Sunday, August 8, 2010

එජාපයේ අදහස් පිළිනොගනී නම් සාකච්ඡාවෙන් ඵලක් නෑ


aඑක්සත් ජාතික පක්ෂය විසින් ලබාදෙන අදහස් හා යෝජනා පිළිනොගනී නම් ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් රජය සමග සාකච්ඡා කිරීම ප්‍රයෝජනවත් නොවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි. පක්ෂයේ එකමුතුකම තුළින් ආණ්ඩුවට අභියෝගයක් වීමට බලාපොරොත්තු වන බව ඒ මහතා අවධාරණය කරයි.

කිහිපදෙනෙකු හඩ නැගූ පමණින් පක්ෂයේ එකමුතුකමක් ඇති කළ නොහැකි බව මන්ත්‍රීවරයා පෙන්වාදෙයි. එහෙත් ඉදිරි දින කිහිපය තුළ එම එකමුතුකම ඇතිකරගැනීමට කටයුතු කරන බව කරුණානායක මහතා පවසයි. ශක්තිමත්ව නැගී සිට ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් ආණ්ඩුවට අභියෝගයක් වීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බව රවී කරුණානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. adaderana.lk

0 comments:

Post a Comment