
ජි.එස්.පි.ප්ලස් බදු සහනය ලබාදෙන ලෙස මහනායක හිමිවරුන් යුරෝපා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.
යුරෝපා කොමිසමේ ශ්‍රි ලංකා හා මාලදිවයින් තානාපති බර්නාඩ් සැවේර් මහතා මහනායක හිමියක් බැහැදුටු අවස්ථාවේදී උන්වහන්සේලා මෙම ඉල්ලීම කළ බව සඳහන් වේ.
යුරෝපා කොමිසමේ තානාපතිවරයෙකු මල්වතු සහ අස්ගිරි මහනායක හිමිවරුන් බැහැදුටු පළමු අවස්ථාව මෙය වේ.
ශ්‍රි ලංකාවේ ඇඟලුම් කර්මාන්තය සහ තවත් අපනයන භාණ්ඩ රැසක් සඳහා හිමිවන බදු සහනය තවදුරටත් ලබාදෙන ලෙස මල්වතු සහ අස්ගිරි මහනායක හිමිවරුන් යුරෝපා කොමිසමේ තානාපතිවරයාගෙන් ඉල්ලා ඇත. adaderana
0 comments:
Post a Comment