Wednesday, September 1, 2010

ව්‍යවස්ථා සංශෝධනයට අපි විරුද්ධයි


නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එක්සත් ජාතික පක්ෂය සිය විරෝධතාවය ප්‍රකාශ කරන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ අනුව 18 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කරන බවද හෙතෙම අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී 18 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව කටයුතු කළ යුතු බවට තීරණය කිරීමෙන් පසු පක්ෂයේ තීරණය නිල වශයෙන් අද දැනුම් දෙන ලදී. adaderana.lk

ෆොන්සේකාට එරෙහි දෙවෙනි යුද අධිකරණය අදත්


සරත් ෆොන්සේකා මහතාට එරෙහිව දෙවන යුද අධිකරණය අද යළි රැස් වේ. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් උභය මැදවල මහතා පවසන පරිදි අද පස්වරු ‍2.00 ට යුද අධිකරණය විනිසුරු මඩුල්ල රැස් වනු ඇත.

සරත් ෆොන්සේකා මහතාට එරෙහි චෝදනා විභාග කිරීම සඳහා වූ දෙවන යුද අධිකරණය ඊයේ පස්වරුවේ රැස් වුවද ෆොන්සේකා මහතාගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ඊයේ දිනයේ යුද අධිකරණය වෙත සහභාගී නොවූ බැවින් එම කටයුතු අද දිනයට කල් තැබිණි.

යුද හමුදාපතිවරයාව සිටිය දී සිදු කළ බව කියන මිල දී ගැනීම් වලදී අක්‍රමිකතා සිදුවීම ඇතුළු චෝදනා කිහිපයක් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව දෙවන යුද අධිකරණයේ දී විභාග කෙරේ. adaderana.lk

ඇප දුන්නත් ඇප නෑ


මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ජනතාව මුලා කළ බව කියන පුද්ගයෙකුට දැඩි ලෙස අවවාද කළ හලාවත දිසා විනිසුරුවරයා රුපියල් ලක්ෂය බැගින් වන පුද්ගලික ඇප 2ක් මත මුදා හැරීමට නියෝග කර තිබේ.

මෙම ඇපකරුවන් හලාවත නගරයේ පදිංචිකරුවන් දෙදෙනෙකු විය යුතු බවට ද දිසා විනිසුරු ජගත් කහඳගම මහතා කොන්දේසියක් පනවා ඇත.

අදළ පුද්ගලයා වසර 10කට ආසන්න කාලයක් තමන් මානව හිමිකම් කොමිෂන් සභාවේ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටිමින් ප්‍රදේශයේ ආගමික නායකයින් , දේශපාලඥයින් , රජයේ නිලධාරීන් ඇතුළු ජනතාව මුලා කර ඇති බවට හලාවත පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින්‍ චෝදනා ගොනු කර තිබුණි.

කෙසේ වෙතත් මෙම සැකකරුට ඇප ලබා දීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. - adaderana.lk

හරක් මස් මඩුව වටලා 5 ක් අත්අඩංගුවේ


මාරවිල , මූදුකටුව ප්‍රදේශයේ කාලයක් තිස්සේ පවත්වා ගෙන ගිය නීති විරෝධී ඝව ඝාතකාගාරයක් වටලා සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අද පෙරවරුවේ සිදු කළ මෙම වැටලීමෙන් ඝාතනය සඳහා ගෙනවිත් තිබූ මී ගවයින් 47 ‍දෙනෙකු සහ එළ ගවයින් 33 දෙනෙකු සිය භාරයට ගත් බව පොලිසිය පවසයි.

එම ස්ථානයේ තිබී ගවමස් තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබේ..

ඝාතකාගාරයේ පවත්වා ගෙන ගිය ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන නොමැති අතර සෙසු සැකකරුවන් අද මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ. adadaerana.lk

සපුගස්කන්දෙන් දරුවා උස්සා කුරුණෑගලදී මාට්ටුවෙයි


සපුගස්කන්ද ප්‍රදේශයේ දී දරුවෙකු පැහැර ගැනීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරු කරුණෑගල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව සපුගස්කන්ද‍ පොලිසිය පවසයි.

සපුගස්කන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි නව හැවිරිදි දරුවෙකු පැහැර ගැනීමට ලක් වූයේ ඊයේ උදෑසන වන අතර එම දරුවා මහනුවර , තලාතුඔය ප්‍රදේශයේ ජලාශයක් ආසන්නයේ දමා ගොස් සිටිය දී තලාතුඔය පොලිසිය විසින් සොයා ගනු ලැබිණි.

පසුව අනාවරණය වී තිබුණේ එම දරුවාගේ පියා ය‍ටතේ සේවය කළ පුද්ගලයෙකු එම දරුවා පැහැර ගෙන ගොස් ඇති බවයි.

දරුවා පැහැර ගැනීම සම්බන්ධයෙන් ඔහුගේ පියා විසින් සපුගස්කන්ද පොලිසියට පැමිණිලි කර තිබූ අතර දරුවා ලබා දීම සදහා පැහැර ගත් පුද්ගලයා රුපියල් ලක්ෂ 8 ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බව ද එම පැමිණිල්ලේ සඳහන් වේ. adaderana.lk

හමුදා ට්‍රක් රථය පෙරළී අයෙක් මරුට-දෙදෙනෙකුට තුවාලයි


මහනුවර සිට කුරුණෑගල බලා ධාවනය වෙමින් තිබූ හමුදා ට්‍රක් රථයක් ගලගෙදර ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළීමෙන් එක් හමුදා සාමාජිකයෙකු ජීවිලත්ෂයට පත් ව ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් උභය මැදවල මහතා පවසයි.

මෙම අනතුරෙන් තුවාල ලැබූ තවත් හමුදා සාමාජිකයින් දෙදෙනෙකු මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයිද හෙතෙම සඳහන් කරයි.adaderana.lk

සන් සී නැවේ 36 ට වැඩි පිරිසක් වෙන්කොට ප්‍රශ්න කරයි


ශ්‍රී ලාංකීය ද්‍රවිඩ සරණාගතයින් 492 ක පිරිසක් රැගත් කැනඩාවට සංක්‍රමණය වූ සන් සී නෞකාවෙන් 36 ට වැඩි පිරිසක් සෙසු පිරිසෙන් වෙන්කොට කැනේඩියානු පොලීසිය විසින් ප්‍රශ්න කරමින් සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මෙම පිරිස එල්.ටී.ටී.ඊ සංවිධානය සහ වෙනත් නීති විරෝධී කණ්ඩායම් සමග සබඳතා පැවැත්වූ මෙන්ම නොයෙක් යුද අපරාධ සිදුකිරීම් සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති බවට හඳුනාගෙන ඇති බව කැනඩා මාධ්‍යය උපුටා දක්වයි.

මෙම පිරිස දැනට බ්‍ර්ටිෂ් කොලොම්බියාවේ කලාපීය සිරමැඳිරියක රඳවා සිටින බවත්,සන් සී නෞකාවේ කපිතාන්වරයා ලෙස සේවය කළ කමල්රාජ් කන්දස්වාමී නොහොත් කැප්ටන් විනෝද් නැමැත්තා සහ ඔහුගේ කාර්ය මණ්ඩලය ලෙස සේවය කළ 24 ක පිරිසක්ද තවත් 12 දෙනෙකුගෙන් යුතු නාවික මගීන් පිරිසක් ද මීට අයත් බව සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ යුදමය වාතාවරණයේ අවසාන කාලයේ යුද අපරධ සිදුවූ බවට එල්ලවන චෝදනා වලට අදාළව මෙම පිරිස යුද අපරාධ කිරීමේ නිරතවූවාද යන්න පිළිබඳ කැනේඩියානු පොලීසිය හා කැනේඩියානු දේශසීමා සේවා ඒජන්සිය සමග ඒකාබද්ධව විමර්ශන කටයුතු සිදුකරන බව වාර්තා වේ. -

මෙම සරණාගතයින් මාස 3 ට අධික කාලයක් සිය අඹු දරුවන්වන්ගෙන් වෙන්ව ඉතා දුෂ්කර ජීවිතයක් ගත කර ඇති බව කැනේඩියානු ද්‍රවිඩ කොංග්‍රසයේ නායක ඩේවිඩ් පූපලපිල්ලෙයි මහතා මීට පෙරාතුව පෙන්වා දී තිබිණි. adaderana.lk

පැහැරගත් දරුවා ගැන සොයන්න සපුගස්කන්ද පොලීසියට බාරදෙයි


සපුගස්කන්ද ප්‍රදේශයේ දී පැහැර ගැනීමට ලක් වූ දරුවා මේ වන විට වැඩි දුර පරීක්ෂණ සඳහා සපුගස්කන්ද පොලිසියට භාර දී තිබේ.

නව හැවිරිදි මෙම ළමයා ඊයේ උදෑසන කිසියම් පිරිසක් විසින් පැහැර ගෙන ගොස් මහනුවර , තාලතුඔය ප්‍රදේශයේ දී වික්ටෝරියා ජලාශයට දමා තිබුණි.

පසුව එම දරුවා ගලක ආධාරයෙන් රැඳී සිට ප්‍රධාන මාර්ගයට පැමිණ ඒ බව වාහනයක ගමන් ගත් පිරිසකට දැනුම් දීමෙන් අනතුරුව ඔවුන් විසින් මෙම දරුවා තලාතුඔය පොලිස් ස්ථානයට යොමු කර ඇති බව සඳහන් වේ.

දරුවා පැහැර ගැනීම සම්බන්ධයෙන් ඔහුගේ පියා විසින් සපුගස්කන්ද පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර දරුවා ලබා දීම සදහා පැහැර ගත් පිරිස රුපියල් ලක්ෂ 8 ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බව ද එම පැමිණිල්ලේ සඳහන් බව පොලිසිය කියා සිටියි.adaderana.lk

අනවසර ඉදිකිරීම් සියල්ල ඉවතට


අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත් කිරීමට පියවර ගන්නා බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

වත්තල ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේ දී බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

අනවසර ඉදිකිරීම් නගර අලංකරණයටත් ක්‍රමවත් නගර සැලසුමකටත් විශාල බාධාවක් බව එහි දී අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙවැනි අනවසර ඉදිකිරීම් හේතුවෙන් ගංවතුර තර්ජන පවා ඉහළ ගොස් ඇති බව ද ඉදිරියේ දී අනවසර ඉදිකිරීම් සඳහා ජලය විදුලිය ඇතුළු පහසුකම් ලබා නොදීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. adaderana.lk

පාතාල ඕල්‍කට් වෙඩි කා නසී


විශේෂ කාර්ය බලකා සමාජිකයෙකුගේ වෙඩි තැබීමකින් පුද්ග‍ලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පතාල සාමාජිකයෙකු ලෙස ප්‍රකට පාතාල ඕල්කට් නැමැත්තා මෙලෙස මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

කුරුණෑගල ප්‍රදේශයේ දී මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු රැගෙන එන අවස්ථාවේ දී මෙම සිදුවීම සිදුව ඇති බව සඳහන් වේ. විශේෂ කාර්ය බලකා සාමාජිකයින් විසින් මොහු අත්අඩංගුවට ගෙන ජීප් රථයකින් ගෙන එමින් සිටිය දී සැකකරු විශේෂ කාර්ය බලකා සාමාජිකයෙකුගේ ගිනි අවිය උදුරා ගැනීමට උත්සාහ දරා ඇති බව පොලිසිය පවසයි.

එම අවස්ථාවේ දීපාතාල ඕල්කට් නැමති සැකකරු වෙඩි ප්‍රහාරයට ලක්ව තිබේ. වෙඩි ප්‍රහාරයට ලක් වූ සැකකරු මිය ගොස් ඇති අතර මෘත ශරීරය ගම්පහ රෝහලේ තබා ඇති බව සඳහන් වේ. adaderana.lk

දේශීය බී.ටී.අයි අද පෑලියගොඩට ඉසියි


ඩෙංගු වාහක මදුරු මර්දනය සඳහා යොදා ගැනෙන දේශීය නිෂ්පාදිත බී.ටී.අයි බැක්‍ටීරියාව ප්‍රථම වරට යොදා ගැනීම අද සිදුවේ.

නියමු ව්‍යාප්තියක් ලෙස අද දහවල් පෑලියගොඩ ප්‍රදේශයේ දී බී.ටී.අයි බැක්ටීරියාව ඉසින බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය..

කියුබාවේ නිෂ්පාදිත බී.ටී.අයි බැක්ටීරියාව ද ලබන සතිය තුළ ලංකාවට ලැබෙනු ඇති බව මහින්ද අමරවීර නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

දේශීය නිෂ්පාදිත මෙම බී.ටී.අයි බැක්ටීරියාව මුලින්ම මහනුවර ප්‍රදේශයේ යොදා ගැනීමට නියමිතව තිබුණ ද එහි ඩෙංගු රෝගය පාලනය වී ඇති හෙයින් පසුව මහනුවර ප්‍රදේශයේ ඩෙංගු මර්දනය සඳහා බී.ටී.අයි බැක්ටීරියාව යොදා ගැනීම නවතා දැමුණි. adaderana.lk

ලාෆ්ස් බසියි-ෂෙල් එතැනමයි


කි.ග්‍රෑ.12.5 ක් බරැති ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි රු.46.00 න් පහත දමා තිබේ.

ඒ අනුව ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක නව මිල රු.1593.00 ක් වේ.

කි.ග්‍රෑ.12.5 ක් බරැති ගෘහස්ථ ෂෙල් ගෑස් සිලින්ඩරයක මිල වෙනස් නොවන අතර එය තවදුරටත් පැවති මිල වන රු.1652.00 ක් ලෙස පවතී.

පසුගිය ජූලි මස පළමුවැනි දින සිදු කළ ගෑස් මිල සංශෝධනයේ දී ෂෙල් ගෑස් සිලින්ඩරයක් රුපියල් 117 කින් සහ ලාෆ් ගෑස් සිලින්ඩරයක් රුපියල් 85 න් මිල අඩු කරනු ලැබීය.

ඒ අනුව අදවනතුරු වෙළඳ‍පළේ කිලෝග්‍රෑම් 12 .5 ෂෙල් ගෑස් සිලින්ඩරයක් රුපියල් 1652 ක් වූ අතර ලාෆ් ගෑස් සිලින්ඩරයක් රුපියල් 1659 ක් ව පැවැතිණි. adaderana.lk

අල බද්ද සැප්තැම්බර් 9 තෙක් පමණයි


ආනයනික අර්තාපල් සඳහා ඉහළ නංවන ලද විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ක්‍රියාත්මක වන්නේ ලබන සැප්තැම්බර් 9 වැනි දින දක්වා පමණක් බව රජය පවසයි. ආනයනික අර්තාපල් කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් දහයක්ව පැවති බද්ද රුපියල් තිහ දක්වා ඉහළ නංවනු ලැබුවේ දේශීය අර්තාපල් අස්වැන්න වෙළඳපලට ලැබෙන කෙටි කාල සීමාව සඳහා පමණක් බව නිවේදනයක් නිකුත් කරන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනූව මේ වන විට උතුරු ප්‍රදේශය ද ඇතුළුව අර්තාපල් වගා කෙරෙන සෙසු ප්‍රදේශවලින් අර්තාපල් තොග වෙළඳපලට ලැබෙමින් පවතින බව රජය පෙන්වා පෙන්වාදෙයි. මේ නිසා ලබන සැප්තැම්බර් 9 වැනිදායින් පසු ආනයනික අර්තාපල් කිලෝග්‍රෑමයක් මත අය කෙරෙන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ධ යළි රුපියල් දහය දක්වා අඩු කෙරෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසයි. adaderana.lk

එල්. ටී. ටී. ඊ සැකකරුවන් 3 ට ජර්මනියේදී චෝදනා පැවරෙයි


එල්. ටී. ටී. ඊ සංවිධානය වෙනුවෙන් මුදල් එකතු කිරීම හා අවි ආයුධ මිලට ගැනීම සම්බන්ධව පුද්ගලයින් තිදෙනෙකුට චෝදනා පවරා ඇති බව ජර්මනිය පවසයි. 35 හැවිරිදි ශ්‍රී ලාංකිකයකු වන වී. එස්. විජිකනේන්ද්‍ර, ජර්මානු ජාතික 33 හැවිරිදි එම්. සසිතරන් හා 39 හැවිරිදි කෝනේෂ්වරන් යන පුද්ගලයින් තිදෙනාට එරෙහිව මෙසේ නඩු පවරා ඇති බව ජර්මානු නීතිඥයෝ පවසති.

මෙම තිදෙනා පසුගිය මාර්තු මාසයේදී ජර්මනියේ ඔබහෝසන් නම් නගරයේදී අත්අඩංගුවට ගෙන ඇත. තහනම් කරන ලද ත්‍රස්තවාදී සංවිධානයක් සමග සබඳතා පැවැත්වීම හා අපනයන නීතිරීති උල්ලංඝණය කිරීම ඔවුන් අත්අඩංගුවට ගැනීමට හේතු වී ඇත.

2007 ජූලි මාසය හා 2009 අප්‍රේල් දක්වා කාල සීමාව තුළ මොවුන් එල්. ටී. ටී. ඊ සංවිධානයට ලබාදීමට හෝ එම සංවිධානය වෙනුවෙන් අවි ආයුධ මිලට ගැනීම සඳහා ජර්මනියේ වෙසෙන ද්‍රවිඩ ජාතිකයින්ගෙන් යුරෝ මිලියන 3 ක මුදලක් එකතු කර ඇති බව ද සඳහන්ය. නමුත් මෙම පුද්ගලයින්ට එරෙහි නඩුව විභාග වන දිනය පිළිබඳව තවමත් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. adaderana.lk

වන්ෂොට් මීට වඩා වගකීමකින් වැඩ කළ යුතුයි


පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් ඊයේ සෞදි අරාබි තානාපති කාර්යාලය ඉදිරිපිටදී සිදුකළ උද්ඝෝෂණය නිසා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් බලපෑම් ඇතිවිය හැකි බව සමස්ත ලංකා මැද පෙරදිග සේවා සංවිධානයේ අනුශාසක, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රෙහෙන්සිරි වරාගොඩ මහතා පවසයි.

ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවට සෞදි අරාබියේදී දැඩි වධ හිංසා පැමිණවීමේ සිදුවීම පිළිබඳව ජනාධිපතිවරයා හා විදේශ සේවා නියුක්ති කාර්යාංශය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අවශ්‍ය ක්‍රියා මාර්ග ගෙන ඇති බව ද ඔහු පෙන්වාදෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සිය වගකීම පිළිබඳව මීට වඩා කල්පනා කළ යුතු බව වරාගොඩ මහතා පෙන්වාදෙයි.

තවමත් ශ්‍රී ලංකාව හා සෞදි අරාබිය අතර වැදගත් සබඳතා පවතින බව ද, වර්තමානයේ පවා මෙරටට වැඩිම විදේශ විනිමය ලබාදෙන්නේ විදෙස් ශ්‍රමිකයින් බව ද මන්ත්‍රීවරයා අවධාරණය කරයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ වැදගත් කාන්තා පරපුරට නිග්‍රහ නොකරන ලෙසත්, රටට හානි නොකරන ලෙසත් අදාළ මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා සිටින බවත් රෙහෙන්සිරි වරාගොඩ මහතා ප්‍රකාශ කළේය. අද කැළණිය ප්‍රදේශයේ පැවති සමස්ත ලංකා මැද පෙරදිග සේවා සංවිධානයේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඒ මහතා මෙම කරුණු අවධාරණය කළේය. adaderana.lk

යෝජිත කෙටුම්පත ගැන තීරණය කතානායකටයි


යෝජිත ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විභාග කිරීමෙන් අනතුරුව අදාළ තීන්දුව කතානායකවරයා වෙත දැනුම්දීමට කටයුතු කරන බව අද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී තිබේ.

කැබිනට් අනුමැතිය ලැබූ නව ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය පිණිස ඉදරිපත් කිරීම සලකා බලමින් ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල විසින් අද මෙම දැනුම්දීම කර ඇත.

රජය වෙනුවෙන් අද ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දක්වමින් නීති පති මොහාන් පීරිස් මහතා සඳහන් කර සිටියේ වත්මන් ව්‍යවස්ථාව අනුව විධායක ජනාධිපතිවරයාට පත්විය හැක්කේ අවස්ථා දෙකක් පමණක් බවත්,නව ව්‍යවස්ථා කෙටුම්පත මගින් එකී සීමාව ඉවත් කර ඇති බවත්ය.

එසේම නව ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් ජනාධිපතිවරයා මාස 3 ට වරක් පාර්ලිමේන්තුවට සහභාගී විය යුතු බව අවධාරණය කර ඇති බවද පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් නව ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ,විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ ආචාර්ය රොහාන් එදිරිසිංහ යන පාර්ශවයන් විසින් විරෝධතා ගොනු කර තිබිණි.

මෙම සියල්ල සැලකිල්ලට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනත් කෙටුම්පත වැඩිදුර විභාග කිරීමෙන් අනතුරුව ගනු ලබන තීරණය කතානායකවරයාට දැනුම්දෙන බව නියෝග කරන ලදී.adaderana.lk

මුලින් විරුද්ධ වුනත් අන්තිමට කැමතිවේවි


දැනට ආණ්ඩුව සමග කටයුතු කරන වාමාංශික පක්ෂ ද යෝජිත ව්‍යවස්ථා සංශෝධන වලට විරෝධතා දැක්වුව ද අවසානයේදී ඒ සඳහා එකඟත්වයක් පළ කරනු ඇති බව වාමාංශික විමුක්ති පෙරමුණේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පවසයි. යෝජිත ව්‍යවස්ථා සංශෝධන හරහා බලය වැඩි කර ගැනීමේ වැඩපිළිවෙලක් ආණ්ඩුව දියත් කර ඇතැයිද ඔහු සඳහන් කරයි.

1978 ව්‍යවස්ථාව මඟින් ද මෙවැනිම තත්ත්වයක් නිර්මාණය වු බව ඒ මහතා පෙන්වා දෙයි. එම අවස්ථාවේදී ද නව වාමාංශික පෙරමුණ අදාළ ව්‍යවස්ථාවට විරෝධය පළ කළ බව ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා සඳහන් කරයි. adaderana.lk

ද්‍රවිඩ සන්ධානය හෙට නිරූපමා හමුවෙයි


හෙට දිනයේ ද්‍රවිඩ ජාතික සන්ධානයේ නියෝජිත පිරිසක් ඉන්දීය විදෙස් කටයුතු ලේකම් නිරූපමා රාඕ මහත්මිය හමුවී සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර ඇතැයි ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රෙමචන්ද්‍රන් මහතා පවසයි.

හෙට දිනයේ ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ දී මෙම හමුව පැවැත්වීමට කටයුතු යොදා ඇතැයිද,ඒ සඳහා තමා සමග එම්.ඒ සුමන්තිරන්,මාවෙයි සේනාධිරාජා යන මන්ත්‍රීවරුන්ද එක්වන්නට නියමිත බව ද ඔහු සඳහන් කරයි.

මෙම හමුව මගින් උතුරේ යළි පදිංචි කිරීමට අදාළ ගැටලු,දෙමළ ජනයා‍ගේ මූලික අවශ්‍යතා,අධි ආරක්ෂිත කලාප ඉවත්නොකිරීම හේතුවෙන් උතුරේ සාමාන්‍ය ජන ජීවිතයට එල්ලවී ඇති තර්ජන පිළිබඳව ඉන්දීය විදෙස් කටයුතු ලේකම්වරියගේ අවධානය යොමුකරවීමට තමන් බලාපොරොත්තු වන බවද සුරේෂ් ප්‍රෙමචන්ද්‍රන් මහතා අද දෙරණට වැඩිදුරටත් කියා සිටියේය.

එසේ වුවද සිව්දින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින නිරූපමා රාඕ මහත්මිය හෙට දිනයේ (01)නැඟෙනහිර ප්‍රධාන අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා මඩකළපුව පිහිටි නැඟෙනහිර ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී පෙ.ව. 10.00 ට හමුවීමට ද නියමිතව ඇතැයි ද සඳහන් වේ. adaderana.lk

සුසන්තගේ මරණය ගැන අන්තරය සාක්ෂි දෙයි


රුහුණු විශ්ව විද්‍යාලයේ සුසන්ත බණ්ඩාර සිසුවාගේ මරණය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත් කළ ජනාධිපති කොමිසම වෙත අද දිනයේ සාක්ෂි ලබා දීමට කටයුතු කරන බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි. සිසුවාගේ මරණය සම්බන්ධයෙන් වගකිව යුත්තන් අත්අඩංගුවට ගන්නා ලෙසට බලකරමින් විශ්ව විද්‍යාල සිසුන් අත්සන් තැබූ පෙත්සම ද ජනාධිපති කොමිසමට භාර දීමට අද කටයුතු කරන බව එහි කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න මහතා සඳහන් කළේය.

මෙම පෙත්සම බාරදීම සහ සාක්ෂි දීම මගින් සුසන්ත බණ්ඩාර සිසුවාගේ මරණයට වගකිව යුතු පුද්ගලයින්යට නිසි දඬුවම් කරන ලෙස ඉල්ලා සිටින බව ද ඔහු පෙන්වා දෙයි. එමෙන්ම එහි වගකීම තවත් සිසුවෙකු මත පවරන ආණ්ඩුවේ උත්සාහය නවතන ලෙසත්, සුසන්ත බණ්ඩාර සිසුවාට සාධාරණය ඉටුකරන ලෙසට අවධාරණය කරන බවත් උදුල් ප්‍රේමරත්න ප්‍රකාශ කළේය.adaderana.lk

Tuesday, August 17, 2010

කරුණා අම්මාන්, පිල්ලෙයාන් එල්.ටී.ටී.ඊය පැරදවීමට සහය දුන්නා


එල්. ටී. ටී. ඊ සංවිධානයට එක්ව කටයුතු කළ කරුණා අම්මාන්, පිල්ලෙයාන් හා කුමරන් පද්මනාදන් වැනි පුද්ගලයින් එල්.ටී.ටී.ඊ ය පරාජය කිරීම සඳහා රජයට සහය ලබාදුන් බව ද ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. 2005 වසරේ දී වඩාත් ශක්තිමත් වූ එල්.ටී.ටී.ඊ සංවිධානය ජාති භේදයකින් තොරව සිය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කළ බව ඔහු සඳහන් කළේය.

ලක්ෂ්මන් කදිරගාමර් කේන්ද්‍ර‍යේ දී උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කෙ‍මිසම සිව්වන දිනටත් අද රැස් වූ අවස්ථාවේ එම කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය. එල්.ටී.ටී.ඊ සංවිධානය යනු ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී සංවිධානයක් බව එහිදී ඔහු සඳහන් කළේය. මරාගෙන මැරෙන බෝම්බ නිෂ්පාදනය කරමින් මෙරට නායකයින් මෙන්ම සිවිල් ජනතාව ද ඝාතනය කිරීමට ඔවුන් කටයුතු කළ බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. adaderana.lk

ශ්‍රී ලංකාවේ වෛද්‍ය කණ්ඩායමක් පකිස්ථානයට


පකිස්ථානයේ ගංවතුරින් අවතැන්ව සිටින ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් නංවාලීම සඳහා මෙරටින් 17 දෙනෙකුගෙන් සමන්විත විශේෂ වෛද්‍ය කණ්ඩායමක් අද දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. ජනාධිපතිවරයා‍ගේ උපදෙස් මත අදාළ වෛද්‍ය කණ්ඩායම අද පිටත් ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

මෙම වෛද්‍ය කණ්ඩායමට විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකු ඇතුළු වෛද්‍යවරු 6 දෙනෙක්, හෙදියන් 6 දෙනෙක්, ‍ඖෂධවේදින් දෙදෙනෙක් සහ සහායකයින් දෙදෙනෙක් ද ඇතුළත්ය. මෙම පිරිසට අමතරව රුපියල් ලක්ෂ 25 ක් වටිනා ශල්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ තොගයක් යැවීමට ද පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනු ලැබීය. adaderana.lk

යුද අධිකරණයත් අධිකරණයක්-තීන්දුව ගැන විවාද සුදුසු නෑ


යුද අධිකරණ තීන්දු පිළිබඳ විවාද කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා විශේෂ යෝජනාවක් ගෙන ආ යුතු බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

යුද අධිකරණය ද අධිකරණ පද්ධතියේ ම කොටසක් බවත්, ඒ අනුව එහි තීරණ පිළිබඳ විවාද කිරීම නුසුදුසු බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව පළමු යුද අධිකරණයෙන් ලබාදුන් තීන්දුවට අදාළ සියලුම වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස විපක්ෂ නායකවරයා කථානායකවරයාගෙන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

යුද අධිකරණයේ තීන්දු විවාදයට ගැනීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මෙන්ම පාර්ලිමේන්තු ස්ථාවර නියෝග ද උල්ලංඝණය කිරීමක් බව ජී.එල්. පීරිස් මහතා වැඩිදුරටත් පෙන්වාදුන්නේය. adaderana.lk

ෆොන්සේකාගේ පළමු යුද අධිකරණයේ වාර්තා පාර්ලිමේන්තුවට ඉල්ලයි


සරත් ෆොන්සේකා මහතා සම්බන්ධ පළමු යුද අධිකරණයේ සියලු වාර්තා සහිත ලිපිලේඛන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියෝග කරන ලෙස විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ දී කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝණය වී ඇති බව විපක්ෂ නායකවරයා මෙහිදී සඳහන් කළේය.

විපක්ෂනායකවරයාගේ කතාවෙන් අනතුරුව ආණ්ඩු පක්ෂය වෙනුවෙන් මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ කතාවාරය පැමිණ තිබුණ ද ඔහු සභාවේ නොසිටි බැවින් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාට කතාවාරය ලබාදීමට මූලාසනය පියවර ගත් බව අප වාර්තාකරු සඳහන් කරයි.

එහෙත් එයින් අනතුරුව ජී.එල්. පීරිස් මහතා සභාවට පැමිණීමෙන් අනතුරුව තම කතාව ආ‍රම්භ කිරීමට උත්සාහ කළ ද එම අවස්ථාවේ සභාවේ නොසන්සුන් තත්ත්වයක් ඇති වී තිබේ.

සභාවේ ඇතිවූ නොසන්සුන්තාව හේතුවෙන් විනාඩි 5 ක කාලයක් සඳහා පාර්ලිමේන්තුව කල්තැබීමට මීට සුළු වේලාවකට පෙර නියෝජ්‍ය කාරක සභා සභාපති චන්ද්‍රරත්න මුරුගේසු මහතා පියවර ගෙන ඇති බවද සඳහන් වේ.

මගේ අපේක්ෂාව අමාරු ඉලක්ක ජයගැනීමයි -රාජිත


වසර 2013 වන විට මෙරට මන්දපෝෂණය පිටුදැකීම තම ඉලක්කය බව ‍ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. අසීරු ඉලක්ක ජයගැනීම තම අපේක්ෂාව බව අමාත්‍යවරයා පෙන්වාදෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය සැලසුම් කර ඇති පරිදි 2013 වසර වන විට මෙරට මන්දපෝෂණ ප්‍රතිශතය 12% දක්වා අවම කිරීමේ වැඩසටහන අභිබවා මන්දපෝෂණය පිටුදැකීමේ ඉලක්කයකට ක්‍රියා කළ යුතු බව අමාත්‍යවරයා පවසයි.

ධීවර සංවර්ධන ප්‍රවර්ධන වැඩසටහනේ සමාරම්භය වෙනුවෙන් කොළඹ, පදනම් ආයතනයේ අද පෙරවරුවේ පැවති උත්සවයකට සහභාගී වෙමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය. අදාළ ඉලක්කය සපුරා ගැනීමට නම් මෙරට දැනට පවතින ග්‍රෑම් 31 ක දෛනික මාළු පරිභෝජන මට්ටම 60 දක්වා වැඩිකරගත යුතු බව එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය. adaderana.lk

විදුලියෙන් වන හානි වැලකීමට ලංවිම ජනතා සහය පතයි


විදුලි රැහැන් මතට ගස් කඩාවැටීම හේතුවෙන් සිදුවන විදුලිය බිඳවැටීම් හා එමගින් මිනිස් ජීවිතවලට සිදුවන හානිය අවම කරගැනීමට ජනතා සහය අවශ්‍ය බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. විදුලි උපකරණ අපරික්ෂාකාරී භාවිත‍ය හේතුවෙන් සිදුවන අනතුරු ද සුලභ වී ඇති බව එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

‍මේ හේතුවෙන් විදුලි උපකරණ භාවිතයේ දී සුපරීක්ෂාකාරී වන ලෙස ද අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි. විදුලි සැර වැදීම හේතුවෙන් මිය යන පුද්ගලයින්ගේ සංඛ්‍යාව ක්‍රමිකව වර්ධනය වීමක් දක්නට ලැබෙන බව එම අමාත්‍යාංශය පෙන්වා‍දෙයි.

විදුලි රැහැන් පද්ධතිවලට බාධාවන ලෙස ගස්කොළන් වැවීම නොකරන ලෙසත් අකුණු සැර පවතින අවස්ථාවලදී විදුලි උපකරණ භාවිතා නොකරන ලෙසත් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි. adaderana.lk

මට පහරදෙද්දී පොලිස් ස්ථානාධිපතිත් බලාගෙන හිටියා-විජිතගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක්


ගාල්ල පොලීසිය විසින් තමන්ට පහරදුන් බවත්,එමගින් පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝණය වී ඇති බවත් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් හෙතෙම මෙම අදහස් පළ කර තිබේ.

මන්ත්‍රීවරයාගේ කරුණු දැක්වීම මෙපරිදිය.

2010.08.12 වන දින සවස ගාල්ල නගරයේදී පැවැත් වූ විරෝධතා ව්‍යාපාරයට ගාල්ල පොලිසිය විසින් එල්ල කරන ලද ප‍්‍රහාරය පිළිබඳව පැමිණිලි කිරීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රී අර්ජුණ රණතුංග, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් කුමාර සහ පෞද්ගලිකව මමත් එදින සවස 5.00ට පමණ ගාල්ල පොලිසිය වෙත ගියෙමු. පළමුව පොලිස් අධිකාරී සිසිර කුමාර මහතා මුණ ගැසී ඒ බව ඔහු වෙත දැන්වීමු.

ඉන් පසු පැමිණිලි සටහන් කරන ලද ස්ථානයට ගිය විට එහි සිටි පොලිස් පරීක්ෂක ආරියසේන මහතා විසින් ඒ මොහොතේ පැමිණිල්ල ලියා ගැනීම සඳහා ප‍්‍රමාණවත් නිලධාරීන් නොමැති බව දැන්වීය. ඒ සඳහා යම් කාලයක් ගත වන බව දැන ගත් පසු අජිත් කුමාර මන්ත‍්‍රීතුමාත් මමත් නැවත පොලිස් අධිකාරීවරයා මුණ ගැසී ඒ බව දැන්වීම සඳහා ඔහු සිටින ස්ථානයට යාමට පිටත් වුණෙමු. එහිදී පොලිස් කොස්තාපල්වරයකු අපට ඇතුළුවීමට ඉඩ නොදී බාධා කරන ලදී.

එවිට මා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් බවත් පැමිණිල්ලක් කිරීමට අවශ්‍ය බවත් ඔහු වෙත දැන්වීමි. එය නොසලකමින් ඔහු එක්වරම මගේ බෙල්ලෙන් අල්ලා පස්සට තල්ලූ කරනු ලැබුවේය. ඒ මොහොතේම ඔහුත් ඒ අසල සිටි පොලිස් පරීක්ෂක ඩයස් මහතාත් තවත් පොලිස් නිලධාරීන් කීප දෙනෙක්ම එකවර මගේ හිසට පපුවට හා මුහුණට තදින් පහර කීපයක්ම එල්ල කරනු ලැබූහ. ඒ මොහොතේ පොලිස් අධිකාරී සිසිර කුමාර මහතාත් පොලිස් ස්ථානාධිපති කිරිඇල්ල මහතාත් එම ස්ථානයේ මෙම සිද්ධිය බලාගෙන සිටියත් ඔවුන් එය වැළැක්වීමට කිසිදු පියවරක් ගනු නොලැබීය. එකවරම පොලිස් අධිකාරීවරයාගේ නියෝගයක් මත පොලිස් ස්ථානාධිපති කිරිඇල්ල මහතා, එතැන සිටි පොලිස් නිලධාරීන්ට මාවත්, පා. ම. අජිත් කුමාර මහතාත් පළාත් සභා මන්ත‍්‍රී නලීන් හේවගේ මහතාත් කූඩුවට දමන ලෙස නියෝග කරනු ලැබීය. ඉන් මොහොතකට පසු අප විසින් පොලිස් නිළධාරීන්ට පහර දුන් බවට වූ අභූත චෝදනාවක් අප වෙත යොමු කර අපව අත්අඩංගුවේ රඳවා ගනු ලැබීය. පැමිණිල්ල විත්තිය බවට පත් කරනු ලැබීය. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ලෙස අපට පොලිසිය විසින් කරන ලද මෙම පහරදීම හෝ පැවති උද්ඝෝෂණය පිළිබඳ පැමිණිල්ල සටහන් කිරීමට අප ඉල්ලා සිටියද එයට අවස්ථාවක් ලබා නොදුනි.

ගරු කතානායකතුමනි,

පාර්ලිමේන්තුමන්ත‍්‍රීවරුන් වන අපට පොලිසියකදී මෙසේ පහර දෙනු ලබන්නේ නම් සාමාන්‍ය සිවිල් පුරවැසියකුට මුහුණ පාන්න සිදුවන තත්වය ඉතාම ගැටලූ සහගතය. එබැවින් මේ පිළිබඳව ඔබතුමාගේ විශේෂ අවධානය යොමු කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. adaderana.lk

දේව පූජාවක ආහාර ගත් දැරියක් මරුට


බදුල්ල, මඩුල්සිම ප්‍රදේශයේ දේව පූජාවකට සැකසූ ආහාර අනුභව කිරීමෙන් දැරියක ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු එක හමාරක පමණ දැරියකි.

පාචනය උත්සන්න වීමෙන් විජලන තත්ත්වයට පත්වී හෘදය අකර්මන්‍ය වීම හේතුවෙන් අදාළ දැරිය මියගොස් ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත. පසුගියදා එම දේව පූජාව අනුභව කිරීමෙන් තවත් වයස අවුරුදු 10 ට අඩු ළමුන් 15 දෙනෙකු ද රෝගී වී ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

රෝගී වූ දරුවන් සිව්දෙනෙකු මේ වන විටත් බදුල්ල, මැටිගහතැන්න රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල‍ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.adaderana.lk

රට රැකියා ඉල්ලන්න ආ පිරිසක් නොසන්සුන්


විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ගාල්ල ශාඛා‍ව ඉදිරිපිට දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ. කොරියානු රැකියා සඳහා ලියාපදිංචි වීමට පැමිණි පිරිසක් අතර මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගත් බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

අද අලුයම කාලයේ සිට එහි රැඳී සිටි ලියාපදිංචි වීම සඳහා පැමිණි දහස් ගණනක පිරිසට අමතරව පිටස්තර පුද්ගලයින් ලියාපදිංචි කිරීම සිදුවූ නිසා මෙම තත්ත්වය හටගෙන ඇති බව සඳහන්ය. එහිදී ඇතමුන් විසින් විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ කාර්යාලයට ගල්මුල් ප්‍රහාර ද එල්ල කර ඇති අතර එම පිරිස පාලනය කිරීම සඳහා පොලිසිය ද කැඳවා තිබූ බව අද දෙරණ වාර්තාකරු ප්‍රකාශ කළේය. කොරියානු රැකියා සඳහා දිනකට ලියාපදිංචි කෙරෙන්නේ 600 ක පමණ පිරිසක් වුව ද ලියාපදිංචි වීම සඳහා 2000 ක පමණ පිරිසක් පැමිණ සිටි බව සඳහන්ය. adaderana.lk

අතුරුදන් වූ තිදෙනාගෙන් එක් සිරුරක් හමුවෙයි


කිරින්ද මුහුදේ දී බෝට්ටුවක් පෙරළීමෙන් අතුරුදන් වූ තිදෙනාගෙන් එක් අයෙකුගේ සිරුරක් අද අලුයම සොයාගෙන තිබේ. මෙලෙස සොයාගෙන ඇත්තේ දැනට අතුරුදන්ව සිටින දරුවන්ගේ පියාගේ සිරුර බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අතුල සෙනරත් මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් අතුරුදන් වූ ළමුන් දෙදෙනාගේ සිරුරු සොයා මේ වන විටත් මෙහෙයුම් දියත් කර ඇති බව‍ සෙනරත් මහතා පැවසීය. එකම පවුලේ සාමාජිකයින් පිරිසක් ඊයේ පස්වරුවේ කිරින්ද මුහුදේ තල්මසුන් නැරඹීම සඳහා නාවික හමුදාවට අයත් බෝට්ටුවක ගමන් කරමින් සිටිය දී මෙම අනතුර සිදු වී තිබේ.

මෙම අනතුරින් මිය ගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ සිරුරු ඊයේ පස්වරුවේම සොයා ගනු ලැබීය. සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකු ද රෝහල් ගත කර ප්‍රතිකාර ලබන බව අතුල සෙනරත් මහතා සඳහන් කළේය. adaderana.lk

යාපනය -මොරටු වෙළෙඳුන් ගැටෙයි


මොරටුව ප්‍රදේශයේ සිට ලී බඩු අලෙවි කිරීම සඳහා යාපනයට ගිය ව්‍යාපාරිකයින් පිරිසක් සහ යාපනය ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් පිරිසක් අතර ගැටුමක් ඇති වී තිබේ. එම ගැටුමෙන් තුවාල ලැබූ මොරටුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු යාපනය රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.

තුවාල ලැබූවන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව පොලිසිය සඳහන් කරයි. යාපනය ආදිපාද වීදිය අසල දී මෙම ගැටුම හටගෙන ඇති අතර එහි දී මොරටුව ප්‍රදේශයේ සිට පැමිණි ව්‍යාපාරිකයින්‍ට අයත් ලොරියක් ද ගිනි තබා තිබේ.adaderana.lk