Wednesday, September 1, 2010

සපුගස්කන්දෙන් දරුවා උස්සා කුරුණෑගලදී මාට්ටුවෙයි


සපුගස්කන්ද ප්‍රදේශයේ දී දරුවෙකු පැහැර ගැනීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරු කරුණෑගල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව සපුගස්කන්ද‍ පොලිසිය පවසයි.

සපුගස්කන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි නව හැවිරිදි දරුවෙකු පැහැර ගැනීමට ලක් වූයේ ඊයේ උදෑසන වන අතර එම දරුවා මහනුවර , තලාතුඔය ප්‍රදේශයේ ජලාශයක් ආසන්නයේ දමා ගොස් සිටිය දී තලාතුඔය පොලිසිය විසින් සොයා ගනු ලැබිණි.

පසුව අනාවරණය වී තිබුණේ එම දරුවාගේ පියා ය‍ටතේ සේවය කළ පුද්ගලයෙකු එම දරුවා පැහැර ගෙන ගොස් ඇති බවයි.

දරුවා පැහැර ගැනීම සම්බන්ධයෙන් ඔහුගේ පියා විසින් සපුගස්කන්ද පොලිසියට පැමිණිලි කර තිබූ අතර දරුවා ලබා දීම සදහා පැහැර ගත් පුද්ගලයා රුපියල් ලක්ෂ 8 ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බව ද එම පැමිණිල්ලේ සඳහන් වේ. adaderana.lk

0 comments:

Post a Comment