
විදේශ ගතවන මව්වරුන්ගේ දරුවන් පිළිබඳව තොරතුරු ලබාගැනීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවීමට ජාතික ළමා රක්ෂණ අධිකාරිය පියවර ගෙන තිබේ. කටුනායක, ජාත්‍යන්තර ගුවන්තොටුපළ තුළ එම ඒකකය පිහිටුවීමට කටයුතු කරන බව ජාතික ළමා රක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ අනෝමා දිසානායක මහත්මිය ප්‍රකාශ කළාය.
මව්වරුන් විදේශ ගතවූ විට දරුවන්ට සිදුවන හිරිහැර හා විවිධ අතවර පිළිබඳ ලැබෙන පැමිණිලි හේතුවෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව සභාපතිවරිය සඳහන් කළාය. adaderana.lk
0 comments:
Post a Comment