
ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය කිරීමට නම් රාජ්‍ය ආයතනවල පසුබෑම් වලට හේතු සහ ඊට පිළියම් යෙදිය යුතු බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව් .ඩි.ජේ.සෙනවිරත්න මහතා පවසයි.
අමාත්‍යවරයා මේ අදහස් පළ කරනු ලැබුවේ සිය අමාත්‍යාංශයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව පැවති මාධ්‍යය හමුවක් අමතමිනි.
දිස්ත්‍රික් ලේකම් කාර්යාල , ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ග්‍රාම නිලධාරී කාර්යාල කාර්යක්ෂම හා විධිමත් කිරීමට පියවර ගන්නා බව හෙතෙම සදහන් කළේය..
ග්‍රාමීය ජනතාව අතරට ගොස් ඔවුන්ගේ ගැටලුවලට විසඳුම් සෙවීම අත්‍යවශ්‍ය කරුණක් බව අමාත්‍ය සෙනවිරත්න මහතා පෙන්වා දුන්නේය. adaderana
0 comments:
Post a Comment