
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මාතර කාර්යාලයේ ප්‍රධානියාට සිදුකළ පහරදීම සම්බන්ධයෙන් නිසි පියවර නොගන්නේ නම් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව දේශීය ආදායම් පොදු සේවක සංගමය පවසයි. පසුගියදා මාතර දේශීය ආදායම් දෙපාර්තමේන්තු කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස් එච්. එම්. ඩෙන්සිල් මහතාට බස්රථයක් තුළ දී කිසියම් පිරිසක් විසින් පහරදී තුවාල කර තිබුණි.
ඔහු මේ වන විට මාතර මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ. මෙම පහරදීම සම්බන්ධයෙන් අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස දේශීය ආදායම් වෘත්තීය සමිති බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
adaderana.lk
0 comments:
Post a Comment