
කිරින්ද මුහුදේ දී බෝට්ටුවක් පෙරළීමෙන් අතුරුදන් වූ තිදෙනාගෙන් එක් අයෙකුගේ සිරුරක් අද අලුයම සොයාගෙන තිබේ. මෙලෙස සොයාගෙන ඇත්තේ දැනට අතුරුදන්ව සිටින දරුවන්ගේ පියාගේ සිරුර බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අතුල සෙනරත් මහතා සඳහන් කළේය.
කෙසේවෙතත් අතුරුදන් වූ ළමුන් දෙදෙනාගේ සිරුරු සොයා මේ වන විටත් මෙහෙයුම් දියත් කර ඇති බව සෙනරත් මහතා පැවසීය. එකම පවුලේ සාමාජිකයින් පිරිසක් ඊයේ පස්වරුවේ කිරින්ද මුහුදේ තල්මසුන් නැරඹීම සඳහා නාවික හමුදාවට අයත් බෝට්ටුවක ගමන් කරමින් සිටිය දී මෙම අනතුර සිදු වී තිබේ.
මෙම අනතුරින් මිය ගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ සිරුරු ඊයේ පස්වරුවේම සොයා ගනු ලැබීය. සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකු ද රෝහල් ගත කර ප්‍රතිකාර ලබන බව අතුල සෙනරත් මහතා සඳහන් කළේය. adaderana.lk
0 comments:
Post a Comment