
ඉන්දීය රජයේ උසස් නිලධාරියෙකු ශ්‍රී ලංකාවට එවීමට ඉන්දීය අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං තීරණය කර තිබේ. ඒ සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නියෝජිතයෙකු ශ්‍රී යොදවන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසයි.
ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර සිදුවන නැවත පදිංචි කිරීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මොහු ශ්‍රී ලංකාවට පිටත් කර හැරීමට තීරණය කළ බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයාට පවසා තිබේ. තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්. කරුණානිධි මහතා පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් සිදු කළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. adaderana
0 comments:
Post a Comment