
රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානයේ ප්‍රථම වරට ටෙලි නිර්මාණයක් පූර්ණ වශයෙන් රූගත කිරීමේ කටයුතු අද ආරම්භ විය. "ස්ටාර්ස් ශ්‍රී ලංකා හිස්තැනක්" ලෙස නම් කර ඇති මෙම ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂවරයා වන්නේ ප්‍රවීණ නළු මහේන්ද්‍ර පෙරේරාය. එය ඔහුගේ ප්‍රථම අධ්‍යක්ෂණය වීම මෙන්ම රන්මිනිතැන්න ටෙලි සිනමා ගම්මානය තුළ පමණක් රූගත කිරීම් සිදුකෙරෙන ප්‍රථම ටෙලි නිර්මාණය වීම ද විශේෂත්වයකි.
මෙරට ප්‍රථම වරට"ඊ එක්ස් ත්‍රී "නම් නවීන කැමරා තාක්ෂණය මෙම ටෙලි නිර්මාණය සඳහා යොදා ගැනීමට නියමිත බව ද වාර්තා වේ. මෙවැනි සිනමා ගම්මාන ඉදිවීම යහපත් කරුණක් බව"ස්ටාර්ස් ශ්‍රී ලංකා හිස්තැනක්"නිර්මාණයේ මුහුරත් උළෙලෙන් අනතුරුව මහේන්ද්‍ර පෙරේරා පැවසුවේය. එහෙත් මෙරට කලා ක‍්ෂේත්‍රය සඳහා මීට වැඩි අනුග්‍රහයක් රජයෙන් ලැබිය යුතු බව ද මහේන්ද්‍ර පෙරේරා සඳහන් කරයි. adaderana
0 comments:
Post a Comment