Tuesday, April 27, 2010

මර්වින්ට ජනමාධ්‍ය භාර දීම ගැන ජාත්‍යන්තරය කැළඹේ


ආචාර්ය මර්වින් සිල්වා මහතාට ජනමාධ්‍ය අමාත්‍යංශ්‍ය භාර දීම පිළිබඳව "මායිම් රහිත මාධ්‍යවේදියෝ" සංවිධානය සිය විමතිය පළ කර තිබේ. එම සංවිධානය පවසන්නේ කිසිදු රටක් රට ගිනි තබන "ගිනි තබන්නන්" මෙවැනි තනතුරුවලට පත් නොකරන බව යි. ශ්‍රී ලංකාවේ ආණ්ඩුව මාධ්‍යවලට පහරදුන්, විවිදාත්මක පුද්ගලයන් ප්‍රධාන තනතුරුවලට පත් කිරීමෙන් සිය කීර්තිය කෙළෙසා ගනිමින් සිටින බව එම සංවිධානය පවසයි. පසුගිය මහ මැතිවරණයේදී ලබා ගත් ජනවරම මෙවැනි තනතුරුවෙනුවෙන් භාවිත වීම තුළ රට තුළ සංහිඳියාව සහ සංවර්ධනය ඇති කිරීමට ආණ්ඩුව සමත්වේදැයි සැකයක් මතු වන බව එම සංවිධානය පවසයි.
එම මාධ්‍ය සංවිධානය මර්වින් සිල්වා මහතාට ලබා දුන් ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ධූරය යලි සලකා බලන ලෙස අග්‍රාමාත්‍ය දී.මු.ජයරත්න මහතාගෙන් ඉල්ලා සිටී.lankatruth

භූතානයට ගෙන නොයෑම ගැන විමල් කණස්සල්ලෙන්


සාර්ක් රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් භූතානයට පිරිස ගෙනයාමේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය බිරිඳ ශිරන්ති රාජපක්ෂ, වැඩිමහල් පුතනුවන් මන්ත්‍රී නාමල් රාජපක්ෂ, විදේශ ඇමැති ජී.එල්.පීරිස්, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරුන්ට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ද වාස් ගුණවර්ධන මහතා එක් කර ගත් නමුත් තමන් එක් කර ගැනීමට කටයුතු නොකළ බව ජාතික නිදහස් පෙරමු‍ණු නායක විමල් වීරවංශ මහතා අද චෝදනා මුඛයෙන් කතා කොට ඇත. මේ සම්බන්ධයෙන් තමන් දැඩි කණස්සල්ලට පත්ව ඇති බවත් වීරවංශ මහතා මෙහිදී පවසා ඇත.
ශිරන්ති රාජපක්ෂ, නාමල් රාජපක්ෂ යන දෙදෙනාට අමතරව ගෙන ගිය පුද්ගලයින් අතුරින් ලලිත් වීරතුංග මහතා ජනාධිපති ලේකම් බැවින්ද, ජී.එල්.පීරිස් මහතා විදේශ ඇමති බැවින්ද ගෙන යාම සාධාරණ බවත් මැතිවරණයේදී සන්ධානයේ ජයග්‍රහණය වෙනුවෙන් දැවැන්ත කැපකිරීමක් හා මුදලක් වියදම් කළ තමන්ට වඩා සජින් ද වාස් ගුණවර්ධන ලොකු වූ යේ කෙසේද යනුවෙන් වීරවංශ මහතා මෙහිදී දැඩි ස්ව‍රයෙන් පවසා ඇත.
මේ සම්බන්ධයෙන් වීරවංශ මහතා බැසිල් රාජපක්ෂ මහතා හා කතා කිරීමට ගත් උත්සහයන් දිගින් දිගටම ව්‍යර්ථ වූ බවත්, බැසිල් රාජපක්ෂ මහතා වීරවංශ මහතාගේ දුරකතන ඇමතුම්වලට පිළිතුරු දීමෙන් වැලකී සිටි බවත් වැඩිදුරටත් වාර්තා වේ. lankatruth

මන්ත්‍රී ජයසූරියගේ ආරක්ෂකයින්ට කණ්ඩායමෙන් විරෝධය


බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගවලියට සහභාගිවීම සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් මූලස්ථානයෙන් කටුනායක ගුවන් තොටුපලට යාම පිණිස විශේෂ බස් රථයට ගොඩ වූ අවස්ථාවේදී කණ්ඩායම් නායක කුමාර් සංගක්කාර ඇතුලූ සියලූම ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් මන්ත්‍රී සනත් ජයසූරියට නිහඬ විරෝධයක් දක්වා ඇතැයි වාර්තා වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය මහතා බසයට ගොඩ වී ඇත්තේ ආරක්ෂකයින් පිරිසක් සමගය. ඔහු ඉදිරි පෙළ අසුනක අසුන් ගෙන ඇති අතර අනතුරුව ඔහුගේ ආරක්‍ෂකයින් ඔහු දෙපස හා ඔහු පසුපස ආසනවල අසුන් ගෙන තිබේ. සනත් ජයසූරිය බසයට ගොඩවී විනාඩි 10කට පමණ පසු බසයට ගොඩවූ සංගක්කාර, මන්ත්‍රී ජයසූරිය පසුකොට බසයේ පසුපෙළ අසුනකට ගොස් ඇති අතර, ඔහු අනුගමනය කරමින් අනිත් ක‍්‍රීඩකයෝද ජයසූරිය සමග වචනයකුදු කතා නොකොට පසු පෙළ ආසනවලට ගොස් අසුන් ගෙන තිබේ. ගමන නිමා වන තුරුම ජයසූරිය හා අනෙකුත් ක්‍රීඩකයින් අතර කිසිදු ගනු දෙනුවක් සිදු නොවූ බව වාර්තා වේ.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් ජයසූරිය හා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ නායක කුමාර සංගක්කාර අතර, මේ වන විට බරපතළ අර්බුදයන් ගොඩ නැගී ඇති අතර, ඒ හේතුවෙන් කණ්ඩායම් නායකත්වයෙන් ඉවත් වීමට සංගක්කාර පසුගිය දා තීරණය කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණි.lankatruth

ජනරාල්ගේ බෑනා සොයා රහස් පොලිසිය මිහින්තලා රජමහා විහාරයේ යකා නටයි


ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බෑණනුවන් වූ ධනුන තිලකරත්න මහතා සැගවී සිටින බවට තොරතුරක් ලද බව පවසමින් අද රහස් පොලිසිය පැය 4කට අධික කාරලයක් මිහින්තලා රාජමහා විහාරස්ථානයේ සෝදිසියක නිරත වී ඇත. කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් බව පැවසෙන වරෙන්තුවක් පෙන්වමින් රහස් පොලිසිය මෙලෙස සෝදිසියේ නිරතව ඇත.
පැය 4 කට අධික කාරයක් මිහින්තලා රාජ මහා විහාරයේ අවාස ගෙය, මැද මළුව, බුදු මැදුරු, පිරිවෙන් ස්ථානය මෙන්ම පූජනීය වටිනායමින් අනූන මිහිඳු ගුහාවේද අහු මුළු පීරමින් රහස් පොලිසිය දැඩි සෝදිසියක නිරතව ඇත. මේ අවස්ථාවේදී මිහින්තලා පුද බිමට පැමිණ සිටි වන්දනාකරුවන් හා බැතිමතුන්ට හිංසා පීඩා වන ආකාරයෙන් මෙම සෝදිසි කිරීම පිළිබඳව බැතිමතුන් සිය විරෝධය පළ ඇති නමුත් එය සැලකිල්ලට නොගෙන රහස් පොලිස් නිලධාරීන් සිය කටයුත්ත ඒ ආකාරයෙන්ම දිගටම සිදු කර ඇත.
කෙසේ වෙතත් පැය 4 කට අධික කාලයක් සොයා පසුව කිසිවක් නොමැති බවත්, අවශ්‍ය වුවහොස් පසුව පැමිණෙන බවත් දන්වා රහස් පොලිස් නිලධාරීන් පිටව ගොස් ඇත.lankatruth

මහින්දානන්දට කැපිල්ල - කෙහෙලිය, අමුණුගම,එස්.බී.ට ඇමැතිකම්


නව රජයේ කැබිනට්‌ ඇමැතිවරුන් ලෙස මහාචාර්ය තිස්‌ස විතාරණ සහ ආරුමුගම් තොණ්‌ඩමන් යන මන්ත්‍රීවරුන් ද, මෙයට අමතරව එක්සත් ජාතික පක්ෂයේ සිට පැමිණි ආචාර්ය සරත් අමුණූගම, එස්.බී.දිසානායක, කෙහෙළිය රඹුක්වැල්ල යන මන්ත්‍රීවරුන්ද අමාත්‍යවරුන් ලෙස ලබන සතියේ දිවුරුම්දීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි. එම දිවුරුම්දීම ජනාධිපතිවරයාගේ භූතාන සංචාරයෙන් පසු සිදු වන බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය. මෙයට අමතරව ෆයිසර් මුස්‌තාපා මහතා නියෝජ්‍ය ඇමැතිවරයකු ලෙස දිවුරුම් දීමටද නියමිතය.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පැරණි සාමාජිකයෙකු වන මහනුවර දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබා ගත් මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ඇමැති ධූරයක් නොදී නියෝජ්‍ය ඇමැති ධූරයක් ලබාදී අලුත්ගමගේ මහතා ඇමැති මණ්ඩ‍ලයේ පහළින් තැබීමට රාජපක්ෂ සමාගම සැලසුම් කර ඇති බවත් වාර්තා වේ. මේ වෙනුවෙන් වූ වැඩපිළිවෙළ මේ වන විට ජනාධිපති ලේකම්වරයා ලවා සිදු කරන බවත්, එහි ප්‍රකාශ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත් මහතා මගින් සිදු ක‍රන බවත් පැවසේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත් මහතා පැවසුවේ ආණ්ඩුව පිහිටුවීම සම්බන්ධයෙන් නාවලපිටිය සිදුවීම බාධාවක් වූ බවයි. මේ අනුව මෙහි වගකීම මේ වන විට මහින්දාන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා පිට පටවා ඇති අතර, මෙයින් අලුත්ගමගේ මන්ත්‍රීවරයා නිහඬ කිරීම රාජපක්ෂ සමාගමේ කුමන්ත්‍රණයක් බවත් පැවසේ.
කෙසේ වෙතත් නාවලපිටිය සිදුවීම සම්බන්ධයෙන් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාගෙන් හා ෆයිසර් මුස්තාපා මන්ත්‍රීවරයාගෙන් ඊ‍යේ ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටුව පරීක්ෂණ සිදු කර ඇති අතර, මෙසේ පරීක්ෂණ්‍යට ලක්ව ඇති ෆයිසර් මුස්තාපා මහතාට නියෝජ්‍ය ඇමැති ධූරයක් ලබාදීමට තීරණය කර තිබියදී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට විනය පරීක්ෂණයෙන් පසුව ඇමැති ධූරයක් ලබාදීම සම්බන්ධයෙන් තීරණ ගන්නා බවත් විනය පරීක්ෂණය අවසන් වන තුරු තනතුරක් ලබා නොදීමට තීරණය කළ බවත් ජනාධිපති ලේකම් කාර්යාලය පවසා ඇත. lankatruth

වන ජීවියත් මට ලැබෙයි -බැසිල්


සංචාරකයින් වැඩි වශයෙන් ආකර්ෂණය කර ගන්නා ස්ථානයක් බවට දෙහිවල සත්වෝද්‍යානය පත් කරන බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
ජාතික ආදායමට විශාල ව‍ශයෙන් මුදල් එක් රැස් කළ හැකි ස්ථානයක් බවට මෙය පත් කළ හැකි බව අමාත්‍යවරයා කියා සිටියි.
අමාත්‍යවරයා මේ අදහස් පළ ක‍රනු ලැබුවේ අද දෙහිවල සත්වෝද්‍යානයේ නීරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යය වෙත අදහස් දක්වමිනි..
සංචාරක දෙපාර්තමේන්තුව යටතට පින්නවල අලි අනාථාගාරය සහ දෙහිවල සත්වෝද්‍යානය ද එක්කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇති බව බැසිල් රාජපක්ෂ මහතා මෙහිදි සඳහන් කළේය.
එසේම වන ජීවි දෙපාර්තමේන්තුව ද ඉදිරියේදී තම අමාත්‍යාංශය යටතට පත්වනු ඇති බවට බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී විශ්වාසය පළ කළේය.. adaderana

අධ්‍යාපන වෘත්තිකයන්ගෙන් විරෝධයක්


අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා විසින් 2010 අප්‍රේල් මස පළමු දින දාතමින් නිකුත් කර ඇති චක්‍රලේඛනයකට අධ්‍යාපන වෘත්තිකයින්ගේ සංගමය විරෝධය පළ කරයි.
එම සංගමයේ ලේකම් වසන්ත ධර්මසිරි මහතා පවසන්නේ අදාළ චක්‍රලේඛය මගින් ගුරු සේවයේ වැටුප් කප්පාදු වීමක් සිදුවන බවයි.
එසේම විදුහල්පති සේවයේ නිලධාරීන්ට ගුරු සේවයේ වැටුප් ලබා ගැනීමට බල කර ඇති බව ද ධර්මසිරි මහතා පෙන්වා දෙයි..
එම චක්‍රලේඛයේ අදාළ වගන්ති සංශෝධනය කරන ලෙස අධ්‍යාපන බලධාරී‍න්ගෙන් ඉල්ලා සිටින බව අධ්‍යාපන වෘත්තිකයින්ගේ සංගමය පවසයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විමසීමට අද දෙරණ අධ්‍යාපන අමාත්‍යාංශය ඇමතුව ද එහි ප්‍රකාශිකාවක සඳහන් කළේ නව කැබිනට් මණ්ඩලය පත් කිරීමෙන් අනතුරුව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා ලේකම්වරයෙකු මෙතෙක් වැඩ භාරගෙන නොමැති බවයි. ------------------ adaderana

මීගමු කළපුවෙන් කසිප්පු බේරෙයි


මීගමුව කළපු තීරයේ මහාපරිමාණයෙන් පවත්වාගෙන ගිය නීති විරෝධි මත්පැන් ස්කාගාරයක් වැටලීමට පොලිසිය සමත්ව තිබේ.
පමුණුගම පොලිසියේ නිලධාරීන් පිරිසක් මෙම වැටලීම සිදුකර ඇතැයි‍ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කරයි.
එම ස්ථානයේ තිබී ගෝඩා ලීටර 3920ක් අඩංගු බැරල් 20ක් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
ජවාරමට සම්බන්ධ බවට සැකපිට ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ. adaderana

පසුබෑමට හේතු සෙවිය යුතුයි


ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය කිරීමට නම් රාජ්‍ය ආයතනවල පසුබෑම් වලට හේතු සහ ඊට පිළියම් යෙදිය යුතු බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව් .ඩි.ජේ.සෙනවිරත්න මහතා පවසයි.
අමාත්‍යවරයා මේ අදහස් පළ කරනු ලැබුවේ සිය අමාත්‍යාංශයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව පැවති මාධ්‍යය හමුවක් අමතමිනි.
දිස්ත්‍රික් ලේකම් කාර්යාල , ප්‍රාදේශීය‍ ලේකම් කාර්යාල සහ ග්‍රාම නිලධාරී කාර්යාල කාර්යක්ෂම හා විධිමත් කිරීමට පියවර ගන්නා බව හෙතෙම සදහන් කළේය..
ග්‍රාමීය ජනතාව අතරට ගොස් ඔවුන්ගේ ගැටලුවලට විසඳුම් සෙවීම අත්‍යවශ්‍ය කරුණක් බව අමාත්‍ය සෙනවිරත්න මහතා පෙන්වා දුන්නේය. adaderana

කඩාකප්පල් වූ කුවෙයිට් අවුරුදු උත්සවය ගැන වාර්තාවක්


කුවේටයේ සංවිධානය කර තිබූ ශ්‍රී ලාංකික අවුරුදු උත්සවය අත්හිටුවීමට සිදු වීම සම්බන්ධයෙන් කුවේටයේ ශ්‍රී ලංකා තානාපති අංශ එරට විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුවත් කිරීමට නියමිතව තිබේ.
මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කරන පරිදි අදාළ අවුරුදු උත්සවය පැවැත්වීම සඳහා ගත යුතු සෑම අවසර පත්‍රයක්ම ලබා ගෙන තිබිය දීත් කිසියම් පිරිසකගේ විරෝධතා හේතුවෙන් උත්සවය අත්හිටුවීමට සිදු වී ඇත.
මේ සම්බන්ධයෙන් කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයට ද වාර්තාවක් ලබා දීමට ද නියමිතය. ශ්‍රී ලාංකිකයින් දස දහසකගේ පමණ සහභාගීත්වයෙන් පසුගිය සිකුරාදා සංවිධානය කර තිබූ මෙම අවුරුදු උත්සවය පැවැති ස්ථානය වෙත පැමිණි කුවේට් ජාතිකයින් පිරිසක් එම උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් විරෝධය පළ කර තිබුණි..
ඊට හේතු වී ඇත්තේ සිකුරාදා දිනය කුවේට් ජාතිකයින්ට ආගමික වශයෙන් විශේෂ දිනයක් වීම බව ද සඳහන් වේ. මේ හේතුවෙන් ඇතිවන්නට ගිය උණුසුම් තත්ත්වය වැළැක්වීම සඳහා අවුරුදු උත්සවය අත්හිටුවීමට ශ්‍රී ලංකා තානාපති අංශ පියවර ගෙන තිබේ.
අදාළ විරෝධතා දැක්වීම එරට බලධාරීන්ගේ අනුදැනුම මත සිදූ වූවක් ද යන්න මෙතෙක් අනාවරණය වී නැත. adaderana

ශ්‍රී ලංකා ජනපති භූතාන අගමැති‍ගේ පැසසුමට


අධිෂ්ඨානය සහ තීක්ෂණ දැක්ම තුළින් ශ්‍රී ලංකාවට සාමය උදා කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගත් ක්‍රියාමාර්ග භූතාන අග්‍රාමාත්‍යවරයාගේ පැසසුමට ලක් වී තිබේ. 16 වන සාර්ක් සමුළුවට සහභාගී වීම සඳහා භූතානයට ගොස් සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ භූතාන අග්‍රාමාත්‍ය ජිග්මි තින්ලේ හමුවිය. භූතානයේ තිම්පු නුවර පිහිටි සාර්ක් ගම්මානයේ පිහිටි"ශ්‍රී ලංකා හවුස්"හි දී මෙම හමුව සිදුවිය. එහි දී නායකයින් දෙදෙනා අතර දෙරටටම වැදගත් වූ කරුණු රැසක් පිළිබඳව අවධානය යොමු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
ශ්‍රී ලාංකේය ජනතාව පීඩාවට පත් කළ ත්‍රස්තවාදය පරාජය කරමින් තිරසාර සාමයක් උදාකරමින් රටේ ජනතාවට ලබා දුන් නිදහසේ සුවය විඳීමට භූතාන ජනතාවද ශ්‍රී ලාංකේය ජනතාව සමඟ එක්වන බව භූතාන අග්‍රාමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළේය. බෞද්ධ රටවල් වශයෙන් ශ්‍රී ලංකාව සහ භූතානය අතර පවතින ආගමික හා සංස්කෘතික බැඳීම ඉදිරියේ දී වඩාත් තහවුරු කර ගැනීමේ අවශ්‍යතාවය ද මෙහි දී දෙපාර්ශවය අතර සාකච්ඡාවට ලක් වී ඇත. වෛද්‍ය ක්ෂේත්‍ර ඇතුළු ක්ෂේත්‍රයන් තුළ භූතානයේ මානව සම්පත් සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවෙන් ලැබෙන සහයෝගය පිළිබඳව මෙහි දී භූතාන අග්‍රාමාත්‍ය ජිග්මි තින්ලේ මහතා ජනාධිපතිවරයාට විශේෂ ස්තූතියක් පිරිනමනු ලැබීය. භූතානයට පැමිණි තමන් ඇතුළු නියෝජිත පිරිස වෙනුවෙන් ලැබුණු ඉහළම පිළිගැනීම සහ ආගන්තුක සත්කාර වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහි දී භූතාන අග්‍රාමාත්‍යවරයා වෙත ස්තූතිය පළ කර සිටියේය. adaderana

බේරුවල රිය අනතුරකින් එක් අයෙක් මියයයි


ගාල්ල, කොළඹ ප්‍රධාන මාර්ගයේ බේරුවල ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ. ඊයේ රාත්‍රී මෝටර් රථයක, පදිකයෙකු ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.
අනතුරින් මිය ගොස් ඇත්තේ සූරිය වැව ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙකි. අනතුර සිදු කළ මෝටර් රථය අත්අඩංගුවට ගැනීම සඳහා බේරුවල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. adaderana

එල්.ටී.ටී.ඊ සැකකරුවන් 7ක් අත්අඩංගුවට


නෙදර්ලන්තයේ දී එල්.ටී.ටී.ඊ සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. නෙදර්ලන්තය තුළ එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් සංවිධානයක් බැවින් එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරකම් වලට සම්බන්ධ පුද්ගලයින් 7 දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගත් බව එරට අපරාධ පරීක්ෂණ කාර්යාලය පවසයි. මෙම අත්අඩංගුවට ගැනීම සඳහා නෙදර්ලන්‍තයේ නිවාස සහ ව්‍යාපාරික ස්ථාන 16 ක් පරීක්ෂාවට ලක් කර තිබේ.
ජාත්‍යන්තර එල්.ටී.ටී.ඊ ජාලය තුළ මොවුන් ක්‍රියාකාරී සාමාජිකයින් ලෙස කටයුතු කර ඇති බව වාර්තා වේ. අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් සතුව තිබී පරිගණක, දුරකථන, ලිපි ලේඛන, ජායාරූප, ඩීවීඩී පට කිහිපයක් සහ යූරෝ 40 ,000 කට අධික මුදලක් සොයා ගෙන ඇත. මෙම සැකකරුවන් නෙදර්ලන්තයේ එල්. ටී. ටී. ඊ රාජ්‍ය නොවන සංවිධාන ගණනාවක නායකයින් බව නෙදර්ලන්ත අධිකරණ අමාත්‍යාංශය පවසයි. adaderana

"ඩෙංගු"සතියක්


ඩෙංගු රෝගය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඩෙංගු සතියක් නම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. ලබන මැයි මස 3 වන දින සිට 9 වන දින දක්වා කාලය තුළ මෙම ඩෙංගු සතිය ක්‍රියාත්මක කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා ප්‍රකාශ කළේය.
වසරකට දෙවරක් මේ ආකාරයට ඩෙංගු මර්දන සති ප්‍රකාශයට පත් කරන අතර මේ වසර සඳහා ක්‍රියාත්මක වන පළමු ඩෙංගු මර්දන සතිය මෙය බව සඳහන්ය. ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව පාලිත මහීපාල මහතා සඳහන් කළේය. මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගය වැළදීමෙන් පුද්ගලයින් 75 දෙනෙකු මිය ගොස් ඇති අතර 12, 000 අධික පිරිසකට ඩෙංගු රෝගය වැළඳී ඇති බව වාර්තා වේ.adaderana

වළ දමා තිබූ හැඳුනුම්පත් තොගයක් හමුවේ


මාතර, නාවිමන ප්‍රදේශයේ කැළෑ ඉඩමක වළ දමා තිබූ ජාතික හැඳුනුම්පත් තොගයක් සොයා ගෙන තිබේ. මෙම හැඳුනුම්පත් දැනට වසර 20 කට පමණ ඉහත දී වල දමා ඇති බවට අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය. එම ඉඩමේ කුරුඳු සිටවීම සඳහා කාණු කපමින් සිටි සේවකයින් පිරිසක් පොලිතින් උර වල බහා සඟවා තිබූ මෙම හැඳුනුම්පත් තොගය දැක ඒ බව මාතර පොලිසියට දැනුම් දී ඇත.
ඒ අනුව ‍පරීක්ෂණ ආරම්භ කළ මාතර පොලිසියේ නිලධාරීන් වළ දමා තිබූ හැඳුනුම්පත් තොගය පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්ය. හැඳුනුම්පත් 1368 කට අධික ප්‍රමාණයක් එහි තිබූ බව පොලිසිය පවසයි. මාතර, නාවිමන උතුර / නාවිමන දකුණ, වෙරදූව, රසන්දෙණිය යන ප්‍රදේශ වල පුද්ගලයින්ට අයත් හැඳුනුම්පත් මෙහි වන බව වාර්තා වේ. මාතර පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි. adadrana

වැඩි ගාස්තු අයකළ බස් රථ 20ක් ගැන පරීක්ෂණ


පසුගිය උත්සව සමය තුළ වැඩි පුර බස් ගාස්තු අය කළ බස් රථ 20 ක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. එම බස් රථ වල මාර්ග බලපත්‍ර ගමනා ගමන කොමිෂන් සභාව වෙත පවරා ගෙන ඇති බව එහි මෙහෙයුම් අධ්‍යක්ෂ එච්.ඩබ්ලිව් විපුලසේන මහතා ප්‍රකාශ කළේය.
පසුගිය අප්‍රේල් 6 වන දින සිට 19 වන දින දක්වා කාලය තුළ දිවයින පුරා මෙම වැටලීම් සිදු කර තිබේ. පරීක්ෂණ වලින් අනතුරුව නැවත එම බස්රථ වල මාර්ග බලපත්‍ර ලබා දෙන්නේ ද එසේත් නැත්නම් අවලංගු කරන්නේ ද යන්න තීරණය කරන බව විපුලසේන මහතා වැඩිදුරටත් සඳහන් කළේය. adaderana

හොරෙන් වතුර ගන්න අය ගැන කියන්න


නීති විරෝධී ලෙස ජලය ලබා ගන්නා පුද්ගලයින් පිළිබඳව තොරතුරු දන්නේ නම් වහාම දැනුම් දෙන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
එසේ නිතී විරෝධී ලෙස ජලය ලබා ගන්නා පුද්ගලයින් පිළිබඳ මේ වන විට තොරතුරු වාර්තා වී ඇති බව එම මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ මහජන සම්බන්ධතා නිලධාරී හේමන්ත අබේකෝන් මහතා ප්‍රකාශ කළේය. ඊයේ දිනයේ ද කටුබැද්ද ප්‍රදේශයේ එලෙස ජලය ලබා ගත් ආපන ශාලාවක් වැටලූ බව අබේකෝන් මහතා සඳහන් කළේය. adaderana

Monday, April 26, 2010

naya

විපක්ෂයෙන් පිරිසක් අරන් අපි 2/3 බලය ගන්නවා - ඇමැති සිරිපාල හෙළි කරයි


තමන්ගේ ප්‍රධාන අරමුණ වන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් බැවින් ඒ සඳහා අවශ්‍ය වන 2/3 බලය ඉදිරි මාස දෙක ඇතුළත විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩු පක්ෂයට ගෙන ලබාගන්නා බව නව වාරි මාර්ග හා ජල කලමණාකරණ ඇමැති නිමල් සිරිපාල මහතා පවසා ඇත. මෙහිදී සිරිපාල මහතා පවසා ඇත්තේ දැනටමත් එක්සත් ජාතික පක්ෂයෙන් මහ මැතිවරණයට තරඟ කළ පී.දිගම්බරන් හා ප්‍රභා ගනේෂන් යන මහත්වරුන් දෙදෙනා ආණ්ඩුවට සහයදීමට එකඟ වී ඇති බවයි.
"ජනාධිපති රාජපක්ෂ මහතා දෙවෙනි ධූර කාලය සඳහා දිවුරුම් දෙන්නේ නොවැම්බර් මාසයේදී. ඊට කලින් ව්‍යවස්‌ථා සංශෝධනයක් කරන්න රජයේ උත්සහ කරනව. ව්‍යවස්‌ථා සංශෝධනය සඳහා ඇති එකම බාධාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය නොමැතිවීම. නමුත් දැනටමත් අපිට එකසිය හතළිස්‌ හතරක මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් ඉන්නව.
මේ පිරිස එකසිය හතළිස්‌ හය දක්‌වා ඉදිරි දින කිහිපයේදී ඉහළ යනවා. පී. දිගම්බරම් මහතා සහ ප්‍රභා ගනේෂන් මහතා ළඟදීම ආණ්‌ඩුවට එක්වෙනවා. තව අඩු මන්ත්‍රී ධුර පහයි. ඒකත් අපි ඉදිරි මාස දෙක තුළ අනිවාර්යයෙන්ම සම්පූර්ණ කර ගන්නවා." සිරිපාල මහතා පවසා ඇත.
කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයෙන් මේ වන විට මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ආණ්ඩුවට එක්වීම සඳහා ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයින් සමඟ සාකච්ඡා පවත්වා ඇති අතර, මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නවක මන්ත්‍රීන් මෙන්ම පැරණි මන්ත්‍රීන්ද වන බව වාර්තා වේ. කෙසේ වෙතත් ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ වහාම මෙම පිරිස ව්‍යවස්ථා සංශෝධනයට සහය දක්වන බවත්, එය ආණ්ඩු පක්ෂයට එක්වීමෙන්ද නැතහොත් විපක්ෂයේ සිට නව ව්‍යවස්ථාවට සහයදිමෙන්ද යන්න පිළිබඳ තවමන් තිශ්චිත එකඟතාවයට පත්ව නැත.lankatruth

ලගදීම එ.ජා.පයේ දැවැන්ත ප‍්‍රතිසංවිධානයක්


එක්සත් ජාතික පක්‍ෂයේ අභ්‍යන්තරික ප‍්‍රතිසංවිධාන ගණනාවක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව එම පක්‍ෂය අද (26) මාධ්‍ය හමුවක් මගින් අනාවරණය කළේය. එම පක්‍ෂයේ මාධ්‍ය ලේකම් ගයන්ත කරුණාතිලක මහතා විසින් ප‍්‍රකාශ කළ පරිදි එ.ජා.ප.යේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම මන්ත‍්‍රීවරයෙකු හටම පක්‍ෂයේ නිශ්චිත වගකීමක් පවරන අතර ඒ අනුව පක්‍ෂයේ ඉහල මට්ටමේ සිට පහළ සාමාජිකත්වය දක්වා මෙකී ප‍්‍රතිසංවිධානයක් සිදුකිරීමට නියමිත බවත් ඉදිරි සතිය ඇතුලත මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය රැුස්වන බවත් ඒ මහතා සදහන් කළේය. තවද ඉදිරියේදී විකල්ප ආණ්ඩුවක් ගොඩනැගීමටද, අත්‍යවශ්‍ය අවස්ථාවන්හිදී ආණ්ඩුව සමග එකඟතාවයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය.lankatruth

විමල් හා අචල අතර ගැටුමක් - අචල ශ්‍රීලනිපයට


ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා හා එම පෙරමුණේම හිටපු සංචාරක අමාත්‍ය අචල ජාගොඩ මහතා අතර බරපතල අර්බුදයක් මතුව ඇතැයි වාර්තා වේ. ‍වාර්තා වන අන්දමට මෙම ගැටුමට ප්‍රධාන හේතුව වී ඇත්තේ අචල ජාගොඩ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීමේ සූදානමයි. පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ශවකරුවෙකු ලෙස කටයුතු කළ ජානිපෙට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධූර දෙකක් ලබා දෙන බවට ‍පොරොන්දු වෙමින් පසුව මන්ත්‍රී ධූර එකක් ලබා දුන් අතර, මෙම මන්ත්‍රී ධූරයද වීරවංශ මහතාගේ කිසිදු අනුදැනුමකින් තොරව ජාගොඩ මහතාට ලබා දුන්නේද මෙහි එක් පියවරක් ලෙස බවද වාර්තා වේ.
කෙසේ වෙතත් මේ වන විට වීරවංශ මහතා හා අචල ජාගොඩ මහතා අතර පවතින ගැටුම උග්‍ර වී ඇති අතර පසුගිය කාලයේදී රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය විසින් වීරවංශ මහතාගේ ආරක්ෂාවට අනුයුක්ත කර ගෙන තිබූ ආරක්ෂක භටයින්ගේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අචල ජාගොඩ මහතාගේ සොහොයුරු කැප්ටන් ජාගොඩ මහතා ඊයේ දහවල් සිට හදිසියේම වීරවංශ මහතාගේ ආරක්ෂක පිරිසෙන් ඉවත් කර ඇත.
ජාතික නිදහස් පෙරමුණ සකස් කර ආණ්ඩුවට එක්වීමෙන් පසු විශාල භට පිරිසක් සමඟ රජය විසින් වීරවංශ මහතාට දැඩි ආරක්ෂාවක් ලබා දී තිබූ අතර, මෙම ආරක්ෂක භට පිරිසේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ අචල ජාගොඩ මන්ත්‍රීවරයාගේ සොයුරු කැප්ටන් ජාගොඩ විසිනි. පසුගිය මහ මැතිවරණ ප්‍රචාරක ක්‍රියාවලියේදී පවා වීරවංශ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළේද කැප්ටන් ජාගොඩ මහතාය. නමුත් හදිසියේම ඊයේ දහවල් සිට වීරවංශ මහතා සිය ආරක්ෂක භටයින්ගෙන් කැප්ටන් ජාගොඩ මහතා හා ඔහු සමඟ එකට සිය ආරක්ෂාව වෙනුවෙන් අනුයුක්ත කර ගත් භටයින් ඉවත් කර ගෙන ඇත.
පසුගිය දා එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ලබාදීමේදී ජාතික නිදහස් පෙරමුණේ මුසම්මිල් මන්ත්‍රීවරයා නම් කරන ලෙස විමල් වීරවංශ මහතා සන්ධාන මහ ලේකම්ගෙන් ඉල්ලා සිටියද මහ ලේකම් විසින් පත් කර තිබුණේ අචල ජාගොඩ මහතාය. අචල ජාගොඩ මහතා ජාතික ලැයිස්තුවෙන් පත් කරන ලෙස සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත් මහතාට නියෝග කර තිබුණේ රාජපක්ෂ සමාගමේ ප්‍රබලයෙකු විසිනි.
කෙසේ වෙතත් මෙම සිදුවීම් සියල්ල මේ ආකාරයෙන් සිදු වූයේ අචල ජාගොඩ මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් කර ගැනීමට බවත්, මේ වෙනුවෙන් රාජපක්ෂ සමාගමේ ප්‍රබලයෙකු වන දැනට ප්‍රබල අමාත්‍යංශයක ඇමැති ධූරයක් දරන රාජපක්ෂවරයෙකු මුල් වී ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.lankatruth

තහනම් ධීවර ආම්පන්න තොගයක් දැලේ


මසුන් මැරීම සඳහා යොදා ගත් තහනම් ධීවර ආම්පන්න තොගයක් දිස්ත්‍රික් ධීවර රැකියා දෙපාර්ත‍මේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කළ මෙහෙයුමක දී දෙපාර්තමේන්තු භාරයට ගෙන තිබේ.
දිස්ත්‍රීක් ධීවර රැකියා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ එස්.ඩී ජෝර්ජ් මහතා පවසන පරිදි මඩකළපුව චෙංකලඩි සහ වෙල්ලාවේලි ප්‍රදේශ වල දී අදාළ වැටලීම් සිදු කර ඇත.
එහි දී සැකකරුවන් පළා ගොස් ඇති අතර රුපියල් ලක්ෂ 19 ක් පමණ වටිනා නීති විරෝධී දැල් ආම්පන්න එම නිලධාරීන් භාරයට ගෙන තිබේ.. එම දැල් ආම්පන්න අද මඩකළපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
රජය විසින් තහනම් කර ඇති දැල් ආම්පන්න භාවිත කර මසුන් මැරීම හේතුවෙන් මඩකළපුව කළපුවේ කුඩා මසුන් විශාල වශයෙන් විනාශ වී ඇති බව අනාවරණය වී තිබිණි. adaderana

මාස්ටර්ස්ලා අදත් අධිකරණය හමුවට


ඇප මත මුදා හැර ඇති එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටර් සහ ජෝර්ජ් මාස්ටර් යන අය සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණ සිදු කෙරෙන බව රහස් පොලිසිය කොළඹ මහාධිකරණයට කරුණු වාර්තා කරන ලදී.
අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අදාළ නඩුව විභාගයට ගත් අවස්ථාවේ දී ජෝර්ජ් මාස්ටර් සහ දයා මාස්ටර් අධිකරණය හමුවේ පෙනී සිටියහ.
මෙහි දී සරණාගත කඳවුරු වලින් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ලැබෙන තොරතුරු මත ජෝර්ජ් මාස්ටර් සහ දයා මාස්ටර් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බවර රහස් පොලිසිය සඳහන් කරන ලදී.
අගෝස්තු මස යළි නඩුව විභාගයට ගන්නා අවස්ථාවේ දී පරීක්ෂණ වල ප්‍රගතිය වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත් අධිකරණය රහස් පොලිසියට නියෝග කර තිබේ. adaderana

මයෝන් මුස්තාපාට අධිචෝදනා


ඉකුත් ජනාධිපතිවරණ සමය තුළ සරත් ෆොන්සේකා මහතා ජයග්‍රහණය කර වීම සඳහා අල්ලස් ලබා දීමේ චෝදනාව මත හිටපු නියෝජ්‍ය අමාත්‍ය මයෝන් මුස්තාපා මහතාට ‍එරෙහිව කොළඹ මහා අධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබේ.
නීතීපතිවරයා විසින් මෙම නඩුවේ සාක්ෂිකරුවන් වශයෙන් පුද්ගල‍යින් 21 දෙනෙකු නම් කර තිබුණි.
ඉකුත් ජනාධිපතිවරණ කාලය තුළ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය පළ කිරීම සඳහා රුපියල් ලක්ෂ 43 ක මුදලක් ජාතික නිදහස් පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතාට ලබා දුන් බවට චෝදනා ගොනු කර තිබුණි.
මෙ‍මගින් මයෝන් මුස්තාපා මහතා ජනාධිපතිවරණ පනත උල්ලංඝණය කර ඇති බව නීතිපතිවරයා විසින් අධිකරණය හමුවේ කරුණු වාර්තා කරන ලදී.
සාක්ෂි වශයෙන් දුරකථන ඇමතුම් නාමාවලියක් , හඬ පටයක් සහ වීඩියෝ පටයක් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.adaderana

ඇමතිවරුන් දූෂිත බව ජනපති පිළිඅරන්


ආණ්ඩුවේ සිටි කැබිනට් අමාත්‍යවරුන් දූෂිත බව ජනාධිපතිවරයා පිළිගෙන ඇතැයි එ.ජා.ප මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
සෞඛ්‍ය ,වෙළෙඳ ,විදෙස් කටයුතු,අධ්‍යපන ආදී ක්ෂේත්‍ර වෙනුවෙන් සිටි අමාත්‍යවරුන් දූෂිත හා අකාර්යක්ෂම බවට එදා එක්සත් ජාතික පක්ෂය විසින් පෙන්වාදෙනු ලැබූවද එය පිළි නොගත් බවත්,පමා වී හෝ ජනාධිපතිවරයාට එය පිළිගන්නට සිදුවීම වැදගත් බවත් හෙතෙම කියා සිටියේය.
අභිනව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේදී පැවති අමාත්‍ය තනතුරු ගණනාවක් වෙනස් කරන්නට ජනාධිපතිවරයාට සිදුවූයේ තම පක්ෂයේ පෙන්වාදීම් නිසා බව අද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මන්ත්‍රීවරයා පැවසීය.
මෙවර පත් කළ කැබිනට් මණ්ඩලයද ජනතා අභිලාෂයන් වෙනුවෙන් පත් කෙරුණු බව කියා සිටියද එයින් නිරූපනය වන්නේ ද ආණ්ඩුවේ අදාළ පුද්ගලයින්ගේ අභිලාෂයන් පමණක් බවත් හෙතෙම සඳහන් කළේය.
මැතිවරණයට පෙරාතුව කැබිනට් මණ්ඩලය 35 ක් දක්වා අඩු කරන බවට පොරොන්දු දුන්නද මේ වන විටත් ඇමතිවරුන් 37 ක් පත් කර ඇති බවත් ඉදිරියේදී තවත් අමාත්‍යවරුන් ඊට ඇතුළත් වීමට නියමිත බවත් ඔහු සිහිපත් කළේය.adaderana

මැලේසියාවට පනින්න ගිය 75 ක් මාට්ටු


නීති විරෝධි ලෙස මැලේසියාවට ඇතුළු වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකික සරණාගතයින් 75 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මැලේසියාවේ බටු උබාන් ජැටියේ පැය 57ක පමණ කාලයක් අදාළ පිරිස ගමන් ගත් ‍ ට්‍රෝලර් යාත්‍රාව නවතා තබා ඇති බව සඳහන් වේ.
යාත්‍රාවේ සිටි පිරිසට පිටතට පැමිණෙන ලෙස දැනුම් දුන්නද ඔවුන් එම ඉල්ලීම පිළිනොගැනීම හේතුවෙන් මෙහෙයුමක් මගින් එම පිරිස පිටතට ගැනීමට වෙරළාරක්ෂක පොලිසියට සිදුවිය.
අදාළ ශ්‍රී ලාංකික සරණාගතයින් පිරිසට පිරිමි පුද්ගලයන් 61 දෙනෙකු , කාන්තාවන් 6 දෙනෙකු සහ ළමුන් 8 දෙනෙකු ඇතුළත් බව සඳහන් වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයන් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් එම සරණාගතයින් පිළිබඳ සොයා බලා ඇති අතර ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දීමට පියවර ගෙන ඇති බව සඳහන් වේ.
පෙනන් පොලිස් ප්‍රධානී ඩාටුක් යාකොබ් පවසන පරිදි සරණාගත පිරිස මැලේසියාවට ගෙන්වා ගැනීමට සම්බන්ධ පුද්ගලයන් සෙවීමේ පරීක්ෂණ ආරම්භ කර ඇත. යාත්‍රාවේ සිටි පිරිසට පිටතට පැමිණෙන ලෙස දැනුම් දුන්නද ඔවුන් එම ඉල්ලීම පිළිනොගැනීම හේතුවෙන් මෙහෙයුමක් මගින් එම පිරිස පිටතට ගැනීමට වෙරළාරක්ෂක පොලිසියට සිදුවිය. අදාළ ශ්‍රී ලාංකික සරණාගතයින් පිරිසට පිරිමි පුද්ගලයන් 61 දෙනෙකු , කාන්තාවන් 6 දෙනෙකු සහ ළමුන් 8 දෙනෙකු ඇතුළත් බව සඳහන් වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයන් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් එම සරණාගතයින් පිළිබඳ සොයා බලා ඇති අතර ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දීමට පියවර ගෙන ඇති බව සඳහන් වේ. පෙනන් පොලිස් ප්‍රධානී ඩාටුක් යාකොබ් පවසන පරිදි සරණාගත පිරිස මැලේසියාවට ගෙන්වා ගැනීමට සම්බන්ධ පුද්ගලයන් සෙවීමේ පරීක්ෂණ ආරම්භ කර ඇත.adaderana

ෆොන්සේකාගේ පෙත්සම කල්යයි


හමුදා අත්අඩංගුවේ පසුවන ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීම ජුලි 8 වැනිදා දක්වා කල් තබා තිබේ.
අගවිනිසුරු අශෝක ද සිල්වා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අදාළ පෙත්සම අද කැඳවනු ලැ‍බිණි..
පෙත්සමට අදාළ විරෝධතා ගොනු කිරීමට දෙපාර්ශවයටම කල් දුන් අධිකරණය අනතුරුව නඩු විභාගය ජූලි 8 වැනිදා දක්වා කල් තබන ලදී.
යුද හමුදාව මඟින් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීති විරෝධි බවත් එබැවින් ඔහු නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් පෙත්සම ගොනු කර තිබුණේ අනෝමා ෆොන්සේකා මහත්මිය විසිනි. adaderana

ඉලක්ක ජය ගන්න ලේකම්වරුන්ගේ සේවය අත්‍යවශ්‍යයි


රජයේ අපේක්ෂිත සංවර්ධන ඉලක්ක ජය ගැනීමට අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සහය අත්‍යවශ්‍ය වන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අමාත්‍යවරුන්ට මෙන්ම අමාත්‍යාංශ ලේකම්වරුන්ට ද පුළුල් වගකීමක් පැවරෙන බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී නව අමාත්‍යාංශ ලේකම්වරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කරන ලදී.
විශේෂයෙන්ම නොදියුණු පළාත් සහ දිස්ත්‍රික්ක පිළිබඳ වැඩි අවාධානයක් යොමු කරමින් ඒවා නඟා සිටුවීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා මෙහිදී අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් ඉල්ලා සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වු මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ අති විශාල ජනතා විශ්වාසයක් සමග රජය ලැබු ජනවරමට අනුව රට ගොඩනැඟීමේ පැහැදිලි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇති බවයි. adaderana

මහනායක හිමිවරුන්ගෙන් ඉල්ලීමක්


ජි.එස්.පි.ප්ලස් බදු සහනය ලබාදෙන ලෙස මහනායක හිමිවරුන් යුරෝපා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.
යුරෝපා කොමි‍සමේ ශ්‍රි ලංකා හා මාලදිවයින් තානාපති බර්නාඩ් සැ‍වේර් මහතා මහනායක හිමියක් බැහැදුටු අවස්ථාවේදී උන්වහන්සේලා මෙම ඉල්ලීම කළ බව සඳහන් වේ.
යුරෝපා කොමිසමේ තානාපතිවරයෙකු මල්වතු සහ අස්ගිරි මහනායක හිමිවරුන් බැහැදුටු පළමු අවස්ථාව මෙය වේ.
ශ්‍රි ලංකාවේ ඇඟලුම් කර්මාන්තය සහ තවත් අපනයන භාණ්ඩ රැසක් සඳහා හිමිවන බදු සහනය තවදුරටත් ලබාදෙන ලෙස මල්වතු සහ අස්ගිරි මහනායක හිමිවරුන් යුරෝපා කොමිසමේ තානාපතිවරයාගෙන් ඉල්ලා ඇත. adaderana

කැබිනට් ලේකම්වරු පදවි ලබති


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කැබිනට් අමාත්‍යංශ සඳහා නව ලේකම්වරුන් පත් කර තිබේ.
ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශ‍යේ ලේකම්වරයා ලෙස පත් කර ඇත්තේ ගෝඨාභය රාපක්ෂ මහතා ද ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සඳහා අචාර්ය පී.බි.ජයසුන්දර මහතා ද පත්කර ඇත.
ඩබ්ලිව්.බී.ගනේගල මහතා ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශ ලේකම්වරයා ලෙසත්, අධිකරණ අමාත්‍යාංශ ලේකම් ලෙස සුහද ගම්ලත් මහතාත් , කම්කරු සබඳතා හා ඵලදායිතා ප්‍රවර්ධන අමාත්‍යාංශ ලේකම් ලෙස මහින්ද මඩිහේවා මහතාත් , පත් කර තිබේ.
එසේම කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශ ලේකම් ලෙස තිලක් කොල්ලුරේ මහතාත් ,, එස්.ලියන‍ගම මහතා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් ලෙසත් , අශෝක පීරිස් මහතා ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ලෙසත් , ඉදිකිරීම් - ඉංජිනේරු සේවා - නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශ ලේකම් ලෙස නිශ්ශංක විජේරත්න මහතාත් පත් කර ඇත.
අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ලෙසත් ,වෛද්‍ය ටී.ආර්.සී.රූබේරූ මහතා සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ලෙසත් ,වෛද්‍ය නිහාල් ජයතිලක මහතා පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශ ලේකම් ලෙසත් , සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යාංශ ලේකම් ලෙස අනුර සිරිවර්ධන මහතාත් පත් කර ඇති වග සඳහන් වේ.
මීට අමතරව රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ලෙස ඩබ්ලිව්.ඩබ්ලිව් ගමගේ මහතා ද,එස් මර්නා මොහොමඩ් මහත්මිය ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම්වරිය ලෙසද,පී.බී ‍අබේකෝන් මහතා රාජ්‍ය කළමනාකරණ හා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ද පත්වීම් ලබා තිබේ. adaderana