Wednesday, September 1, 2010

යෝජිත කෙටුම්පත ගැන තීරණය කතානායකටයි


යෝජිත ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විභාග කිරීමෙන් අනතුරුව අදාළ තීන්දුව කතානායකවරයා වෙත දැනුම්දීමට කටයුතු කරන බව අද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී තිබේ.

කැබිනට් අනුමැතිය ලැබූ නව ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය පිණිස ඉදරිපත් කිරීම සලකා බලමින් ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල විසින් අද මෙම දැනුම්දීම කර ඇත.

රජය වෙනුවෙන් අද ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දක්වමින් නීති පති මොහාන් පීරිස් මහතා සඳහන් කර සිටියේ වත්මන් ව්‍යවස්ථාව අනුව විධායක ජනාධිපතිවරයාට පත්විය හැක්කේ අවස්ථා දෙකක් පමණක් බවත්,නව ව්‍යවස්ථා කෙටුම්පත මගින් එකී සීමාව ඉවත් කර ඇති බවත්ය.

එසේම නව ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් ජනාධිපතිවරයා මාස 3 ට වරක් පාර්ලිමේන්තුවට සහභාගී විය යුතු බව අවධාරණය කර ඇති බවද පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් නව ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ,විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ ආචාර්ය රොහාන් එදිරිසිංහ යන පාර්ශවයන් විසින් විරෝධතා ගොනු කර තිබිණි.

මෙම සියල්ල සැලකිල්ලට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනත් කෙටුම්පත වැඩිදුර විභාග කිරීමෙන් අනතුරුව ගනු ලබන තීරණය කතානායකවරයාට දැනුම්දෙන බව නියෝග කරන ලදී.adaderana.lk

0 comments:

Post a Comment