
ගිනිගත්හේන -නෝර්ටන් බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ ලොනාක් ප්‍රදේශයේ මාර්ගය දැඩි වර්ෂාව නිසා විශාල ගස් කඩා වැටී අවහිර වී ඇති බව වාර්තා වේ. එමනිසා නෝටන් බ්‍රිජ් වෙත ළඟාවන වාහන වලට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ඉල්ලා සිටී. අද දහවල් සිට මධ්‍යම කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව නිසා මෙසේ මාර්ගයට ගස් කඩා වැටී මාර්ගය අවහිර වී ඇත.
ඒ අනුව කොළඹ නගරයේ සිට පැමිණෙන රිය පදවන්නන්ට කළුගල හරහා නෝර්ටන් බ්‍රිජ් වෙත පැමිණෙන ලෙසත්, මහ නුවර සිට පැමිණෙන රිය පදවන්නන්ට හැටන් හරහා නෝර්ටන් බ්‍රිජ් වෙත පැමිණෙන ලෙසත් පොලීසිය ඉල්ලා සිටියි. adaderana.lk
0 comments:
Post a Comment