Sunday, August 8, 2010

රජය සමග සාකච්ඡා පැවැත්වීම ගැන අවසන් තීරණයකට එනවා


නව ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් රජය සමග ආරම්භ කර ඇති සාකච්ඡා තවදුරටත් පවත්වන්නේ ද යන්න පිළිබඳව අවසන් තීරණයකට එළඹීමට සිදුව ඇතැයි එක්සත් ජාතික පක්ෂය පවසයි. ජනාධිපතිවරයා සහ රජය කෙරෙහි තබා තිබූ ‍විශ්වාසය මේ වන විට පළුදු වී ඇති බව එම පක්ෂයේ සභාපති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සඳහන් කරයි.

සිය පක්ෂයේ මන්ත්‍රීවරුන් රජයට එක් කර නොගන්නා බවට සහතිකයක් ලබාදුන් ජනාධිපතිවරයා එම පොරොන්දුව බරපතල‍ ලෙස උල්ලංඝණය කර ඇති බව ඔහු පෙන්වාදෙයි. මේ හේතුවෙන් තවදුරටත් රජය සමග කිසිදු කාරණයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ඵල රහිත ක්‍රියාවක් බව ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ප්‍රකාශ කළේය. adaderana.lk

0 comments:

Post a Comment