
සිය ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් කප්පම් ලබා ගැනීමේ සිදුවීමකට විරෝධය පාමින් වව්නියාව නගරයේ සියලු කඩ සාප්පු අද දින වසා දමා ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.
වව්නියාව ව්‍යාපාරිකයන්ගේ සංගමය විසින් මෙසේ අද දිනය කඩ සාප්පු වසා දමන්නට තීරණය කළ බව අප කළ විමසීමකදී ව්‍යාපාරිකයෙක් කියා සිටියේය.
පසුගිය දිනෙක වව්නියාව නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු සුදු පාට වෑන් රථයකින් පැහැරගෙන ගොස් කප්පම් මුදල් ලබා ගැනීමෙන් පසු මුදාහැර තිබේ.
යුද්ධයෙන් පසුව වුව නිදහසේ වෙළෙඳාමක් කරගෙන යාමට නොහැකි තරමට වව්නියාවේ කනගාටුදායක තත්ත්වයක් නිර්මාණය වී තිබෙන බව වව්නියාව ව්‍යාපාරිකයන්ගේ සංගමය පෙන්වාදෙයි. adaderana
0 comments:
Post a Comment