
කුමාර සංගක්කාර මීට සුළු මොහොතකට පෙර ඉන්දියාවට එරෙහිව ලකුණු 200 ක් රැස් කිරීමට සමත් විය. එය සංගක්කාර සිය ක්‍රිකට් දිවිය තුළ ලබාගත් සත්වන ද්විත්ව ශතකය බව ද සඳහන්ය. ඉන්දු - ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදය. පළමු දිනය වන ඊයේ දිනය නිමා වන විට කඩුළු 2 ක් දැවී ලකුණු 312 ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දුන් අතර එහි දී ටී. එම් ඩිල්ෂාන් ලකුණු 54 ට දැවී ගියේය.
පළමු ටෙස්ට් තරගයේ ශතකයක් ලබා ගත් තරංග පරණවිතාණ මෙම තරගයේ දී ද ශතකයක් ලබා ගැනීම විශේෂත්වයකි. දිනය නිමා වන විට නොදැවී පන්දුවට පහර දුන් කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර ලකුණු 130 ක් සහ මහේල ජයවර්ධන ලකුණු 13 ක් ලබා සිටියහ. පන්දු යැවීමේ ප්‍රගීයෙන් ඕජා සහ ඉෂාන්ත් ශර්මා කඩුළු 1 බැගින් ලබා ගැනීමට සමත් විය. adaderana
0 comments:
Post a Comment