Monday, February 15, 2010

සනත් මාතරින් බැට් කරයි


සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මෙවර මහා මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මාතර දිස්ත්‍රික්කය සඳහා තරග කරන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. ඔහුගේ නම මාතර දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුවට ද දැනටමත් ඇතුළත් කර ඇත. මාතර ශාන්ත සර්වේසස් විදුහලේ ආදි ශිෂ්‍යයකු වන සනත්ගේ නිජ බිම මාතරයි.

ජනරාල් දෙකකට බෑ කියලා

යුද්ධාධිකරණ නඩු විභාගයේ දී තමා වෙනුවෙන් සාක්කි කැඳැවීමටත්, තමාට එරෙහිව සාක්කි දෙන අයගෙන් හරස් ප්‍රශ්න ඇසීමටත් ඇති අයිතිය ජනරාල් සරත් පොන්සේකා ප්‍රතික්ෂේප කළ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ කියයි. ඔහු එසේ කළත් යුද්ධාධිකරණයේ නඩු විභාගය සඳහා සාක්කි සම්පිණ්ඩනය ඇතුළු නීතිමය කටයුතු කැරගෙන යන බවද රජය පවසයි. lankadeepa

බැසිල් ගම්පහ නායක

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපඬ මහතා මෙවර මහ මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායමේ නායක ලෙස තරග කරයි. පසුගිය පාර්ලිමේන්තුවේ පත්කළ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ රාජපඬ මහතා, උතුරු සහ නැගෙනහිර පළාත් සංවර්ධන කටයුතු මෙහෙයවයි.

රත්නසිරි, දිමු, ඩලස්, රත්වත්තේ ජාතික ලැයිස්තුවෙන්

අගමැති රත්නසිරි වික්‍රමනායක, පොදුජන එක්සත් පෙරමුණේ මහා ලේකම්, ඇමැති දි.මු. ජයරත්න, ›ලනිප භණ්ඩාගාරික ඇමැති ඩලස් අලහප්පෙරුම, ජාතික සංවිධායක ජනරාල් අනුරුද්ධ රත්වත්තේ යන මහත්වරුන් ජාතික ලැයිස්තුවෙන් පත් කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධනය තීරණය කර ඇත. lankadeepa

දනුනගේ අම්මාගේ සේප්පු විවෘත කරයි


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බෑණනුවන් වන දනුන තිලකරත්න මහතාගේ මවට අයත් ආරක්ෂිත මුදල් සේප්පු ඔහුගේ මෑණියන් වන අශෝකා තිලකරත්ත මහත්මිය ඉදිරිපිට දී අද විවෘත කර තිබේ.
කොළඹ- තිඹිරිගස්යාය ප්‍රදේශයේ පුද්ගලික බැංකුවක දනුන තිලකරත්න මහතා මවගේ නමින් පවත්වාගෙන යන ලද ආරක්ෂිත මුදල් සේප්පු පසුගිය සිකුරාදා(12)අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සීල් තබනු ලැබිණි.
ඉක්බිතිව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අශෝකා තිලකරත්න මහත්මිය ඉදිරිපිට මෙම ආරක්ෂිත සාප්පු විවෘත කිරීමේදී එහි ඇ.ඩො.5,25000 ක් පමණ ද තවත් ශ්‍රීලංකා මුදල් ප්‍රමාණයක්ද තිබුණු බව සඳහන් වේ.
මෙම මුදල් ජෙනරාල් සරත් ෆෝන‍්සේකා මහතාට අයත් බවත්,ඔහුගේ ඉල්ලීම පිට මෙම මුදල් තමාට අයත් ආරක්ෂිත සේප්පුවල තැන්පත් කළ බවත් අශෝකා තිලකරත්න මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කර ඇතැයි කියැවේ. adaderana

අත් බෝම්බයක් පුපුරා යාමෙන් සිසුන් දෙදෙනෙක් මරුට


අත් බෝම්බයක් පුපුරා යාමෙන් යාපනය කොලොම්තුරෙයි මහා විද්‍යාලයේ සිසුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි.
දස වියැති මෙම සිසුන් දෙදෙනා අද සවස 2.00 ට පමණ පාසල් ඇරී යන අතරතුර පාරේ තිබී බෝම්බයක් යයි නොදැන අහුලාගෙන ඇති අතර කිසිවෙක් එය දැක වහා වීසි කරන්නැයි පැවසීමෙන් පසු වීසිකර තිබේ.
වීසි කළ පසු එය පුපුරා යාමෙන් සිසුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති අතර හය දෙනෙකු තුවාල ලබා යාපනය මහ රෝහලට ඇතුළත් කර තිබේ. adaderana

ජනරාල් තවමත් සීරුවෙන් - හමුදාවට ප්‍රකාශ ලබා දීම ප්‍රතික්ෂේප කරයි


පසුගියදා නීති විරෝධි ලෙස අත්අඩංගුවට ගෙන රඳවා සිටින ජනරාල් සරත් ෆොන්සේකා මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සාක්ෂි සම්පිණ්ඩනය කිරීම සඳහා ප්‍රකාශයක් ලබා දෙන ලෙස හමුදාව විසින් කරන ලද ඉල්ලීම ඔහු විසින් ප්‍රතික්ෂේප කර ඇත. ජනරාල්වරයා මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත්තේ තමන් දැන් හමුදා නිලධාරියෙකු නොව, සිවිල් පුරවැසියෙකු බැවින් තමන්ට විරුද්ධව හමුදා නීතිය යටතේ කටයුතු කළ නොහැකි බව පවසමිනි.
යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් දයා රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් ජනරාල් ෆොන්සේකා මහතා රඳවා සිටින නාවික හමුදා මූලස්ථානය ගොස් ඇති අතර, මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙන ලෙද ඔහුගෙන් ඉල්ලීමක් කර ඇත. නමුත් මේ අවස්ථාවේදී ජනරාල් සරත් ෆොන්සේකා මහතා පවසා ඇත්තේතමන්ට මෙවැනි කිසිදු ප්‍රකාශයක් ලබා දීමට නොහැකි බවයි. මෙසේ පවසමින් ප්‍රකාශයක් ලබා දීම ‍ජනරාල් සරත් ෆොන්සේකා මහතා ප්‍රතික්ෂේප කර ඇත.
තමා දැන් හමුදා නිලධාරියෙකු නොවන බවත්, රටේ සාමාන්‍ය පුරවැසියෙකු බවත් පවසා ඇති ජනරාල්වරයා තමන්ගෙන් හමුදාවට ප්‍රකාශයක් ලබා ගැනීමේ කිසිදු අයිතියක් නැති බව මෙහිදී ‍පවසා ඇත. එමෙන්ම මෙම චෝදනා සම්බන්ධයෙන් තමන්ව යුධ අධිකරණයට ගෙන යෑමට ද කිසිදු අයිතියක් නොමැති බවත් මෙහිදී ජනරාල් සරත් ෆොන්සේකා මහතා පවසා ඇත.
මේ අනුව ඉදිරියේදී ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව නීති අංශ සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව හමුදා ආරංචි මාර්ග පවසයි.

ජනරාල් නිදහස් කරන්නැයි ජ.වි.පෙ.න් දැවැන්ත උද්ඝෝෂණයක් හෙට කොළඹදී


නීති විරෝධි ලෙස අත්අඩංගුවට ගෙන රඳවා සිටින ජනරාල් සරත් ෆොන්සේකා මහතා වහාම නිදහස් කරන ලෙස රජයට බල කරමින් දැවැත්න උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. මේ අනුව හෙට (16) සවස 3.00 ට බොරැල්ල කැම්බල් පිටියෙන් ආරම්භ වන දැවැත්න පාගමනකින් මෙම විරෝධතාවය ආරම්භ කිරීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මෙසේ පැවසීය.
"මේ රජය ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස මේ රටේ ජාතික වීරයෙක් වුණු ජනරාල් සරත් ‍ෆොන්සේකා මහතා අත්අඩංගුවට අරන් තියෙනව. දැන් මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ ෆැසිස්ට් පන්නයේ පාලනයක්. මේ ක්‍රියාමාර්ගයන්ට එරෙහිව අපි එකතු වෙන්න ඕනෙ.
මේ වෙන කොට මේ රටේ මහ නායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ පූජණිය මහා සංඝ රත්නයත් ඉල්ලා තිබෙනව ජනරාල් නිදහස් කරන්න කියල. නමුත් ඒ ගැන ඉඩිමහින් මේ වෙනකම් කිසිදු තැකීමක් කර නැහැ. ඒ වෙනුවට මේ ඉල්ලීම කරපු වගේම, ඒ වෙනුවෙන් මැදිහත් වෙලා ඉන්න ස්වාමීන් වහන්සේලාට හා විහාරස්ථානවලට පහර දෙමින් සිටිනවා.
ඒ විතරක් නෙමෙයි මේ වෙන කොට ජනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන්න කියල අපි උද්ඝෝෂණ ගණනාවක් පැවැත්වුවා. නමුත් මේ සෑම අවස්ථාවකටම පාහේ පොලිසිය පහර දුන්නා. ඒ විතරක් නෙමෙයි මේ සෑම අවස්ථාවකදීම මැරයොත් පහර දුන්න. මේ කිසිව වෙලාවක පොලිසිය මැරයින්ට විරුද්ධව කටයුතු කළේ නැහැ.
මේ සියලු කරුණූවලින් පැහැදිලියි මේ වෙන කොට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය බරපතල ලෙස උල්ලංඝණය වෙලා කිය. මෙයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විදියට අපි හෙට කොළඹදී දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කරල තියෙනව. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලුම ජනතාවට අපි ආරාධනා කරනව අපිත් එක්ක එකතු වෙන්න කියල"

ගෙදර යවපල්ලා - නැතිනම් හිරේ දාපල්ලා" වැලිකඩ රැඳවියෝ උද්ඝෝෂණයක


"අපිව හිරේ දාපල්ලා -නැතිනම් ගෙදර යවපල්ලා"යි සටන් පාඨ කියමින් වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් එහි 'එල්' ශාලාවේ වහලය මත නැගී උද්ඝෝෂණය කරන බව වාර්තා වේ. මෙම පිරිස වසර 10-12 වැනි කාලයක් රිමාන්ඩ් භාරයේ පසු වී ඇති අතර ඔවුන්ට විරුද්ධව නඩු ඇසීමක් මෙතෙක් සිදුවී නොමැත.truth

සුභ අනාගතයක පෙර නිමිති - කිරිපිටි මිල වැඩි නොකොළොත් ගෙන්වීම නතර කරන බව සමාගම් කියයි


කිරිපිටි මිල වැඩි කිරීමට රජය අවසර ලබා නොදුනහොත් කිරිපිටි ආනයනය නතර කරන බවට කිරිපිටි ආනයනික සමාගම් රජයට අනතුරු අඟවා ඇත. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ඩොලර් 2400 ක්ව පැවැති කිරිපිටි මෙට්‍රික් ටොන් එකක මිල මේ වන විට ඩෙලර් 3400 දක්වා ඉහළ ගොස් ඇති බැවින් මෙම මිල වැඩි කිරීමට අවසර දෙන්නැයි කිරිපිටි සමාගම් රජයෙන් ඉල්ලා ඇත.
නමුත් පසුගිය කාලය පුරාම මැතිවරණ පැවතීම හේතුවෙන් රජය මෙම මිල වැඩි කිරීෙම් ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර, අවසන වශයෙන් කිරිපිටි සමාගම් ඉල්ලා සිටියේ ග්‍රෑම් 400 කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 35.00 කින් ඉහළ නැන්වීමට අවසර ලබා දෙන ලෙසයි.
කෙසේ වෙත්ත කිරිපිටි මිල මේ ආකාරයෙන් ඉහළ ගොස් ඇත්තේ රජය විසින් කිරිපිටි වෙනුවෙන් අය කරනු ලබන අධික බදු ප්‍රමාණය හේතුවෙන් බව පසුගිය වසරේ නොවැම්බර් මස 05 වැනිදා රැස්වූ පාර්ලිමේන්තු සභා වාරයේදී රජයේ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පිළිගත්තේය. මෙහිදී ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී මානගේ මන්ත්‍රීවරයා විසින් මුදල් හාක්‍රමසම්පාදන අමාත්‍යවරයාගෙන් විමසුවේ ආනයනික කිරිපිටි සඳහා යන වියදම, ඒවෙනුවෙන් රජය අය කරනු ලබන බදු මුදල, වෙළඳපොළේ මිල කෙසේද යන්නයි. මෙම පැනයටපිළිතුරු දෙමින් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ කිරිපිටි ආනයනයකිරීමේදී කිරිපිටි කිලෝ ග්‍රෑමයක් රුපියල් 257 ක් බවත්, රජය බදු මුදල් ලෙසරුපියල් 145 ක මුදලක් අය කරන බවත්, වෙළඳපොළෙහි මිල රුපියල් 530-585 අතරබවයි.
මෙහිදී අතුරු ප්‍රශ්නයක් නගමින් නැගී සිටි ජ.වි.පෙ. මන්ත්‍රීඅනුර දිසානායක මහතා අමාත්‍යවරයාගෙන් විමසුවේ ආනයනික මුදල් හා බදු මුදල්ලෙස 257 + 145 = 402 ක් බවත් වෙළඳපොළෙහි මිල රුපියල් 530-585 අතර වන බවත්මෙය ගැටළු සහගත බවයි. එනම් බදු මුදල ඇතුළුව ආනයනික වියදම රුපියල් 402 ක්වන අතර වෙළඳපොළෙහි මිල රුපියල් 530 ක් ලෙස සැලකීමේදී අතරමැදි රුපියල් 128 ක මුදල කුමක් වෙනුවෙන් යෙදවෙන්නේදැයි විමසීය.
මෙම ප්‍රශ්නයට නිසි පිළිතුරක් ලබාදීමට අමාත්‍ය රංජිත්සියඹලාපිටිය මහතා පැකිළුණු අතර, දිගින් දිගටම ප්‍රශ්නය මඟහැරීමට වෑයම්කළේය. මෙහිදී අමාත්‍යවරයා පැවසුවේ දියර කිරි නිෂ්පාදන ගොවියා දිරිමත්කිරීම සඳහා රුපියල් 145ක බදු මුදලක් අය කිරීමට රජය පියවර ගත් බවයි. නමුත්අනුර දිසානායක මන්ත්‍රීවරයා දිගින් දිගටම විමසා සිටියේ කිසිදු කරුණකටඇතුලත් නොවන රුපියල් 128ක මුදල කුමක්ද යන්නයි. නමුත් ඒ වෙනුවෙන් නිසිපිළිතුරක් අමාත්‍යවරයාගෙන් ඉදිරිපත් නොවිනි.

දනුනගේ සේප්පු විවෘත කරයි


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බෑණනුවන් වන දනුන තිලකරත්න මහතාට අයත් ආරක්ෂිත මුදල් සේප්පු ඔහුගේ මෑණියන් වන අශෝකා තිලකරත්ත මහත්මිය ඉදිරිපිට අද විවෘත කර තිබේ.
කොළඹ- තිඹිරිගස්යාය ප්‍රදේශයේ පුද්ගලික බැංකුවක දනුන තිලකරත්න මහතාගේ නමින් පවත්වාගෙන යන ලද ආරක්ෂිත මුදල් සේප්පු පසුගිය සිකුරාදා(12)අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සීල් තබනු ලැබිණි.
ඉක්බිතිව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අශෝකා තිලකරත්න මහත්මිය ඉදිරිපිට මෙම ආරක්ෂිත සාප්පු විවෘත කිරීමේදී එහි ඇ.ඩො.5,25000 ක් පමණ ද තවත් ශ්‍රීලංකා මුදල් ප්‍රමාණයක්ද තිබුණු බව සඳහන් වේ.
මෙම මුදල් ජෙනරාල් සරත් ෆෝන‍්සේකා මහතාට අයත් බවත්,ඔහුගේ ඉල්ලීම පිට මෙම මුදල් දනුන තිලකරත්න මහතාට අයත් ආරක්ෂිත සේප්පුවල තැන්පත් කළ බවත් අශෝකා තිලකරත්න මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කර ඇතැයි කියැවේ.

කුමන්ත්‍රණ චෝදනා ප්‍රතික්‍ෂේප කරනවා


ජ.වි.පෙ සහ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් සිදුකරමින් සිටි බවට නඟන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පෙරමුණ පවසයි.
ජනතා විමුක්ති පෙරමුණ ඔවුන්ගේ පක්ෂ දේශපාලනය නිසි ලෙස කරගෙන ගිය බවත්,ප්‍රතිපත්තිමය එකඟතා මත මොවුන් එකට එක්ව කටයුතු කළ බවත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ආණ්ඩුව පෙරළීමට හමුදා කුමන්ත්‍රණ සිදු කළ බවට චෝදනා නඟමින් කිසිදු සාක්ෂියක් නොමැතිව මේ වන විට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ද ඇතුළුව 40-50 ක පමණ පිරිසක් රඳවා තබාගෙන සිටින බව ඔහු කියා සිටියි.
අද සිරිකොත මන්දිරයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ අදහස් දක්වා තිබේ.

නාම යෝජනා සූදානම්


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දිස්ත්‍රික් කණ්ඩායම් නායකයින් නාමයෝජනා පත්‍රවලට අත්සන් කිරීම මේ වන විට ආරම්භ කර තිබේ.
නාමයෝජනා පත්‍රවලට අත්සන් කිරීම ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහන් කරයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වී සිටින බව වාර්තා වේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානය මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහාම නාමයෝජනා ඉදිරිපත් කරන බව එහි ලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා කියා සිටියේය. adaderana

විජයදාස රාජපක්ෂට මරණ තර්ජන


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටීම නිසා ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතාට දිගින් දිගටම මරණ තර්ජන එල්ලවෙමින් තිබෙන බව සඳහන් වේ.
පසුගිය සෙනසුරාදා සිට දුරකථනයෙන් මෙසේ තර්ජන එල්ල වෙමින් පවතින බව එ.ජා.ප මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
පසුගිය ජනාධිපතිවරණයේ සිදු වූ අක්‍රමිකතා සම්බන්ධයෙන් ද ඔහු ජෙනරාල් සරත් ෆොන්සේකා වෙනුවෙන් පෙත්සමක් සකස්කරමින් සිටින බවද මහ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

මාතර නගරාධිපතිට එරෙහිව පරීක්ෂණයක්


මාතර මහ නගර සභාවේ නගරාධිපති උපුල් නිශාන්ත මහතා කරනු ලැබීයයි කියනු ලබන අක්‍රමිකතා හා මුදල් වංචාකිරීම් සම්බන්ධයෙන් පළාත් සභා නිලධාරීන් පිරිසක් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි දකුණු පළාත් මහ ඇමති ශාන් විජයලාල් මහතා පවසයි.
නගර සභා මන්ත්‍රීවරුන් පිරිසක් විසින් නගර සභාවේ මූල්‍ය වංචා සිදු වී ඇති බවට හා පරිපාලනමය අක්‍රමිකතාවන් පිළිබඳ තමාට පෙත්සමක් මගින් දැනුම් දී ඇති බැවින් ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස පළාත් පාලන අමාත්‍යංශ ලේකම්වරයා දැනුවත් කළ බව හෙතෙම කියා සිටියි.
තමා කිසිදු විටෙක මුදල් අක්‍රමිකතා සිදු නොකළ බවත්,පවත්වන ඕනෑම පරීක්ෂණයකට මුහුණ දෙන්නට තමන් සූදානම් බවත් මාතර නගරාධිපති උපුල් නිශාන්ත මහතා පවසයි.
මුදල් වංචා හෝ අක්‍රමිකතා නිසා නොව තමන් පසු ගිය ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකා මහතාට සහය ලබා දීම හේතුවෙන් මෙසේ තමාට විරුද්ධව පරීක්ෂණ පවත්වන්නට තීරණය කර ඇතැයිද හෙතෙම වැඩිදුරටත් කියා

අත්බෝම්බයක් පුපුරා අයෙක් මරුට


රත්නපුර-මහවලවත්ත ප්‍රදේශයේ රබර්වත්තක අත්බෝම්බයක් පුපුරා යාමෙන් එක් පුද්ගලයෙකු මරු මුවට පත්වී තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇතැයි අද දෙරණ වාර්තාකරු සඳහන්කරයි.
අදාල රබර්වත්ත ශුද්ධ කිරීමේ යෙදී සිටියදී වීසි කැත්ත වැදීමෙන් මෙම අත්බෝම්බය පුපුරා ගොස් ඇති බවට පොලීසිය සැක පළකරයි.මිය ගිය පුද්ගලයා 38 හැවිරිදි පුද්ගලයෙකු බවත්,තුවාල ලැබූ පුද්ගලයා රත්නපුර රෝහලට ඇතුළත් කර ඇති බවත් වාර්තාකරු වැඩිදුරටත් කියා සිටියි. adaderana

කොල්ලකරුවෝ දෙදෙනෙක් මාට්ටු


තලංගම පොලිස් වසමේදී සිදුවු කොල්ලකෑමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. තලංගම ‍ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 72 ක පමණ මුදලක් පසුගිය සිකුරාදා කොල්ලකෑමට ලක්විණි.
නුගේගොඩ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගු‍වට ගෙන ඇත්තේ පන්නිපිටිය සහ අවිස්සාවේල්ල ප්‍රදේශවලදීය.
ඔවුන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි. adaderana

සිසුන් 2,500 ක් මහ පාරේ


වව්නියාව අනාථ කඳවුරු වලින් නිදහස ලැබු පාසල් සිසුන් 2,500 කට පමණ විධිමත් පාසලක් මෙතෙක් ලැබී නොමැති බව වාර්තා වේ. ඔවුන් වව්නියාව ගාමිණි මහ විද්‍යාලයේ එළිමහනේ සිට අධ්‍යාපනය ලබන බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.
නගරයේ පාසල්වල තදබදය හේතුවෙන් අවතැන් කඳවුරුවල සිට‍ පැමිණි සිසුන්ගෙන් එම පාසල්වලට ඇතුළත් කරගෙන ඇත්තේ සීමිත පිරිසක් පමණි.
මේ හේතුව නිසා අනාථ කඳවුරුවල ළමුන් වව්නියාව ගාමිණි මහ විද්‍යාලයට යොමු කර ඇති බව සඳහන් වේ.
එතරම් සිසුන් පිරිසකට එම විද්‍යාලයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම මෙම තත්ත්වයට බලපා තිබේ.
කෙසේ වුවද වහාම තාවකාලික ගොඩනැඟිලි ඉදිකර දෙන ලෙස උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසින් අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ. adaderana

Sunday, February 14, 2010

ජාතික භික්ෂු පෙරමුණේ මූලස්ථානය පොලිසියෙන් වටලයි


පුපුරණ ද්‍රව්‍ය තිබෙනවා යැයි සැක සිතෙන" බව පවසමින් පොලිස් නිලධාරින් කණ්ඩායමක් ඊයේ මධ්‍යම රාත්‍රී හදිසියේම කොටහේනේ පිහිටි ජාතික භික්ෂු පෙරමුණේ මූලස්ථානයට කඩා වැදී ඇත. "උසාවි නියෝගයක් තිබේදැ"යි භික්ෂුන් වහන්සේලා ප්‍රශ්න කළ විට එවැන්නක් නැති බව පොලිසිය පවසා තිබේ. උසාවි නියෝගයක් රැගෙන එන තුරු විහාරස්ථානය පරීක්ෂා කිරීමට ඉඩ දිය නොහැකි යැයි භික්ෂුන් වහන්සේ අවධාරණය කළහ. ඉන් පසුව උදේට උසාවි නියෝගයක් රැගෙන එන බව පොලිස් නිලධාරින් පවසා ඇති අතර මේ වන විට එම පිරිස විහාරස්ථානය වටලා සිටින බව වාර්තා වේ.truth

කතානායකගේ පුත්‍රයාගේ මංගල තෑග්ග වෙනස් වෙයි


පාර්ලිමේන්තුවේ හිටපු කථානායක වි.ජ.මු. ලොකුබණ්ඩාරගේ පුත‍්‍රයෙකු වන උදිත් ලොකුබණ්ඩාර මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බදුල්ල, හපුතලේ ආසනයේ ප‍්‍රධාන සංවිධායකයා වශයෙන් පත් කළ බව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය පවසයි. ජනාධිපතිවරයාගේ තීරණයකට අනුව මෙම සංවිධායක ධූරය පිරිනැමුණු බවත්, පක්ෂයට තරුණ නායකයින් හඳුන්වාදීමේ වැඩපිළිවෙලක් ලෙස මෙය ලබා දුන් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. මේ අනුව උදිත් ලොකුබණ්ඩාර මහතා මෙවර මහ මැතිවරණයේදී බදුල්ල දිස්ති‍්‍රක්කයෙන් තරග වැදීමට නියමිතය.
කෙසේ වෙතත් පසුගිය වසරේ මැයි මස 28 වැනිදා පැවැත්වූ උදිත ලොකුබණ්ඩාර මහතාගේ විවාහ උත්සවයේදී ඊට පෙර දින එක්සත් ජාතික පක්ෂය විසින් එක්සත් ජාතික පක්ෂයේ හපුතලේ ආසන සංවිධායක ධූරයට අදාල ලිපිය ලබා දී තිබියදී, උත්සවය පැමිණි ජනාධිපතිවරයා උදිත් මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක ධූරය ලබා දුණි.
කෙසේ නමුත් මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසන්නේ ඔහුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හපුතලේ ආසන සංවිධායක ධූරය ලබා දී ඇති බවයි.

ආගම ඇදහීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට බාධා නොකරන්න - ජාතික භික්ෂූ පෙරමුණ ජනපතිගෙන් ඉල්ලයි

ආගම ඇදහීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට මේ වන විට බරපතල බාධාවන් ඇති වෙමින් පවතින බවත්, අත්අඩංගුවට ගත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් අද දිනයේදී දිවයින පුරා සංවිධානය කරන ලද බෝධි පූජා ඇතුළු ආගමික වතාවත්වලට ආණ්ඩුවේ විවිධ පාර්ශවයන්ගෙන් බාධා එල්ල වන බවත්, ජනාධිපතිවරයා ලෙසත්, බුද්ධ ශාසන අමාත්‍යවරයා ලෙසත් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ආගම ඇදහීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සුරක්ෂිත කරන ලෙස ජාතික භික්ෂු පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත. එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ගරු අත්තනයාලේ සමිත ස්වාමීන් වහන්සේගේ අත්සනින් යුත් ලිපියක් ජනාධිපතිවරයාට යොමු කරමින් මේ බව දන්වා ඇත. එම ලිපිය මෙසේය.
ආගම ඇදහීමේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියට බාධාවීම පිළිබඳවයි
මේ වන විට රට තුළ බරපතල ලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහෝසි වෙමින් යන වටපිටාවක් නිර්මාණය වී ඇත. විශේෂයෙන් කතා කිරිමේ, සිතීමේ, ලිවීමේ පමණක් නොව ආගම ඇදහීමේ නිදහසද මේ යටතේ බරපතල ලෙස උල්ලංඝනය වී ඇත. ඒ සඳහා වන උදාහරණ අපමණය. ආසන්න උදාහරණයක් ලෙස අද දින (පෙබරවාරි මස 14 වන දින) ජනරාල් සරත් ෆොන්සේකා මැතිතුමාට නිදහස පතා ආශිර්වාද බෝධි පූජා පැවැත්වීමට අප සූදානම් කර තිබුණි. එම බොහෝ ස්ථානවලට බුද්ධි අංශයෙන් යැයි කියමින් පිරිස් පැමිණ විවිධාකාරයේ ප‍්‍රශ්න කිරීම් කර ඇති අතර නිර්නාමික, තර්ජනාත්මක දුරකථන පණිවිඩ ලබාදුන් අවස්ථා අපමණය. එසේම මෙම ආශිර්වාද බෝධි පූජා පැවැත්වීම පිළිබඳ පළකරන ලද ප‍්‍රචාරක දැන්වීම් විනාශ කර ඇත. පැවැත්වීමට සූදානම් කර ඇති බොහෝ බෝධිපූජා පිංකම් කඩාකප්පල් කිරීම සඳහා මෙවැනි සංවිධානාත්මක කි‍්‍රයාදාමයන් රාශියක් කි‍්‍රයාවට නැගෙමින් ඇත. මෙය බුදු දහමට මුල්තැන දෙනවා යැයි ව්‍යවස්ථාවෙන් අනුදත් ශිෂ්ට සම්පන්න රටක සිදු නොවිය යුත්තකි.
ඕනෑම අයෙකු ආගම අදහනුයේ අධ්‍යාත්මික සුවය පතාය. ඒ සඳහා මේ රටේ ජනාධිපතිවරයා වන ඔබ තුමාට ඇති අයිතිය රටේ අවසාන පුරවැසියාටත් එකසේ ඇත. ඊට යමෙක් බාධා කරන්නේ නම් එය ශිෂ්ට සම්පන්න මිනිසුන්ගේ කි‍්‍රයාවක් නොවනු ඇත. දහමට අනුව එය වසල කි‍්‍රයාවකි. මෙවැනි තත්ත්වයක් ඔබතුමන් වැන්නකුගේ පාලනය තුළ සිදු වීම ඉතාමත් කණගාටුදායක කාරණයක් ලෙස අප සලකනුයේ පංසල ඇසුරු කරන, සංඝයා කල්‍යාණ මිත‍්‍රයන් සේ සලකන පාලකයෙකු ලෙස ඔබව සලකන නිසාය.
නිරන්තර මහා නායක මාහිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා ලබන, ඒවා හිස් මුදුනින් භාවිතාවට නගන ජන නායකයෙකු ලෙස මේ රටේ ජනතාව ඔබව හඳුනාගෙන ඇත. එබැවින් ඉහත දුර්දාන්ත කි‍්‍රයා පිළිබඳව ඔබතුමාගේ විශේෂ අවධානය යොමුකොට මෙම අදූරදර්ශී කි‍්‍රයා නතර කිරීම සඳහා නිසි කි‍්‍රයාමර්ග ගන්නා ලෙස ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමි.
සංඝයාගේ ඓතිහාසික මැදිහත්වීම නොදන්නා, දුර නොබලන, ළඟ බලන, රාජ්‍යතාන්ති‍්‍රක භාවිතාවේ අඩු දැනුමැති ඇතැම් අය මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ ගෞරවය පවා කෙලෙසා ප‍්‍රකාශ නිකුත්කරන අවස්ථාද දැන් දැන් මතුවෙමින් ඇත. අප රට හා රටේ වගකිවයුත්තන් ආගම දහම නොසලකා කටයුතු කරන තත්ත්වයට පත්වීම දැහැමි පාලනයකට බාධා වන්නකි.
සතුරාටත් චෛත්‍ය ඉදිකරවා ගෞරව කළ ගෞරවනීය අතීතයක් හා භාවිතාවක් ඇති අප රටේ වර්තමානයේ ආශිර්වාද බෝධි පූජා සිදුකරන විට බුද්ධි අංශයෙන් ප‍්‍රශ්න කිරීමට හා තර්ජනයට ලක්වීම, භික්‍ෂූන් වහන්සේට නොසරුප් වචනයෙන් දෝෂාරෝපණය කිරීම කෙතරම් ඛේදවාචකයක් දැයි සිතා බලනු වටී.
"යෝ බුද්ධං පරිභාසති - අතවා තස්ස සාවකං
පරිබ්බාජං ගහට්ඨං වා - තං ජඤ්ඤා වසලෝ ඉති"යනුවෙන් වසල සූත‍්‍රයේදී වසල ධර්මයක් ලෙස මෙවැනි කි‍්‍රයා හඳුන්වා ඇත.
එබැවින් කෙනෙකුට නිදහසේ ආගම ඇදහීමේ ඇති අයිතියට පවා බාධාකරමින්, බුද්ධි අංශයෙන් යැයි කියාගත් පුද්ගලයන් මගින් ප‍්‍රශ්න කරමින් හා තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලබාදෙමින්, මහා නායක මාහිමිපාණන් වහන්සේලාට අගෞරව වන ලෙස කටයුතු කරමින් ඇතැම් පිරිස් සිදුකරන නොමනා කි‍්‍රයා වහා නතරකිරීමට උපදෙස් ලබාදෙමින් බුදු සසුනේ සුරක්‍ෂිතතාව වෙනුවෙන් කටයුතු කරන ලෙස මේ උතුම් දේශයේ බුද්ධ ශාසන අමාත්‍යවරයා වන ඔබතුමන්ගේ අවධානය යොමු කරනු කැමැත්තෙමි.
තෙරුවන් සරණින් යහපතක්ම වේවා!
මෙයට,
සසුන් ලැදි,
පූජ්‍ය අත්තනයාලේ සමිත හිමි
ගරු ප‍්‍රධාන ලේකම්
truth

බෝධි පූජාවට ආණ්ඩුවෙන් මැර ප්‍රහාරයක්


අතුරුගිරිය, පෝරේ ශ්‍රී මහා විහාරයේ පැවති බෝධි පූජාවකට සහභාගිවීමට පැමිණි බැතිමතුන්ට ආණ්ඩුවේ මැර කණ්ඩායමක් විසින් පහර දෙනු ලැබ තිබේ. ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ බැතිමතකු අතුරුගිරිය රෝහලට ඇතුළු කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යැවීමට කටයුතු සූදානමි කරමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
චමින්ද කොළඹගේ නොහො‍ත් ලාරා නමැති මැරයා පිරිස අතර සිටි බවත් ඔහු ආණ්ඩුවට ගැතිකම් කරන පුද්ගලයකු බවත් සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සරත් පතිරණ මහතා පැවසීය.
මැරයින් පැමිණි වාහනයේ අංකය 53-3881 ලෙස සටහන් වී තිබූ අතර පහරදීම සිදුවී ඇත්තේ විහාරස්ථානයට පිවිසෙන ප්‍රධාන දොරටුව අසලදීය.
අද දිනය පුරා අවස්ථා කිහිපයකදීම විහාරස්ථානාධිපති ස්වාමීන් වහන්සේගේ දුරකතනයටද මැරයින් විසින් ඇමතුම් ලබා දෙමින් බෝධි පූජාව නතර කරන ලෙස බලපෑම් කර ඇත.
නීති විරෝධීවත් ප්‍රජාතන්ත්‍ර විරෝධීවත් ආණ්ඩුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු හමුදාපති සරත් ‍ෆොන්සේකා මහතාට සෙත් පතා මෙම බෝධි පූජාව පැවැත් විණි.

ජෙනරාල් ලඟ වැඩ කළ පැහැරගත් සැරයන් වරයා ටවුන්හෝල් අසලට ගෙනැවිත් දමලා: ජෙනරාල්ට එරෙහි ගෙතූ කථා පිළිගන්නැයි වධ දීලා



ජෙනරාල් ෆොන්සේකාගේ කාර්යාලයේ සේවය කරන පසුගිය 11 වෙනිදින අතරුදහන් වූ රාගම කුසුමේ ගෙදර පදිංචි, ෙජ්. අශෝක් කුමාර නම් ආබාධිත සැරයන් වරයා ඊයේ කොළඹ නගර ශාලාව අසලට පැහැරගෙන ගිය පිරිස ගෙනවිත් දමා ඇත.
පැහැර ගෙන ගිය පිරිස විසින් කුමාර මහතාගේ හිස බූ ගා ඇහි බැම එකින් එක ගලවමින් පහර දෙමන් වධ දී ඇත.
අශෝක් කුමාර මහතා පවසන පරිදි ඔහුව පැහැරගෙන ඇත්තේ පොලිස් ඇඳුම් හැඳ සිටි පිරිසකි. ඔහුව නංවා ගෙන ඇත්තේ පොලිස් රියකට ය. පසුව ඔහුගේ දෑස් බැඳ ඇති අතර අතර මගදී වෙනත් රියකට මාරු කොට ඇත. පැයක පමණ ගමණකින් පසු දෑස් ගලවා ඇති අතර එහිදී සිටි පිරිස කළු ඇඳුම් හැඳ සිට ඇත.
නොදන්නා ස්ථානයකට ගෙන යාමෙන් පසු ඔහුට වධ දී ඇත. එහිදී ඔහුට කොන්දේසි කිහිපයක් පිළිගන්නට බල කර ඇති අතර එAවා මෙසේය.
1. ජෙනරාල් වරයා තමන්ට අවියක් දුන් බව
2. පබා ටෙලි නාට්‍යයේ රඟපෑ ජෙනරාල්වරයාට සහාය පළ කළ උපේක‍ෂා ස්වර්ණමාලි නිළිය සමග ජෙනරාල් වරයාත් අර්ජුන රණතුංග මහතාත් අයථා සම්බන්ධයක් පවත්වනවා තමන් දුටු බව
3. තමන්ගේ විශ්‍රාම වැටුප සකස් කර දීමේදී හමුදාපතිව සිටි ජෙනරාල් ෆොන්සේකා මහතා තම බිරියට අයථා යෝජනාවක් කළ බව

මෙම කොන්දේසි පිළිගන්නා ලෙසට බලකරමින් සැරයන් කුමාර මහතාට වධ දී ඇත. කුමාර මහතා කොන්දේසි වලට යටත් නොවී ඇති අතර පසුව පැහැර ගත් පිරිස විසින් යළි කොළඹ ටවුන් හෝල් මංසන්ධියේදී අතහැර දමා zතෝ ඕනෙ පොලීසියකට කම්ප්ලේන් කරපං. අපි බය නෑZ යනුවෙන් පවසා පලා ගොස් ඇත.
තමා පැහැර ගත් පොලිස් ඇඳුම් හැඳ සිටි පිරිසත් තමාට වධ දුන් කළු ඇඳුම් හැඳ සිටි පිරිසත් යළි දුටුවහොත් හඳුනාගත හැකි බව පවසන අශෝක් කුමාර මහතා මේ වන විට රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. enews

මහ මැතිවරණයට ජ.වි.පෙ. එන්නේ ජෙනරාල් සමඟ


ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණයට පුළුල් විකල්ප පෙරමුණක් ලෙස තරඟ වැදීමට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. මේ බව අනාවරණය වූයේ අද ජනතා විමුක්ති පෙරමුණ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදීය.
ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ ජෙනරාල් සරත් ‍ෆොන්සේකා මහතා සිර ගෙදර තනි කොට මන්ත්‍රී ධූර ප්‍රමාණය ගැන පමණක් සිතමින් මැතිවරණයට ඉදිරිපත්වීමට තරම් පහත් තත්වයකට තමන් නොවැටෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය. රටට අවශ්‍යව ඇත්තේ එක්සත් ජාතික පක්ෂය ද සහිත පුළුල් පෙරමුණක් වුවත්, අලියා ලකුණෙන් ඉදිරිපත් වීමට එ.ජා.ප.ය ගෙන තිබෙන තීරණය වෙනස් නොකරන්නේ නම් ‍සරත් ‍ෆොන්සේකා මහතා පෙරටු කොටගත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පුළුල් පෙරමුණක් ඔස්සේ මැතිවරණයට ඉදිරිපත්වීමට සූදානම් බව එහිදී ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.truth

තංගල්ලේ උද්ඝෝෂණයටත් මැරයින් හා එක්ව පොලිසිය පහර දෙයි






අත්අඩංගුවට ගෙන රඳවා සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වහාම නිදහස් කරන ලෙස ඉල්ලා අද තංගල්ල නගරයේදී විපක්ෂයේ සියලු පක්ෂ ඒකාබද්ධව උද්ඝෝෂණයක් පැවැති අතර, මෙම උද්ඝෝෂණයට ‍මැර පිරිසකගේ ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, මැරයින් පහරදීමත් සමඟම පොලිසිය විසින්ද උද්ඝෝෂකයින්ට පහර දී ඇත.
අද උදෑසන තංගල්ල නගරයේදී මෙම උද්ඝෝෂණය පැවැති අතර, උද්ඝෝෂණය පවත්වා පසුව ජනතා නියෝජිතයින් විසින් උද්ඝෝෂකයින් අමතා ඇත. මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා උද්ඝෝකයින් අමතමින් සිටියදී නිල් බලකායේ සාමාජිකයින් විසින් මෙම උද්ඝෝෂණයට පහර දී ඇත. මැර පිරිස පහරදීමත් සමඟම ක්‍රියාත්මක වී ඇති පොලිසිය ද උද්ඝෝෂකයින්ට අමානුෂික ලෙස පහරදී ඇති අතර, පොලිසිය මෙහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතාට ද තර්ජනය කර ඇත. පොලිසියේ හා මැරයින්ගේ ප්‍රහාරවලින් එක් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර, තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
කෙ‍සේ වෙතත් මේ අවස්ථාවේදී මැරයින් කිසිවෙකු සම්බන්ධයෙන් පොලිසිය කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති අතර, දිගින් දිගටම උද්ඝෝෂකයින්ට පහර දී උද්ඝෝකයින් විසුරුවීමට කටයුතු කර ඇත.truth

ටයිපටි මැරයා හෙළිවේ!


පසුගියදා මහරගම නගරයේදී සංවිධානය කර තිබූ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙස බලකරමින් පැවැත්වූ උද්ඝෝෂණයට එල්ල වූ පොලිස් ප්‍රහාරය අතරතුරදී හදිසියේ කඩා වැදුණු සිවිල් ඇඳමින් සැරසුණු පුද්ගලයෙකු උද්ඝෝෂකයින් පෙන්වා ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට නියෝග දුන් අකාරය හා එහි ඡායාරූප අප විසින් ඉදිරිපත් කළ අතර, ඔහු පිළිබඳ සත්‍ය තොරතුරු රැසක් මේ වන විට අප පාඨකයින් විසින් අප වෙත එවා ඇත. මේ ඒ පිළිබඳ විස්තරයි.
මාතර, තල්පාවිල පදිංචිව සිටි මොහුගේ නම රුවන් නිශාන්ත ද සිල්වා ය. මොහුගේ වැඩිමහල් සොහොයුරා වන ජනක නම් පුද්ගලයා නුවරඑළිය කාර්මික විද්‍යාලයේ කම්කරුවෙකි. මොහුගේ පියා මාතර දිස්ත්‍රික්කයේ කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරිකයෙකි. ගම් ප්‍රදේශයේ මොහුට අන්වර්ථ නාම දෙකක් භාවිතා කරන අතර එකක් "නොන්ඩි රුවන්" වන අතර, අනෙක් නම "කිච රුවන්" ය. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන්ද අසමත් වී ඇති මොහු සිය සොහොයුරාගේ මාර්ගයෙන් දේශපාලන සම්බන්ධතා ඇති කර ගෙන ඇති අතර, මොහු රුහුණු ජනතා පෙරමුණේ මාතර දිස්ත්‍රික්කයේ සංවිධායක ලෙස කටයුතු කර ඇත.
මේ වන විට කොට්ටාව ප්‍රදේශයේ පදිංචිව ඇති අතර, රුහුණු ජනතා පෙරමුණේ නායකවරයාගේ සහයෙන් මේ වන විට ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් තනතුරේ කටයුතු කරමින් සිටී. මොහු ජනාධිපති උපදේශක විමල් ගීගනගේගේ කාර්යාලයට නිතර නිතර ගොස් ඔහු සමඟ සම්බන්ධතා ඇති කර ගෙන ඇති අතර, මෙමගින් ද මොහු ජනාධිපති කාර්යාලය හා සම්බන්ධතා ඇති කර ගෙන ඇත.
ගන්දර ප්‍රදේශයේ ජීවත්ව සිටි කාලයේදී ගන්දර පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා සමඟ කිට්ටු සබඳතාවයක් ඇති කර ගෙන ඇත. මේ වන විට මහරගම පොලිසියේ පොලිස් ස්ථානාධිපති ලෙස කටයුතු කරන දේශබන්ධු තෙන්නකෝන් මහතා මීට කලකට පෙර ගාල්ල ප්‍රදේශයේ කටයුතු කර ඇත. මේ කාලයේදී දේශබන්ධු තෙන්නකෝන් සිය ජීවිකාව සපුරාගෙන ඇත්තේ මකුළුව බුද්ධසිංහාරාමය, කජ්ජුවත්ත පුරාණ විහාරය වැනි විහාරස්ථානවලිනි. මෙම විහාරස්ථානවල ජීවත් වෙමින් දේශබන්ධු තෙන්නකෝන් කටයුතු කරන කාලයේදී මෙම රුවන් නමැත්තා හා සම්බන්ධතා පවත්වා ඇත.
මෙයට අමතරව දේශබන්ධූ තෙන්නකෝන් විහාරස්ථානවලට අමතරව ගාල්ලේ "ශ්‍රී ලයින් චයිනීස්" නම් හෝටලයකින් තමන්ට අවශ්‍ය ආහාර වර්ග නොමිලේ ලබා ගෙන ඇත. තෙන්නකෝන්ට මෙම ආහාර නොමිලේ ලබා දී ඇත්තේ මෙහි අයිතිකරුගේ බිරිඳ ගාල්ල පොලිස් ස්ථානයේ සේවය කරන බැවිනි. මෙම කරුණ ද තෙන්නකෝන් හා රුවන් අතර සම්බන්ධතාවය වර්ධනය කිරීමට ඉවහල් වී ඇත. truth

ඡන්ද ගණින්නට අලුත් ක්‍රම

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ගණන් කිරීමේ කටයුතු සම්බන්ධයෙන් නව ක්‍රමවේද හඳුන්වා දීමට ඇති හැකියාව පිළිබඳ මැතිවරණ කොමසාරිස් සමඟ සාකච්ඡා කිරීමට තීරණය කර ඇති බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
මේ වන විට එවැනි ක්‍රම සම්බන්ධයෙන් තම පක්ෂය කරුණු එක්රැස් කරමින් සිටින බව ඔහු සඳහන් කරයි. ජනතාවගේ ඡන්දයට වටිනාකමක් ලබාගැනීම සඳහා ඔවුන්ට ඇති අයිතිය වෙනුවෙන් තම පක්ෂය ඉදිරිපත් වන බව රනිල් වික්‍රමසිංහ මහතා අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.
මෙම මාධ්‍ය හමුවේදි කරුණු දැක්වු විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂය තවදුරටත් සෙසු පක්ෂ සමඟ එක්වීම කෙරෙහි අවධානයෙන් සිටින බවය.

සෙසු පක‍ෂ හා සාකච්ඡා කර zඅලියාZ ගැන ලබන සතියේ අවසන් තීරණයක් ගන්නවා- රනිල


අලියා ලකුණ යටතේ එජාපය තරග කළ යුතු යැයි කෘත්‍යාධිකාරී මණ්ඩල තීරණය කළත් පවතින තත්ත්වයන් හමුවේ සෙසු පක‍ෂ හා සාකච්ඡා කර සුදුසු ක්‍රියා මාර්ගයක් ගැනීමට පක්ෂය තමන්ට බලය පවරා ඇති බව එක්සත් ජාතික පක‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීයග
ඒ අනුව මහ මැතිවරණයට තරග කළ යුතු ආකාරය පිළිබඳව සෙසු පක‍ෂ හා සාකච්ඡා කර සුදුසුම තීරණය තමන් ලබන සතියේ දී ගන්නා බව ප්‍රකාශ කළ එජාප නායකයා එහිදී තමන් තරග කරන්නේ zඅලියාZ යටතේ ද වෙනත් ලකුණක් යටතේ ද යන්න තීරණය කරන බවත් ප්‍රකාශ කර සිටියේයග
අද :14- කොළඹ විපක‍ෂ නායක නිල නිවසේදී පක‍ෂ ලේකම් තිස්ස අත්තනායකල නියෝජ්‍ය නායක කරු ජයසූරිය යන මහත්වරුන් සමග මාධ්‍ය හමුවට එක්වූ රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡාව ආරම්භ කරමින් පැවසුවේ zසරත් ෆොන්සේකා හිර ගෙදර - කේගපීග රජ ගෙදරZ බවයිග
සරත් ෆොන්සේකා මහතා බේරාගැනීමත්ල ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා බේරාගැනීමත් අද කාරණා 2 ක් නොව එකක් බවට පත්වෙලාග ඒ දෙකම ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම සඳහා සිදු කළ යුතු දේවල්ග
අප ජනරාල්වරයා නිදහස් කරන ලෙස උද්ඝෝෂණ 20 ක් පමණ රට පුරා සිදු කළා මේවා වාර්තා කරන්න එපා කියා ආණ්ඩුවෙන් මාධ්‍යවලට බලපෑම් කරනවාග
මා ජනාධිපතිගෙන් සරත් ෆොන්සේකා මහතා බලන්න ඕනෑ යැයි ඉල්ලූවාම ඔහු කියනවා මට හමුදාපතිට ලියන්නලූග එවිට මා කිව්වා මා ඇවිත් ඉන්නේ ජනාධිපති ලඟටග ජනාධිපතිවරයාට පුළුවන් හමුදාපතිට හෝ නාවික හමුදාපතිට කියන්න කියාග සම්ප්‍රදායානුකුලව විපක්ෂ නායකයා ලෙස යම් ඉල්ලීමක් කළ පසු ජනාධිපතිවරයා එය ඉටු කර දීම සිදු කළ යුතුයිග
මහ මැතිවරණයට ඉදිරිපත්වීම ගැන අප සෙසු පක‍ෂ හා කතා කර සුදුසු තීරණයක් ගන්නවාග අලියා ලකුණින් හෝ වෙනත් ලකුණකින් ඉදිරිපත් වෙනවාද යන්න අප ඉදිරියේදී තීරණය කරනවාග නමුත් දැනට ගෙන ඇති තීරණය අලියා ලකුණයිග
ෆොන්සේකා මහතා හා එක්නැලිගොඩ මහතා නිදහස් කරගන්න අප නීතිමය ක්‍රියා මාර්ගවලට අමතරව විවිධ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම අනුගමනය කරන්න බලාපොරොත්තු වෙනවා යැයිද වික්‍රමසිංහ මහතා තවදුරටත් පැවසුවේයග

එජාපය නැතිව හෝ පුළුල් පෙරමුණකට යනවා- ටිල්වින්


ජනාධිපතිවරණයේදී කටයුතු කලාක් මෙන් මහ මැතිවරණයේදීත් හංසයා ලකුණින් පුළුල් පෙරමුණක් හරහා ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කිරිමට කැමැති බව එහි මහලේකම් ටිල්වින් සිල්වා මහතා අද (14) ප්‍රකාශ කළේය.
ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී මහලේකම්වරයා පැවසුවේ, එක්සත් ජාතික පක්ෂය තනිව තරග කළ යුතු යැයි එහි කෘත්‍යාධිකාරී මණ්ඩලය ගෙන ඇති තීරණයෙන් මෙම පුළුල් පෙරමුණ ගොඩ නැගීමට කිසියම් බාධාවක් ඇති වී ඇති නමුත් සරත් ෆොන්සේකා මහතා ප්‍රමුඛ සෙසු පක‍ෂ නායකයන් හා සාකච්ඡා කර මෙම පුළුල් පෙරමුණ ගොඩ නැගීමට තමන් කටයුතු කරන බවයි.
කිසිදු අයුරකින් ජනරාල් ෆොන්සේකා මහතා අතහැර තනිව දේශපාලන ගමනක් යන්නට තමන් නොසිතන බවත්, ඒය මහා ගුණමකු කමක් බව වැඩිදුරටත් පැවසූ ටිල්වින් සිල්වා මහතා මනෝ ගනේෂන් රවුෆ් හකීම්, වැනි සෙසු නායකයන් ද මෙම මතයේ සිටින බවත් පැවසීය.
ජනාධිපතිවරණයේදී ජනරාල් ෆොන්සේකා මහතා වටා එක්වූ ජනතා බලවේගය ඉදිරියට ගෙනයාමට නම් මෙම පුළුල් පෙරමුණ ගොඩනැගීම අත්‍යාවශ්‍ය බවත්, එම බලවේගය හරහා ආණ්ඩුව ගෙන යන ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනට ප්‍රජාතන්ත්‍රවාදීව විරෝධය පළ කිරීම සිදුකළ හැකි බවත් පවසන ජවිපෙ ලේකම්වරයා ආණ්ඩුව සිදුකරන මර්ධනය ඉදිරියේ ජවිපෙ කිසිදා යටත් නොවන බවද පැවසුවේය.
ටිල්වින් සිල්වා මහතා මාධ්‍ය හමුවේදී මෙසේද පැවසීය.
මේ රටට සුවිශේෂී මෙහෙවරක් කළ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා දේශපාලනයට පිවිසීම හේතුවෙන් මෙවන් බොරු චෝදනාවක් කර ඛෙල්ලෙන් අල්ලා ගෙන ගිහින් හිර කළා නම් සාමාන්‍ය කෙනෙකු ගැන අහන්න දෙයක් නැහැ.
මේ මැතිවරණය යුධ පිටියක ඉදලා යුද්ධ කරනව වගේ කරන්න වෙන මැතිවරණයක් බව දැන්ම පෙන්නුම් කරනවා. බස්නාහිර පලාතේ සමහර අපේක්ෂකයන් දැන්ම මැතිවරණ නීති උල්ලංඝනය කරන්න පටන් අරන්. ජවිපෙ කාර්යාලවලට පහරදීම අරඹලා.
පසුගිය ජනාධිපතිවරණයේදී ගොඩනැඟ= ජනතා බලාපොරොත්තුව ජෙනරාල්වරයා ප්‍රමුඛ ජනතා බලවේගයක්. එවැනි පුළුල් පෙරමුණකට එජාපයත් එක් වේ යැයි අප බලාපොරොත්තු වෙනවා. එජාපය එන්නේ නැත්නම් සෙසු අය හා පුළුල් පෙරමුණකට යාම හැර වෙන විකල්පයක් නැහැ.enews

Military Investigations