![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiMs8fXgGU2POIz-WL5Uj1de3Wq7NjqkILyToDXlc9zVmWx9e5jFtiA9FC5u16-cSP_a2islewhpNpYpL3STZTjKZBO3bvjbNWeeNeW9pxXLjc-wqDV7zH_gzZh2jXo4OkyIsnuKpi6lDjn/s320/peraa.jpg)
රණවිරු විජයග්රහණ සැමරුම් පෙළපාලියේ පෙරහුරු පැවැත්වෙන බැවින් අද දිනයේ ද ගාලු මුවදොර පිටිය ආශ්රිත මාර්ග කිහිපයක් තාවකාලිකව වසා තබන බව පොලිසිය පවසයි. අද පෙරවරු 6. 30 සිට අදාළ පෙරහුරු අවසන් වන තෙක් ගාලු මුවදොර වටරවුමේ සිට සෙරමික් හංදිය දක්වා මාර්ගය වසා තැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.
ඒ අනුව සෙරමික් හන්දියෙන් හා ගාලුමුවදොර වටරවුමෙන් වාහන ඇතුළු වීමට ඉඩ ලබානොදෙන බව ඔහු ප්‍රකාශ කළේය. එබැවින් අදාළ කාලය තුළ එම ප්‍රදේශ හරහා ගමන් කිරීමට අපේක්ෂා කරන රථ වාහන රියදුරන් විකල්ප මාර්ග භාවිත කළ යුතු බව පොලිසිය ඉල්ලා සිටියි. adaerana
0 comments:
Post a Comment