Sunday, August 8, 2010

චීනවරායේ රිය අනතුරකින් පුද්ගලයෙක් මියයයි


ත්‍රිකුණාමලය, චීනවරාය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පෞද්ගලික සමාගමක ප්‍රවේශ දොරටුව අසලදී මෙම අනතුර සිදුව ඇති අතර ඉන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එහි ආරක්ෂක නිලධාරියෙකි. සමාගම් පරිශ්‍රයට ඇතුළු වීමට සූදානම් වූ ලොරි රථයක් පරීක්ෂා කරමින් සිටියදී පැමිණි තවත් ලොරි රථයක් එහි ගැටීමෙන් අනතුර සිදුව තිබේ.

අනතුරින් ලෙ‍ාරි රථයේ සහායකයා ද තුවාල ලබා තිබේ. තුවාල ලැබූවන් ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අදාළ ආරක්ෂක නිලධාරියා ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය පවසයි. අනතුරින් මියගොස් ඇත්තේ පේරාදෙණිය, වල්ගම්පාය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි. adaderana.lk

0 comments:

Post a Comment