ව ඇත්තේ 25 හැවිරිදි සුජේන්ද්‍ර අමරසිංහම් නැමති එම පිරවුම්හලෙහි ලිපිකරුවෙකු ලෙස සේවය කළ තරුණයෙකි.

මෙම සිදුවීමෙන් මිනිත්තු 20ට පමණ පසු එම පිරවුම්හලට පැමිණි පාරිභොගියකු විසින් තුවාලකරු දැක අදාළ සිද්ධිය පිළිබඳව පොලීසියට දැනුම් දී තිබේ.

තුවාල ලැබූ ශිෂ්‍යයා රෝහලට ඇතුළු කිරීමෙන් පසු මරණයට පත්ව ඇති බව ද සඳහන්ය.

සිද්ධිය සිදුවී මිනිත්තු කිහිපයට පසු එම ස්ථානයට පාරිභෝගියකු පැමිණ ඇති අතර ඔහු තුවාල ලබා සිටි සුජේන්ද්‍ර රෝහලකට ඇතුළු කිරීමට හෝ පොලීසිය වෙත දැනුම් දීමට උත්සාහ නොකර පිරවුම්හලෙන් මුදල්ද සොරකම් කරගෙන අදාළ ස්ථානයෙන් පලා ගොස් ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෙඩි තැබීමේ සිද්ධියට සැකකරන පුද්ගලයාගේ හා මුදල් රැගෙන පලා ගිය පාරිභෝගිකයාගේ ඡායාරූප පිරවුම්හලෙහි නිරීක්ෂණ පද්ධතිය හරහා හඳුනාගැනීමට පොලීසියය හැකියාව ලැබී තිබේ

වෙඩි තැබූ පුද්ගලයා විසින් පිරවුම්හලෙහි වූ භාණ්ඩ කිහිපයක් රැගෙන පලාගොස් ඇති අතර මුදල් සොරාගෙන ගොස් නොමැති බව ද සඳහන්ය.

සිද්ධියෙන් මරණයට පත්වූ සුජේන්ද්‍ර අමරසිංහම් කැනාස් නගරයේ මිෂුෂුරි විශ්ව විද්‍යාලයේ විද්‍යුත් හා පරිගණක ඉංජිනේරු විද්‍යාව පිළිබඳව අධ්‍යාපනය ලබමින් සිට ඇති අතර මාස 3 ක පමණ කාලයට සිට එම පිරවුම්හලෙහි සේවය කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.adaderana.lk

ලංකා, ශ්‍රී ලංකාට මාරුවෙයි


"සිලෝන්" යන නමින් ඇරඹෙන සියලුම රජයේ ආයතනවල නාමයන් වෙනස් කිරීමට රජය තීරණය කර තිබේ.

ඊයේ(29) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණයට එළඹි බවයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනවිරත්න මහතා ප්‍රකාශ කළේය.

තවමත් සිලෝන් යන නම භාවිත වීම නොගැළපෙන බවත්, ජාත්‍යන්තර සම්මේලන වලදී පවා මේ වනවිට අපේ රට හඳුන්වනු ලබන්නේ ශ්‍රී ලංකාව ලෙස බවත් ඒ පිළිබඳව අද දෙරණට අදහස් දැක්වු අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනවිරත්න මහතා සඳහන් කළේය.

එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සැලසුම් මේ වන විටත් ආරම්භ කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.

සිලොන් යන නාමය භාවිත වන අවස්ථා හා ආයතන පිළිබඳව හඳුනාගෙන එය ශ්‍රී ලංකා ලෙස වෙනස් කිරීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම කියා සිටියේය.adaderana.lk

වව්නියාව බන්ධනාගාර සිද්ධිය ගැන පුළුල් පරීක්ෂණයක්


වව්නියාව බන්ධනාගාර රැඳවියන් අතර ඇතිවු නොසන්සුන්තාව සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වී. ආර්. ද සිල්වා මහතා පවසයි.

ඊයේ පස්වරුවේ රැඳවියන් දෙපිරිසක් අතර දැඩි නොසන්සුන්තාවයක් ඇතිවු බව ඔහු සඳහන් කළේය.

බන්ධනාගාර නිලධාරීන්ගේ හා පොලිසියේ මැදිහත් වීමෙන් තත්ත්වය පාලනය කළ බව ද වී. ආර්. ද සිල්වා මහතා පෙන්වා දෙයි.

අනුරාධපුර බන්ධනාගාරයට මාරු කර යැවු රැඳවියෙකු වහා ගෙන්වන ලෙස බල කරමින් රැඳවියන් පිරිසක් මෙසේ කලහාකාරී ලෙස හැසිරුණු බව ඔහු සඳහන් කළේය.

අනුරාධපුර බන්ධනාගාරයට මාරු කර යැවු අදාළ රැඳවියා කිසිදු හේතුවක් මත යළි වව්නියාව බන්ධනාගාරයට ඇතුළත් නොකරන බව වී. ආර්. ද සිල්වා මහතා පැවසුවේය.

ළමා අපචාරයකට සම්බන්ධ බවට චෝදනා මත මන්නාරම මහේස්ත්‍රාත්වරයාගේ නියමය පරිදි වව්නියාව බන්ධනාගාරයට ඇතුළත් කෙ‍රුණු පූජකවරයෙක් සම්බන්ධයෙන් බන්ධනාගාර රැඳවියන් දෙපිරිසක් අතර මෙම ගැටුමේ මූලාරම්භය පසුගියදා ඇතිවිය.

ගැටුමෙන් තුවාල ලැබු රැඳවියන් දෙදෙනෙකු රෝහල්ගත කෙරුණු අතර එම සිද්ධියට මුල් වු ප්‍රධාන රැඳවියෙකු අනුරාධපුර බන්ධනාගාරයට මාරු කර යැවීමට බන්ධනාගාර නිලධාරීන් පියවර ගනු ලැබීය.adaderana.lk

දුම්රිය පැමිණිලි, තොරතුරු හා යෝජනා සඳහා අමතන්න


දුම්රිය තුළ හෝ දුම්රිය පරිශ්‍රයන් ‍තුළ හදිසි අවශ්‍යතාවන් සඳහා මඟීන්ට තොරතුරු දැන ගැනීමට සහ පැමිණිලි ඉදිරිපත් කිරීමට හදිසි දුරකථන අංකයන් කිහිපයක් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

අද(30) සිට එම දුරකථන අංකයන් පැය 24 පුරාම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව එම දෙපාර්තමේන්තුවේ සැලසුම් කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ විජය සමරසිංහ මහතා සඳහන් කළේය.

හදිසි දැනුම්දීමක් සඳහා 011 -3135202 දරන අංකයෙන් ප්‍රධාන දුම්රිය පාලක කාර්යාලයද, දුම්රියක් පිළිබඳව තොරතුරු විමසීමට 011 -2434215 දරන දුරකථන අංකයෙන් කොළඹ -කොටුව දුම්රිය ස්ථානයේ විමසීම් අංශය ද ඇමතිය හැකි බව ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කරන විජය සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම නව අදහස් හා යෝජනා ඇත්නම් ඒවා 071 4393102 දරන අංකයෙන් සැලසුම් අධ්‍යක්ෂටද, ආරක්ෂක කටයුතු සම්බන්ධව යම්කිසි පැමිණිල්ලක් ඇත්නම් පැය 24 පුරාම ක්‍රියාත්මක වන ආරක්ෂක මෙහෙයුම් කාර්යාලයේ 011 -2347988 දරන දුරකථන අංකයට ද ඇමතිය හැකිය.adaderana.lk

Wednesday, December 29, 2010

සරසවි ප්‍රවේශයට ඉංග්‍රීසි සමත් වීම අනිවාර්යය නෑ


උසස් පෙළ විභාගයේ දී ඉංග්‍රීසි විෂයට පෙනී සිටිය යුතු බවට කොන්දේසි පැනවුව ද විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා එම විෂය සමත් වීම අනිවාර්යය නොවන බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එහෙත් විශ්ව විද්‍යාලයට ඇතුළු වීම සඳහා සෑම සිසුවෙකුම ඉංග්‍රීසි විෂයට පෙනී සිට එහි ප්‍රතිඵල පෙන්විය යුතු බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

අදාළ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාවලට ඇතුළත් කරගැනීමට අපේක්ෂිත සිසුන් සඳහා ඉංග්‍රීසි පාඨමාලා ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

විශ්ව විද්‍යාලවලට ඇතුළුවීමට පෙර සිසුන්ට තම ගම් ප්‍රදේශවල සිටම ඉංග්‍රීසී පාඨමාලා හැදෑරීමේ අවස්ථාව ලබාදීමට ද නියමිතය.adaderana.lk

දැයට කිරුළෙන් පවුල් 2500 ට නිවාස පහසුකම්


දැයට කිරුළ නිවාස සංවර්ධන වැඩසටහන යටතේ පවුල් 2500 ට නිවාස පහසුකම් සැපයීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.

මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 11 ක් තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය. මේ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 220 කි.

ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 700 ට රුපියල් ලක්ෂය දක්වා වූ නිවාස ණය ලබාදීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

2011 වසරේ නිදහස් දිනය නිමිත්තෙන් දැයට කිරුළ ප්‍රදර්ශනය මොණරාගල දී පැවැත්වෙන අතර ඊට සමගාමීව මෙම වැඩපිළි‍වෙළ ක්‍රියාත්මක කර තිබේ. adaderana.lk

පුද්ගලික බස් සේවකයින් හා ගනුදෙනුව ලංගම සේවකයින්ට තහනම්


පෞද්ගලික බස්රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් සමග ලංගම රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට ගනුදෙනු කිරීම සපුරා තහනම් බව ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පවසයි.

ශ්‍රී ලංගමයේ ඇතැම් රියදුරන් සහ කොන්දොස්තරවරුන් පෞද්ගලික අංශයේ බස්රථ සේවකයින් වෙත ගමන් වාර මුදලට විකිණීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු හෙළිව ඇති බව අමාත්‍යවරයා පෙන්වාදෙයි.

කළුතර, ශ්‍රී ලංගම ඩිපෝවේ ධාවනයෙන් ඉවත් කර තිබූ බස්රථ 10 ක් අලුත්වැඩියා කර යළි ධාවනයට එක්කිරීම වෙනුවෙන් කළුතර ඩිපෝ පරිශ්‍රයේ පැවති උත්සවයක දී ප්‍රවාහන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

අදාළ වංචා සම්බන්ධයෙන් තොරතුරු දන්නේ නම් තම පෞද්ගලික දුරකතන අංකයට දැනුම් දෙන ලෙස එහිදි අදහස් දැක්වූ කුමාර වෙල්ගම මහතා කියා සිටියේය.

ලංගමයේ ආදායමෙන් 25% ක් පමණ කොන්දොස්තරවරුන් වංචා කරන බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය. adaerana.lk

පළාත් පාලන මැතිවරණය මාර්තු මාසයේදී


ලබන ජනවාරි මාසයේ දී සියලු පළාත් පාලන ආයතන විසුරුවා හැරීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා පවසයි.

එම පළාත් පාලන ආයතනවලට අදාළ මැතිවරණය මාර්තු මාසයේ දී පැවැත්වීමට අපේක්ෂා කරන අමාත්‍යවරයා සඳහන් කළේය.

අදාළ මැතිවරණ සියල්ල එකවර පැවැත්වීම සඳහා රජයේ අවධානය යොමුව ඇති බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

එම මැතිවරණයට තරග කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයින් පිළිබඳ ලබන ජනවාරි මාසය වන විට තීරණයකට එළඹීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කරයි.

පසුගිය වසරේ කාලය අවසන් වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතනවල නිල කාලය වසරකින් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබුණි.adaerana.lk

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය කැඳ හැලියක්


ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය මේ වනවිට කැඳ හැලියක් බවට පත්ව ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා වි‍දෙස් රටවල් ඉදිරියෙහි බොරුකාරයෙක් බවට පත්ව ඇති බවත් ඔහු සඳහන් කරයි. අද(29) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මෙම කරුණු අවධාරණය කළේය.

පසුගිය දිනයක නේපාලය සම්බන්ධව විදේශ අමාත්‍යවරයා විසින් සිදුකරන ලද ප්‍රකාශයෙන් ඒ බව පෙනීයන බව ද සමරවීර මහතා එහිදී ප්‍රකාශ කළේය.

2011 වර්ෂය පොදු ජනතාව දිනවන වර්ෂය ලෙස නම් කර ඇති බවත්, එක්සත් ජාතික පක්ෂය නව වර්ෂය සඳහා ජයග්‍රාහීව ඉදිරියට ගමන් කරන බවත් මෙම මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය. adaderana.lk

මෙරට මුහුදු තීරයට ඇතුළු වූ ඉන්දීය ධීවර පිරිසක් අත්අඩංගුවට


ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් මෙම ධීවරයින් පිරිසට ධීවරයින් සිව් දෙනෙකු අයත් වන බව පොලිසිය පවසයි.

වඩුක්කෝට්ටේ, අග්බෝමදගල් නාවික හමුදා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අනවසරයෙන් ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වූ මෙම ධීවරයින් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් තමිල්නාඩුවේ පදිංචිකරුවන් බව සඳහන්ය. අදාළ ධීවරයින් අද(29) මල්ලාක්කම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය සඳහන් කරයි. adaderana.lk

ග්‍රේෂන් ආනන්ද මියයයි


ප්‍රවීන ගායන ශිල්පී ග්‍රේෂන් ආනන්ද මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අද(29) පෙරවරු 6 30ට පමණ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා අභාවප්‍රාප්ත වූ බව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය හෙක්ටර් වීරසිංහ මහතා පැවසුවේය.

කලක් රෝගාතුරව සිටි ඔහු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිට වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.

පසුගිය 22 වැනිදා සිට ග්‍රේෂන් ආනන්ද මහතා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ බව ජාතික රෝහලේ අධ්‍යක්ෂ හෙක්ටර් වීරසිංහ මහතා සඳහන් කළේය.adaderana.lk

සභාපති ඉවත් කරන්නැයි පෝද්දල ප්‍රාදේශීය සභාවේ විරෝධතාවක්


ගාල්ල, බොපෙ පෝද්දල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් පි‍රිසක් අද(28) විරෝධතා ව්‍යාපාරයක නිරත විය.

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පස් දෙනෙකු ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මුරකුටියේ වහලය මත නැගී විරෝධතාවක නිරත වූ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

ප්‍රාදේශීය සභා ‍සභාපතිවරයා වහා සිය තනතුරෙන් පහ කළ යුතු බවට බලකෙරෙන පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුන් විරෝධතාවයේ නිරත ව තිබේ.

මේ සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් දෙදෙනෙකු සහ විපක්ෂ මන්ත්‍රීවරුන් තිදෙනෙකු සහභාගී වී සිට ඇති අතර පළාත් පාලන කොමසාරිස්වරයාගේ මැදිහත්වීමෙන් මෙම විරෝධතාව අත්හිටවූ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

පළාත් මහ ඇමතිවරයා සමග අදාළ මන්ත්‍රීවරුන්ට සාකච්ඡාවක් ලබාදීමට එහිදී පළාත් පාලන කොමසාරිස්වරයා එකඟවී ඇත.adaderana.lk

ඉන්දු -ශ්‍රී ලංකා ආරක්ෂක සබඳතා පුළුල් කිරීම ගැන අවධානය යොමුවෙයි


ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ක්‍රියාත්මක වන ආරක්ෂක සබඳතාව තවදුරටත් පුළුල් කිරීම සම්බන්ධයෙන් අවධානය ‍යොමු කරන බව ඉන්දීය ආරක්ෂක ලේකම් ප්‍රදීප් ‍කුමාර් මහතා පවසයි.

අද(28) පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින ඉන්දීය ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කර ඇත.

දෙරට අතර පවතින ආරක්ෂක කතිකාවත පාබල සහ ගුවන් හමුදා අතර ද තවදුරටත් පුළුල් කිරීමට මෙහිදී අවධානය යොමු වී ඇති අතර ඒ අනුව 2011 වසරේ දී ඉන්දීය සහ ශ්‍රී ලංකා නාවික හමුදා ඒකාබද්ධ අභ්‍යාසයක් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ දී පැවැත්වීමට ද තීරණය කර ඇති බව සඳහන්ය.

ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සාමාජිකයින් සඳහා පුහුණු අවස්ථාවන් විශාල සංඛ්‍යා‍වක් ලබාදීමට ඉදිරියේ දී කටයුතු කරන බව ද එහිදී ඉන්දීය ආරක්ෂක ලේකම්වරයා පවසා තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමු‍දාවේ 60 වන සංවත්සරය නිමිත්තෙන් ඉන්දීය ගුවන් හමුදා සංදර්ශනයක් පැවැත්වීමට කටයුතු කරන බව ප්‍රදීප් කුමාර් මහතා එහිදී තවදුරටත් සඳහන් ක‍ර ඇත.adaderana.lk

ආනයනික බිත්තර අද වෙළඳපොළට


ආනයනය කරන ලද බිත්තර අද(28) දිනය තුළ වෙළඳපොළට නිකුත් කිරිමට පියවර ගත් බව සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

සතොස, කෝප්, මිනි කෝප් හා සමුපකාර තුළින් මෙම බිත්තර රුපියල් 11 ක තොග මිලක් යටතේද, රුපියල් 12 ක සිල්ලර මිලක් යටතේද ලබාගත හැකි බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ආනයන කරන ලද බිත්තර මිලියන 2 ක් මෙසේ බෙදාහැරීමට කටයුතු කළ බව අද(28) කොළඹ පැවති මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

වෙළ‍ඳපොළේ බිත්තර මිල ගණන් පහත වැටෙන තුරු බිත්තර ආනයනය කිරීමට පියවර ගන්නා බව ඔහු එහිදී කියා සිටියේය.

එමෙන්ම ආනයනය කරන ලද කුකුල් මස් ටොන් 500 ක් හෙට(29) දිනය තුළ වෙළඳපොළට නිකුත් කිරීමට නියමිත බවද ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පැවසුවේය.

එම කුකුල් මස් කිලෝග්‍රෑම් 1ක් රුපියල් 350 ක මිලකට සතොස, කෝප්, මිනි කෝප් හා සමුපකාර තුළින් මිලට ගත හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.adaderana.lk

ඒකක 90 දක්වා බදු සහනය ඒකක 120 ට වැඩිවෙයි


විදුලි ඒකක 90 දක්වා වූ විදුලි ගාස්තු සහනය ඒකක 120 දක්වා ඉහළ නැංවීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව විදුලි ඒකක 120 ට ඉහළ පාරිභෝගිකයින්ට පමණක් විදුලි ගාස්තුවල වැඩිවීමක් සිදුවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරනු ලැබීය.

ලක්ෂ 46 ක් පමණක් වන සමස්ත විදුලි පාරිභෝගිකයින්ගෙන් ලක්ෂ 42 ක් විදුලි ඒකක 120 ට අඩුවෙන් විදුලිය පරිභෝජනය කරන බවට හඳුනාගෙන තිබේ.

ඒ අනුව එම ජනතාවට සහනයක් දීමේ අරමුණින් ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.adaderana.lk

ගාස්තු වැඩිනොකළහොත් බස් වර්ජනයකට යනවා -ගැමුණු


බස් ගාස්තු වැඩිකිරීම සම්බන්ධ යෝජනාවට රජයේ එකඟත්වය පළ‍නොවුනහොත් ජනවාරි මාසයේ දෙවැනි සතිය තුළ බස්නාහිර පළාතේ පෞද්ගලික බස් වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

කළුතර, ගම්පහ හා කොළඹ යන දිස්ත්‍රික්ක වල පෞද්ගලික බස් හිමියන් සමග පැවති සාකච්ඡාවකින් පසු මෙම තීරණයට එළඹුන බව ද අද(28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේය.

එමෙන්ම බස්නාහිර පළාතේ බස් රථ අතිරික්තයක් තිබියදීත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් තවත් බස්රථ රැසකට බලපත්‍ර ලබාදිමට සූදානම් වන බවට ඔහු චෝදනා කරයි බස්නාහිර පළාත තුළ මේ වන විට 20% ක බස්රථ අතිරික්තයක් පවතින බව හෙතෙම පෙන්වාදෙයි.

තවත් බස්රථ 20% ක ප්‍රමාණයක් සඳහා බලපත්‍ර නිකුත් කිරීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය කටයුතු කරමින් සිටින බව විජේරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.

පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යවරයෙකු පත්කර සිටිය ද ඔහු සතුව කිසිදු බලයක් නොමැති බව ද වැඩිදුරටත් කරුණු දක්වමින් ඔහු අවධාරණය කර සිටියේය.adaderana.lk