
ඩෙංගු වාහක මදුරු මර්දනය සඳහා යොදා ගැනෙන දේශීය නිෂ්පාදිත බී.ටී.අයි බැක්‍ටීරියාව ප්‍රථම වරට යොදා ගැනීම අද සිදුවේ.
නියමු ව්‍යාප්තියක් ලෙස අද දහවල් පෑලියගොඩ ප්‍රදේශයේ දී බී.ටී.අයි බැක්ටීරියාව ඉසින බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය..
කියුබාවේ නිෂ්පාදිත බී.ටී.අයි බැක්ටීරියාව ද ලබන සතිය තුළ ලංකාවට ලැබෙනු ඇති බව මහින්ද අමරවීර නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.
දේශීය නිෂ්පාදිත මෙම බී.ටී.අයි බැක්ටීරියාව මුලින්ම මහනුවර ප්‍රදේශයේ යොදා ගැනීමට නියමිතව තිබුණ ද එහි ඩෙංගු රෝගය පාලනය වී ඇති හෙයින් පසුව මහනුවර ප්‍රදේශයේ ඩෙංගු මර්දනය සඳහා බී.ටී.අයි බැක්ටීරියාව යොදා ගැනීම නවතා දැමුණි. adaderana.lk
0 comments:
Post a Comment