Monday, March 1, 2010

පොලිස් නිලධාරියාගේ පෙත්සමට අවසර


පසුගිය ජනාධිපතිවරණ සමයේ අපහාසාත්මක පත්‍රිකා ප්‍රවාහනය කළ නාවික හමුදා රථයක් අත්අඩංගුවට ගැනීමෙන් පසු තමන්ව ස්ථාන මාරු කළ බවට චෝදනා කරමින් කුරුණෑගල පොලිසියේ හිටපු ස්ථානාධිපති එම්.එච්.‍කේ. වික්‍රමරත්න මහතා ගොනු කළ පෙත්සමක් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දී තිබේ.
එම ස්ථානමාරුව තුළින් මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවී තිබේ දැයි විභාග කිරීමට තීන්දු කළ ශිරාණි තිලකවර්ධන මහත්මිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසට නොතීසි නිකුත් කළාය.
පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරයා කියා සිටියේ මැතිවරණ සමයේ අදාළ පත්‍රිකා තොගය අත්අඩංගුවට ගැනීමත් සමග කිසිදු පදනමක් නොමැතිව පෙත්සම්කරු මන්නාරමටත් එයින් පසු පොලිස් අධ්‍යාපන විද්‍යාලයටත් මාරු කර යැවීමත් තුළින් මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවී ඇති බවයි.
මෙහිදී පෙත්සම්කරුට එරෙහිව මූලික විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව රජයේ නීතීඥවරිය කියා සිටියාය.
කෙසේ වෙතත් අදාළ ස්ථාන මාරුව තුළින් බැලූ බැල්මට ගැටලු සහගත තත්ත්වයක් පෙනී යන බැවින් ඒ පිළිබඳ විභාගයක් පැවැත්වීමට තීරණය කළ අධිකරණය අදාළ නඩු විභාගය මැයි මස 26 වැනිදා පැවැත්වීමට තීන්දු කළාය.ada

යූ.ඇන්.පියේ ප්‍රතිපත්ති ප්‍රකාශනය දින 10 ක් තුළ ගේනවා


එක්සත් ජාතික පක්ෂය සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරි දින 10 ඇතුළත ඉදිරිපත් කරන බව එම පක්ෂයේ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම, ආර්ථිකය වර්ධනය කිරීම සහ ජීවන බර අඩුකිරීම ඇතුළු වැදගත් කරුණු රැසක් ඊට ඇතුළත් කර ඇති බව තිස්ස අත්තනායක මහතා සඳහන් කරයි.
ඉදිරි මැතිවරණයෙන් බලය ලබා ගත් පසු අමාත්‍ය මණ්ඩලය 35 දක්වා අඩුකරන බව රජය විසින් පුන පුනා ප්‍රකාශ කරනු ලැබූවද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුවද පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සිටි ඇමතිවරුන් 112 දෙනාගේ සියලු වරප්‍රසාද ඒ අයුරින්ම ලබා දීමට රජය කටයුතු කර ඇති වගද කියා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තිස්ස අත්තනායක මහතා කියා සිටියේ පසුගිය ජනාධිපතිවරණ කාලය තුළ රාජ්‍ය සේවකයින් සඳහා වැඩිකළ වැටුප ජනවාරි මාස‍යට එකතු කර නොමැති බවයි. ada

ලොව පුරා මිනිසුන් අද සිට ජෙනරාල් නිදහස් කරන ලෙස පෙත්සම අත්සන් කරයි.


චෝදනා රහිතව හමුදා අත්අඩංගුවට ගෙන තිබෙන ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වහා නිදහස් කරන ලෙස ලංකා ආණ්ඩුවට බලකරමින් ලොවපුරා ජනතාව අන්තර්ජාලය ඔස්සේ අද සිට පෙත්සමක් අත්සන් කිරීමට පියවර ගෙන ඇති බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය පවසා සිටී. එහි ප‍්‍රධාන ලේකම් විජිත හේරත් මහතා පවසා සිටියේ මෙම පෙත්සමට අත්සන් තබන්නන්ට www.freesarathfonseka.com ඔස්සේ අත්සන් තැබිය හැකි බවයි. මේ වන විටත් අන්තර්ජාලය විවෘත කිරීමේ උත්සවය පැවැත්වෙමින් පවතින අතර ලොව පුරා ජනතාව පෙත්සම අත්සන් තැබීමට යුහුසුළු වී ඇති බව හේරත් මහතා වැඩිදුරටත් පැවසීය. truth

ගෑස් මිලෙහි වෙනසක් නෑ


මාස දෙකක් යන තුරු ගෑස් මිල සංශෝධනයකට ලක් නොවන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ගෑස් සඳහා පනවා ඇති ආනයනික බදු ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව ද මීට සුළු මොහොතකට පෙර පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කළේය. කෙසේ වෙතත් ගෘහස්ථ ෂෙල් ගෑස් සිලින්ඩරයක් ‍රුපියල් 240 කින්ද, ලාෆ් ගෑස් සිලින්ඩරයක් රුපියල් 100 කට වැඩි ප්‍රමාණයකින් ද ඉහළ දැමිය යුතු බව අදාළ ගෑස් සමාගම් වෙළඳ හා පාරිභෝගික අමාත්‍යාංශයෙන් පසුගිය දා ඉල්ලීමක් කර තිබුණි.
සෑම මාසයකම අවසන් දිනයේ දී ගෑස් මිල සංශෝධනයක් කිරීම සඳහා ඉල්ලීම් කිරීමට ගෑස් සමාගම්වලට නීතිමය වශ‍යෙන් ලැබී ඇති ඉඩකඩ මත ඔවුන් මෙවර ගෑස් මිල වැඩිකළ යුතු බව යෝජනා කළේය. ada

ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම ව්‍යවස්ථාවට පටහැනියි


හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සරත් ෆොන්සේකා මහතා දේශපාලන සිරකරුවකු බව හිටපු අග විනිසුරු සරත් එන්. සිල්වා මහතා අද ප්‍රකාශ කළේය. එමෙන්ම සරත් ෆොන්සේකා විසින් අප වෙත දිනාදුන් නිදහස ඔහුට අහිමි කර ඇති බව ද ඔහු සඳහන් කළේය.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම අ‍ාණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සරත් ෆොන්සේකා මහතාගේ අත්අඩංගුවට ගැනීම පිළිබඳව අදහස් දක්වමින් හිටපු අගවිනිසුරුවරයා කියාසිටියේය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 15 වන වගන්තියට අනුව හමුදා සාමාජිකයෙකු අත්අඩංගුවට ගත හැක්කේ විනය ආරක්ෂා කරගැනීම සහ යථා පරිදි රාජකාරී කටයුතු ඉටුකරගැනීම යන කරුණු මත පමණක් බව ඒ මහතා පෙන්වාදෙයි. හමුදා නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත් වන බව හිටපු අගවිනිසුරුවරයා සඳහන් කළේය. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා විශ්‍රාමික නිලධාරියෙකු බැවින් ඔහුට මෙම නීතිය බලාත්මක නොවන බව ද හෙතෙම ප්‍රකාශ කළේය.
කෙ‍සේවෙතත් හිටපු අගවිනිසුරුවරයා ඉදිරිපත් කරන මෙම නීති තර්ක සම්බන්ධයෙන් අධි නීතීඥ ගෝමින් දයාසිරි මහතා සඳහන් කළේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ද හමුදාමය තනතුරක් වන බවය. එය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනතෙන් පිළිගෙන ඇති බව ඒ මහතා පැවසු‍වේය. ඒ අනුව හමුදා සාමාජිකයෙකු විශ්‍රාම ගොස් මාස 6ක් යනතුරු හමුදා නීතියට යටත් වන බැවින් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම ව්‍යවස්ථානුකූලව සිදුවූ බව ගෝමින් දයාසිරි මහතා සඳහන් කළේය.ada

ආරක්ෂාව සොයා බලන්නැයි නීතිපතිට නියෝගයක්


විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබාදීමට ඇති හැකියාව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නීතිපතිවරයාට දැනුම් දී තිබේ.
විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන්ට ලබා දී තිබූ ආරක්ෂාව ඉවත් කිරීමට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් 17 දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම අද සලකා බැලූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී ඇත.
විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන්ට ආරක්ෂාවක් ලබා දීමට කටයුතු කර තිබුණේ ඔවුන්ට තර්ජනයක් තිබුණු හෙයින් බවත්,පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කළ පමණින් එකී තර්ජනය පහව ගොස් නැති බවත් පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අද අධිකරණයේදී පෙන්වා දෙන ලදී.
එහෙත් රජයේ නීතිඥයින් කියා සිටියේ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබා දීම නීත්‍යනුකූල දෙයක් නොව එය වරප්‍රසාදයක් පමණක් බවයි. එසේ වුවද පක්ෂ මහ ලේකම්වරුන්ට හා පක්ෂ නායකයන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දීමට පියවර ගෙන ඇති බවද නීතිපතිවරයා මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණයට සඳහන් කරන ලදී.
මෙම කරුණු සලකා බැලීමෙන් අනතුරුව පක්ෂ ලේකම්වරුන්ට සහ නායකයින්ට ලබා දී ඇති තරමින් හෝ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබා දීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් ගාමිණී අමරතුංග මහතා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කරන ලදී.

එෆ්.එම්.දෙරණින් ලෝක වාර්තාවක්


ලෝක ඉතිහාසයේ ගුවන් විදුලි මාධ්‍ය තුළ මෙතෙක් සිදු නොවු ලෝක වාර්තාගත ගීතමය වැඩසටහනක් එෆ්.එම්.දෙරණ නාලිකාවෙන් අද ආරම්භ කරන ලදී..
දශක ගණනක් තිස්සේ යළි යළිත් උපදිමින් මෙරට රසික සිත් සතන් පුබුදු වු අසහාය ගායක එච්.ආර්.ජෝතිපාලයන් ගායනා කළ ගීත පමණක් විසි හතර පැය පුරා විකාශය කිරීම මෙම වාර්තාවයි.. අද පෙරවරු 7ට ඇරඹි මෙම වැ‍ඩසටහන හෙට උදෑසන 7 දක්වා ක්‍රියාත්මක වේ. ගිනස් ලෝක වාර්තාවක් බවට පත්වන මෙම වැඩසටහන අධීක්ෂණය සඳහා ගිනස් කමිටුවේ නීරීක්ෂකයන් ද එෆ්.එම්.දෙරණ මැදිරියට පැමිණීමට නියමිතය. ශ්‍රි ලාංකේය ශ්‍රාවකයන්ට නවමු අත්දැකීමක් වු මෙම ලෝක වාර්තා ගත වැඩසටහන සමග එක්වන ලෙස එෆ්.එම්.දෙරණ ශ්‍රාවක ඔබට ඇරයුම් කර සිටියි. ada

ගෑස් මිලෙහි සංශෝධනයක්


මෙරට ගෑස් මිල අද සිට සංශෝධනය කරන බව වෙළඳ හා පාරිභෝගික කටයුතු පිළිබඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ගෑස් සමාගම් සමග කළ සාකච්ඡා වලදී ගෘහස්ථ ෂෙල් ගෑස් සිලින්ඩරයක් ‍රුපියල් 240 කින්ද, ලාෆ් ගෑස් සිලින්ඩරයක් රුපියල් 100 කට වැඩි ප්‍රමාණයකින් ද ඉහළ දැමිය යුතු බව ඉල්ලා ඇති බව ඔහු සදහන්‍ කළේය. පාරිභෝගික සේවා අධිකාරිය සහ මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කිරිමෙන් පසු ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් අද තීරණයක් ගන්නා බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
පසුගිය දෙසැම්බර් මාසයේදී අවසන් වරට ගෑස් මිල සංශෝධනය වු අතර එහිදි ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 60 කින් පහළ ගියේය. එම අවස්ථාවේදී ෂෙල් ගෑස් සිලින්ඩරයක මිලෙහි වෙනසක් සිදු‍වුයේ නැත.ada

එල්.ටි.ටි.ඊ. සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරිමට අවසර


වව්නියාවේ සහන ගම්මාන වල සැඟවී සිටියදි අත්අඩංගුවට ගත් ප්‍රබල එල්.ටි.ටි.ඊ. සැකකරුවන් 14 දෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කිරිමට රහස් පොලිසියට අවසර හිමිව තිබේ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පා ජානකී රාජරත්න මහත්මිය හමුවට මෙම සැකකරුවන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් දින 90 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මහේස්‍ත්‍රාත්වරිය අවසර ලබාදුන්නේය. වන්නි යුද මෙහෙයුමෙන් පසුව මැණික් ෆාම් සහන ගම්මානයේ සැඟවි සිටියදී ත්‍රස්ත මර්දන ඒකකය විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබුණි.
එම සැකකරුවන් පසුගිය කාලය තුළ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ත්‍රස්ත ක්‍රියා වලට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇතැයි ‍රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. adade

Sunday, February 28, 2010

ජෙනරාල් නිදහස් කරන්නැයි බලකරමින් අන්තර්ජාල පෙත්සමක්


කිසිදු චෝදනාවක් එල්ල නොකර යුද හමුදා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රදවා තබා ගෙන සිටින හිටපු යුද හමුදාපති, ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වහා නිදහස් කරන ලෙස ආණ්ඩුවට බල කරමින් අන්තර්ජාල පෙත්සමක් අත්සන් තැබීමට ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය තීරණය කර තිබේ.
ඒ අනුව එම පෙත්සම විවෘත කිරීම හෙට පෙරවරු 10.00 අනෝමා ෆොන්සේකා මහත්මියගේ ප්‍රධානත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පක්ෂ කාර්යාලය තුළදී සිදුකරන බව එම පක්ෂයේ මාධ්‍ය ඒකකය පැවසීය. මෙම අවස්ථාව සදහා හිටපු අග්‍රවිනිශ්‍යකාර සරත් එන් සිල්වා මහතා ප්‍රමුඛ විද්වතුන්, කළාකරුවන් ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගීවීමට නියමිතය.truth

තේ අපනයනයෙන් ශ්‍රී ලංකාව හිමිකර ගෙන තිබූ ලෝක කුසලානය කෙන්යාවට

ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අකර්්‍යක‍ෂමතාවය නිසා මෙතෙක් ලොව විශාලම තේ අපනයනකරුවා ලෙස ශ්‍රී ලංකාව හිමි කරගෙන තිබු කීර්ති නාමය කෙන්යාව විසින් හිමි කර ගෙන ඇතැයි දේශීය තේ අපනයන කරුවන් චෝදනා කර සිටියි.
පසුගිය වසරේ කෙන්යාව විසින් තේ කිලෝ ග්‍රෑම් මිලියන 342 ක් ලෝක වෙළඳ පොල වෙත යොමු කර ඇති අතර එය ලෝක තේ අපනයනයෙන් 22% ක අගයක් බව පැවසේ.එම කාලය තුළ ශ්‍රී ලංකාව ලෝක වෙළෙඳ පොලට යොමු කර ඇති තේ ප්‍රමාණය වන්නේ කිලෝ ග්‍රෑම් මිලියන 280 කි.මෙසේ ශ්‍රී ලංකාවේ තේ අපනයනය වසර කීපයක් තිස්සේ පහත වැටීමට හේතු වී ඇත්තේ තේ වගාවට සුදුසු බිම් නිසි ලෙස වගා නොකිරීම, නුසුදුසු පොහොර වර්ග භාවිතය හා තේ සම්බන්ධ අපනයනයන්හි ඇති දූෂණ ක්‍රියා බව ප්‍රධාන පෙළේ තේ අපනයන කරුවන් ප්‍රකාශ කරයි. මීට අමතරව ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදන වියදම සෙසු රටවලට වඩා ඉහළ මට්ටමේ ඇති බවද පවසන දේශීය තේ අපනයනකරුවන් ශ්‍රී ලංකාවට ලෝක තේ වෙළෙඳ පොලේ දැන් හිමිව ඇත්තේ සිව්වන ස්ථානය බවත් ඉන්දියාව හා චීනය පවා මෙරටට ඉදිරියෙන් සිටින බවත් පවසයි.lankae

අපේක‍ෂකයින් 660 යි: ඉතිහාසයේ දිගම ඡන්ද පත්‍රිකාව මුද්‍රණයත් ගැටළුවක්

ඉතිහාසයේ වැඩිම අපේක‍ෂක සංඛ්‍යාවක් තරඟ කිරීම නිසා මෙවර අම්පාර දිස්ත්‍රික්කයේ ඡන්ද පත්‍රිකාව අඩි 4 කටත් වඩා දිගු වන බැවින් මුද්‍රණය කිරීම පවා ගැටළු සහගත තත්ත්වයකට පත්ව ඇතැයි මැතිවරණ කොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග පවසයි.
අම්පාර දිස්ත්‍රික්කයට කණ්ඩායම් 66 ක් තරඟ කරති. එක් අපේක‍ෂක ලැයිස්තුවක අපේක‍ෂකයින් 10 දෙනෙකු සිටින අතර මුළු අපේක‍ෂක සංඛ්‍යාව 660 ක් වේ. මේ සියළු දෙනාගේම නම් ඡන්ද පත්‍රිකාවේ සඳහන් කළ යුතු බැවින් එය සාමාන්‍ය ඡන්ද පත්‍රිකාව මුද්‍රණය කරන අයුරින් මුද්‍රණය කළහොත් අඩි 4 කට වඩා දිගු වේ. මේ නිසා නව ආකාරයක ඡන්ද පත්‍රිකාවක් කෙරෙහි කොමාසාරිස් කාර්යාලයේ අවධානය යොමුවී තිබේ.
මෙලෙසම මඩකලපුව දිස්ත්‍රික්කයේ ද කණ්ඩායම් 44 ක් තරග කරන බැවින් එහි ඡන්ද පත්‍රිකාවත් ඉතා දිගු එකක් වී ඇත.
අම්පාර සහ මඩකලපුවේ අසාමාන්‍ය ලෙස ස්වාධීන කණ්ඩායම් තරඟ කිරීමට හේතුව වී ඇත්තේ පසුගිය මැතිවරණ වලදී මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියාවන්ට මුහුණ දුන් අපේක‍ෂකයන්ට ආපදා කළමණාකරන අමාත්‍යාංශය මගින් අවමය රුපියල් ලක‍ෂ 5 ක් ගෙවා ඇති බැවින් කුමන හෝ ක්‍රියාවක් සිදුකරගෙන මුදල් ලබා ගැනීමේ කූඨ අපේක‍ෂාවක් නිසා බව තතු දත් ආරංචි මාර්ග පවසයි. lankae

නීති කඩන මාධ්‍යයන්ට අධිකරණයට අපහාස කිරිම යටතේ නඩු පවරනවා- මැතිවරණ කොමසාරිස්

පසුගිය ජනාධිපතිවරණය වෙනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් මාධ්‍ය ආයතන වෙත පනවන ලද නිර්දේශ මෙවර මහා මැතිවරණයේදී පිළිනොපදින සියලූම මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආයතනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මැතිවරණ කොමසාරිස්වරයා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.
එම නිවේදනයෙන් කොමසාරිස්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගය පිළිනොපදින සියලූම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන වෙතොත් ඔවුන්ට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නඩු පවරන බවයි.
නිම වූ ජනාධිපතිවරණයේදී විශේෂයෙන් රාජ්‍ය මාධ්‍යයන්හි හැසිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 3 ක් ඉදිරිපත් වූ අතර, එහිදී පෙත්සම්කරුවන් කියා සිටියේ රාජ්‍ය මාධ්‍යයෙන් විපක්ෂයට කිසිදු ඉඩකඩක් නොදී ඒක පාර්ශවීයව කටයුතු කරන බවයි.lankae

ජනතා අවශ්‍යතාවයන්ගෙන් 1/3 ක් ඉටු නොකළ ආණ්ඩුව 2/3 ක බලයක් ඉල්ලා සිටීම පැරදවිය යුතුයි – විජිත හෙරත්


මේ මොහොතේදී රටේ දේශපාලනයේ අලූත් තත්වයක් නිර්මාණය කර තිබෙනවා. පසුගිය මැතිවරණයේදී මෙන්ම මෙම මැතිවරණයේදීත් ඉඞී මහින්දගේ මැරකම් ක‍්‍රියාත්මක කර තිබෙනවා. නමුත් අප මෙම මර්ධනකාරී තත්වයන් පරාජය කරමින් අලූත් බලාපොරොත්තු තබා ගෙන නව ගමනක් යමින් තිබෙනවා. මේ සන්ධානය යුක්තියේ හා සාධාරණත්වය රජ කරන තැනක් බවට මේ වන විට ජනතාවගේත් විශ්වාසය වි තිබෙන බව අද (28* පෙරවරුවේ කොළඹ, රාකීය මාවතේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වූ එම පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් විජිත හේරත් මහතා ප‍්‍රකාශ කර සිටියේය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
මෙවර මහ මැතිවරණය සදහා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය කුසලානය යටතේ දිස්ත‍්‍රික්ක 22කටම නාම යෝජනා භාරදී තිබෙනවා එසේම කිසිදු ප‍්‍රති‍ක්‍ෂ්ප වීමකින් තොරව එවා පිළිගෙන තිබෙනවා. දෙමළ අපේක්‍ෂකයින් 22 මුස්ලිම් අපේක්‍ෂකයින් 21 කාන්තාවන් 11 දෙනෙක් අපි මෙවර මැතිවරණයට ඉදිරිපත් කර තිබෙනවා. මඩකලපුවෙන් කාන්තාවක්ද ඉදිරිපත් කර තිබෙනවා අප පක්‍ෂයේ ජාතික ලැයිස්තුවට විද්වතුන් රැසක් ඉන්නවා ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙක්, මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් එවගේම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මැතිතුමා රුහුණ සරසවියේ කථිකාචාර්ය ජිනසේන හේවගේ මහතා ,මානව හිමිකම් හ යහ පාලනය පිලිබඳ ආචාර්ය නීතිඥ කරුණාරත්න හේරත් මහතා හා ප‍්‍රවීන රංගන ශිල්පිනී සුවිනීතා වීරරත්න මහත්මිය ඇතුළු විශාල විද්වත් පිරිසක් අප සමග එකතු වි සිටිනවා.
අපි ජනතාවට කියනවා. මේ රටේ සෞඛ්‍ය ක්‍ෂෙත‍්‍රය පිරිහී තිබෙනවා, අධ්‍යාපන ක්‍ෂෙත‍්‍රය දැයේ දරුවන් මංමුලාකරන්නක් බවට පත්කර තිබෙනවා. රටේ ජනතාවගේ මූලික අවශ්‍යතාවන්ගෙන් තුනෙන් එකක්වත් ඉටුකිරීමට ආණ්ඩුව සමත්ව නැහැ. බඩු මිළ අහස උස ගිහින්, ගෑස් මිල හෙට සිට වැඩිකරනවා.ජී.එස්.පී. ප්ලාස් සහනය යුද්දයක් නොමැති තත්වයක් ඇතුලේ දීත් අහිමිකරගෙන තිබෙනවා. මෙයට බලපෑවේ රටේ ජනමාධ්‍යවේදීන් අතුරුදන් කිරීම, ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ගමනයි. ජනතා අවශ්‍යතාවයන්ගෙන් තුනෙන් එකක්වත් මේ ආණ්ඩුව ඉටුකර නැහැ. ඒ වෙනුවට තුනෙන් දෙකක
බලයක් ඉල්ලා සිටිනවා. දැන් මේ යන්නේ ජේ.ආර්. ගිය ගමනයි. එමගින් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී වැඩ පිළිවෙල මීට වඩා හොදින් ක‍්‍රියාත්මක කළ හැකියි.
මෙම ගමන නවතා දැමීමටයි අපි මේ සන්ධානය ආරම්භ කළේ, නමුත් මෙහි නායක සරත් ෆොන්සේකා මහතා සිරකර තිබෙනවා. අපි මේ මැතිවරණය ජනතා අධිකරණයක් විදියට පාවිච්චි කරනවා. එමගින් ඔහුට මේ රටේ මහජනතාව යුක්තිය ඉටු කළාවි යැයි අපි විශ්වාස කරනවා. ජාතිය නිදහස් කරගත් අභීත සෙන්තියාට කළගුණ සැලකීමේ අවස්ථාව දැන් උදා වී තිබෙනවා. මෙවර මැතිවරණයේදී ඔබේ පළමු කැමැත්ත යුක්තියට ලබාදෙන්න. සරත් ෆොන්සේකා මහතාට ලබා දෙමින් ඔහුට යුක්තියට ඉටු කරන්න. අපි සියලූ පක්‍ෂවල සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ වන අසාධාරණයට එරෙහිව යුක්තිය වෙනුවෙන් සිරගතව සිටින ඔහුට මනාපය ලබා දී කොළඹ දිස්ත‍්‍රිකයෙන් සරත් ෆොන්සේකා මහතා පළමු තැනට පත්කරන්න කියා.
මේ ප‍්‍රවෘත්ති සකච්ඡුාව සදහා සරත් ෆොන්සේකා මහතාගේ බිරිද වන අනෝමා ෆොන්සේකා මහත්මිය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයෙන් කළුතරට තරඟ වදින අර්ජුන රණතුංග මහතා ඇතුළු මෙම සන්ධානයට සහයෝගය දක්වන නායකයින් සහභාගී වි සිටියහ.

රනිල් ‘ම’ පාර්ශවයේ නාමයෝජනා වැරැද්ද යටගැසීමේ තැතක්


මොණරාගල දිස්ත‍්‍රික්කය සදහා ‘මා’ පාර්ශවයේ තිස්ස කුට්ටිආරච්චි මහතාගේ නම මකා දැමීම සම්බන්ධයෙන් එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අනුගමනය කළ ක‍්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් ඒ මහතා රනිල් වික‍්‍රමසිංහ මහතා හා එ.ජා.පය වෙත තම විරෝධය පළකර ඇත. ඒ අනුව තම නම ඉවත් කිරීම සම්බන්ධයෙන් සෘජුව වගකිව යුතු වන්නේ එ.ජ.පයේ නායකයා බව පවසන ඒ මහතා තමා ඌව පළාත් සභාවට තරඟ කොට වැඩිම ඡන්ද ප‍්‍රතිශතයක් ලබාගත් අතර මොණරාගල දිස්ත‍්‍රික්කයෙන් දෙවන ඡන්ද ප‍්‍රතිශතයද හිමිකරගත් බව පවසා සිටියේය.
මෙම වැරැද්ද සම්බන්ධයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා මද්දුම බණ්ඩාර මහතා වෙත චෝදනා එල්ල කරන මුත් නාමයෝජනා යැවීම හා එම ක‍්‍රියාදාමය සම්බන්ධයෙන් අදාළ මැදිහත්වීම සිදුකර නොමැති බවට ඔහු චෝදනා කරයි. ’ම‘ පාර්ශවය මෙම මැතිවරණයේදී මොණරාගලින් සැලකිය යුතු ඡුන්ද ප‍්‍රතිශතයක් ලබා ගන්නා බැවින් එය වැලැක්වීමේ අරමුණින් මෙවැනි ක‍්‍රියාදාමයක් සැලසුම් සහගතව සිදුකරන්නට ඇති බවට සැක පහල වන බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටී. truth

සන්ධානය එකට ගැටෙයි


එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා තරග වදින සිසිර ජයකොඩි මහතාගේ කාර්යාලයට මැර ප්‍රහාරයක් එල්ල වී තිබේ.
ඊයේ රාත්‍රීයේ මෙම මැර ප්‍රහාරය එල්ල වූ බව සිසිර ජයකොඩි මහතා සඳහන් කරයි. නාමයෝජනා බාර දීමෙන් අනතුරුව තමන් ජනහමු පැවැත්වූ ස්ථාන කිහිපයක නිවෙස් වලට ඊයේ මෙම මැර පිරිස පහර දී ඇති බව ජයකොඩි මහතා කියා සිටියි.
හිටපු අමාත්‍ය වරයෙකුගේ ආධාකරුවන් පිරිසක් විසින් මෙම ප්‍රහාරය එල්ල කළ බවට සිසිර ජයකොඩි මහතා පෑලියගොඩ පොලීසියට සිදු කළ පැමිණිල්ලේ සඳහන් වේ.
මේ අතර මනාප පොරයෙන් වැළකී සදාචාර දේශපාලනයක නිරත වන බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලු අපේක්ෂකයෝ ඊයේ අනුරාධපුර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ ප්‍රතිඥා දුන්හ. ada

මහ මැතිවරණයට නයි කැඳවයි


මෙවර මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් ගණනාවක් තරඟවදින නිසාවෙන් ඒ ඒ කණ්ඩායම් වලට ලබාදිය යුතු මැතිවරණ ලාංඡන සම්බන්ධයෙන් බලවත් ගැටලුවක් පැන නැඟීම හේතුවෙන් අලුත් මැතිවරණ ලකුණු කිහිපයක් හඳුන්වා දී තිබේ.
විශේෂයෙන්ම අම්පාර දිස්ත‍්‍රික්කයට ස්වාධීන කණ්ඩායම් 44 ක් තරග කිරීම නිසා නව ඡන්ද ලකුණු 20 ක් හඳුන්වා දීමට මැතිවරණ කොමසාරිස්වරයාට සිදුවී ඇත.
ඒ අනුව කඟවේනා,ගිරවා,නයා,බල්ලා, වැනි සතුන් ද ළිඳ, ඇඳ, ජලකරාමය, මිටිය, කඩුව, පරිගණකය, මේසන් හැන්ද, විදුලි පන්දම වැනි උපකරණද අඹ, ජම්බු වැනි පළතුරු ද හඳුන්වා දී තිබෙනු දක්නට ලැබේ.
මේ වන විට මෙම නව ඡන්ද සලකුණු ඇතුළත් විශේෂ ගැසට් පත‍්‍රයක් ඉදිරිපත් කිරීමට ද මැතිවරණ කොමසාරිස්වරයා කටයුතු කර ඇත. ada

අතපෙවීම් එපා-උද්ඝෝෂණය හෙට


ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නවලට අතපෙවීමට බ්‍රිතාන්‍යයන් දරන උත්සාහයට එරෙහිව මෙරට බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට ජාතික නිදහස් පෙරමුණ තීරණය කර තිබේ. එම පක්ෂයේ මහජන නියෝජිතයින්ගේ ‍සහභාගීත්වයෙන් මෙම උද්ඝෝෂණය හෙට දිනයේ දී පැවැත්වීමට නියමිතව ඇත.
එල්.ටී.ටී.ඊ හිතවාදී දෙමළ ඩයස්පෝරාව ලන්ඩන් නුවර දී පැවැත්වූ ජාත්‍යන්තර දෙමළ සමුළුවට බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් සහභාගී වීම මෙම විරෝධතාවයට ප්‍රධානතම හේතුව බව ජාතික නිදහස් පෙරමුණ සඳහන් ‍කරයි.
ද්‍රවිඩ සමුළුවට පැමිණ සිටි පිරිස් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ගෝඩ්න් බ්‍රවුන් සමග වි‍ශේෂ සාකච්ඡාවක ද නිරත වු බව වාර්තා විය. මෙම සමුළුව ඇමතූ විදේශ ලේකම්වරයා සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකාවේ යුද්ධය පැවති කාලසීමාව තුළ සිදුවූ යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විය යුතු බවයි.
එසේම බලය බෙදාහැරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථා සංශෝධනයකට ශ්‍රී ලංකාව යොමු විය යුතු බව ද මිලිබෑන්ඩ් මහතා සඳහන් කර තිබේ.
මිලිබෑන්ඩ් මහතා මෙම දේශනයට සහභාගී වීම පරාජයට පත්වූ ත්‍රස්තවාදයට නැවත පණදීමක් බවයි මෙරට විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා පවසා තිබිණි. ada

බහින් බස් දුර යයි- අයෙක් කම්බස් වෙයි


පාදුක්ක, බෝපේ ප්‍රදේශයේ දී පිහියකින් ඇන ‍පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. මුදල් ආරවුලක් සම්බන්ධයෙන් වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ‍ජ‍යකොඩි මහතා සඳහන් කරයි.
ඝාතනයට ලක්ව ඇත්තේ බෝපේ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි පුද්ගලයෙකි.. ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පිළිබඳ තොරතුරු අනාවරණය කර ගෙන ඇති අතර ඔවුන් මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පොලිසිය පවසයි.
පාදුක්ක පොලිසිය මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වයි.ada

පුද්ගලික බස් රථ 2000 ක් සූදානම්


පාර්ලිමේන්තු මැතිවරණ කටයුතු සඳහා බස් රථ දෙදහසකට වැඩි ප්‍රමාණයක් යෙදවීමට කටයුතු යොදා ඇති බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරන පරිදි යාපනය සහ වන්නි මැතිවරණ දිස්ත්‍රික්ක සඳහා ප්‍රමාණවත් පරිදි බස් රථ ලබා දීමට නියමිතය. මැතිවරණ මහ ලේකම් කාර්යාලය තමන්ගෙන් කළ ලිඛිත ඉල්ලීමකට අනුව මෙම තීරණය ගත් බව ගැමුණු විජේරත්න මහතා සඳහන් කරයි. පසුගිය ජනාධිපතිවරණ‍යේ දී යාපනය සහ වන්නි දිස්ත්‍රික්ක වල ප්‍රවාහන කටයුතු වල ගැටලුවක් ඇති වුවද මෙවර එය ඇති නොවන ආකාරයට ප්‍රවාහන සේවය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව හෙතෙම කියා සිටියි.
බස් රථ‍ යොදා ගැනීමෙන් ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක ඡන්ද පෙටිට් එකවර ප්‍රවාහනය කළ හැකි බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පෙන්වාදෙයි. ඡන්ද පෙට්ටි ප්‍රවාහනය සහ අනෙකුත් රාජකාරි කටයුතු සඳහාත් මෙම බස් රථ යොදා ගැනීමට නියමිතව ඇත. ada

කෝටි ගණන් කොල්ල කෑ කොල්ලකරුවන් කොටු


කෝටි ගණනක රත්‍රං සහ මුදල් මංකොල්ල කෑ ප්‍රධාන පෙළේ කල්ලියක් කොටු කර ගැනීමට රාගම පොලීසිය සමත්ව තිබේ.. රාගම පොලිසියේ ස්ථානාධිපතිවරයා සඳහන් ක‍රන පරිදි මෙම කොල්ල කල්ලිය ලක්ෂ 70 කට අධික රත්‍තරං කොල්ල කා ඇති බවට තහවුරු කර ගෙන ඇත. විවිධ ක්‍රම වලින් කොල්ල කෑ මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 02 කට වැඩි බව පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියි. කොල්ල කල්ලියට සම්බන්ධ පුද්ගලයින් 6 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ළඟ තිබී ගිනි අවි 02 ක් ද සොයා ගෙන ඇති බව පොලිසීය පවසයි. ada

කච්චතිව් දූපතේ දේව මෙහෙය අදයි


කච්චතිව් දූපතේ පැවැත්වෙන දේව මෙහෙය ශ්‍රී ලාංකීය සහ ඉන්දීය ජාතිකයින්ගේ සහභාගීත්වයෙන් වසර ගණනාවකට පසුව අද පැවැත්වේ. යුද්ධය ආරම්භ වීමෙන් පසු මෙම දූපතේ මෙවැනි දේව මෙහෙයවල් පැවැත්වීම නවතා දමනු ලැබිණි. කච්චතිව් දූපතේ පැවැත්වෙන දේව මෙහෙයට ඉන්දීය ජාතිකයින් විශාල පිරිසක් අද දිනයේ සහභාගි වන බව විදෙස් මාධ්‍ය පවසයි.
පුද්ගලයින් පන්දහසකට අධික පිරිසක් මෙම දේව මෙහෙයට සහභාගි වන බව වාර්තා ‍වන අතර ශ්‍රී ලාංකිකයන් දෙසීයයකට අධික පිරිසක් සහභාභි වීමට නියමිත බව ද සඳහන් වේ.
මෙම දේව මෙහෙය පැවැත්වෙන්නේ ශාන්ත මරියා දේවස්ථානය තුළය. පසුගිය දා දකුණු ඉන්දීය ප්‍රධාන අමාත්‍ය ජය ලලිතා ජය රාම් මහත්මිය සඳහන් කළේ මෙම දූපත ඉන්දියාව සතු වන බවයි.
එහෙත් ජාත්‍යන්තර නීතියට අනුව කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට අයිති බව ඉන්දියාව පිළිගෙන ඇතැයි ශ්‍රී ලංකා රජය පවසයි. ada

97,000 ක් තාමත් අවතැන්වෙලා


අවතැන් වූ කඳවුරු වල සිටින පුද්ගලයින්ගේ සංඛ්‍යාව අනූහත් දහස දක්වා අඩු වී ඇති බව ආපදා සහන සේවා සහ නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය පෙන්වා දෙන පරිදි මුලතිවු නගරය හැරුනු විට වන්නි පළාතේ ප්‍රධාන නගර කිහිපයකම පුද්ගලයින් නැවත පදිංචි කරවා තිබේ.
තුනුක්කායි සහ ඔඩ්ඩුසුඩාන් නගර වල පසුගිය දින දෙක තුළ පුද්ගලයින් දහසකට වැඩි පිරිසක් පදිංචි කළ බව එම අමාත්‍යාංශය සඳහන් කරයි
. මුලතිව් නගරය සහ ඒ අවට ප්‍රදේශ වල බෝම්බ ඉවත් කිරීමේ කාර්යය ඉතා වේගයෙන් සිදු වන අතර එය අවසන් වීමෙන් අනතුරුව එම ප්‍රදේශය තුළ ජනතාව පදිංචි කිරීමට බලාපොරොත්තු වන බව ආපදා සහන සේවා සහ නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයේ ලේකම් යූ.එල්.එම් හල්දීන් මහතා කියා සිටියේය.ada

Saturday, February 27, 2010

කිරි අප්පොච්චිගේ අවවාද

දිවයින කතුවැකිය ඇසුරින්
අපගේ මී මුත්තාගේ කිරි අප්පොච්චි වන ඇමරිකාව නීතිය ක්‍රියාත්මක කරන හැටි අපට කියා දෙන අයුරු අද "දිවයිනේ" සඳහන් ය. මේ කිරි අප්පොච්චි වූ කලී ශ්‍රී ලංකාවේ හිටපු ඇමරිකානු තානාපති රොබට්‌ බ්ලේක්‌ ය. අප බ්ලේක්‌ට මී මුත්තාගේත් කිරි අප්පොච්චි කියන්නේ ඇයි? ඔහු ඒ තරමටම තමන් වැඩිහිටි බව සිතා සිටින නිසා ය. ඔහු අපට දෙන උපදෙස්‌ මෙසේ ය
* ජෙනරාල් අත්අඩංගුවට ගත් ආකාරය ගැන ඇමරිකාව තුළ ප්‍රසාදයක්‌ නැත.
* ජෙනරාල්ට විරුද්ධව ඇති චෝදනා ලක්‌ රජය විසින් වහා ප්‍රකාශයට පත් කළ යුතු ය.
* ජෙනරාල් සම්බන්ධයෙන් ක්‍රියා කළ යුත්තේ යුද නීතියට අනුව නොව සිවිල් නීතියට අනුව ය.
* ඉතිරිව සිටින ලක්‍ෂයක්‌ වූ යුද අනාථයන් වහා ඔවුන්ගේ ගම් බිම් බලා යෑවිය යුතු ය.
* ජාතික සමගිය ඇති කිරීම සඳහාත්, බලය බෙදාහැරීම සඳහාත් රජය කටයුතු කළ යුතු ය.
* යුද්ධයේදී මිනිස්‌ අයිතීන් උල්ලංඝනය වූයේ ද යන්නත්, යුද අපරාධ සිදුවේද යන්නත් සොයා බැලිය යුතු ය.
ඉහත සඳහන් කරුණු කියවන අපට නැගෙන මතකයක්‌ තිබේ. ඒ වූ කලී ජෙනරාල්ගේ බෑණාගේ මව වන අශෝකා තිලකරත්න මහත්මිය භාරයේ තිබූ සල්ලි සේප්පුව තුළ වූ ඇමරිකන් ඩොලර් පන්ලක්‍ෂ හැත්තෑපන්දාහයි. ඒවා අලුත් ම අලුත් ඇමරිකන් ඩොලර් ය. ඒ සිද්ධිය අමතක කිරීමට අප නිරන්තරයෙන් උත්සාහ කරන නමුදු ඇමරිකාව සම්බන්ධයෙන් ප්‍රවෘත්තියක්‌ දකින හැම විටකම අපට සිහි වන්නේ එම පුවත ය. එය බ්ලේක්‌ට හෝ මේ කතාවට සම්බන්ධ නැත.
ශ්‍රී ලංකාවේ ගත කළ කාලය තුළ මේ රටේ අභ්‍යන්තර ප්‍රශ්නවලට බ්ලේක්‌ තරම් අත පෙවූ වෙනත් ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයකු නැති තරම් ය. ඔහු තානාපති කම හැරුනු විට අනෙක්‌ හැම දෙයක්‌ ම කළේ ය. මේ රටේ ජනමාධ්‍ය සම්බන්ධයෙන් මැදිහත්කරුවකු වීමට උත්සාහ කළේ ය. ආසියානු මහාද්වීපයේ පිහිටි මර්මස්‌ථානයක්‌ වූ ශ්‍රී ලංකාව පාලනය කිරීමට ඔහු දැරූ උත්සාහයට ගරු කිරීමක්‌ වශයෙන් දෝ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව දකුණු සහ මධ්‍යම ආසියාව භාර රාජ්‍ය ලේකම් ලෙස ඔහුට උසස්‌වීමක්‌ දුන්නේය. එම තනතුරේ හිඳිමින් ඔහු බී.බී. සී. ගුවන් විදුලියට දුන් පෙර කී උපදෙස්‌ ඉන්දියාවේ හින්දු පත්‍රයේ වෙබ් අඩවියේ පළවී තිබේ.
බ්‍රිතාන්‍යය විසින් ලංකාව හා ඉන්දියාව පාලනය කළ කාලයේදී මහ රැජනගේ නියෝජිතයා හෙවත් යුව රජ වූයේ ලුවී මවුන්ට්‌ බැටන් ය. අධිරාජ්‍යවාදයේ පාරම්පරික හවුල්කරුවකු වූ මවුන්ට්‌ බැටන් පවා රොබට්‌ බ්ලේක්‌ ආකාරයෙන් ලංකාව සම්බන්ධයෙන් හැසිරී නැත. ජෙනරාල් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඇමරිකාව මොනවා සිතුවත් අපට මොකද? රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක සැකකරු වූ ඔහු, ඔහුට හිමි විය යුතු සැලකිලිවලටත් වඩා බොහෝ ඉහළින් සළකා අත්අඩංගුවට ගන්නා ලදී. රොබට්‌ බ්ලේක්‌ බලාපොරොත්තු වන්නේ ජෙනරාල් සුවඳ පැනින් නහවා, දෝලාවක තබාගෙන යැමද? අනෙක ජෙනරාල්ට විරුද්ධව කටයුතු කරන්නේ යුද නීතිය යටතේ ද, නැතහොත් සිවිල් නීතිය යටතේ ද යන්න තීරණය කරන්නේ බ්ලේක්‌ නොව මේ රටේ ජනයා ඡන්දයෙන් පත් කළ ආණ්‌ඩුව ය. ඇමරිකාව බෝම්බ දමා ඇෆ්ගනිස්‌ථානය විනාශ කළේ ය. ඉරාකය කුඩුපට්‌ටම් කළේය. ඉරාකයට සහ උතුරු කොරියාවට චෞර රාජ්‍ය යන හංවඩුව ගැසුවේ ය. සදාම් හුසේන් එල්ලා මැරීම සඳහා තොන්ඩුව සාදන ලද්දේ ඇමරිකාව ය. එල්ලුම් ගසේ ලීවරය ක්‍රියාත්මක කළේ ඉරාක ජාතිකයකු වුව ද එම අළුගෝසුවාගේ අත ඇමරිකන් රූකඩ අතකි. යම් හෙයකින් ඇමරිකාව ඔසාමා බින් ලාදින් අල්ලා ගතහොත් ඔහු සුවඳ පැනින් නහවා දෝලාවක තබාගෙන ධවල මන්දිරයට ගෙන ගොස්‌ සිවිල් නීතියට අනුව නඩු අසා නිදහස්‌ කරන ලෙස අපි ඇමරිකාවෙන් ඉල්ලමු.
ජාතික සමගිය ඇති කිරීම බලය බෙදා හැරීම යන කාරණා අපට අදාළ අභ්‍යන්තර ප්‍රශ්න ය. යුද අපරාධ සිදුවීද යන්න ගැන ඇමරිකාව උනන්දු වන්නේ ගෝඨාභය රාජපක්‍ෂගේ දේශානුරාගයටත් මහින්ද රාජපක්‍ෂගේ ජාති මාමකත්වයටත් පහර ගැසීම සඳහා ය. රාජපක්‍ෂවරුන් යුද අපරාධ පිළිබඳ විත්ති කූඩුවට ගෙන යන්නේ නම් ඊට කලින් එහි යෑවිය යුතු මහතෙකු ඇත. ඒ ඇමරිකාවේ හිටපු ජනපති ජෝර්ඡ් බුෂ් ය.weblk

Mr Jackson Anthony

මං දන්නෙ නෑ, මං බාරදුන්නේ පක‍ෂයෙන් මට දීපු නාමයෝජනා පත්‍රයයි -රංජිත් මද්දුම බණ්ඩාර

මම බාරදුන්නේ පක‍ෂයෙන් මට දුන් නාම යෝජනා පත්‍රය බව මොණරාගල දිස්ත්‍රික් එජාප නායක රංජිත් මද්දුම බණ්ඩාර මහතා zලංකා ඊ නිව්ස්Z වෙත පැවැසීය.ඔහු එසේ පැවැසුවේ මොණරාගල දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පෙරමුණෙන් බාරදුන් නාම යෝජනා ලැයිස්තුවේ තිස්ස කුට්ටිආරච්චි මහතාගේ නම zටිපෙක්ස්Z වලින් මකා වෙනත් නමක් ඇතුලත් කර තිබීම ගැන zලංකා ඊ නිව්ස්Z කළ විමසුමකට පිළිතුරු දෙමිනි.මොණරාගල දිස්ත්‍රික් ලැයිස්තුවේ අපේක‍ෂකයකු ලෙස තිස්ස කුට්ටිආරච්චි මහතා නාම යෝජනා පත්‍රයට පක‍ෂයේ මහලේකම්වරයා ඉදිරිපිට අත්සන් කළ බව ඔහු ප්‍රකාශ කරන අතර, එසේ නම් ඔහුගේ නම zටිපෙක්ස්Z වලින් මකා වෙනත් නමක් ඇතුල් කොට දිස්ත්‍රික් එජාප නායකයා ලෙස ඔබ විසින් නාමයෝජනා පත්‍රය බාර දීම ගැන කියන්නේ කුමක්දැයි විමසූ විට කීවේ ලියුම්කවරයක දමා තමාට දුන් නාමයෝජනා පත්‍රය බාරදුන් බවත්, තමා ඇතුළු පිරිස නාම යෝජනා පත්‍රයට අත්සන් කළේ සිරිකොතදී ලිපිකාර මහත්මියක් ඉදිරිපිට බවත්ය.මේ පිළිබඳව zලංකා ඊ නිව්ස්Z ඇසූ ප්‍රශ්න හා ඒවාට මද්දුම බණ්ඩාර මහතා දුන් පිළිතුරු මෙසේයි.
ප්‍රශ්නය: පක‍ෂයේ මහලේකම්ට තිස්ස කුට්ටිආරච්චි මහතාගේ නම ඉවත් කිරීම ගැන ඔහු වාචිකව පැමිණිලි කර තිඛෙනවා. එසේ කළ බව එජාප මහ ලේකම්වරයා zලංකා ඊ නිව්ස්Z වෙත පැවැසුවා. එසේ නම්, නම ඉවත් නොකළ බව ඔබ කියන්නේ කොහොමද?පිළිතුර: මා ඒක දන්නේ නෑ. මම බාරදුන්නේ මට පක‍ෂයෙන් බාරදුන් නාම යෝජනා ලැයිස්තුවයි. කවුරු හරි මා එසේ කළා යැයි කියනවා නම් ඒ අයට විරුද්ධව මා අධිකරණයට යනවා.
ප්‍රශ්නය: තිස්ස කුට්ටිආරච්චි මහතා අධිකරණයට යන්න සූදානම් බව කියනවා.
පිළිතුර: ඒක හොඳයි. අධිකරණය තීරණයක් දේවි.
ප්‍රශ්නය: කණ්ඩායම් නායකයා ලෙස තිස්ස කුට්ටිආරච්චි මහතාගේ නම ඉවත් කිරීම ගැන ඔබ කියන්නේ කුමක්ද?
පිළිතුර: කාගේවත් නමක් කපා දමන්න මට අවශ්‍යතාවක් නෑ. එසේම ඔය කියන පුද්ගලයා නාම යෝජනා පත්‍රයට අත්සන් කිරීම අපි දැක්කෙත් නෑ.
ප්‍රශ්නය: එහෙනම්, මේ නම නාම යෝජනා ලැයිස්තුවෙන් ඉවත් වුණේ කොහොමද?
පිළිතුර: 1994 මහා මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයේ එජාප ලැයිස්තුවට අපේක‍ෂකයකු ලෙස හේමා ප්‍රේමදාස මහත්මියගේ නම ඇතුලත් කර, ඇය අත්සන් ද කර තිබුණා. නමුත් නාම යෝජනා පත්‍රයට බාර දෙන කොට ඇගේ නම කැපිලා රත්නසිරි රාජපක‍ෂ මහතාගේ නම ඇතුල් වී තිබුණා. කොළඹ මහ නගර සභාවට එජාපය දුන් නාමයෝජනා පත්‍රයේ ටී.එම්. සංඝදාස මහතාගේ නම ඇතුලත්ව, ඔහුද නාම යෝජනා පත්‍රය අත්සන් කර තිබුණා. නමුත් නාම යෝජනා පත්‍රය බාරදෙන විට ඔහුගේ නම zටිපෙක්ස්Z වලින් මකා වෙනත් නමක් දා තිබුණා.
ප්‍රශ්නය: නාම යෝජනා පත්‍රය වෙනස් කිරීම බරපතල වරදක් බව පවසා ඇති එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා, එජාප මොණරාගල දිස්ත්‍රික් නායකත්වයෙන් ඔබ වහා ඉවත් කරන ලෙසත්, ඔබට විරුද්ධව මේ කාරණය සම්බන්ධව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරන ලෙසත් පක‍ෂ මහලේකම්වරයාට දැනුම් දුන් බවක් වාර්තා වෙනවා. ඒ ගැන මොකද කියන්නේ?
පිළිතුර: නාම යෝජනා දෙන්න කලින් දිස්ත්‍රික්කයේ එජාප නායකයාගෙනුත් විමසන්න එපායැ. එවැන්නක් සිදුවූයේ නෑ. මාව එජාප දිස්ත්‍රික් නායකත්වයෙන් ඉවත් කළොත් මම ඊට විරුද්ධව අධිකරණයට යනවා. එපමණක් නොවෙයි. මාව ඉවත් කළත් දිස්ත්‍රික් එජාප කමිටු හා ශාඛා රැස්වී මාව දිස්ත්‍රික් නායකයා ලෙස පත්කර ගනීවි.lankae

ලංකාවේ ජනගහනයෙන් 15.2%කට කන්නවත් නැහැ.


ශ‍්‍රි ලංකාවේ එක් පුද්ගයෙකු සදහා මූලික ආහාර ලබා ගැනිම සදහා වන මසකට වියදම ජනවාරි මාසයේදි රුපියල් 3079ක් වන බව ජන හා සංඛ්‍ය ලේඛන දෙපාර්තුමේන්තුව සදහන් කරයි. මේ තත්ත්වය සලකා බැලීමේදී ජනගහනයෙන් 15.2%ක ප‍්‍රමාණයක් දරිද්‍රතා රේඛාවේ පහලම මට්ටමෙහි සිටී. කොළඹ දී මෙම තත්වය ඉකුත් ජනවාරි මාසයේදි රුපියල් 3430ක් වූ අතර ගම්පහදී රු.3262ක්ද, ගාල්ලේදී 3155ක්ද, හම්බන්තොටදී 2968ක්ද වන බව අදාළ තොරතුරු වැඩිදුරටත් අනාවරණය කරයි.truth

ශී‍්‍ර ලංකන් එයාර්ලයින් සේවකයින්ට ගූගල් හා ජීමේල් තහනමක්


ශී‍්‍ර ලංකන් එයාර්ලයින් ගුවන් සේවයේ සේවකයින් සඳහා කාර්යාලයීය පරිගනකවලින් තමන්ගේ පෞද්ගලික ජී මේල් විද්‍යුත් ලිපින සඳහා පිවිසීම හා ගූගල් එන්ජිම වෙත පිවිසීම සම්පූර්ණයෙන් තහනම්කර ඇතැයි ලංකා නිව්ස් වෙබ් අඩවිය වාර්තා කරයි.
එම වෙබ් අඩවිය වාර්තාකරන ආකාරයට ශී‍්‍ර ලංකන් ගුවන් සේවයේ කටුනායක කාර්යාලයේ සියලූම පිවිසුම් දොරටු හා පිවිසුම් මන්තීරු සඳහා ආරක්‍ෂිත කැමරා පද්ධතියක් සවිකර තිබේ. ශ්‍රී ලංකන් එයාර්ලයින් බලධාරීන් විසින් මෙම පියවරයන් ගෙන ඇත්තේ එහි සේවකයන් අතුරින් 50% ක පමණ ප‍්‍රතිශතයක් ආණ්ඩුවේ දේශපාලන මතයට විරුද්ධව කටයුතු කරන බවට ලැබුණු තොරතුරක් මත බව එම වෙබ් අඩවිය සදහන් කරයි.truth

පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙක් මියයයි


ලිස් අණ නොතකා ධාවනය වූ මෝටර් රථයකට එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ.
මාතලේ නගරයේ දී පොලිසිය මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව මාතලේ දිස්ත්‍රික්ක භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිලක් අබේසිරිවර්ධන මහතා සඳහන් කළේය. වෙඩි ප්‍රහාරයෙන් මරණයට පත් වී ඇත්තේ මෝටර් රථයේ ගමන් ගත් 36 හැවිරිදි පුද්ගලයෙකි. මොටර් රථයේ රෝද වලට තැබූ වෙඩි ප්‍රහාරයක් වැදීමෙන් මෙම මරණය සිදු ව ඇති බව පොලිසිය සඳහන් කළේය. මෝටර් රථයේ ගමන් ගත් අය අධික ලෙස මත්පැන් පානය කර සිටි බව මාතලේ දිස්ත්‍රික්කය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ප්‍රකාශ කරයි. මරණයට පත් වූ පුද්ගලයා රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්ය. ada

බිම් බෝම්බ ඉවත් කිරීම අරඹයි


ඒ 9 මාර්ගයේ පරන්තන් සිට අලිමංකඩ හා මුහමාලේ දක්වා ප්‍රදේශ වල බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයි යුද හමුදාව පවසයි. ඒ සඳහා හමුදාවේ දහසක පමණ පිරිසක් යොදවා ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා සඳහන් කළේය. බෝම්බ ඉවත් කිරීමේ යන්‍ත්‍ර 29 ක් ද ඔවුන්ට ලබා දී ඇති බව ඒ මහතා පැවසීය. තුනුක්කායි, මාන්තිව්, ඔඩ්ඩුසුඩාන් සහ ‍කොකාවිල් යන ප්‍රදේශ වලද බිම් බෝම්බ මේ යටතේ ඉවත් කෙරෙනු ඇත.ada