Tuesday, July 27, 2010
අගෝස්තු 10 වන තෙක් ආණ්ඩුවට කල්දෙනවා
අගෝස්තු 10 වෙනිදා දක්වා ආණ්ඩුවට කල් දෙන බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි. තමන්ගේ වැටුප් වැඩි කිරීම සිදු කරනු නොලැබුවහොත් අගෝස්තු 10 වෙනිදායින් පසුව පරිපාලනමය තනතුරු වලින් ඉල්ලා අස්වන බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති සම්පත් අමරසිංහ මහතා සඳහන් කරයි.
අද කොළඹ විශ්ව විද්‍යාලයේ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව කියා සිටියේය. 2008-01-31 වන දින රජය විසින් වැටුප් වැඩි කිරීමක් කරන බවට පොරොන්දු වුවද මේ වන තෙක් කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නැති බව හෙතෙම පෙන්වාදුන්නේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට 25%-50% අතර වැටුප් වැඩිවීමක් සිදුවිය යුතු බවද එසේ නොවුණහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක් ගැනීමට සිදුවන බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය. adaerana
0 comments:
Post a Comment