
එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය ඉදිරිපිට සිරුරට ගිනි තබාගෙන ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ කළ බව නුගේගොඩ කොට්ඨාස භාර පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.
සිදුවීම පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් කරන බව හෙතෙම අද දෙරණ කළ විමසීමකදී කියා සිටියේය.
ඊයේ පස්වරුවේ මෙම එ.ජා.ප පාක්ෂිකයා සිය සිරුරට ගිනි තබා ගෙන ඇති අතර කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබීමෙන් පසු මිය ගියේය.adaderana
0 comments:
Post a Comment