Sunday, August 8, 2010

රුහුණු සරසවියේ ශිෂ්‍ය සංගම් සභාපතිවරයෙකුට මාංචු


රුහුණු විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨ ශිෂ්‍ය සංගම් සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ පස්වරුවේ මොහු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය දැඩි විරෝධය පළ කරයි.

රුහුණු සරසවි සිසුවාගේ ඝාතනයට එරෙහිව ක්‍රියාත්මක වන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක පොලිසිය නිරතව සිටින බව එම ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න මහතා ප්‍රකාශ කළේය. මේ අතර ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් රුහුණු සරසවි‍යේ ආචා‍ර්යවරයෙකුට පහරදීමක් සිදුකර ඇති බව ද ඔහු පැවසීය. adaderana.lk

0 comments:

Post a Comment