Saturday, January 15, 2011

එක්සත් ජාතීන්ගේ කමිටුවේ ශ්‍රී ලංකා ගමන ගැන කටයුතු සූදානම් කරනවා


ශ්‍රී ලංකාව සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැංකි මූන් මහතා විසින් පත්කරන ලද ත්‍රිපුද්ගල කමිටුව ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත කාල වකවානුව හා එහි කටයුතු පිළිබඳව සැලසුම් කරමින් සිටින බව බැංකි මූන් මහතා විසින් විදෙස් මාධ්‍ය වෙත තහවුරු කර තිබේ.

ශ්‍රී ලංකාවේ සිවිල් යුද ගැටුම් පැවති කාල සීමාව තුළ සිදුවූ බව කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධව උපදෙස් ලබාගැනීම සඳහා පත්කරන ලද මෙම කමිටුව විසින් උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ ජනාධිපති කොමිසම හා වෙනත් පාර්ශව සමග සාකච්ඡා පැවැත්වීම පිළිබඳව ද අවධානය යොමුකර ඇති බව සඳහන්ය.

අදාළ කමිටුවේ අවසන් වාර්තාව මෙම මාසය තුළ ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණද එම කමිටුවේ කාලය ලබන මස දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරනු ලැබීය.

අයහපත් කාලගුණය නිසා මරණ සංඛ්‍යාව 32 දක්වා ඉහළට


දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 32 දෙනෙකු දක්වා ඉහළ‍ ගොස් තිබේ.

වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාවක් මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එම සංඛ්‍යාව 14 කි

මීට අමතරව පැවති ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 49 දෙනෙකු තුවාල ලබා ඇති අතර තවත් 12 දෙනෙකු අතුරුදන්ව සිටියි.

මේ වන විට පවුල් දෙලක්ෂ 82,953 ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

අවතැන්ව සිටින පවුල් 87,899 ට අයත් පුද්ගලයින් තුන්ලක්ෂ 29,200ක් අවතැන් කඳවුරු 584 ක මේ වන විටත් රැදී සිටියි.

පැවති ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස 3,737 ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර තවත් නිවාස 19,356 ට අර්ධ හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

ගංවතුරින් විපතට පත්වූවන්ට ජපානයෙන් සහනාධාර තොගයක්


ගංවතුරින් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා ජපාන රජය රුපියල් මිලියන 26 . 7 ක් වටිනා සහනාධාර තොගයක් පිරිනමා තිබේ.

කූඩාරම් 400 ක්, මෙට්ට 2,000 ක් අදාළ සහනාධාර තොගයට අයත් බව ශ්‍රි ලංකාවේ ජපාන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

ශ්‍රි ලංකා රජයේ ඉල්ලීමක් මත මෙම ප්‍රදානය සිදුකළ බව එම නිවේදනයේ සඳහන්ය.

නැගෙනහිර පළාතේ ගංවතුරින් අවතැන්වූවන්ගේ අවශ්‍යතා පිළිබඳ අවධානය යොමු කොට තවත් සහනාධාර තොගයක් ලබාදීමට අපේක්ෂා කරන බව ද ජපාන තානාපති කාර්යාලය කියා සිටියි.

සරසවි ප්‍රවේශයට ප්‍රමාද වී ලැබෙන අයදුම්පත් ගැන සලකා බලයි


ජල ගැලීම් හා ගංවතුර තත්ත්වයෙන් බලපෑමට ලක්වූ ප්‍රදේශ වල වෙසෙන සිසුන් විසින් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා එවන ලද, ප්‍රමාද වී ලැබෙන අයදුම්පත් බාරගැනීම පිළිබඳව සලකාබැලීමට විශ්ව විද්‍යාල පතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මෙවර විශ්ව විද්‍යාලය ප්‍රවේශය සඳහා අයදුම්පත් බාරගැනීම අද(15) දිනයෙන් අවසන් වීමට නියමිතව තිබිණි.

අදාළ ප්‍රදේශ වල ග්‍රාම නිලධාරීවරුන්ගේ සහයෝගය ද ඇතිව එම ප්‍රදේශ වල සිසුන්ගෙන් ප්‍රමාද වී ලැබෙන අයදුම්පත් බාරගැනීම පිළිබඳව සලකාබැලීමට විශ්ව විද්‍යාල පතිපාදන කොමිෂන් සභාව තීරණය කර ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

රුහුණු සරසවි ගැටුමින් තුවාල ලැබූ සිසුන් 8 ක් තවමත් රෝහලේ


රුහුණු සරසවියේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමින් තුවාල ලැබූ සිසුන් 8 දෙනෙකු තවමත් මාතර රෝහලේ ප්‍රතිකාර ලබයි.

ඉන් එක් සිසුවෙකුට පමණක් බරපතල තුවාල සිදුව ඇති බව එම රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

රුහුණු සරසවියේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඊයේ(14) පස්වරුවේ මෙම ගැටුම ඇතිවිය.

එම පීඨයේ මධ්‍ය වාර්ෂික පරීක්ෂණ අවසානයේ මෙම ගැටුම හටගෙන ඇති අතර ඉන් තුවාල ලැබූවන්ගෙන් හය දෙනෙකු එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් බවට ද හඳුනාගෙන තිබේ.

මෙම පහරදීම සඳහා බයිසිකල් චේන්, වීදු‍රු බෝතල් යොදාගෙන ඇති බව ද වාර්තා වේ.

දහ අට වංගුව පාර තාවකාලිකව වැසෙයි


අද(15) සිට මහනුවර -මහියංගණ දහ අට වංගුව මාර්ගය රථවාහන ගමනාගමනය සඳහා තාවකාලිකව වසා දැමෙයි.

අප්‍රේල් 10 වැනිදා දක්වා ‍එම මාර්ගයේ උඩුදුම්බර සිට හසලක දක්වා වසා තැබෙන බව පොලිසිය පවසයි.

දහ අට වංගුව ප්‍රදේශයේ මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මාර්ගය වසා තැබෙන බව සඳහන්ය.

දහ අට වංගුව ප්‍රදේශයේ සිදුවූ ගිලා බැසීමක් හේතුවෙන් එම මාර්ගයේ බර වාහන ගමනා ගමනය මීට මාස එක හමාරක පමණ කාලයක සිට වසා දැමුණි.

මහනුවර සිට මහියංගණය දක්වා ගමන් ගන්නා රථවාහනවලට රන්දෙණිගල රජ මාවත ඔස්සේ ගමන් කළ හැකිය.

Thursday, January 13, 2011

ජනාධිපතිතුමා සජිත්ට බය වෙලාවත් ද?


මේ රටේ හිටපු ඇතැම් නායකයන් කොටින්ට ලබාදුන් ගිනි අවිවලින් අපේ සොල්දාදුවන් වෙඩි වැදී මිය යැමට හා ආබාධ වීමට සිදුවූ යුගය ඇතැමුන්ට අමතක වී ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.


දිවයින පුවත්පතට අනුව, හෙතෙම මේ බව කියා සිටියේ පෙරේදා (10 වැනිදා) පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්‌වාමීන් වහන්සේගේ පුරෝගාමීත්වයෙන් සහ ධර්මායතන ආරක්‍ෂක සභාවේ සහයෙන් බත්තරමුල්ල, පැලවත්ත ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතෙහි අභිනවයෙන් ඉදිකරන ලද "ලක්‌විරු සෙවන" ආබාධිත රණවිරු නිෂ්පාදන අලෙවි සංකීර්ණය විවෘත කිරීම නිමිත්තෙන් පැවැති උත්සවය අමතමිනි.


වහෙන් ඔරෝ නො කියා කෙළින් කියනවා නම් මේ කියන නායකයා අන් කවරෙකුවත් නො ව රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ය. ඇල්ලේ ගුණවංශ හිමි ප්‍රේමදාස ජනාධිපතිවරයා සමග සමීප ව සිටි අයෙකි. කොතරම් සමීප ද යත්, ‍ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ ආදාහනය අවස්ථාවේ අවමංගල්‍ය පෙරහරේ ගමන් ගත් පිරිස් ගුණවංශ හිමියන්ගේ බෞද්ධාලෝක මාවතේ ආරාමයට ද ගල් ගැසූ හ. හේ දැනුත්‍ ප්‍රේමදාස පවුලට හිතවත් ය.


උන්නාන්සේවත් ළඟින් තබාගෙන ජනාධිපතිතුමා මේ කණේ පාර ගහන්නේ එතුමන්ගේ කණ්සෙන් පටන් ගෙන සජිත් ප්‍රේමදාසගේ කණ් අඩියට ම වදින්නට ය.


සජිත් ප්‍රේමදාස එජාපයේ නායකත්වය ගෙන ආණ්ඩුව පෙරළන සටනක් කරනු ඇතැයි ජනාධිපතිතුමා බිය වී තිබෙන බව පෙනේ. ඒ නිසා සජිත්ට අසුබ දසාවක් උදා වෙමින් තිබේ. පසුගිය දිනවල රනිල්ට විරුද්ධව කටයුතු කරමින් එක්සත් ජාතික පක්ෂය අවුල් කරන්නට සජිත්ට ආණ්ඩු සහයෝගය ලැබුණු අතර හතර පස්දෙනෙක් හම්බන්තොට ගෙදරකට රැස් කර වේගවත් කතාවක් පවත්වා දිනපතා රූපවාහිනී මාධ්‍ය ඔස්සේ ප්‍රමුඛ පුවතක් ලෙස ප්‍රචාරය කර ගන්න‍ට සජිත්ට අවස්ථාව ලැබිණි.


එජාප නායකත්වයට පත් වුවහොත් සජිත්ගේ ගමනට ආණ්ඩුව කලින් එලූ මේ මල් පාවාඩ කටු අකුල් බවට පත් වනු ඇත. එවිට අසූ නමය කාලයේ තාත්තා කළ ඝාතන හා කොටින්ට ආයුධ සැපයූ හැටි ආදිය පමණක් නො ව තව බොහෝ දේට උත්තර බඳින්නට සජිත්ට සිදු වනු නියත ය.


සජිත් රනිල්ට විකල්පයක් ද කියා හරියට දැන ගත හැකි වනු ඇත්තේ මේ අභියෝගවලට ඔහු මුහුණ දෙන ආකාරය අනුවයි.

අලියකුගේ මළ සිරුරක් ගසක් උඩ







ගං වතුරට අසුවූ වල් අලියකුගේ මළ සිරුරක් ගසාගෙන ගොස් හබරණ හතරැස් කොටුවේ අඩි 15ක් උසැති ගසක රැඳී ඇති අයුරුයි ඡායාරූපයේ දැක්වෙන්නේ.

සුදු කොඩියට සාක්ෂි දෙන්නැයි ගෝඨාභයට නොතීසි


සුදු කොඩි නඩුවේ සාක්ෂි දීම සඳහා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනවාරි මස 25 වන දින අධිකරණය හමුවෙහි පෙනීසිටින මෙන් දන්වා කොළඹ මහාධිකරණය අද(13) නොතීසි නිකුත් කර තිබේ.

අදාළ නඩුවේ හතරවන සාක්ෂිකරු වශයෙන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නම්කර ඇත.

මීළඟ දින සාක්ෂි කැඳවීම සඳහා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණය හමුවට කැඳවීමට අවශ්‍ය බව එම නඩුව කැඳවූ අවස්ථාවේදී රජයේ නීතිඥ ඩිලාන් රත්නායක මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එමනිසා ඒ සඳහා නොතීසියක් නිකුත්කරන ලෙස රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම සලකා බැලූ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනවාරි මස 25 වන දින සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවෙහි පෙනීසිටින මෙන් දන්වා නොතීසි නිකුත් කරනු ලැබීය.

ගංවතුරින් පීඩාවට පත්වූවන් වෙනුවෙන් අඛණ්ඩ සහන සේවයක්


ගංවතුරින් පීඩාවට පත්වූවන්ට ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සහය මත දවස පුරා අඛණ්ඩව සහන සැලසීමේ වැඩපිළිවෙළක් රජය විසින් ආරම්භ කරනු ලැබ තිබේ.

නිවේදනයක් නිකුත් කරන රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතා පැවසුවේ, ඒ වෙනුවෙන් දැනටමත් ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ 28,000 කට අධික පිරිසක් විපතට පත් ප්‍රදේශවලට පිටත් කර යවා ඇති බවය.

හෙලිකොප්ටර් යානා සහ බෝට්ටුද එම ප්‍රදේශ වෙත යවා තිබේ.

මඩකලපුව, ත්‍රිකුණාමලය, අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත රුපියල් මිලියන 49 ක ප්‍රතිපාදන වෙන්කර ඇති අතර මඩකලපුව දිස්ත්‍රික්කයට වැඩිම මුදල ලබා දී තිබේ.

යාපනයේ ප්‍රධාන දූපත්වල ආරක්ෂාව යුධ හමුදාව යටතට


යාපනයේ ප්‍රධාන දූපත්වල ආරක්ෂාව පිළිබද වගකීම යුධ හමුදාව වෙත පවරා තිබේ.

හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් උභය මැදවෙල මහතා සදහන් කළේ, ඒ අනුව දූපත් හතරක ආරක්ෂාව පිළිබද වගකීම යුධ හමුදාව වෙත පවරා ඇති බවය.

ඒ අනුව කයිට්ස්, පුංකුඩතිව්, මණ්ඩතිව් සහ කරෙයිනගර් යන දූපත්වල ආරක්ෂාව යුධ හමුදාව විසින් මෙහෙයවනු ලබනු ඇති.

හමුදා ප්‍රකාශකවරයා සදහන් කළේ, මීට පෙර එම දුපත්වල ආරක්ෂාව නාවික හමුදාව වෙත පැවරී තිබු බවය.

කෙසේ වෙතත් ඩෙල්ෆ් දූපතේ ආරක්ෂාව යුධ හමුදාව වෙත පවරා නොමැති බවද ඔහු සදහන් කළේය

අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 23 දක්වා ඉහළට


අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 23 දක්වා ඉහළ ගොස් තිබේ.

ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, තවත් 36 කු තුවාල ලබා ඇති බවත් එක් අයෙකු අතුරුදන්ව ඇති බවත්ය.

ඒ අතර ජල ගැලීම් සහ නායයාම් හේතුවෙන් පුද්ගලයින් 325348 දෙනෙක් අවතන්ව සිටිති.

එම පිරිස කදවුරු 591ක රදවා ඇති බවද ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

ඒ අතර පවුල් 287,871 අයත් පුද්ගලයින් 1,081,819දෙනෙක් අයහපත් කාලගුණ තත්ත්වය පීඩාවට පත්ව සිටිති.

ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක නිවාස 2680කට හානි වී ඇති අතර නිවාස 15,274 අර්ධ හානි වී තිබේ.

මඩකලපුව දිස්ත්‍රික්කයට අයහපත් කාලගුණයෙන් වැඩිම බලපෑම් සිදු විය.

ඊට අමතරව අම්පාර, ත්‍රිකුණාමලය, පොළොන්නරුව , අනුරාධපුර, මහනුවර, බදුල්ල, නුවරඑළිය ඇතුළු ප්‍රදේශ ගණනාවකට අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ලවී ඇති බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේය.

කොස්ගම රිය අනතුරින් හය දෙනෙක් මරුට: හත් දෙනෙකුට තුවාල


කොස්ගම අලුත් අම්බලම ප්‍රදේශයේදී අද අලුයම 3.50 ට පමණ වු රිය අනතුරකින් පුද්ගලයෝ 6 දෙනෙක් ජිවිතක්ෂයට පත් වුහ. අනතුරින් තුවාල ලැබු 7දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබති.

පොලීසිය පැවසුවේ, වලස්මුල්ල සිට කොළඹ බලා ධාවනය වු බස් රථයක් හා ප්‍රතිවිරුද්ධ දිශාවට ධාවනය වූ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර වී ඇති බවය.

අවිස්සාවේල්ල රෝහල් පොලීසිය සදහන් කළේ, බරපතල තත්ත්වයේ පසු වු තුවාලකරුවන් දෙදෙනෙකු ජාතික රෝහලට මාරු කර යැවු බවය.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ කුරුවිට පැරඩයිස් වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් 6 දෙනෙකි. මියගිය අය අතර ආබාධිත සෙබළකුද වේ.

අනතුරෙන් වෑන් රථයේ සිටි සියලු දෙනා තුවාල ලැබුහ

මැතිවරණය කල් දැමීම පිළිබඳව තවම අදහසක් නැහැ. ජනපති කියයි.


පවතින අයහපත් කාලගුණය හමුවේ පළාත් පාලන මැතිවරණය කල්දැමීම පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නැතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ ප‍්‍රකාශ කළා. අද (13) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් හමුවෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ, මේ වසරේදී සංවර්ධන ඉලක්ක ජය ගැනීම සහ ජාතීන් අතර ඇති වූ වෛරීය තුවාලය සුව කිරීම තම අරමුණ බවයි. දෙමළ ජාතික සන්ධානය සහ රජය..

ආර්ථික අර්බුදයක් ළඟ ළඟම. අපිට මොකද වෙන්නෙ ?




World Bank sees 2008 risks for global economy

ආර්ථික වර්ධනය මන්දගාමී වීමත් ආහාර මිල ගණන් ඉහළ නැගීමත් නිසා 2008 වසරේදී ලෝක ආර්ථිකය මුහුණ දුන් අඳුරු යුගයට නැවත වතාවක් ලෝකය ඇද වැටීමේ අවධානමක් ඇතැයි ලෝක බැංකුව අනතුරු හඟවයි.

මේ පිළිබඳව වාර්තා කරමින් ප්‍රංශ පුවත් සේවය පවසා තිබෙන්නේ 2009 ඇතිවූ ලෝක ආර්ථික අවපාතය යම් දුරකට සමනය වෙමින් ගිය වසරේදී ලෝක ආර්ථිකය ප්‍රගතියක් පෙන්නුම් කළද මේ වසරේදී ලෝක ආර්ථික වර්ධනය අඩුවනු ඇති බවට බැංකුව පුරෝකතනය කර තිබෙන බවයි.

මේ අනුව, ගිය වසරේදී සියයට 3.9 කින් වර්ධනය වූ ගෝලීය ආර්ථිකය මේ වසරේදී සියයට 3.3 ක් දක්වා පහත වැටෙනු ඇති බව සඳහන්ය.

මෙහිදී, ආර්ථිකයන් පණ ලබමින් සිටින හා සංවර්ධනය වෙමින් පවතින රටවල මේ වසරේ ආර්ථික වර්ධනය සියයට 6.0 ක් පමණ වනු ඇති බවත් එය ගිය වසරේදී සියයට 7.0 ක මට්ටමක තිබුණු බවත් ලෝක බැංකුව සඳහන් කර ඇත.

මේ අතර, වැඩි ආදායම් ලබන රටවල ගිය වසරේ ආර්ථික වර්ධනය සියයට 2.8 ක් පමණ වුවද එම වර්ධනයද සියයට 2.4 ක මට්ටමකට අඩුවෙනු ඇති බවට පුරෝකතනය කර තිබේ.

එසේම, ලෝක බැංකුව පෙන්වා දී තිබෙන්නේ 2012 වසරේදී ලෝක ආර්ථික වර්ධනය සියයට 3.6 ක් පමණ වනු ඇති බවත් මෙහිදී ඉහළ ආදායම් ලබන රටවල් සියයට 2.7 කද සංවර්ධනය වෙමින් පවතින රටවල් සියයට 6.1 කද වර්ධනයක් ලබනු ඇති බවයි.

අවාසනාවකට මෙන් මෙම ආර්ථික වර්ධනය ලෝකයේ පවතින විරැකියාව ඇතුළු ආර්ථික ගැටලු සමනය කිරීමට ප්‍රමාණවත් නොවන බවත් අවධාරණය කර ඇත.

යූරෝ මුදල් කළාපයේ රටවල ඇතිවී තිබෙන ආර්ථික අර්බුදත් ලෝකයේ ආහාර මිල, ඛනිජ තෙල් මිල ගණන්වල ඇතිවී තිබෙන විශාල වර්ධනයත් ලෝක ආර්ථිකය අර්බුදයක් අභිමුවට රැගෙන විත් තිබෙන බව වාර්තාවේ.

2008 වසරේදී ලෝක ආහාර මිල ගණන් ඉහළ ගිය තත්ත්වය හා සමානම සාධක මේ වනවිට ඇතිවී තිබෙන බවත් එම වසරේ මූල්‍ය අර්බුදය ඇතිවීමට පෙර සිදුවූයේ ආහාර මිල ගණන්වල මිල ඉහළ යාම බවත් ලෝක බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු වන Hans Timmer පවසා තිබේ.

2008 වසරේ ජූලි මාසයේ ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 147 ක් දක්වා ඉහළ ගිය අතර එය මේ වනවිට ඩොලර් 92 ක පමණ මට්ටමක ඇත.

මේ අතර, 2011 වසරේදී සියයට 8.5 කද, 2012 දී සියයට 9.0 කද, 2013 දී සියයට 9.5 කද ආර්ථික වර්ධනයක් ළඟාකර ගැනීමට ලංකාව ඉලක්ක තබාගෙන සිටී.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සඳහන් කරන්නේ 2010 වසරේදී ලංකාව සියයට 08 ක ආර්ථික වර්ධනයක් ළඟාකර ගත් බවයි.

පාසල් සිසුවියක මරා දැමූ පුද්ගලයෙකුට මරණ දඬුවම නියමවෙයි


මිනී මැරුම් චෝදනාවකට වරදකරු වූ පුද්ගලයෙකුට බදුල්ල මහාධිකරණය මරණ දඬුවම නියම කර තිබේ.

ලුණුගල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකුට බදුල්ල මහාධිකරණ විනිසුරු මතුරට පී වික්‍රමසිංහ මහත්මිය මෙලෙස මරණ දඩුවම නියම කර ඇත.

2007 වසරේ අගෝස්තු මාස 20 වැනි දින ලුණුගල, කළුගහතැන්න ප්‍රදේශයේ දී පාසල් ශිෂ්‍යාවක ඝාතනය කිරීමේ චෝදනාව මත සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.

පස්සර මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍යාවක වන අදාළ ශිෂ්‍යාව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා යමින් සිටිය දී ඝාතනයට ලක්ව ඇත.

විත්තිකරුට එරෙහිව ලැබුණු සාක්ෂි සලකා බැලූ බදුල්ල මහාධිකරණ විනිසුරුවරිය ඔහුට මරණ දඬුවම නියම කරනු ලැබීය.

Saturday, January 8, 2011

Wedding

රට ගැන සිතද්දී දේශපාලනය අමතක කළ යුතුයි


රටක් ගැන සිතා කටයුතු කරන විට දේශපාලනය අමතක කළ යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

රජය ප්‍රතිපත්තියක් වශයෙන් රාජ්‍ය දේපළ පෞද්ගලීකරණයට කිසිසේත් ඉඩ නොතබන බව ජනාධිපතිවරයා සඳහන් කරයි.

අරලිය ගහ මන්දිරයේ දී අද(08) පැවති ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සඳහා ISO තත්ත්ව සහතික සම්මාන ප්‍රදානය කිරීමේ උත්සවයක‍ට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

රාජ්‍ය‍ සේවය දියාරු කරහැරීමේ පටු දේශපාලන අභිප්‍රායන් එක්සත් ජාතික පක්ෂ රජයන් තුළ පැවතිය ද වත්මන් රජය රාජ්‍ය සේවය තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.adaderana.lk

ඉන්දීය ප්‍රිමියර් ලීග් වෙන්දේසියේ දී ඉහළම මිල මහේලට


ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා පැවති ක්‍රීඩක වෙන්දේසියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම වටිනාකමක් හිමිකරගැනීමට මහේල ජයවර්ධන සමත්ව තිබේ.

ඒ අයි පී එල් කෝචි කණ්ඩායම වෙනුවෙනි. ඒ අනුව ඔහු අදාළ ක්‍රීඩක වෙන්දේසියේදී අමෙරිකා‍නු ඩොලර් මිලියන 1 .5 ට අලෙවි වී ඇති බව සඳහන්ය.

මීට අමතරව ඩෙකෑන් චාජර්ස් කණ්ඩායම සඳහා කුමාර් සංගක්කාරට එම ක්‍රීඩක වෙන්දේසියේ දී ලැබී ඇති වටිනාකම ‍අමෙරිකානු ඩොලර් හත් ලක්ෂයකි.

තවද තිලකරත්න ඩිල්ෂාන් අමෙරිකානු ඩොලර් හය ලක්ෂ 50,000 ට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් අලෙවි වී තිබේ.

අදාළ ක්‍රීඩක වෙන්දේසියේ දී ඉන්දීය ක්‍රීඩක ගෞතම් ගාම්භීර් වාර්තාගත වටිනාකමකින් යුතුව අලෙවි වී ඇති ක්‍රීඩකයා වේ. ඔහුට ලැබී ඇති වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 2 . 4කි.adaderana.lk

මැතිවරණය එකවර නොපැවැත්වීමට හේතුව අර්ජුනගේ ඉල්ලීමයි


පළාත් පාලන මැතිවරණය එකවර නොපැවැත්වීමට ප්‍රධාන වශයෙන් හේතුවූයේ අර්ජුන රණතුංග මන්ත්‍රීවරයා විසින් සිදුකළ ඉල්ලීම බව ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදුපහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

මෙම කරුණ සම්බන්ධයෙන් ඇතැම් පාර්ශවයන් විවිධ අසත්‍ය ප්‍රකාශ නිකුත් කරමින් සිටින බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉදිරි පළාත් පාලන මැතිවරණය කිසිදු බාධාවකින් තොරව ජයග්‍රහණය කිරීමට රජයට හැකි බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

අද(08) පෙරවරුවේ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන් බැහැදැක උන්වහන්සේගෙන් ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව විමල් වීරවංශ අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.adaderana.lk

සබරගමු සරසවියේ පළමු වසර සඳුදා ඇරඹෙයි


සබරගමුව විශ්ව විද්‍යාලයේ තාවකාලික වසා දමා තිබූ පීඨ ලබන සඳුදා(10) සිට යළි විවෘත කරන බව එම විශ්ව විද්‍යාලයේ වැඩබලන උපකුලපති මහාචාර්ය එම්. එච්. එස් ප්‍රියනාත් මහතා පවසයි.

ව්‍යවහාරික විද්‍යා පීඨය හැර සෙසු පීඨ පළමු වසර සිසුන්ට පමණක් ලබන සඳුදා විවෘත කිරීමට පියවර ගන්නා බව ඔහු ප්‍රකාශ කළේය.

නවක වදය ලබාදීමේ සිද්ධියක් මුල්කරගනිමින් පසුගිය ජනවාරි පළමු වැනි දින සිට සබරගමුව විශ්ව විද්‍යාලයේ සියලු පීඨ තාවකාලිකව වසා දැමීමට විශ්ව විද්‍යාල පාලන අධිකාරිය පියවර ගනු ලැබීය.

ප්‍රථම වසර සිසුන් හැර අනෙකුත් වසර වල සිසුන් සඳහා අධ්‍යයන කටයුතු පසුව ආරම්භ කරන බවත්, ඒ පිළිබඳව ඉදිරියේදී දැනුම්දෙන බවත් විශ්ව විද්‍යාලයේ පීඨ යළි විවෘත කිරිම සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ මහාචාර්ය එම්. එච්. එස්. ප්‍රියනාත් මහතා සඳහන් කළේය. adaderana.lk

මැතිවරණය ගැන අවසන් තීරණය පක්ෂ දේශපාලන මණ්ඩලය සතුයි


ඉදිරි පළාත් පාලන මැතිවරණයට සන්ධාන ගතවී තරග කිරීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ කිහිපයක් සමග මේ වන විට සාකච්ඡා පවත්වා ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ පවසයි.

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග ද ඊයේ(07) සාකච්ඡා පැවැත්වූ බව එම පක්ෂයේ නායක මනෝ ගනේෂන් මහතා සඳහන් කළේය.

මීට අමතරව ද්‍රවිඩ සන්ධානය ඇතුළු පක්ෂ කිහිපයක් සමග ද සාකච්ඡා පැවැත්වූ බව ද ඔහු කියා සිටියේය.

කෙසේවෙතත් සිය පක්ෂයේ අවසන් තීරණය ලබන 14 වැනිදා රැස්වන පක්ෂ දේශපාලන මණ්ඩලය මගින් ගැනීමට නියමිත බව මනෝ ගනේෂන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.adaderana.lk

මාතර - කතරගම පාරේ රිය අනතුරකින් 20 දෙනෙකුට තුවාලයි


මාතර - කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම, කිවුල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා තිබේ.

අද(08) පෙරවරුවේ පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කරනු ලැබීය.

මාතර සිට නුවරඑළිය බලා ගමන් ගත් බස්රථයක්, තිස්සමහාරාමයේ සිට මාතර බලා ගමන් ගත් බස්රථයක මෙලෙස ගැටී ඇති බව සඳහන්ය.

අනතුරින් තුවාල ලැබූවන් හම්බන්තොට හා තංගල්ල රෝහල්වලට ඇතුළත් කර තිබේ.

තුවාල ලැබූවන් අතර අනතුරට ලක්වූ බස් ‍රථවල රියදුරන් දෙදෙනා සහ උපකාරක පන්ති සඳහා යමින් සිටි ළමුන් කිහිපදෙනෙකු ද වන බව වාර්තා වේ.adaderana.lk

විදේශ ගතවීමට අවශ්‍ය මූලික තොරතුරු 1919 අංකයෙන්


රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ දුරකථන අංකය වන 1919 මගින් විදේශ ගතවීමට අවශ්‍ය මූලික තොරතුරු ලබාගත හැකි බව වි‍දේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

මහජනතාවට වඩාත් සමීප වීමත්, විදේශ ‍රැකි‍යා සම්බන්ධ‍ මහජනතාව තුළ පවතින ගැටලු නිරාකරණය කරගැනීමටත් මෙමගින් හැකිවන බව එම කාර්යාංශයේ සභාපති නීතීඥ කිංස්ලි රණවක මහතා ප්‍රකාශ කළේය.

ඊයේ(07) දි‍නයේ රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ මෙහෙයුම් මැදිරි‍යේ වි‍ශේෂ චාරිකාවක නිරත වෙමින් සභාපතිවරයා මෙම අදහස් පළ කළේය.

මෙමගින් විදේශ රැකියා නියෝජිත ආයතන පිළිබඳව සියලු විස්තර ද ලබාගත හැකි බව එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කිංස්ලි රණවක මහතා කියා සිටියේය.adaderana.lk

Monday, January 3, 2011

ශ්‍රී ලංකාවේ අලුත්ම ලෝක වාර්තාව පොල් පිටරටින් ගෙන්වීමයි


ශ්‍රී ලංකාව පිහිටුවා ඇති නවතම ලෝක වාර්තාව පොල් පිටරටින් ගෙන්වීම බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මෙරට දෙවන පරාක්‍රමබාහු රජ සමයේ දී පොල් වගා කර පිටරටට යැවූ බවට වාර්තා තිබෙන බව ඔහු පෙන්වාදෙයි.

විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ අද(03) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

වීරයා ද්‍රෝහියා කර ද්‍රෝහියා වීරයා බවට පත් කිරීමෙන් ද ශ්‍රී ලංකාව ලෝක වාර්තාවක් තබා ඇති බව එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

සරත් ෆොන්සේකා මහතා සිර ගත කොට කේ පී නිදහස් කිරීම මෙම ලෝක වාර්තාව බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මෙරට සෞඛ්‍යය ආසියාවේ හොඳම සෞඛ්‍යය කිරීමට වැඩ කළ යුතුයි


මෙරට සෞඛ්‍යය සේවාව ආසියාවේ හොඳම සෞඛ්‍යය සේවාව බවට පත් කිරීම සඳහා සියලු සෞඛ්‍ය කාර්යය මණ්ඩල කැපවීමෙන් ක්‍රියා කළ යුතු යැයි සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අග්නිදිග ආසියාවේ හොඳම සෞඛ්‍ය සේවාව පවත්නා රට ලෙස ශ්‍රී ලංකාව මේ වන විටත් නම් දරා ඇති බව ඔහු පෙන්වාදෙයි.

නව වසර සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ‍යේ රාජකාරී කටයුතු අරඹමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේය.

සෞඛ්‍යය සේවාව ‍රාජකාරියට පමණක් සීමා නොකර උතුම් සේවාවක් ලෙස පවත්වාගෙන යාම සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ යුතුකම බව ඔහු එහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

සංවර්ධනයත් අපේ අතේ-විනාශයත් අපේ අතේ


රටක් සංවර්ධනය කරා යන්නේත්, විනාශය කරා යන්නේත්, ඒ රටේ දේශපාලනඥයන් විසින් ගන්නා තීන්දු තීරණ නිසා බවත්, ඒවා මොන පාටින් සිදුවෙනවාද? යන්න වැදගත් නොවන බවත්, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය, ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අද (03) පෙරවරුවේ නව වසරේ රාජකාරී ආරම්භ කිරීමට ප‍්‍රථම අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය අමතා හෙතෙම මේ බව ප‍්‍රකාශ කළේය.

යෞවන කටයුතු අමාත්‍යාංශය විසින් ක්‍රියා කළ යුත්තේ ප‍්‍රශ්න හා ගැටලු වෙනුවෙන් නොව විසදුම් වෙනුවෙන් බවත්, ජනාධිපතිතුමා විසින් පවරන ලද වගකීම ඉටු කිරීම සඳහා වේගවත් ගමනක් යා යුතු බවත් අලහප්පෙරුම මහතා පෙන්වාදුන්නේය.

එකී වේගවත් ගමන යාමේදී යන වාහනයේ මලකඩ කාපු, කැරකෙන්නේ නැති ඇණ මුරිච්චි කිසිවක් පෙනෙන්නට නොමැති බවත්, එසේ පෙනෙන්නට ඇත්නම් පෙනෙන පළමු පැයේදීම ඒවා ඉවත් කරන බවත්, අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.

යෞවන කටයුතු අමත්‍යාංශය පිහිටුවා වසර 32 ක් හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය පිහිටුවා වසර 16 ක් ගතවී තිබෙන බව පැවසූ අලහප්පෙරුම මහතා, එදා මෙදාතුර අමාත්‍යාංශය ආමන්ත‍්‍රණය කර ඇත්තේ සමස්ථ යෞවනයන්ගෙන් 3% ට පමණ සුළු ප්‍රතිශතයකට පමණක් බවද ප‍්‍රකාශ කළේය.

සෑම වසරකම ජනවාරි මාසයේ පළමු ශ්‍රේණිය සඳහා 3,30,000 ක් බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමාට බාර දෙන බවත්, එයින් 21,000 ක් සෑම වසරකම දෙසැම්බර් මාසයේ එස්.බී. දිසානායක අමාත්‍යතුමා බාරගන්නා බවත්, ඉතිරි 3,09,000 වගකීම තමා මත පැවරෙන බවත් අලහප්පෙරුම අමාත්‍යවරයා සඳහන් කළේය.

එයින් පසුගිය වසරේ සිය වගකීම ඉටුකිරීමට අමාත්‍යාංශයට හැකි වී තිබෙන්නේ 68,000 ක් පමණක් වෙනුවෙන් බව සිහිපත් කළ අමාත්‍යවරයා 2011 වසරේ සිය වගකීම ලක්ෂයක් දක්වා ඉටු කිරීමට කැපවී ක‍්‍රියා කළ යුතු බවද, ප‍්‍රකාශ කළේය.

ගිය වසරේ අමාත්‍යාංශය විසින් එක් ළමයෙකු වෙනුවෙන් රු. 1,21,421/= වැය කර තිබූ අතර, මේ වසරේ ලක්ෂයක් පුහුණු කළහොත් එම මුදල රු. 85,000/= දක්වා අඩු කර ගත හැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය. adaderana.lk

පිටිදූවේ සිරිධම්ම හිමියන් රට හැර යයි


ජනප‍්‍රිය ධර්ම දේශක හිමි නමක් වන පිටිදූවේ සිරිධම්ම හිමියන් තමන්ට තවදුරටත් ලංකාවේ වාසය කරන්නට කැමැත්තක් නැති බව හිතවතුන්ට දන්වා මින් දින 10 කට පමණ පෙර ලංකාව අතහැර ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරට වැඩම කොට ඇතැයි වාර්තා වේ.
මේ වනවිට සිරිධම්ම හිමියන් වැඩවාසය කළ දෙහිවල, බෙල්ලන්තර සිරි සදහම් ආශ‍්‍රමය වෙනත් හිමිනමක් යටතේ පාලනය වන අතර පිටිදූවේ හිමියන් අතින් කෙරුණු ශාසනික හා සමාජ කටයුතු රැසක්ම අවුල් සහගතව අතරමග නතර වී ඇත.

කොළඹ පෞද්. බැංකුවක මිලියන 10ක් ඉතාලියේ ඒ.ටී.එම්. යන්ත්‍රයකින් සොරකම් කළ දෙදෙනෙකු අත්අඩංගුවට


ජන.03- කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවකින් රුපියල් මිලියන 10ක පමණ මුදලක් වංචාකිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පොලිසිය පැවසුවේ වැල්ලවත්ත ප්‍රදේශයේ බැංකු ශාඛාවක ගිණුම් කිහිපයකට අදාළ මුදල් එලෙස සොරාගෙන ඇති බවය.

අදාළ ශාඛාවේ ඒ.ටී.එම්. යන්ත්‍රය භාවිත කර ඉතා සුක්ෂම අයුරින් එම ගිණුම්වලට අදාළ තොරතුරු සොරාගෙන තිබේ.

එම මුදල් සොරාගෙන ඇත්තේ ඉතාලියේ පිහිටි ඒ.ටී.එම්. යන්ත්‍රයකින් බවද පොලිසිය ප්‍රකාශ කළේය.

සිද්ධියට විදේශිකයින් කිහිප දෙනෙකුද සම්බන්ධ බවට තොරතුරු හෙලි වී තිබේ.

බැංකු ශාඛාවේ පිහිටි ආරක්ෂිත කැමරාවලින් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කිහිපදෙනෙකු හදුනාගෙන තිබෙන අතර පොලිසිය ප්‍රකාශ කළේ දැනට සිදුකළ පරීක්ෂණවලදි හෙලිවු තොරතුරු මත සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවය.

ඔවුන් සතුව තිබී ව්‍යාජ ලෙස සකස් කරන ලද බැංකු කාඩ්පත් 58 ක් පිස්තෝලයක් ඇතුළු උපකරණ රැසක් සොයාගෙන තිබේ

පොලිස් අත්අඩංගුවට පත් නව සිහල උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර නිදහස් කෙරේ. 03-01-2011


අද (03) පෙරවරුවේ පොලිස් අත්අඩංගුවට පත්වූ නව සිහළ උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර මීට සුළු මොහොතකට පෙර නිදහස් කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී ප‍්‍රිශාන්ත ජයකොඩි සඳහන් කළා. දෙපාර්ශවය අතර ඇති වූ එකඟතාවයක් මත මෙසේ ගැටලූව නිරාකරණය කර ගැනීමට හැකි වූ බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේ. සිය පිස්තෝලයෙන් ත‍්‍රිරෝද රථ රියැදුරෙකුට වෙඩි තැබීමට උත්සාහ කළ බවට වූ පැමිණිල්ලක් මත නව සිහල උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර අද (03) පෙරවරුවේ වැලිකඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගත්තා.