Tuesday, April 27, 2010

වළ දමා තිබූ හැඳුනුම්පත් තොගයක් හමුවේ


මාතර, නාවිමන ප්‍රදේශයේ කැළෑ ඉඩමක වළ දමා තිබූ ජාතික හැඳුනුම්පත් තොගයක් සොයා ගෙන තිබේ. මෙම හැඳුනුම්පත් දැනට වසර 20 කට පමණ ඉහත දී වල දමා ඇති බවට අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය. එම ඉඩමේ කුරුඳු සිටවීම සඳහා කාණු කපමින් සිටි සේවකයින් පිරිසක් පොලිතින් උර වල බහා සඟවා තිබූ මෙම හැඳුනුම්පත් තොගය දැක ඒ බව මාතර පොලිසියට දැනුම් දී ඇත.
ඒ අනුව ‍පරීක්ෂණ ආරම්භ කළ මාතර පොලිසියේ නිලධාරීන් වළ දමා තිබූ හැඳුනුම්පත් තොගය පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්ය. හැඳුනුම්පත් 1368 කට අධික ප්‍රමාණයක් එහි තිබූ බව පොලිසිය පවසයි. මාතර, නාවිමන උතුර / නාවිමන දකුණ, වෙරදූව, රසන්දෙණිය යන ප්‍රදේශ වල පුද්ගලයින්ට අයත් හැඳුනුම්පත් මෙහි වන බව වාර්තා වේ. මාතර පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි. adadrana

0 comments:

Post a Comment